• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF ඩීල් එක බකල් කරන ඇමෙරිකානු අධිකරණයේ ආන්දෝලනාත්මක නියෝගය…

May 3, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
IMF ඩීල් එක බකල් කරන ඇමෙරිකානු අධිකරණයේ ආන්දෝලනාත්මක නියෝගය…
Share on WhatsAppShare on Facebook

‘තමන්ගේ විදේශ බැඳුම්කර නොගෙවීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ච් බැංකුව ශ්‍රී ලංකා රජයට එරෙහිව සිදුකරන ලද පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකාව කළ යෝජනාව ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.’

මෙම සුවිශේෂ වගතුග කුමක්ද? මෙම වගතුග අපට මුලින්ම මීට දින කිහිපයකට පෙරදී අසන්නට ලැබුණේ විදේශ මාධ්‍යයන් හරහාය. මුලින්ම එම කතාව ඇමෙරිකාවේ මාධ්‍ය විසින් වාර්තා කළේය. ඉන් පසුව එම වගතුග ශ්‍රී ලංකාවේ මාධ්‍ය කිහිපයක් හරහා සහ මෙරට මුදල් අමාත්‍යාංශයේ නිල ප්‍රකාශ හරහා අසන්නට ලැබුණේය. ශ්‍රී ලංකාව අදාළ කරගත් මෙම ඇමෙරිකානු හැමිල්ටන් රිසර්ව් බැංකුවේ කතාන්දරය දැනට අපට අසන්නට ලැබෙන්නේ පසුගිය මාස 10ක පමණ කාලයක සිටය. එනම් 2022 ජූලි මාසයේ අග සිට මේ දක්වා එම වගතුග පියවරෙන් පියවර අපට අසන්නට ලැබෙයි.

අපේ රටේ ජනතාව බහුතරයක් මෙම සිදුවීමේ වගතුග ගැන විටින් විට අසා සිටින්නට ඇත. එහෙත් මෙම සිදුවීමෙහි සැබෑ අභ්‍යන්තරය හෝ අන්තර්ගතය හෝ ගැන එතරම් අවබෝධයක් නැතිව ඇත. දැනට මෙරට ජනතාව සමස්තයක් වසර දෙකකට අධික කාලයක් පුරා නොකඩවාම මහා අගාධයකට වැටී සිටිති. මෙරට ජනතාවගෙන් 80%ක පමණ පිරිසක් අයත් වන්නේ මාධ්‍යම පන්තියට සහ පහළ මධ්‍යම පන්තියටය. එහෙයින් එම ජනතාව දැනට වසර දෙකකට අධික කාලයක් තමන්ගේ ජීවත්වීම උදෙසා මහා දුකක් විඳිති. පවුලේ කුසගින්දර නිවාගන්නට පාන් ගෙඩියක් මිලදී ගන්නට නොහැකි මිනිසුන් කොතරම් වේද? මේ දිනවල රජය විවිධ කූට ආර්ථික උප්පරවැට්ටි යොදමින් මෙරට ආර්ථිකය යහපත් අතට හැරෙමින් තිබෙන බවට අණබෙර ගසමින් සිටියි. මෙම රාජ්‍ය ප්‍රෝඩාවන් සියල්ලක්ම රජය සිදුකරන්නේ මැතිවරණ සමයක් ආශ්‍රිත කරගනිමිනි. ලෝකයේ කිසිදු රටක් සිදු කරනු නොලබන ආකාරයේ වංචනික මංමුළා කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ බෝහෝ රජයන් අනුගමනය කළේය. වත්මන් රජය විසින්ද සිදුකරන්නේ එයමය. මෙහි එක් සටකපට ප්‍රධානම ප්‍රයෝගයක් වන්නේ මෙරට උද්ධමනය අඩුවෙමින් තිබෙන බව රජය විසින් පෙන්වා සිටීමය. අද ඔබට මෙරට තිබෙන මෙම තත්ත්වය ගැන යම් පූර්විකාවක් ලියා තැබුවේ ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ච් බැංකුවේ සිදුවීම ඇතිවන්නේ මෙවැනි වටපිටාවක් යටතේදී වීම හේතුවෙනි. එනම් ශ්‍රී ලංකාව දැනට වසර ගණනාවක සිට වැටී ඇති මහා විදේශ ණය නරා වළෙන් ගොඩ එන්නට මඟක් මෙතෙක් පේනතෙක් මානයක නැත. ඇමෙරිකානු බැංකුවේ සිදුවීමද එම විදේශ ණය නරා වළෙහි කතාවේ එක් පරිච්ඡේදයක් පමණකි.

මේ අනුව මෙයට දින කිහිපයකට පෙරදී ඇමෙරිකාවෙන් අසන්නට ලැබුණු සුවිශේෂ පුවත කුමක්ද? ඉන් ප්‍රකාශ වූයේ හැමිල්ටන් රිසර්ව් බැංකුව තමන්ගේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමිකරුවන් වෙතින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ණය මුදල් නැවත පියවන ලෙස ශ්‍රී ලංකා රජයට එරෙහිව ගොනුකරන ලද නඩුවයි. මෙම නඩුව පවරනු ලැබුවේ පසුගිය 2022 වසරේදීය. එහෙත් මෙම නඩුවේ අතිශය වැදගත් තීන්දුවක් ලබාදුන්නේ මෙයට දින කිහිපයකට පෙරදීය. පසුගිය වසරේ මෙම නඩුව ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයේදී ගොනුකළ පසුව එම නඩුව නිෂ්ප්‍රභ කිරීමට ඉල්ලා ශ්‍රී ලංකා රජය ෆෙඩරල් අධිකරණයට නිල වශයෙන් අභියාචනයක් ඉදිරිපත් කළේය. ඒ අනුව එම තත්ත්වය මාස කිහිපයක් ගෙවී යත්ම පසුගියදා එම නඩුවට අදාළ තීන්දුවක් ෆෙඩරල් අධිකරණය ලබාදුන්නේය. ඒ අනුව ප්‍රකාශ වූයේ නඩුව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම හා යෝජනාව ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් ලබාදීමය. එනම් අදාළ නඩුව කිසි විටෙකවත් නිෂ්ප්‍රභ නොකරන අතර එය ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කෙරිණි. මේ අනුව එහි ඉදිරි නඩු වාරය 2023 අප්‍රේල් 20 ලෙසටද අධිකරණය විසින් දැනුම් දුන්නේය. ෆෙඩරල් අධිකරණයේ ප්‍රධාන දිස්ත්‍රික් විනිසුරු ඩෙනිස් එල්. කෝට් මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබිණි. මෙහිදී ශ්‍රී ලංකාවේ ඉල්ලීම හරහා මෙරට රජය තර්ක කර තිබුණේ මෙම නඩු නිමිත්ත දෝෂ සහිත එකක් බැවින් එය නිෂ්ප්‍රභ කරන ලෙසටය. එහෙත් ඉහත ප්‍රධාන විනිසුරු ඩෙනිස් එල්. කෝට් තීන්දුව දෙමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩු නිමිත්තෙහි කිසිදු දෝෂ සහිත බවක් නොමැති බවය. ඒ අනුව ඇය පසුගිය මාර්තු 24 වැනිදා තම තීන්දුව ලබාදුන්නාය.

ශ්‍රී ලංකා රජය තම අභියාචනාව හරහා ප්‍රකාශ කර තිබුණේ අධිකරණ නඩුහබ සඳහා අදාළ වන ‘සිඩේ අවසරය’ (Cede Authorisation) දෝෂ සහිත බවය. එහෙත් එම මතය ප්‍රතික්ෂේප කළ ඇමෙරිකානු විනිසුරුවරිය ප්‍රකාශ කර ඇත්තේ සිඩේ අවසරය සමීපව නිරීක්ෂණය කළ බවත්, එහි කිසිදු දෝෂ සහිත බවක් නොමැති බවත්ය. එහෙයින් ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ තර්කයන් බිඳවැටී අසාර්ථක තත්ත්වයට පත්වන බව විනිසුරුවරිය ප්‍රකාශ කර ඇත. මෙලෙස ශ්‍රී ලංකා රජය හැමිල්ටන් රිසර්ච් බැංකුවේ ඩොලර් මිලියන 250ක ස්වෛරී බැඳුම්කර නැවත ගෙවීම පැහැර හැරීම හේතුවෙන් විශාල අර්බුදයකට පත්ව සිටින බව අධිකරණ තීන්දුව ප්‍රකාශ කර සිටියි. එසේම යට කී නඩුවෙහි අභිලාෂය වන්නේ එම පැමිණිලිකරුවන් විසින් බැඳුම්කරවලට අදාළ මූලික මුදල සහ උපචිත පොලී මුදලද ශ්‍රී ලංකා රජයෙන් නැවත අයකර ගැනීම යැයි පෙන්වා දී ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ දැනට ෆෙඩරල් අධිකරණයේදී විභාග වන එම නඩුව අවසාන වනතෙක් විභාගයට ගැනෙනු ඇත. මෙයින් පෙනී යන්නේ තමන්ගේ ඉල්ලීම හරහා ශ්‍රී ලංකා රජය යම් පරාජයකට පත්ව සිටින ආකාරයය.

දැනට ශ්‍රී ලංකාව විදේශ ණය හිමියන්ට ගෙවීමට තිබෙන ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 14.5ක්ද ඉක්මවා ඇත. මෙම ප්‍රධාන මුදලට විවිධ අනුපාතයන්ට අදාළව පොලී මුදල්ද අයත් වෙයි. ඒ අනුව එය මහා ධනස්කන්ධයක් වෙයි. ඉහත හැමිල්ටන් රිසර්ච් බැංකුව අයිති වන්නේද මෙම ණය හිමියන්ගේ නිල ලැයිස්තුවටය. ශ්‍රී ලංකාව පසුගිය 2022 අප්‍රේල් මාසයේ මැදදී ජාත්‍යන්තර බැඳුම්කර ඇතුළු අනෙක් විදේශ ණය වර්ග සියල්ලක්ම නැවත ආපසු ගෙවීමේ තහනමක් ප්‍රකාශයට පත් කළේය. එතැන් සිට මේ දක්වා එවැනි ණය ගෙවීමක් සිදු නොකරයි. ඇමෙරිකානු හැමිල්ටන් රිසර්ච් බැංකුවේ ස්වෛරී බැඳුම්කර කල් පිරුණ් 2022 ජූලි 25 වැනිදාය. ශ්‍රී ලංකාවේ පැහැරහැරීමේ තීරණයේ ප්‍රතිඵලයක් ලෙස හැමිල්ටන් රිසර්ච් බැංකුව වෙත ඩොලර් මිලියන 250.19ක් හා උපචිත පොලී වශයෙන් ඩොලර් මිලියන 7.34ක් (විනිශ්චයට පෙර සහ පසු පොලිය සඳහා ගිණුම්ගත කිරීමට පෙර) ශ්‍රී ලංකාව ණය වී තිබේ. ඒ අනුව හැමිල්ටන් රිසර්ව් බැංකු 2022 ජුනි 21 වැනිදා වන විට තීරණය කරනු ලැබුවේ මෙම මුදල් අයකර ගැනීම සඳහා යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගතයුතු බවය. කෙසේ හෝ ඉන් මාස කිහිපයක් ගතවීමෙන් පසුව ෆෙඩරල් උසාවියේදී නඩුව ගොනුකෙරිණි. කෙසේ වෙතත් ඉන් පසුව 2022 සැප්තැම්බර් 21 වැනි දින ශ්‍රී ලංකාව විසින් එම පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට මෝසමක් ගොනුකරන ලදී. මෙම මෝසම හරහා ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූයේ අදාළ නඩු හබය වළක්වා ගැනීමය. එහෙත් අවසානයේදී පිටු 04ක් පුරා ලියැවුණු තීන්දුවක් විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මුළුමනින්ම බැහැර කරනු ලැබුවේය.

‘චෝදනාවට ලක්වූ විෂමාචාරය සම්බන්ධයෙන් විත්තිකරු වගකිව යුතු බවට සාධාරණ නිගමනයකට එළඹීමට අධිකරණයට ඉඩ සලසන අන්තර්ගතයක් පැමිණිලිකරු විසින් ප්‍රකාශ කරන විට එය හිමිකම් පෑමක් ලෙස පිළිගත යුතු බව විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත. අධිකරණයක් සියලු සත්‍ය චෝදනාවන් සත්‍ය ලෙස පිළිගන්නා විටදී පැමිණිලිකරුවන්ට පක්ෂව බොහෝ විට සාධාරණ නිගමනයන් ලබාගනී. මීට අමතරව පැමිණිල්ලට අත්‍යාවශ්‍ය වන හෝ අධිකරණයට අධිකරණ දැනුම් දීමක් කළ හැකි පරිශීලනය මගින් පැමිණිල්ලේ ඇතුළත් බාහිර කරුණු අධිකරණයට සලකා බැලිය හැකිය….’

යට කී නඩුහබයට අදාළව ඉහත අර්ථකථනය සිදුකර තිබුණේ ඉංග්‍රීසි මාධ්‍ය වාර්තාවක් හරහාය. කෙසේ හෝ මේ වන විට ප්‍රකාශිත කරුණුවලට අනුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් කමිටු දෙකක් වටා සංවිධාන වී සිටිනු ලබයි. මෙලෙස බැඳුම්කර හිමියන් තාවකාලික ණය හිමියන්ගේ කමිටුවක් පිහිටුවා ගෙන ඇති අතර මෙම කණ්ඩායම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් 55%කට වඩා නියෝජනය කරන බව පැවසෙයි. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සහිත පුද්ගලික බැංකු සමූහයක් විසින් තවත් එක් කණ්ඩායමක් පිහිටුවාගෙන ඇත. මෙහිදී බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ රජයේ සැලසුම්වලට අනුව පුද්ගලික ණය හිමියන් සමග තොරතුරු සහ දත්ත බෙදාගැනීම සහතික කිරීම සඳහා බැඳුම්කර කමිටු උපදේශකයන්ද කටයුතු කරනු ලබයි. මේ අනුව ගිවිසුම්වලට එළැඹීම සහ සියලු පාර්ශ්වයන් සමග ඇතිකරගත් ගිවිසුම් නීත්‍යනුකූලව ක්‍රියාත්මක කිරීම සහතික කිරීමද සිදුකෙරෙයි. කෙසේ හෝ මෙවැනි පැහැදිලි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත්තේ ශ්‍රී ලංකා රජය සියලු විදේශ ණය නැවත ගෙවීම අත්හිටුවා ඇති හෙයිනි. ශ්‍රී ලංකා රජයට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත්තේ No. 22 CIV 5199 (S.D.N.Y.) අංකය යටතේය.

හැමිල්ටන් රිසර්ච් බැංකුව (Hamilton Reserve Bank USA) යනු 1994 වසරේදී ආරම්භ කරන ලද දැනට වසර 30ක ඉතිහාසයක් ඇති පුද්ගලික බැංකුවකි. ඇමෙරිකාවේ බැංකු ඉතිහාසයේ පියා වශයෙන් සැලකෙන ඇලෙක්සෙන්ඩර් හැමිල්ටන්ගේ නාමය සිහිවීම සඳහා බැංකුවට මෙම නම තබා ඇත. ඉතා දීර්ඝ ඉතිහාසයක් මෙම බැංකුවට නැතත් එම ආයතනය ගෝලීය වශයෙන් ඉතා පුළුල් ලෙස තම මූල්‍ය කටයුතු දියුණු කරගෙන ඇත. ඒ අනුව දැනට ලෝකයේ රටවල් 17ක පමණ තම ශාඛාවන් පිහිටුවා ඇත. එසේම ලෝකයේ රටවල් 150ක පමණ පාරිභෝගික පිරිසක්ද සිටිනු ලබයි. හැමිල්ටන් රිසර්ව් බැංකුව මේ වන විට ලෝකයේ ජාත්‍යන්තර බැංකුකරණයට අදාළව සම්මාන කිහිපයකින්ම පිදුම් ලබා ඇත. නූතන තාක්ෂණික ක්‍රමවේදයන් රැසක්ම අනුගමනය කරමින් මෙම බැංකුවේ කටයුතු සිදුකරයි.

මෙම සුවිශේෂ ඇමෙරිකානු අධිකරණ නඩු තීන්දුව හරහා ශ්‍රී ලංකා රජයට මෙසේ හැමිල්ටන් රිසර්ව් බැංකුව වෙත ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 257ක මුදල (පොලියද සමග) ගෙවීමෙන් වැළකී සිටීමට මෙරටට හැකි නොවනු ඇත. එනම් මෙම තීන්දුව යටතේ තවත් කරුණක් ලෙස ප්‍රකාශ වන්නේ ඉහත එම ණය මුදල ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුත්තේ කුමන ලෙසද යන්න තීරණය කිරීමය. එම තීරණය ඉදිරි අප්‍රේල් 20 වැනිදාට පසුව තීරණය කෙරුණු ඇත. එසේ ගනු ලබන තීරණය අනුව ශ්‍රී ලංකා රජයට කටයුතු කිරීමට සිදුවනු ඇත. මෙම නඩුවේදී හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ ස්වෛරී බැඳුම්කර සඳහා වූ සම්පූර්ණ මුදල වන ඩොලර් මිලියන 250ක මුදල සහ ඊට අදාළ වන ඩොලර් මිලියන 07ක පොලී මුදලත්ය.

ඉදිරියේදී මෙම ආන්දෝලනාත්මක නඩු තීන්දුව හරහා දැනට ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කරනු ලබන වැඩපිළිවෙළද අනතුරකට පත්විය හැකි බව දෙස් විදෙස් ආර්ථික විශ්ලේෂකයන් අවධාරණය කර ඇත. එනම් ඉදිරියේදී අනෙකුත් විදෙස් ණය හිමියන් පවා මෙලෙස තම ණය මුදල් ඉල්ලා අධිකරණය වෙත නඩු ගොනුකළහොත් එය අතිශය බරපතළ අර්බුදයක් වන බවද මෙම විද්වතුන් අනතුරු හඟවා සිටියි. එය ‘අලි මදිවාට හරක් ද වැට පැන්නාය’ වැනි කතාවක් වනු ඇත.



ප්‍රියන්ත හෙට්ටිගේ

බොහෝ දෙස් විදෙස් මාධ්‍ය විසින් පවා හෙළි නොකළ විශේෂ වගතුගක් මෙහිදී අපගේ ‘මව්රට’ පාඨකයන් උදෙසා ලියා තබමු. ශ්‍රී ලංකා රජයට එරෙහිව මෙවැනි සුවිශේෂ ආන්දෝලනාත්මක අධිකරණ තීන්දුවක් ලබාදුන් ඇමෙරිකානු විනිසුරුවරිය කවරෙක්ද? නමින් ඩෙනිස් එල්. කෝට් (Denise L. Cote) ලෙසින් හැඳින්වෙන ඇය නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබෙන ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයේ (United States Federal Court) ප්‍රධාන විනිසුරුවරියකි. ඇමෙරිකානු නීති ක්ෂේත්‍රයේ වසර 50ක අත්දැකීම් ඇති ඇය මෙම අධිකරණයේ තනතුරට පත්වන්නේ 2011 වසරේය. ඊට පෙරද ඇය 1994 සිට 2011 දක්වා ඇමෙරිකානු අධිකරණයන් කිහිපයකම විනිසුරුවරියක් ලෙස කටයුතු කර ඇත. ඩෙනිස් එල්. කෝට් විනිසුරුවරිය ෆෙඩරල් අධිකරණයේ කටයුතු කළ පසුගිය වසර 12ක කාලය තුළදී ඉතා අභීත නඩු තීන්දු ලබාදුන් අතිශය නිර්භීත විනිසුරුවරියක් ලෙස ප්‍රකටය. තමන්ගේ සේවාදායකයන් වෙත වංචා, දූෂණ සිදුකළ සුවිශාල සමාගම් සහ බැංකුවලට එරෙහිව ඇය එවැනි තීන්දු ලබාදී ඇත. ඒ අනුව ඇය ලෝකයේ අතිසුවිශාල ධනවත් පරිගණක සමාගමක් වන ඇපල් සමාගමට එරෙහිව පවා වන්දි ලබාගැනීමේ අධිකරණ තීන්දුවක් ගෙන තිබිණි. දැනට 76 වැනි වියෙහි පසුවන ඇය මහාධිකරණ විනිසුරුවරියක ලෙස මුලින්ම පත්කර ඇත්තේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසිනි. ඇය ඇමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරිනියක වෙයි. දැන් වියපත්ව සිටියද ඇය තම නීති ක්ෂේත්‍රය තුළ බොහෝ කඩිසරව සහ දක්ෂ ලෙස කටයුතු කරන කාන්තාවකි. එමෙන්ම නිර්භය විනිසුරුවරියකි.

SendShareShare
Previous Post

ඉන්දියාව, රුසියාවේ ආහාර නිෂ්පාදනයට අත ගහයි!

Next Post

රනිල් සිසුන්ට ශිෂ්‍යත්ව දෙයි!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.