• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ කන්දේ පන්සලක් හැදුවේ නැත්නම් අද මුළු නුවරම විනාශයි I Sri Lanka Latest News

October 12, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුංචි ගෑනු ළමයි පැහැරගෙන ගිහින් මහනුවර බහිරව කන්දෙදී කරලා තියෙන දේ…

බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ බඳු වූ දළදා වහන්සේ වැඩවාසය කරන සෙංකඩගල නගරය කියන්නේ එදා ඉඳන් අද දක්වාම දෙස් විදෙස් ජනතාවගේ ආකර්ෂණය දිනාගත් ආගමික ස්ථානයක්. දිවයිනේ බොහෝ දෙනෙක් මහනුවර ප්‍රදේශයේ සුවිශේෂ ස්ථාන දැකබලා ගැනීමේ අරමුණෙන් මහනුවර සංචාරය කිරීමට පෙලඹෙනවා.(Sri Lanka Latest News)

ඒ ස්ථාන අතරින් බහුතරයක් දෙනා යන්නට අමතක නොකරන විශේෂ ස්ථානයක් තමයි බහිරව කන්ද කියන්නේ. බහිරව කන්ද පිහිටා තියෙන්නේ දළදා මාලිගාවේ ඉඳලා කිලෝමීටර් දෙකක් පමණ දුරකින්. අපි මේ ලිපියෙන් කතාකරන්න යන්නේ බහිරව කන්ද විහාරය ආශ්‍රිතව ගොඩනැගුණු ඇඟ කිලිපොළා යන අමතු කතාවක් ගැන.

ජනප්‍රවාදවල සඳහන් වන ආකාරයට බහිරව කන්ද අතීතයේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ බිලි පූජා සිදුකළ ස්ථානයක් විදියට. පිළිගත් ආගමික දර්ශනයක් අදහන්නට පෙර සිටම මිනිස්සු විවිධාකාරයේ ඇදහීම්, විශ්වාසයන් තදබල ලෙස අනුගමනය කළා. ඒ නිසාම සාමාන්‍යයෙන් තමන් ජීවත් වන ප්‍රදේශයට දුර්භික්ෂයක්, ජල ගැලීමක් වගේ නියං සාගත තත්ත්වයක් ඇතිවූ විගසම බොහෝ දෙනෙක් සෞභාග්‍ය පතා මෙවැනි ආකාරයේ බිලි පූජාවන් සිද්ධ කරන්න තීරණය කරනවා.

මේ බහිරව කන්ද ප්‍රදේශයත් එකල දරුණු දුර්භික්ෂයකට මුහුණ දෙනවා. ඒ නිසාම එවක රාජ්‍ය පාලකයකු ලෙස කටයුතු කළ රජතුමා තමන්ගේ පුරෝහිතයා කැඳවා මේ තත්ත්වයට කඩිනම් විසඳුමක් දෙන ලෙස ඔහුට අණකළා. පුරෝහිත දින කිහිපයකට පසුව රජතුමා ඉදිරියට ඇවිත් මෙහෙම කියනවා.

‘බහිරව කන්ද ඇතුළේ ජීවත් වෙන යක්ෂයා සතුටු කළහොත් මේ ප්‍රදේශය තුළ තියෙන දුර්භික්ෂ තත්ත්වය පහවී යනවා’

හැබැයි පුරෝහිතගේ දැනුම්දීම අනුව බහිරව කන්දේ වාසය කරන යක්ෂයා සතුටු කරන්න නම් අනිවාර්යයෙන්ම බිලි පූජාවක් සිදුකළ යුතු වෙනවා. හැබැයි මේ බිලි පූජාව ලෙහෙසි පහසු එකක් වෙන්නේ නෑ. පුරෝහිත, රජුට සැලකළ ආකාරයට බිලි පූජාව සඳහා මේ ප්‍රදේශයේ සිටින සුන්දර, කුළුඳුල් කන්‍යාවක් අවශ්‍ය වෙනවා. එම කන්‍යාව දිවා රාත්‍රියේ කිරිවලින් නහවා, සඳුන් ආලේප කර පසුව බිලි පූජාව වෙනුවෙන් පුදදිය යුතු බවයි පුරෝහිතගේ මතය වුණේ.

ඔහුගේ අනුදැනුම මත රජතුමාත් මේ වැඩේට කැමැති වෙනවා. ඊට පස්සේ ප්‍රදේශය තුළ ජීවත් වෙන රූමත් කන්‍යාවන් බහිරව කන්ද මුදුනට ඇස් බැඳ රැගෙන ගිහින් ලණුවලින් ගැටගසා පුද පූජා සිදුකොට අවසානයේ ඔවුන්ගේ හිස ගසාදැමීම සිදුකළ බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. ජනතාවගේ යහපත පතා මේ බිලි පූජාව පුරෝහිතගේ මූලිකත්වයෙන් වසර ගණනාවක් පුරාම සිදුවෙනවා. හැබැයි එක්තරා දවසක ඔවුන් බහිරව කන්දේ යක්ෂයා වෙනුවෙන් බිලි දෙන්න තෝරාගත්තේ වැලිකල නම් රූමත් කන්‍යාවක්. ඇය එකල දුනුවිල නිලමේ නම් තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මෙම පෙම්වතාට නොදැනෙන ආකාරයෙන් පුරෝහිතගේ මැර කණ්ඩායමක් රාත්‍රියේ පැමිණ වැලිකල නම් මේ තරුණිය පැහැරගෙන යනවා. අනතුරුව ඇයව බහිරව කන්දේ බිලි පූජාව සඳහා රැගෙන ගොස් ගසක ගැටගසනවා. ඒ අතරතුර තමන්ගේ ආදරණීය පෙම්වතියට සිදුවන දේ දරාගත නොහැකිව දුනුවිල නිලමේ නම් මේ හැඩිදැඩි තරුණයා හොර රහසේම බහිරව කන්දට යන්න පිටත් වෙනවා. ඔහු කැලෑවේ විශාල ගසකට මුවාවී සිදුවන දේ දෙස බලා සිට තිබෙනවා. ඊට පස්සේ මධ්‍යම රාත්‍රිය උදාවෙනවාත් සමගම යක්ෂයා මහ හඬ නගමින් තරුණිය සිටි තැනට ආ අතර, ඇයව ස්පර්ශ කිරීමට සැරසෙන මොහොතේම සැඟව සිටි දුනුවිල නිලමේ තම පෙම්වතියේ ඉදිරියට පැන යක්ෂයා මරාදමනවා.

ඉන් අනතුරුව දුනුවිල නිලමේ තමන්ගේ පෙම්වතියත් රැගෙන දුරබැහැර ප්‍රදේශයකට එදිනම රාත්‍රියේ පිටත්ව ගිය බවත් ඉතිහාසයේ සඳහන්. පසු දින කන්ද තුළ ජීවත් වූ මේ යක්ෂයා කවුරුන් හෝ මරාදමා ඇති බවට රජතුමාට සැලවෙනවා. ඒ සමගම රජතුමා යක්ෂයා මැරී සිටි බහිරව කන්ද මුදුනට ගමන් කළ අතර, එහිදී දුටු දර්ශනයෙන් රජු බිරාන්ත වී ගල්ගැසී මොහොතක් එදෙස බලා සිටි බවත්, ඒ ආකාරයෙන් යක්ෂයා ලෙස මැරී වැටී ඇත්තේ රජුගේ විශ්වාසවන්තයා ලෙස කටයුතු කළ පුරෝහිතයා බවත් අතීත කතා අතර සඳහන්.

මේ සිදුවීම සමගම පුරෝහිත වසරක් පුරා ජනතාවගේ සෞභාග්‍යය උදෙසා යැයි පවසමින් කන්‍යාවන් සුවඳින් නහවා පිරිසිදු කොට දූෂණය කර මරාදමා ඇති බව රජුට අනාවරණ වුණා. මේ අවාසනාවන්ත කතාව රජතුමාගේ කන වැකුණු සැණින්ම රජු මේ බිලි පූජාව තහනම් කළ බවත් ඉතිහාසයේ සඳහන්. මේ පුරෝහිත වසරක් පාසා කන්‍යාවන් දූෂණය කොට මරාදැමීම සඳහා පෙරහැරේ රැගෙන ගිය මාවත අද වන විට කොළඹ වීදිය නමින් තමයි හඳුන්වන්නේ.

ඒ වගේම එදා රාජ උදහසට ලක්වූ මිනීමරුවන්, සොරුන් රතු මල්මාලා දමා මරණීය දණ්ඩනයට රැගෙන ගොස් මරාදැමීම සිදුකළෙත් මේ බහිරව කන්ද ආශ්‍රිත ප්‍රදේශයෙන් බවත් ඉතිහාසයේ සඳහන්. ඒ වගේම පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් ඔත්තු බැලීම සඳහා බහිරව කන්ද ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස යොදාගත් බවටත් ඉතිහාස කතාවල සඳහන් වෙනවා.

එකල බොහෝ දෙනකුගේ ලෙයින් තෙත් වුණු මේ බහිරව කන්ද වර්තමානය වන විට අඩි 88ක පමණ උසකින් යුත් බුදුපිළිම වහන්සේ නමක් වැඩවාසය කරන සුවිශේෂ ආගමික ස්ථානයක් බවටත් පත්ව අවසන්. මේ වන විට බහිරව කන්ද ප්‍රදේශයේ ශ්‍රීමහා බෝධි විහාරය නමින් විහාරස්ථානයක් සහ එමගින් ජාත්‍යන්තර බෞද්ධ සම්බන්ධතා පවත්වන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ සියලු සුන්දරත්වය මැද අදටත් සොබා සෞන්දර්යය නැරඹීමේ අදහසින් දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනා බහිරව කන්දේ සුන්දරත්වය විඳගන්නත් යන්න අමතක කරන්නේ නහැ. ඒ ස්ථානයට ගිය පසු මහනුවර නගරය ඉතා අලංකාරව දිස්වෙන බවත් බොහෝ දෙනෙක් දන්නා කරුණක්. ඔබත් මහනුවර ප්‍රදේශයේ සංචාරය කරන්න යන්න බලාපොරොත්තු වන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම බහිරව කන්ද බලන්න යන්නත් අමතක කරන්න එපා.

SendShareShare
Previous Post

මණ්ඩලේ පාඩු පියවගන්න ආයෙත් විදුලි බිල වැඩිකරලා ජනතාව පීඩාවට පත්කරන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

චේන්ජ් කරන්නවත් මේ රටේ සිස්ටම් එකක් නෑ! සිහියෙන් වැඩ නොකළොත් තවත් අවුරුදු 15ක් දුක් විඳින්නයි වෙන්නේ! අනෙක් අය වගේ මට බොරු කියන්න බෑ! මම සල්ලි දාන්නේ දිනන්න විතරයි! කටෙන් රටවල් හදන්න බෑ! ජනාධිපති ඡන්දෙට එන්න යන ධම්මික පළමු වරට දේශපාලනය කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.