• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පඬු කරඳ ගහ යට සිට දේවානි නෝනාට ලියමි I Sri Lanka Latest News

July 24, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිතවත් දේවානි නෝනා වෙත සෙනෙහසින් ලියමි. ඉතිං ආදරණීය දේවානි නෝනා. ඔයාගේ සැප දුක් කොහොමද? මං හිතනවා ඔයා නං සැපෙන් සනීපෙන් ඇති කියලා. මොකද ලංකාවේ මේ කාලෙ වෙන ප්‍රශ්නවල හැටියට ඒ කිසි දේකට ඔයා මැදිහත් වෙන්නේ නැති නිසා අපිට හිතුණා ඔයා හරි සැපට සනීපෙට කොහෙට හරි වෙලා ඇති කියලා. ඉස්සර නම් ඉතිං නිතර දෙවේලෙ දකිනවා, මුණගැහෙනවා, පත්තරවල, ටීවීවල දකිනවා.(Sri Lanka Latest News)

ඒ නිසා අපිට ඔයාව වීරයෙක් වගේ පෙනිච්ච කාලයක් තිබුණා. මං කියන්නේ දැන් එහෙම වීරයෙක් වගේ පේන්නේ නෑ කියලා නෙමෙයි. දැන් ඔයාව දකින්න නෑනේ දේවානි නෝනා. ඔයා සතුටින් ඉන්නවද? ඔයාට මොනවා හරි ප්‍රශ්නයක්ද? ඒ කිසි දෙයක් අපට අහන්න ලැබෙන්නේ නෑ. පහුගිය කාලෙ නම් ඔයාට ප්‍රශ්නයක් ආපු වෙලාවට හැමෝම එකතු වෙලා ඒ ප්‍රශ්නේ නිරාකරණය කළා. ඔයා වෙනුවෙන් හැමෝම පෙනී හිටියා. හැමෝම ඔයා වෙනුවෙන් සටන් කළා.

අපිට මතකයි ඔක්සිජන් ප්‍රශ්නෙ වෙලාවේ ඔයා හරියට සිංහ ධේනුවක් වගේ මිනිස්සු මැද්දට පැනලා කෑගහලා රාජ්‍ය ඇමැතිලව පන්නලා, ඒ මිනිස්සුන්ව අසරණ කරලා දාපු හැටි. එදා අපට හිතුණා දේවානි නෝනා කියලා කියන්නේ අපිව බේරගන්න ආපු සුරදූතිකාවක් කියලා. එක එක මිනිස්සු එක එක කතන්දර කිව්වා. සමහර අය නම් කිව්වා ඔය දූපත බේරගන්න ආපු කෙනෙක් නෙවෙයි, දූපත වෙන කෙනකුට පැවරීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් කියලා.

ඒවා අපි කියද්දී අපේ පත්තර කන්තෝරුවල හිටපු මහත්තුරු ඒවට විරුද්ධ වුණා. එහෙම නෑ කියලා කිව්වා. ඔයා හරි උතුම් කාන්තාවක් කියලා ඒ අය හිතුවා. ඒ විතරක් නෙවෙයි දේවානි නෝනා, මතකද අර ඔක්සිජන් ප්‍රශ්නෙ? ඔයාට කිව්වේ ඔක්සිජන් කන්නද කියලා කවුදෝ කෙනෙක්. ඒ වෙලාවේ ඔයා කිව්වා ඔයාගේ පුද්ගලික ඉඩමකුත් වනාන්තරයක් බවට පත්කරනවා කියලා.

දැන් කොහොමද දේවානි නෝනා ඒක ලොකු වනාන්තරයක් බවට පත්වෙලාද? අලි කොටි වලස්සු නම් ඒකෙ නැතුව ඇති. ඒ වුණාට කොහොම වුණත් ඒ වගේ දෙයක් කරන්න තරම් උතුම් හිතක් තියෙන කාන්තාවක් අපි ඔය දැක්කමයි මං හිතන්නේ. ඇත්තටම අපේ රටේ ඔය වගේ අය හිටපු ගමන් මතුවෙනවා. වැඩේ තියෙන්නේ ඒ අය හුළඟට ගහගෙන ගියා වගේ අතුරුදන් වෙනවා.

මේ වෙලාවේ මේ ලිපිය ලියන්න හිතුවේ ඔයාගේ සැප දුක් අහන්න, ඔයා හොඳින් ඉන්නවද කියලා දැනගන්නත් එක්කම තමයි. ඇත්තටම ඉතින් කොහොම වුණත් ඔයා ඒ වෙලාවේ ඒ සටන කළේ අවංකව කියලා අපි විශ්වාස කරනවා. මොකද, මේ මහ පොළොව ආරක්ෂා කරගැනීමේ වුවමනාවක් ඔයාට තිබ්බා කියලා අපිට පෙනුණා, අපිට හිතුණා. ඒක මේ තනතුර අස්සෙන් විතරක් ආපු එකක් නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා.

මොකද සමහර අය ඉන්නවනේ තමන්ට ලැබෙන තාන්නමාන්න බේරගන්න, ආරක්ෂා කරගන්න, තනතුරු නිසා බැබළෙන්න සමහර දේවල් පාවිච්චි කරන අය. ඒ වගේම පස්සේ දේශපාලනයට එන්න වගේ වුවමනාවක් ඔයාට තිබුණේ නෑ කියලා අපිට දැනුණා. ඒ නිසා තමයි දේවානි නෝනා අපි ඔයා වෙනුවෙන් පෙනී සිටින්න උත්සාහ කළේ. ඔයා වීරවරියක් කියලා අපි කිව්වේ.

ඒ වෙලාවේ අපි ඔයත් එක්ක හිටගත්තා. ඔයාට මතකද අර ක්ලෝඩියා සිලනිකා කියලා ගහක් තිබුණා? පඬුකරඳ වගේ නමක් තියෙන්නේ ඒ ගහට. අර හයිවේ එකට කැපෙන්න ගිහිල්ලා ඒ ගහ රතු දත්ත පොතටත් ඇතුළත් වෙලා කියලා සඳහන් වුණේ. ඒ ගහ ඔයාට මතක ඇතිනේ. ඒ ගහ වෙනුවෙන් ඔයා ඇතුළු තව පිරිසක් හරියට සටන් කළා. ඒ සටන්වල ප්‍රතිඵලයක් විදියට ඒ වෙලාවේ හයිවේ එක නතර කළත් ගහ කපන්නෙ නෑ කියන තැනට රට ආවා. අපිට මතකයි ඒ ගහ වෙනුවෙන් සියලු මාධ්‍ය විශාල මෙහෙවරක් කළා. ඒ මෙහෙවර පිටිපස්සේ හිටියේ අපේ රටේ ලොකු පරිසර සංවිධාන.

ඇත්තටම පස්සෙ නම් එහෙන් මෙහෙන් ආරංචි වුණා ක්ලෝඩියා සලිනිකා ගස් තව තියෙනවාය, ඒවා සුරක්ෂිත වෙලාය වගේ කතන්දර. ඔය දේශපාලකයෝ කියන කතා නම් අපට සත පහකට විශ්වාස නෑ. රාජ්‍ය නිලධාරීන් විදියට කරන සටන ගැන අපිට විශ්වාසයක් තියෙනවා, අපි ඒක නෑ කියලා කියන්නේ නෑ. අපි කියන්නේ දේශපාලකයෝ කියන කතා විශ්වාසයක් නෑ කියලා. මොකද ඔක්සිජන් ප්‍රශ්නෙ වෙලාවෙත් ඔයා හැප්පුණේ දේශපාලකයොත් එක්කනේ. මේ වෙලාවේ ඔය දේශපාලකයෝ කියපු කතා අපි අවිශ්වාස කරලා, ගහ රැකගත යුතුයි කියලා හිතාගෙන හිටියා දේවානි නෝනා.

හැබැයි වැඩේ කියන්නේ දේවානි නෝනා, එළිවෙලා බලනකොට ගහ අතුරුදන් වෙලානේ. අපි ගිය සතියේ ලිපියකුත් ලිව්වා ‘මහණ කරපු ගහ රහත් වෙලා’ කියලා. අපි හිතන්නේ මහණකරපු හින්දා තමයි ඕක වෙන්න ඇත්තේ කියලා. මොකද, මහණ කළාට පස්සේ මේ ගහට එනවනේ දේවතා බැල්මවල් වගේ දේවල්. ඇත්තටම මහණදම් පුරන කෙනෙක් නිවැරැදිව මහණදම් පුරනවා නම්, ඒකෙ අවසාන ප්‍රතිඵලය වෙන්නේ රහත් ඵලය වගේ මාර්ග ඵලයකට පත්වෙන එක කියලයි අපි අහලා තියෙන්නේ. ඇත්තටම ඉතිං සමහර භික්ෂුන්වහන්සේලා නම් චීවරය දාගත්තට පස්සේ වැරැදි කරනවනේ.

සමහර හාමුදුරුවරු පන්සිල් පද ටිකවත් රකින්නේ නෑ. ගහක් මහණ කළාට පස්සේ ගහකින් කවදාවත් අකුසල කර්ම සිද්ධ වෙන්නේ නෑනේ දේවානි නෝනා. මොකද ගහ බොරු කියන්නේ නෑ. ගහ සත්තු මරන්නේ නෑ. ගහ කාමය වරදවා හැසිරෙන්නේ නෑ. ගහ සුරාව පානය කරන්නේ නෑ. ගහ, ගහ යටට ගණිකාවෝ දෙන්නා තුන්දෙනා අරගෙන එන්නේ නෑ. ගහට ගමේ මිනිස්සු ඇවිත් ගහන්නේ නෑ. ඒ නිසා ගහ හරි සිල්වත්නේ.

මං හිතන්නේ මේ සීලයේ බලයෙන් ගහ රහත් වෙලා කියලා. මොකක් හරි ඉතිං වෙන්න ඇති. කොහොම වුණත් මේ ලියුම ලියන්නේ ආං ඒ ගහ අතුරුදන් වෙලා කියන පණිවුඩේ ඔයාට දෙන්න. මොකද අපි හිතනවා ඔයාට මේ වැඩේ ආරංචි වෙලා නෑ කියලා. අපි දන්නවා ඔයාට ආරංචි වුණොත් නම් නිකං ඉන්නෙ නෑ කියලා. චීන්නුන්ට නෙවෙයි එංගලන්තකාරයන්ට, ඇමෙරිකන්කාරයන්ට වුණත් ගහ ආපහු ගෙනල්ලා හිටවන තැනට පත්කරන්න ඔයාට පුළුවන් කියලා අපි දන්නවා.

අනිත් එක ඉතින් ඔයාගෙ අනුදැනුමකින් තොරව ඔයාට දැනෙන්නෙ නැතුව ගහක් කපන්න පුළුවන්ද ලංකාවේ? ඔයා කොච්චර දක්ෂ පරිසරවේදිනියක්ද? ඔයා පරිසරය සම්බන්ධයෙන් ඉන්න රාජ්‍ය සේවිකාවක්ද? ඒ නිසා දැන් ගහ කැපුවා. ඒක ඔයා දන්නෙ නැතුව ඇති. මොකක් හරි වැඩක ඉන්න ඇත්තේ. ආරංචි වෙලා නැතුව ඇති තාමත්. හැබැයි ඔන්න දේවානි නෝනා දැන් එන්න බය නැතුව. අපි ඉන්නවා ඔයාගේ පිටිපස්සේ.

ඔයා ඔයාගේ අර පරණ පුරුදු සිංහ නාදය කරලා, ‘හිටවපියව් ගහ’ කියලා කියන්න. ගහ කපපු එවුන් අල්ලලා ගහමු දඬුකඳේ. නැත්නම් ගහ තිබුණු තැනට උන්ව ගෙනල්ලා හිටවමු. අපි දන්නවනේ ඔයාගේ හැටි. ඉතින් ඔන්න එහෙනං පණිවුඩේ කිව්වා. අපේ වගකීම අපි ඉෂ්ට කළා. දැන් අපි බලාගෙන ඉන්නවා දේවානි නෝනා ඔයා මොකද ඊළඟට කරන්නේ කියලා.

මම, ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලබන මාර්තුවට කලින් පාර්ලිමේන්තුව විසිරෙනවා! නැත්නම් විසුරුවනවා! ඡන්ද ගැන තවත් අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

Next Post

KDU රෝහලේ අකුණු සන්නායකවල තිබූ ලක්ෂ 65ක තඹ පටි කපාගෙන ගිහින්! එළියෙන් හොරෙක් පැන්නාද නැත්නම් ඇතුළෙම වැඩක්ද? I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.