• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොල්ලො කෙල්ලො ඔක්කොම දන්න HMV තැටි ලේබලය සහ විකාශන අධිකාරී පනත එකක් වෙන්නෙ කොහොමද I Sri Lanka Latest News

June 15, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ග්‍රැමෆෝන් තැටි පිළිබඳ ඔබේ මතකය කෙබඳුදැයි ලියුම්කරු නොදනී. එහෙත් කොළොම්බියා, HMV වැනි ග්‍රැමෆෝන් තැටි ඒ කාලේ තිබූ බව #tag පරපුරේ කොල්ලෝ කෙල්ලෝ පවා දනිති. HMV අකුරු තුනෙන් කියැවෙන්නේ His Masters Voice නැතහොත් උගේ ස්වාමියාගේ හඬ යන්නයි. HMV තැටි නිෂ්පාදකයා සිය ලකුණ ලෙස යොදාගෙන ඇත්තේ ග්‍රැමෆෝනයට කන්දෙන බල්ලෙකුගේ රූපයකි. ඒ බල්ලා කන්දෙන්නේ උගේ ස්වාමියාගේ හඬටය.(Sri Lanka Latest News)

එහෙයින් HMV ලකුණට හරි අපූරු රූපයක් ඔවුන් තෝරාගෙන ඇති බව ලියුම්කරු විශ්වාස කරයි. එහෙත් දැන් ග්‍රැමෆෝන් යුගය නිමාවී ඇත්තේය. එහෙයින් HMV ලකුණ අද පරපු‍රෙන් ඈත්වෙමින් පවතින්නේය. එහෙත් ස්වාමියාගේ හඬට කන් දෙන බලු කුක්කාගේ ලකුණෙන් වැඩක් ගන්නට ලංකාවේ ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ඒ විකාශන අධිකාරී පනත නමින් පනතක් ගෙන ඒමෙනි. ආණ්ඩුව ගේනා පනතට HMV ලකුණ යොදාගත යුතු බව ලියුම්කරු කියන්නේ මන්දැයි ඔබට සිතෙන්නට පුළුවන. සැබැවින්ම මෙම පනත බලාත්මක කෙරුණු පසු මාධ්‍ය ක්ෂේත්‍රයේ පැවැතිය හැක්කේ ආණ්ඩුව නම් ස්වාමියාගේ හඬට කන්දෙන කුක්කන්ට පමණි. එහෙයින් වැඩකට නොගන්නා HMV ලකුණින් වැඩක් ගන්නට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් යන බව පැවසීම සාධාරණය.

ආණ්ඩුවේ පැත්තෙන් කියවෙන්නේ තවමත් විකාශන අධිකාරී පනතක් කෙටුම්පත් කර නැති බවත්, පනත සැකසීම සඳහා පත්කර ඇති කැබිනට් අනුකාරක සභාව වෙත ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳ විපක්ෂය කලබලව ඇති බවත්ය. එහෙත් මේ ඉදිරිපත්ව ඇති යෝජනා මුළුමනින්ම නැතත් ඉන් හතරෙන් එකක් හෝ යෝජිත පනතට අඩංගු වුවහොත් ඉන් ඉදිරියට මෙරට මාධ්‍ය කියා දෙයක් ඉතිරි වන්නෙ නැති බව විෂය ප්‍රාමාණිකයෝ පවසති.

ඔවුන් පවසන පරිදි රජයේ හොරණෑ හැර ජනතා හඬ මතුවෙන සියලු මාධ්‍ය නිහඬ කරන්නට ආණ්ඩුව කෙටුම්පත් කරන්නට යන මේ පනතේ අරමුණ වෙයි. එහෙත් මෙකී මාධ්‍ය පාලන පනත වත්මන් ආණ්ඩුවට පමණක් බැරකර කරුණු දැක්වීම සුදුසු නැත. එහෙයින් විවිධ නම්වලින් කරළියට ගෙන ආ මාධ්‍ය මර්දන පනත් පිළිබඳවද අවධානය යොමුකරමින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම වඩාත් සුදුසු වෙයි.

ලංකාවේ මාධ්‍ය මර්දනය ඇරඹෙනුයේ කවදා දැයි ටක්කෙටම පැවැසිය නොහැකිමුත් එහි කූටප්‍රාප්තිය හැටේ දශකය බව පැවසීම සාධාරණය. සැබැවින්ම ලංකාවේ මාධ්‍ය මර්දනය ඒ යුගයේ ආරම්භ වනුයේ පුවත්පත් ඉලක්ක කරගෙනය. රජයේ ගුවන්විදුලිය සහ පෞද්ගලික හිමිකරුවන් සතු පුවත්පත් හැර ජනමතය හැසිරවීමට වෙන මෙවලම් නොවූ ඒ සමයේ ආණ්ඩු හැදීම සහ පෙර කී මේ තීරණාත්මක බලය හිමිව තිබුණේ ලේක්හවුසියේ විජේවර්ධන පරපුරටය.

එහි සමාරම්භකයා වන ඩී.ආර්. විජේවර්ධන සහ පසුකාලීනව එහි සභාපතිත්වයට පත් එස්මන්ඩ් වික්‍රමසිංහ (වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පියා) වැන්නෝ ඒ කාලයේ ලංකාවේ රජුන් තනන්නන් වූ බව පැවැසීම සාවද්‍ය නොවේ. ලේක්හවුසියේ පත්තර සියල්ලම එ.ජා.ප.යට හිතවත් ස්ථාවරයක් අනුගමනය කිරීම ශ්‍රීලනිපය සහ සමසමාජ, කොමියුනිස්ට් වැනි එ.ජා.ප. විරෝධී පක්ෂවලට මහා හිසරද‍යක් විය. ඔවුන් ලේක්හවුසිය හඳුන්වා දුන්නේ බේරේ ගෙදර පච මෝල යන නමිනි. 1960 ජූලි මැතිවරණයෙන් බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට පසුව එක් වූ සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ ලේක්හවුසියට වැඩක් දී සදාකල් බලයේ ඉන්නට උත්සාහ ගන්නා ලදී.

1964 ජූනි 11 වන විට මැතිනියගේ ආණ්ඩුවට සමසමාජ කොමියුනිස් පක්ෂ එක්ව සිටින ලදී. එම සභාග ආණ්ඩුවේ මුදල් ඇමැතිකම හිමිවූයේ ආචාර්ය උපාධි දෙකක් තිබූ ඇන්.ඇම්. පෙරේරාටය. මේ නිසා සමගි පෙරමුණු සභාගයේ වැඩි බලය වාමාංශිකයනට හිමිව තිබිණි.

ඔවුහු ලේක්හවුසිය පවරා ගන්නට මැතිනිය පොලඹවා ගන්නට සමත් වූහ. 1964 අගෝස්තු 11 හෝ ඊට ආසන්න දිනයක පැවැති කැබිනට් රැස්වීමක්දී පුවත්පත් කොමිසමේ වාර්තාව ඉක්මනින් නිකුත් කළ යුතු බවටත්, ප්‍රවෘත්ති පත්‍ර උපදේශක මණ්ඩලයක් පත්කර ගතයුතු බවටත් මුදල් අමාත්‍ය ඇන්.ඇම්. පෙරේරා යෝජනා කරන ලදී. එහෙත් මෙත‍රම් වැදගත් පනතක් ගෙන ඒමට හදිසි විය යුතු නැති බව පැරණි ශ්‍රී ලංකාකාරයෙක් වූ සී.පී. ද සිල්වා පැවැසූ බව මුනිදාස සෙනරත් යාපා සූරීන් සිය ‘හොරගොල්ල බිඳ වැටීම’ කෘතියේ සඳහන් කරයි.

සභාග ආණ්ඩුවේ වාමාංශිකයන්ට වූ බලය නිසා සී.පී.ලාගේ විරෝධය කැලේ ගියේය. මැතිනියගේ ඉල්ලීමට කොල්වින් ආර්. ද සිල්වා විසින් සකසන ලද පුවත්පත් පනතක් අධිකරණ අමාත්‍ය ජී.ටී.ඒ. ද සිල්වා විසින් සෙනට් සභාවට ඉදිරිපත් කරන ලදී. එහෙත් ඊට පෙර කෙටුම්පත් කරනා ලද පුවත්පත් පනත් 12ක්ම විවිධ දෝෂ නිසා ප්‍රතික්ෂේප වී තිබූ අතර, මෙම පනත 13 වැනි පුවත්පත් පනත බවත් 13 අසුබ බැවින් මේ පනත ආණ්ඩුවට අසුබ බවත් විපක්ෂය පවසන්නට විය.

මේ දිනවල ඉදිරිපත් කරන ලද ඇන්.ඇම්.ගේ මුල්ම අයවැය ලේඛනයෙන් ‍රා මැදීමට අවසර ලබාදෙන ලදී. පුවත්පත් පනතත්, ඇන්.ඇම්.ගේ වරමත් නිසා ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය ඉහළ යන්නට විය. මේ නිසා ශ්‍රීලනිපයේ ඇතැමුන් තුළ 13 වැනි පනත ගැන බිය රජයන්නට විය.

ජනතා විරෝධය නොතකා පුවත්පත් පනත සෙනට් සභාවේ විවාදයට ගන්නා ලදී. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි. මැතිනිය නොබැඳි සමුළුවට සහභාගි වනු වස් කයිරෝ බලා යාමට නියමිත්ව තිබූ බැවින් ඊට පෙර පනත සම්මත කරගැනීම ආණ්ඩුවේ අරමුණ විය. කෙසේ හෝ ඡන්ද 17ට 4ක් ලෙසින් පුවත්පත් පනත සෙනට් සභාවෙන් සම්මත විය. ඒ, 1964 ඔක්තෝබර් 01 වැනිදාය. අනතුරුව පනත නියෝජිත මන්ත්‍රණ සභාවට යොමුකිරීම ඊළඟ පියවර විය.

මේ අවස්ථාව වනවිට එ.ජා.ප.ය තුළ පුවත්පත් පනත පරාජය කරන්නට දැඩි ඕනෑකමක් ඇතිව තිබිණි. තත්ත්වය පිළිබඳ ඉතා සුක්ෂ්මව කරුණු අධ්‍යයනය කළ ජේ.ආර්. ජයවර්ධන පනත විපක්ෂයට අයත් කරගෙන දියාරු කිරීමට ‘රීති ගැටයක්’ ගැසුවේය. උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් (සෙනට් සභාව) පනතක් ගෙන ඒමේදී එම පනත ඉදිරිපත් කිරීමද, දෙවැනි වර කියවීමේ දිනයද යම් මන්ත්‍රීවරයෙක් භාරගත යුතු බවත්, දෙවැනි වර කියවීම දින පහකට පසු වියයුතු බවත් නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ 77 වැනි ස්ථාවර නියෝගයේ පැහැදිලිව දැක්වෙයි. එමෙන්ම පනත ඉදිරිපත් කරන මන්ත්‍රීවරයා ඒ බව මන්ත්‍රී මණ්ඩලයේ ලේකම්හට කල් තබා දැනුම්දී තිබිය යුතුය.

එහෙත් තම වගන්තිය ගැන ආණ්ඩුවේ කිසිම කෙනෙක් තැකීමක් කළේ නැත. තම බහුතර බලය මගින් පහසුවෙන් පනත සම්මත කරගන්නට සිතූ ආණ්ඩුව බොහෝ උද්දාමයෙන් පසුවිය. එහෙත් ජේ.ආර්. ක්‍රියාත්මක විය. පනතේ යෝජකයා විපක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් රාජපක්ෂ බවත්, එම්.එස්.එම්. නයිනා මරික්කාර් පනතේ ස්ථිර කරන්නා බවත් ඔහු මන්ත්‍රී මණ්ඩලයේ ලේකම් වෙත දන්වා සිටියේය.

ඒ අනුව පුවත්පත් මණ්ඩල පනත උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් ලැබී අති බව මන්ත්‍රී මණ්ඩලයේ ලේකම් සභාවට දැනුම් දුන් අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මයිකල් සිරිවර්ධන පනත දෙවැනි වර කියවීම හෙට යැයි පැවසීය. වහා නැගී සිටි ජේ.ආර්. පනත තිස්සමහාරාම මන්ත්‍රී ලක්ෂ්මන් රාජපක්ෂගේ බවත්, දෙවැනි වර කියවීම 1965 පෙබරවාරි 02 වැනදාට යොදාගත යුතු බවත් පැවැසීය. බරපතළ වාද විවාද මැද සභාව උණුසුම් වෙද්දී අවසාන තීරණය ලබාදීම කතානායක හියූ ප්‍රන්නාන්දුට පැවරිණි.

දෙපැයක් තත්ත්වය සලකා බැලූ ඔහු, පනත ලක්ෂ්මන් රාජපක්ෂගේ බවත්, දෙවැනි වර කියවීම 1965 පෙබරවාරි දෙවැනිදා බවත් තීන්දු කළේය. තමන් ජේ.ආර්.ගේ ගැටයට අසුවූ බව ආණ්ඩුවට වැටහුණේ මේ අවස්ථාවේය. එම උත්සාහය වැරදී ගියද ලේක්හවුසිය පවරාගෙන මාධ්‍ය පාලනය සියතට ගැනීමේ වුවමනාව ආණ්ඩුවට වැඩි වැඩියෙන් දැනෙන්නට විය. ඒ අනුව 1964 ඔක්තෝබර් 15 වැනිදා 14 වැනි පුවත්පත් පනත අධිකරණ උප අමාත්‍ය දයා ටී. පැස්කුවෙල් විසින් සභාගත කරන ලදී. එජාපය නැවතත් පනත දියාරු කරන්නට කැසකවන්නට විය. උප අමාත්‍යවරයකුට මුදල් පනත් ගණයට වැටෙන පනතක් වූ මෙම පනත ගෙන ඒමට නොහැකි බව ජේ.ආර්.ගේ අදහස විය. එහෙත් එම පනත ඡන්ද 11කින් සම්මත කරගන්නට ආණ්ඩුවට හැකි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ටැන්ලි මළල්ගොඩ සහ දඹදෙණිය ආසනයේ ස්වාධීන මන්ත්‍රී ආර්.ජී. සේනානායක පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක් විය. පනත තුන්වැනි වර කියැවීම 1964 නොවැම්බර් 13 වැනිදාට නියම විය. එහෙත් 1964 නොවැම්බර් 12 වැනිදා ආණ්ඩුකාරවරයා පාර්ලිමේන්තු සැසිවාරය විසුරුවා හරින ලද අතර, ඊළඟ සැසිවාරය 1964 නොවැම්බර් 20 වැනිදා අරඹන්නට නියම් විය. නව සැසිවාරයේ රාජාසන කතාව විනාඩි 3කට සිමා වූ අතර, ඊට අදාළ ඡන්ද විමසීම 1964 දෙසැම්බර් 03 වැනිදාට නියම විය. පුවත්පත් පනත නිසා අණ්ඩුවේ බෙදීමක් ඇතිවී තිබුණු අතර, සි.පී. ද සිල්වා 13 දෙනකු සමග විපක්ෂයට එක්විය. රාජාසන කතාවට ‘මේ ආණ්ඩුව කෙරෙහි විශ්වසයක් නැත’ යන්න විපක්ෂය යෝජනා කළ අතර එම යෝජනාවද සහිත සංශෝධනයට පක්ෂව ඡන්ද 74ක්ද විපක්ෂව ඡන්ද 73ක්ද ලැබීමෙන් එදින රාත්‍රී 8 පසුවී විනාඩි 7ට ආණ්ඩුව පරාජයට පත්විය.

ජනමාධ්‍ය පාලනයට ගෙන ආ 14 වැනි පනත ආණ්ඩුවේ අවසානය සනිටුහන් කළ අතර, ඊළඟ මැතිවරණයේදීද ශ්‍රීලනිපය ප්‍රමුඛ තුන් හවුලට විපක්ෂය උරුම විය.

එහෙත් මාධ්‍ය මර්දනයේ ශ්‍රීලනිප කොමියුනිස්ට් සමසමාජ උමතුව ඉන් නතර වූයේ නැත. 1965 සිට 70 දක්වා වසර 5ක් විපක්ෂයේ සිට 70 දී යළි බලයට ආ ශ්‍රීලනිපය ප්‍රමුඛ තුන් හවූල් රජය 1973 ජූලි 20 හෝ ඊට ආසන්න දිනයක ලේක් හවුස් ආයතනය පවරාගෙන සිය මාධ්‍ය දඩයම සපුරා ගත්තේය. ධනපතියන් අතේ පවතින පුවත්පත් ඒකාධිකාරිය අහෝසි කළ යුතුය යනුවෙන් මොරදෙමින් සමාජවදී තුන්හවුල් ආණ්ඩුව ගෙන ආ මෙම පනත සමග ලේක්හවුස් ආයතනය ආණ්ඩුවේ හොරණෑව බවට පත්විය.

එදා ඩී.ආර්. විජේවර්ධනලා තම පුද්ගලික බූදලය එ.ජා,ප.ය වෙනුවෙන් වැයකළ අතර, ලේක්හවුස් ආයතනය පවරා ගැනීමෙන් පසු එම ආයතනය මහජන මුදල් තුන්හවුලේ ප්‍රචාරය වෙනුවෙන් වැය කරන ලදී. මර්දනය ඉන් නතර නොවූ අතර, පසුව තුන් හවුල් ආණ්ඩුව ‘දවස’ පුවත්පතද වසා දැම්මේය. මේ නින්දිත මාධ්‍ය පාලනයේ ප්‍රතිඵල දැකගත හැක්වූයේ 1977 මැතිවරණයේදීය.

ශ්‍රීලනිපය ආසන 8කට සීමා වූ අතර වාමාංශික පක්ෂ කුණු පොල්කුඩු ලෙසින් ජනතාව බැහැර කරන ලදී. ඇන්.ඇම්. සහ කොල්වින් වැනි පතාක යෝධයන්ගේ ඇප මුදල් පවා නතර වූයේ මහා භාණ්ඩාගාරයේය.

සිය මෑණියන් වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය අත්කරගත් අවාසනාවන්ත ඉරණමෙන් පාඩමක් ඉගෙන නොගත් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග 1997දී මේ ආකාරයේම ගුවන්විදුලි විකාශන පනතක් ගෙන ඒමට උත්සාහ ගත්තාය. එහෙත් එම පනත සමස්තයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, එය බලාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් සහ ජනමත විචාරණයකින් එය සම්මත විය යුතු බව අධිකරණයේ මතය විය.

අණ පනත් නොගෙනාවද ලංකාවේ මාධ්‍ය දරුණුම ආකාරයට පාලනය කළේ මහින්ද රාජපක්ෂගේ කාලයේය. ‘සියත’ ගිනි තැබීම, ‘සිරස’ට බෝම්බ ගැසීම, ‘සන්ඩේ ලීඩර්’ කාර්යාලයට ගිනි තැබීම, ලසන්ත වික්‍රමසිංහ ඝාතනය, ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීම, මර්වින් සිල්වා හිටපු ඇමැතිවරයා ජාතික රූපවාහිනියට කඩාවැදීම, ධර්මලිංගම් සිවරාම්, යෝගකුමාර් ක්‍රිෂ්ණ පිල්ලේ ඇතුළු ද්‍රවිඩ මාධ්‍යවේදී ඝාතනය කිරීම, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දැරූ කාලයේ ඔහුගේ බිරිඳගේ ඡායාරූපයකට අදාළව පළකළ ශීර්ෂ පාඨයක් සම්බන්ධව දිනපතා ‘ලක්බිම’ පුවත්පතේ කර්තෘ ධුරය දැරූ සමන් වගආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම, කීත් නොයාර් හට පහරදීම, පෝද්දල ජයන්තට පහරදීම වැනි මාධ්‍යයට එරෙහි සැහැසිකම් රැසක් එකල සිදුවිය. අවසානයේ මෙරට ජනතාව එක්රැස්වී රාජපක්ෂවරු පලවා හරින ලදී.

මාධ්‍ය මර්දනයට අත තැබූ බලසම්පන්න ආණ්ඩු සියල්ල ජනතා වෛරයට ලක්ව දේශපාලන වශයෙන් අතුගෑවී ගිය බවට ඉතිහාසයේ සාක්ෂි බොහෝය. ඉහත දක්වා ඇත්තේ ඉන් අතලොස්සක් පමණි. අනාගතයේ මධ්‍ය මර්දනයට අතගසන ආණ්ඩුවල ඉරණමද මීට වෙනස් වන්නේ නැති බව මතු කවදා හෝ ඉතිහාසය හාරා අවුස්සන්නකුට තහවුරු වනු ඇත. එහෙයින් ඉතිහාසයේ කුණු කූඩයට වැටීමට අකැමැති පාලකයෙක් වේ නම් ඔහු නිසැකවම මාධ්‍ය මර්දනයෙන් වැළකිය යුතු වන්නේමය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඊයේ කොච්චිකඩේ පල්ලියේ මංගල්ලෙට ආපු මහා ජනගඟ! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිංග හෙව්ව කියපු පුංචි පුතා හම්බුණ දෝ I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.