• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඔන්න අපි ගියා IMF එකට! දැන් ඉතින් අපි ගොඩ යයිද? නැත්නම් අපිට බඩු හම්බවෙයිද?

March 24, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
ඉල්ලුවොත් දෙනවා! ඒත් තවම ඉල්ලලා නෑ!
Share on WhatsAppShare on Facebook

‘මහත්තයා, මම පසුගිය දවසක මගේ මෝටර් සයිකලේ හිස් ගෑස් බැරල් එකක් බැඳගෙන කිලෝමීටර් 18ක් දුර ගෑස් ලොරියක් පස්සේ ගියා ගෑස් බැරල් එකක් ගන්න. ගෑස් බාන කඩ හය, හතකට ලොරිය නැවැත්වුවත් එක තැනකින්වත් ගෑස් එක ගන්න හම්බවුණේ නැහැ. ඒ හැම තැනකම සෙනඟ පිරිලා පෝලිම්. කොහොම හරි මම කොට්ටාවේ ඉඳන් කඩුවෙලත් පහුවෙලා ගිහින් තමයි එක තැනකින් ගෑස් එක ගත්තේ. එතකොට මම කිලෝමීටර් 18ක් විතර ගිහින් තිබුණා’ යැයි මෙම අපූරු කතාව මා වෙත කියන්නට ගත්තේ, කොට්ටාවේ අපගේ නිවෙස ආසන්නයේ සිටින දන්නා හඳුනන හිතවතෙකි. මෙයට දින කිහිපයකට ඉහතදී මේ කතාව ඔහු මට කියා සිටියේය.

එවිට මම ඔහුගෙන් අසා සිටියේ, එම ගෑස් ලොරිය පසුපස එතරම් දුරක් හඹා ගියේ ඔහු පමණක්ද යන පැනය විය. එවිට ඔහු සිනාසෙමින් මට කීවේ, ‘මොන පිස්සුද මහත්තයා, තවත් කාර්, වෑන්, මෝටර් සයිකල් 12ක් විතර ඒ ලොරිය පස්සේ ගියා’ යන්නය. මෙවැනි වත්මන් වටපිටාවක් යටතේ ලාංකික ජනතාව මෙම වළපල්ලෙන් ගොඩට ගැනීම සඳහා දැන් කිසිදු ජනනායකයකු හෝ දෙවියකු හෝ නොමැත. දැන් සිටින එකම ගැලවුම්කාරයා වන්නේ, ෂඵත්‍ යැයි සමහර පාර්ශ්ව මරහඬ තළන්නේ ඒ හෙයිනි. එනම් කොළපත අරගෙන මෙම ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ වෙත හිඟාකන්නට යන්නට දැන් මෙරට නායකයන් සියල්ල ලකලැහැස්ති කරගෙන හමාරය. එහෙත් තවත් සමහර පාර්ශ්ව කියා සිටින්නේ ෂඵත්‍ යෑම යනු රට අගාධයෙන්, තවත් අගාධයකට වැටීම බැව්ය.

අද ශ්‍රී ලංකාව තුළ දිගහැරෙන මෙම IMF නාටකය කුමක්ද?

අපගේ රටේ සාමාන්‍ය පොදු ජනතාවගේ බහුතරයක්ම ෂඵත්‍ යනු මොන ‘කෙන්ගෙඩියක්’ ද කියා නොදනිති. එය දෙවියෙක්ද, එසේත් නැතිනම් යක්‍ෂයකුද කියා හෝ නොදනියි.
ඒ කෙසේ වුවද මෙම IMF නාටකයේ පළමු ජවනිකාව පසුගියදා දිගහැරෙන්නේය. එනම් මෙයට දින කිහිපයකට ඉහතදී IMF සංවිධානයේ උසසස් නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියේය. එම පිරිසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, ආචාර්ය චැන්ග්යොන් රී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආචාර්ය උන් මෙරී ගල්ඩ් වුල්ෆ් සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිත්‍ය නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානු සෙට්යාවන් යන නිලධාරීන් අයත් විය. මෙහිදී පෙනී යන්නේ IMF ආසියානු පැසිෆික් මූලස්ථානයේ ප්‍රධානියා සහ දෙවැනියාද මේ සාකච්ඡා සඳහා සහභාගි වීමේ බරපතළකමයි. මෙම පිරිස මුලින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ සමග සාකච්ඡා කර පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සමගද සාකච්ඡා කළේය. මෙම සාකච්ඡාවන් අතිශයම තීරණාත්මක ඒවා ලෙසට කරුණු ප්‍රකාශ විය.

ඇමෙරිකාවේ පිහිටා තිබෙන IMF මූලස්ථානයේ ප්‍රධාන විධායක මණ්ඩලය විසින් 2021/04 වැනි උපදේශනය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අතර, එහි කටයුතු පසුගිය 2022 පෙබරවාරි 25 වැනි දින අවසන් කරන ලදී. ඒ අනුව එම උපදේශනයේ වාර්තාවක් පසුගියදා මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කරන ලදී. කෙසේ හෝ IMF මූලස්ථානයෙන් ඉදිරිපත් කරන ලද උපදේශන වාර්තාවෙහි මෙරට ආර්ථිකයට වැදගත් වන නිර්දේශ 12ක් තිබෙන බැව් ප්‍රකාශ වෙයි. මෙරට තූළ ඉහළ යන දැඩි උද්ධමනකාරී පීඩනයන් පාලනය කිරීම සඳහා ඉතා ප්‍රබල මූල්‍යමය ප්‍රතිපත්ති ස්ථාවරයක් වහා ක්‍රියාත්මක කිරීම සහ අය-වැය හිඟය සඳහා මහ බැංකුවේ හිටපු මුල්‍යකරණය අදියර ගිහිපයකින් සිදුකිරීමද මෙම නිර්දේශ අතර ඉහළින්ම සඳහන් කර ඇත. ජාත්‍යන්තර සංචිත නැවැත ගොඩනැංවීම සඳහා ක්‍රමයෙන් වෙළෙඳපොළ විසින් තීරණය කරනු ලබන සහ නම්‍යශීලී විනිමය අනුපාතිකයන්ට අවතීරණ විය යුතු බැව්ද මෙහිදී නිර්දේශ කර ඇත.

කෙසේ හෝ මෙලෙස දැන් IMF පිහිට ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇත. එසේ වුවද මෙම IMF සංවිධානය එම පිහිට නිසි ලෙස අප රටට ලබාදෙනු ඇතිද? ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන අයුරින් එම සහාය ලබා ගැනීමට අප රට සමත් වේද? මේ ආකාරයේ පැනයන් මේ වන විට පැනනැඟී ඇත. යම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නා විට, මූල්‍ය ආධාර ලබා ගැනීමට හේතුවූ ගැටලු මඟහරවා ගැනීම සඳහා එම රටෙහි ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට අදාළ රටෙහි රජය එකඟවිය යුතුය. මෙම ප්‍රතිපත්ති ගැලවීම් ෂඵත්‍ ණය ලබා ගැනීම සඳහා වන අතර, එම ලබාගත් ණය නැවැත IMF වෙත ගෙවීමට හැකිදැයි සහතික විය යුතුය. එසේම ණය කොන්දේසි ක්‍රියාත්මක කිරීමේදී රටක ප්‍රගතිය ෂඵත්‍ හි විධායක මණ්ඩලය විසින් සිදුකරනු ලබන සමාලෝචන මගින් නිරීක්‍ෂණය කරනු ලැබේ. ඉන් පසුව එම අදාළ රට සුදුසුකම් සපුරනු ලැබුවහොත් පමණක් කොන්දේසි සහිතව ණය ලබාදීම සිදුකරනු ලබයි. මෙහිදී IMF විසින් යම් රටකට ඉදිරිපත් කරනු ලබන සැලසුම් කිහිපයක් වන අතර, එය අනුගමනය කිරීම අනිවාර්ය වෙයි.

IMF Sovereign Debt Restructuring Plan (IMF ස්වෛරී ණය ප්‍රතිව්‍යුහයගත කිරීමේ සැලැස්ම)

ෂඵත්‍ විසින් යම් රටකට ණය ලබා දීමට ප්‍රථම, එම අදාළ රට නැවත ෂඵත්‍ වෙත එම ලබාගත් ණය ගෙවිය හැක්කේ කෙසේදැයි අධීක්‍ෂණය කරනු ඇතිය. යම් හෙයකින් එම ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් පෙනෙන්නට තිබුණහොත් ණය ලබා දීම ප්‍රතික්‍ෂේප කරනු ලබයි. මේ අනුව එම ණය ගෙවා දැමීමේ සැලැස්මක් අදාළ රට ෂඵත්‍ වෙත ඉදිරිපත් කළ යුතුය. එම සැලැස්ම ප්‍රථමයෙන් කලාපීය මූලස්ථානයෙන්ද, ඉන්පසුව ඇමෙරිකාවේ ප්‍රධාන මූලස්ථානයේ විධායක මණ්ඩලයද අනුමත කළ යුතුය. මෙහිදී ෂඵත්‍ විසින් සොයා බලනු ලබන විශේෂිත කරුණක් වන්නේ, ණය ලබාගන්නා රටට වෙනත් පිළිගත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සංවිධාන විසින් ලබා දී ඇති තත්ත්වයන් සහ ශ්‍රේණිගත කිරීම්ය. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව ගැන මෙම සංවිධානවලින් හිමිවූයේ ඉතාමත් ප්‍රබල අවතක්සේරුවකි.

IMF Bridging Finance Plan – (IMF මූල්‍යමය පරතරය පියවීමේ සැලැස්ම)

IMF සංවිධානය මගින් ණය ලබා ගන්නා රටක් තම මූල්‍යමය පරතරය පියවීම පිළිබඳව පූර්ණ සැලැස්මක් ෂඵත්‍ වෙත ඉදිරිපත් කළ යුතුය. IMF සහාය ලබාගෙන එම රට ගෝලීය ආර්ථිකයට මුහුණ දීම සඳහා ශක්තියක් ඇති බැව් ස්ථාවරව පෙන්වා දිය යුතුය. මෙහිදී ස්ථාවර විනිමය අනුපාත යටතේ මූල්‍යමය ගැළපීම සිදුවන ආකාරය අධීක්‍ෂණය කෙරෙයි. මෙහිදී යම් රටක් තම නිෂ්පාදන මට්ටමට වඩා වියදම් කිරීම මූල්‍යමය පරතරය නැති වීමට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දෙයි. යම් රටකට මූල්‍යකරණය කිරීමට අපහසු වන විටදී එරටෙහි අනෙකුත් කටයුතු සඳහා අධික පිරිවැයක් යෙදීමට සිදුවෙයි. එවැනි වටපිටාවකදී මූල්‍යමය පරතරය පියවීමේ අර්බුදය පැනනඟියි. ඒ අනුව මූල්‍යමය පරතරය පියවීමට හැකි සැලැස්මක් එම අදාළ රට විසින් IMF වෙත ඉදිරිපත් කළ යුතුය. යම් හෙයකින් මෙම සැලැස්ම IMF මූලස්ථානය විසින් අනුමත කරන්නේ නැතිනම්, අදාළ ණය ලබාදීම සිදුනොකරයි.

IMF Voting Power- IMF ඡන්ද බලය)

IMF හි සාමාජික රටවල් සඳහා ඡන්ද බලයක් ඇත. මෙය කෝටා ක්‍රමයක් මත පදනම් වන අතර, සෑම සාමාජික රටකටම මූලික ඡන්ද සංඛ්‍යාවක් ඇත. යම් රටකට ණය ආධාර ලබා දීමේ මෙම ඡන්ද කෝටා ක්‍රමය භාවිත කරනු ලබයි. දැනට IMF සංවිධානයේ සාමාජික රටවල් 190ක් වන අතර, මෙයින් 85%ක සුපිරි බහුතරයකගේ ඡන්ද අවශ්‍ය වෙයි. මෙහිදී බොහෝ ධනවත් රටවල් සඳහා හිමිවනු ලබන ඡන්ද කෝටාව ඉහළ අතර, අනෙකුත් පහත මට්ටමේ රටවල් සඳහා හිමිවන ඡන්ද කෝටාව අඩුය. එහිදී මෙය පෙන්වා ඇත්තේ ඇමෙරිකාව ඉහළින්ම ඇති රටවන අතර, ඇමෙරිකාවට මුළු ඡන්ද පංගුවෙන් 17.46%ක කෝටාවක් හිමිය. දෙවැනි තැනට ඇත්තේ ජපානය වන අතර, එහි ඡන්ද කෝටාව 6.48%කි. තෙවැනි තැනට සිටින්නේ චීනය වන අතර, එහි කෝටාව 6.41%කි. 20 වැනි ස්ථානයෙහි සිටින ඉන්දුනීසියාවට හිමිවී ඇති ඡන්ද කෝටාව 0.98%ක් වන අතර, අනෙක් රටවලටද අවම ගණන් හිමිව ඇත.

ශ්‍රී ලංකාව IMF සාමාජිකත්වය ලබාගන්නේ 1950 වසරේදීය. කෙසේ හෝ මේ අනුව පසුගිය වසර 71ක කාලය තුළ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ නොහොත් IMF සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පැවැතියේ ඉතා ප්‍රබල සම්බන්ධතාවයකි. එනම් දිවයිනේ විවිධ මූල්‍යමය අර්බුදවලදී මෙම සංවිධානයෙන් ලැබී ඇති සහාය බොහෝය. එහෙත් මෙම සහාය අපට ලැබෙන්නේ විවිධ කොන්දේසි සහ නීති-රීති මාලාවක් හරහාය. මේ නිසා කලින් කලට රට පාලනය කළ රජයන්ට සහ IMF ආයතනයටද විවිධ පාර්ශ්ව මගින් එල්ලවූ දෝෂාරෝපණයන් බොහෝය. එය ඉතාමත්ම දීර්ඝ වගතුගක් වන අතර, කලින් කලට විවිධාකාර ලෙස දෝලනය වූ එකක්ද වෙයි. IMF සංවිධානය විසින් ලෝකයේ රට, රටවලට වාර්ෂිකව ලබාදෙනු ලබන ‘මූල්‍යමය පංගුවක්’ නොහොත් ‘කෝටාවක්’ ඇත. ඒ අනුව මෙම කාලය තුළදී ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලබාදුන් එම පංගුව වන්නේ ඩොලර් මිලියන 578.8ක ප්‍රමාණයකි. එහෙත් කෙසේ හෝ මෙම වසරේ (2021) අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 637ක වාර්ෂික පංගුවක් ශ්‍රී ලංකාවට ලැබිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන වගකීමක් වන්නේ ගෙවුම් ශේෂ ගැටලුවලට මුහුණදෙන සාමාජික රටවලට ණය පහසුකම් සපයා දීමයි. ඒ අනුව ගෙවුම් ශේෂයේ හිඟයක් පියවීමට අවශ්‍ය මූල්‍ය සම්පත් සපයාගත නොහැකි ඕනෑම සාමාජික රටකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ඉල්ලා සිටිය හැකිය. එසේ ණය ලබා දීමේදී සලකා බලනු ලබන කොන්දේසි කිහිපයකි. ඒ අනුව වසරක කාල සීමාවක් තුළ සලකා බලනු ලබන මුදල් වර්ගයෙන් අරමුදල වෙත ඇති සංචිත ප්‍රමාණය සියයට 25ක ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉහළ නොයන්නේ නම්, අදාළ රටට ණය ලබා ගැනීමට හැකිය. ඒ හැරුණු කොට අදාළ රටෙහි සාමාජික කොටසේ ඇති විශේෂ ගැනුම් හිමිකම් ප්‍රමාණය මෙන් දෙගුණයක් දක්වා ණය ලබාගත හැකිය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන මූල්‍ය පහසුකම් සහනදායී හා සහනදායී නොවන ලෙස කොටස් දෙකකට වර්ග කළ හැකිය. සහනදායී ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව පවතින්නේ අඩු ආදායම්ලාභී රටවලටය.

ඒ අනුව ශ්‍රී ලංකාවද අඩු ආදායම්ලාභී රටවල් කාණ්ඩයට අයත් වෙයි. මෙහිදී අඩු ආදායම්ලාභී රටවල්වලට ප්‍රධාන මූල්‍ය පහසුකම් තුනක් හඳුන්වා දී තිබෙයි. ඒවා මෙසේ දැක්විය හැකිය.
– දීර්ඝ කරන ලද ණය පහසුකම,
Extended Credit Facility
– සමීපස්ථ ණය පහසුකම,
Stand – B Credit Facility
– ශීඝ්‍ර ණය පහසුකම,
Rapid Credit Facility

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙම කුමන ක්‍රමයකට වුවද ණය ලබා ගැනීමේදී ඒ ඒ ක්‍රමවේදයන්ට අදාළ වන්නාවූ කොන්දේසි හා නියමයන්ට එකඟවීමට සාමාජික රටවල්වලට සිදුවේ. මෙහිදී ප්‍රධානතම කොන්දේසියක් වන්නේ අය-වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 07% (සියයට හතක) මට්ටමේ පවත්වා ගැනීමයි. ඒ සඳහා ශ්‍රී ලංකා රජයට විශාල වශයෙන් තම වියදම් කළමනාකරණය කිරීමට සිදුවේ. එසේ නැතිනම් වර්තන වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් කපා හැරීම කළ යුතුය. එසේත් නැතිනම් රාජ්‍ය ආදායම සැලකිය යුතු මට්ටමකින් ඉහළ නංවාගත යුතුය. නමුත් පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම දෙස බලන විට එය කිසිසේත්ම අපේක්‍ෂිත මට්ටමට ළඟා වූ බවක් පෙනෙන්නට නැත. අපනයන ඉහළ ගොස් ආනයනයන් වැඩි වීමේ උපනිතයක් නොමැති අතර, දිගින් දිගටම ආනයන වියදම් ඉහළ යන තත්ත්වයක් දැැකගත හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මූල්‍යමය සහන ලබා ගැනීමට නම් රජයට කොන්දේසිවලට යටත්විය යුතුය. එම සමහර කොන්දේසි මෙසේය.

– රජයේ වියදම් කපා හැරිය යුතුය. එසේ නැතිනම් රජයේ වියදම් සීමා කළ යුතුය. මෙහිදී රාජ්‍ය සේවයට විවිධ බලපෑම් එල්ලවනු ලබයි.
– අය-වැය හිඟය ඉතාම අඩු මට්ටමකින් පවත්වාගත යුතුය.
– රජයට බදු ගෙවන මාර්ගවලින් ආදායම් ඉහළ නංවාගත යුතුය.
– දැනට පාඩු ලබමින් තිබෙන විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව පාඩු නොලබන තත්ත්වයකට පත්කළ යුතුය. එනම් එම ආයතන පෞද්ගලීකරණය කළ යුතුය.

කෙසේ හෝ මෙම 2021 අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් සඳහා සමාන මුදල් කොටස් වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 650ක මුදලක් ණය ආධාර වශයෙන් බෙදාදී ඇත. වසර 02ක් පුරා ‘කොවිඩ්-19’ වසංගතය ලොව රටවල් රාශියක් ගිලගෙන තිබුණු හෙයින් මෙලෙස සාමාජික රටවල් සඳහා සමාන ‘කෝටාවන්’ බෙදාදී ඇත. එසේ වුවද පසුගිය වසර කිහිපයක් තුළදී ඉතාමත් අන්ත ආර්ථික අඝාධයන්ට පත්වූ රටවල් රැසකටද IMF ආයතනය විසින් විශේෂ ණය සහන ලබාදී තිබිණි. මේ අනුව පසුගිය වසර 02ක කාලය තුළදී සාමාජික රටවල් 87ක් සඳහා විශේෂ මූල්‍ය පහසුකම් ලබාදී ඇත. මෙහිදී ආසියානු රටවල් අතරට බංග්ලාදේශය, මාලදිවයින, මියන්මාරය, නේපාලය, මොන්ගෝලියාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය යන රටවල්ද අයත් වෙයි. බහුතරය ඇත්තේ අප්‍රිකානු රටවල්ය.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

ජීවන වියදම අහස උසට යද්දී රටටම ආදර්ශයක් දෙමින් අඩු වියදමින් මඩකලපුවේ ‌ජෝඩුවක් ජයටම වෙඩින් එක ගත්ත හැටි! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.