• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

යාපනයට යන්න! 776 බස් එකේ නගින්න! කුරිකඩ්ඩුවාන් ජැටියෙන් බහින්න! බෝට්ටුවක් එයි! විනාඩි 45න් ‘නෙදර්ලන්තයට’ යන්න!

March 16, 2022
in Exclusive, News
Reading Time: 18 mins read
A A
යාපනයට යන්න! 776 බස් එකේ නගින්න! කුරිකඩ්ඩුවාන් ජැටියෙන් බහින්න! බෝට්ටුවක් එයි! විනාඩි 45න් ‘නෙදර්ලන්තයට’ යන්න!
Share on WhatsAppShare on Facebook

යාපනයේ අර්ධද්වීපයේ දූපත් සංචාරය ඔස්සේ මන්ඩතිව්, කයිට්ස්, නයිනතිව් හා කරෙයිනගර් සංචාරයට මත්තෙන් මීළඟ ගමනාන්තය නම් ශ්‍රී ලංකාවේ ජනාවාස වූ දූපත්වලින් දුරස්ව මන්නාරම් ගල්ෆ් කලාපයට මත්තෙන්ද, ශ්‍රී ලංකාවේ වයඹ දෙසින් ඉන්දියන් සාගරයේ දකුණු දෙසට වන්නට පිහිටි යාපනය අර්ධද්වීපයේ වූ ස්වභාව සෞන්දර්යයෙන් හැඩවූ දූපත වන ඩෙල්ෆ්ට් දූපතයි.
දූපතේ ස්වභාවික සුන්දරත්වය මෙන්ම පැරණි ගොඩනැගිලිවල නටබුන් නිසාවෙන්ම සංචාරකයන් සඳහා ආකර්ෂණීය ස්ථානයක් වන මේ දිවයින පුරාණ චෝල රාජවංශයේ සිට පෘතුගීසි, ලන්දේසි සහ බි්‍රතාන්‍ය යටත්විජිත යුගය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයකට පියවර තබන අපූර්ව සංචාරක ගමනාන්තයක් වන බව යාල් ආගන්තුකයාට සිතෙනු ඇත.

නිල් දියඹට ඇදෙන
වඩතාරකී නැව

යාපනයේ සිට අංක 776 පාරේ බස් රථයක නැඟී පැයක පමණ කාලයකට පසුව කුරිකඩ්ඩුවාන් වරායට ළඟාවීමට නම් හිරු නැගෙනහිරින් පිබිදීමට මත්තෙන් ‍යාපනේ නගරයට යායුතුය. වෙනස්ම අත්දැකීමක් ලැබීමට උවමනා අයෙක් නම් ඉතින් ටුක් ටුක් එකක නැඟී වැඩි මුදලක් වැයකර තොටුපළ වෙත ළඟාවිය හැක. නෙත ගැටෙන්නේ ජැටිය අවට මුහුදු තීරයේ කොළ පැහැයක් ගන්නා මුහුදු පාසිය. කුරිකඩ්ඩුවාන් ජැටිය නම් නයිනතිව් (නාගදීපය) හා නැදුන්තිව් (ඩෙල්ෆ්ට්) යන ගමනාන්තයන් සඳහා ආරම්භ තොටුපළයි.

උදෑසන හය පසුවී පැය භාගයක් ගතවී ඇත. නොඉවසිල්ලෙන් බලා සිටින්නේ නාවික හමුදාව මගින් මෙහෙයවන බෝට්ටුවක් වන වඩතාරකී හෝ කුමුදුනී, නෙඩන්තාරකී, එලරා ආදීවූ පෞද්ගලික බෝට්ටු ප්‍රවාහන සේවාවකින් ජැටියෙන් ඩෙල්ෆ්ට් දූපත කරා සේන්දු වීමටය. මෙය නම් කොලොම්බස්ගේ ලොව වටා සංචාරය හා සමාන හැඟීමක් යාල් ආගන්තුකයාට එක්කර හමාරය. හුදෙක් ත්‍රාසය හා භීතිය කැටිවූ අත්දැකීමකි. මන්ද පෙනෙන නොපෙනන මානයේ නිල්වන් ගැඹුරු මුහුදය.

අයකුට නම් ගමන තරමක් වෙහෙසකර විය හැක. මන්ද විටෙක සැමන් ටින් එකක ඇසිරූ මාළුන් මෙන් පොදිගැසී යෑමට සිදුවිය හැක. බෝට්ටුව තුළදී ඇදහිය නොහැකි තරම් උණුසුමක් දැනිය හැක. ගත දහඩියෙන් තෙත්විය හැක. නමුත් මේ අපූරු ගමනාන්තයට විනාඩි 45ක් පමණ වූ කාලයක් ඇතුළත ළඟාවිය හැක. උදෑසන අට පසුවී විනාඩි විස්සක් පමණ ගතවන කල යාල් ආගන්තුකයා මාවලිතුරෙයි නම් ඩෙල්ෆ්ට්හි පිවිසුම් ස්ථානයට සේන්දුවී අවසන්‍ය. ‘මා’ නම් අශ්වයන්ට දමිළ බසින් කියන තවත් නමකි. ඒ ආසන්නයේ වූ කතෝලික පූජකවරයකුගේ පිළිරුවක් දැකිය හැක. ඒ නම් මේ දූපත ඩෙල්ෆ්ට් අයිලන්ඩ් ලෙස නම් කළ රිච්ක්ලොෆ් වෑන් ගෝන්ස්ගේ පිළිරුවයි.

නෙඩන්තිව් දූපතට පමණක් සීමාවූ කොරල්ගල් බැමි

යාල් ආගන්තුකයාට සැලවූ පරිද්දෙන් ඩෙල්ෆ්ට් දූපතට බෝට්ටු සවාරියක් සඳහා වඩාත් නිර්දේශිත කාලය ජූලි සිට අගෝස්තුය. මේ කාලයේදී මුහුද සන්සුන්ය. වියළි කාලය ආරම්භයේදී ඩෙල්ෆ්ට්හි වියළි කාලයට අනුරූප ලක්ෂණත් ගිම්හානයේදී වෘක්ෂලතාදිය වඩාත් සශ්‍රීක වූ හරිත ලක්ෂණත් පෙන්නුම් කරන අතර ඩෙල්ෆ්ට් දූපතේ දෙසැම්බර් සිට ජනවාරි කාලය තෙත් ස්වභාවයක් ගන්නේ මෝසම් වර්ෂාව නිසාවෙන්ය.

දූපතේ මෝටර් රථ නොමැත. ගොන් කරත්තවලට අමතරව, ජනාවාස වූ ඩෙල්ෆ්ට් ගම්මාන අතර කුඩා දුර සඳහා ත්‍රිරෝද රථ ක්‍රියාත්මක කෙරේ. කොයිකාගෙත් ගමන් සගයා නම් පාපැදියය. දූපතේ සංචාරයට අවශ්‍ය උපදෙස් හා සහාය ලබාගැනීමට නම් පිවිසුමේ වූ සංචාරක කාර්යාලවලින් විමසිය හැක. මේ ඩෙල්ෆ්ට් දූපතේ මඟ දිගට සංචාරයයි.

මේ දිවයින ලන්දේසින් ‘ඩෙල්ෆ්ට්’ යනුවෙන් හැඳින්වුවද ඇත්තෙන්ම සාම්ප්‍රදායික දෙමළ නමක් වන ‘නැදුන්තිව්’ යනුවෙන් උච්චාරණය කර ඇත. නැදුන්තිව් යන්නෙහි අදහස නම් ‘දිගු දූපත’ හෝ ‘විශාල දූපත’ යන්නයි. තවද ‘පසන්තීව්’ යන්නෙන්ද නම්කර ඇත. මන්ද එළ ගවයන් ආශ්‍රිත පශුසම්පත් මේ උදවිය පරිභෝජනය කිරීමට පුරුදු වී සිටියහ. යටත් විජිතයක් වීමට මත්තෙන් මෙය ‘අභිශේගතීව්’ නම්වී ඇත. හේතුව නම් දිනපතා ඉන්දියාවේ රාමේෂ්වරම් සිට නෙඩන්තිව් දක්වා ශිව දෙවියන් අභිෂේක ගැන්වීම උදෙසා එළකිරි එකතු කිරීමට නැවක් පැමිණීමය.

නමුත් අපූර්ව කාරණය නම් ශ්‍රී ලාංකිකයන් තවමත් නැදුන්තිව් යන නම පසෙකලා මෙම දූපත ‘ඩෙල්ෆ්ට්’ යන නාමයෙන් හඳුන්වනු ලැබීමයි. ජාත්‍යන්තර මුහුදු මාර්ගයට ඔබ්බෙන් වූ මේ දිවයින එක්සත් රාජධානියේ ජල විදුලි කාර්යාලය මගින් නිකුත් කරන ලද අද්මිරාල් ප්‍රස්ථාර වැනි කීර්තිමත් ජාත්‍යන්තර නාවික සිතියම්වල පවා ‘ඩෙල්ෆ්ට්’ ලෙස නම් කර ඇත.

නිවර්තන දූපතක් වන මෙම නැදුන්තිව් දිවයිනට යටත්විජිත සම්භවයක් සහිත මෙම නාමය හිමිවන්නේ 17 වැනි සියවසේ මැද භාගයේදී ලන්දේසීන් විසින් පෘතුගීසීන් සතුවූ යාපනය අල්ලා ගැනීමෙන් පසුවය. ඉන්දියන් සාගරය අවට ප්‍රදේශය යටත්විජිතයක් වූ කල්හි ඔවුහු පෝක් සමුද්‍ර සන්ධියට නුදුරින් පිහිටි දූපත් සමූහයේ ප්‍රධාන දූපත් අටටම ලන්දේසි නගරවල නම් තැබූහ. ‘රොටර්ඩෑම්’ යනු එකල අනලතිව් දූපත හඳින්වූ නම වන අතර එය එම කුඩා දූපත් අටෙන් කුඩාම දූපතයි. කාලයාගේ ඇවෑමෙන් බොහෝ දුරට ‘ඩෙල්ෆ්ට්’ හැර අනෙක් දූපත්වල ලන්දේසි නම් ලාංකිකයන්ට අමතක වී ඇත. නමුත් ඩෙල්ෆ්ට් නම් වූ කීර්තිමත් නාමය එදා පමණක් නොව වර්තමානයේද ශ්‍රී ලංකාවේ උතුරු පළාතට ලන්දේසි සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට බෙහෙවින් ජනප්‍රිය වූ දූපතකි.

ඩෙල්ෆ්ට් නම් වර්ග කිලෝමීටර් හතළිස්හතක් ආවරණය වන පරිදි දිගින් පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි විශාලතම දූපතයි. ඩෙල්ෆ්ට් නම් පැතලි වූ තැනිතලා භූමිභාගයකි. නොගැඹුරු මුහුදු ආශ්‍රිත කලාපයකි. වැසි සමය ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා වන නමුත් මුළු වර්ෂා කාලය තුළම නිල් අහසක් ඇති දින ගණනාවක් තිබේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 750 ක් පමණක් වන අතර එමගින් ඩෙල්ෆ්ට් අර්ධ ශුෂ්ක ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැක. සාමාන්‍යයෙන්, උතුරු අර්ධගෝලයේ ගිම්හාන මාසවල වියළි කාලයේදී වර්ෂාපතනය මුළුමනින්ම හිඟ වේ.

ඩෙල්ෆ්ට්හි භූගත ජලය මඳක් ලුණු සහිත වීම පුදුමයක් නොවේ. බොහෝ ජල මූලාශ්‍රවල ලවණතාව වියළි කාලයේදී පානයට නුසුදුසු මට්ටමකට වැඩි විය හැකි නමුත් කෘෂිකර්මාන්තයට සහ සමහර පශු සම්පත් සඳහා ප්‍රමාණවත්ය. දූපතේ ඇළ දොළ නොමැත. මිරිදියෙහි ප්‍රධාන ප්‍රභවය නම් ස්වභාවික අවපාත හා කෘත්‍රිම පොකුණුවල එකතු වන මතුපිට ජලයයි. තල් කොළවලින් සාදන ලද බාල්දි භාවිත කරමින් නොගැඹුරු ළිංවලින් දෛනික අවශ්‍යතා සඳහා ජලය ගනු ලැබේ. සැලකිය යුතු කරුණ නම් සමහර මිරිදිය ළිං මුහුදු වෙරළට ඉතා ආසන්නව පිහිටා තිබීමයි. නමුත් ඇදහිය නොහැකි තරම් ගැඹුරු ‘යක්ෂයාගේ ළිඳ’ පමණක් නියං කාලවලදී පවා කිසි විටෙකත් වියළී යන්නේ නැත. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ළිඳෙන් ලැබෙන ජලය ලංකාවේ ඕනෑම තැනක දක්නට ලැබෙන හොඳම ජලය බවයි. කෙසේ වෙතත්, මතුපිට ජල එකතු කිරීම් සහ ළිං කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ප්‍රධාන ධාරාවේ සිට අතිරේක මිරිදිය සැපයුම නියං කාලයේදී නාවික හමුදාව විසින් සපයනු ලබන අතර, පසුව බවුසරයක් මගින් ගෙනෙන ජලය සඳහා නිවැසියන්ට ගෙවීමට සිදුවේ.

ජනගහනය අඩු ඩෙල්ෆ්ට් දූපතේ ජනාවාස ප්‍රදේශ දෙකක විහිදී ඇත. එනම් ඊසාන දෙසින් සහ බටහිර දෙසින්‍ය. වෙඩ්ඩුක්කුලම් සහ පෙරියකුලම් ලෙස වැව් දෙකකි. ඒවා දූපතේ මධ්‍යයේ පිහිටා ඇත. ඩෙල්ෆ්ට්හි දකුණු අර්ධය පඳුරුවලින් වැසී ඇත. එය ජනාවාස නොවන අතර කෘෂිකර්මාන්තය සඳහා භාවිත නොවේ. අර්ධ ශුෂ්ක ප්‍රදේශවල වෘක්ෂලතාදිය පවතී. වියළි පඳුරු හා තණකොළවලට අමතරව තල් ගස් විශාල ප්‍රමාණයක් ඇත.

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ අනෙකුත් දෙමළ ප්‍රදේශ මෙන්ම පෞද්ගලික නිවාසවල වැටවල් තල් අතුවලින් හෝ කොරල් ගල්වල බැඳී ශක්තිමත් බිත්තිවලින් වෙන්කර ඇත. ප්‍රධාන ආදායම් මාර්ග නම් ධීවර හා තල් ආශ්‍රිත කර්මාන්තයි. ඩෙල්ෆ්ට් තල් ගසේ අත්කම් සහ වියළි මාළු (කරවල) සඳහා ප්‍රසිද්ධය. ඩෙල්ෆ්ට් නම් ශ්‍රී ලංකාවේ හොඳම තල් රා නිෂ්පාදනය ගැන ආඩම්බරය වේ. පශු සම්පත් බොහෝ විට පවුලේ ආදායම හා පෝෂණය සඳහා වැදගත් අතිරේකයක් වේ. ගවයන් සහ එළුවන් ඇත්තේ දූපත්වාසීන් ස්වල්ප දෙනකුට පමණක් වන නමුත් තවත් සමහරු කුකුළන් ඇති කරති.

මෑත කාලයේදී ‘ජම්බුලාන’ ගස් හඳුන්වා දෙනු ලැබුවේ ඉන්දියාව සහ ලංකාව පුරා වියළි කලාපවල ඒවා හොඳින් වැඩෙන බැවිනි. ඉදුණු ජම්බුලාන පලතුරු කුඩා හා කළු වන අතර සමහර විට වැරදි ලෙස ‘බ්ලැක්බෙරි’ ලෙස හැඳින්වේ. ගසේ අනෙකුත් කොටස් ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදාගනී.

ගෙවත්තක නම් වම්බටු, තක්කාලි සහ මිරිස් වරදින්නේ නැත. යාපනයේ වැසියෝ නම් ගොවි රජවරු මෙන්ම විද්‍යාඥයන්ය. කොරල් පාෂාණ සහිත මේ බිමේ අතීතයේ ඔවුන් ‘කාවෝදී’ නම් ශාකය වගාකර අනලතිව් හා යාපනයට ප්‍රවාහනය කරන ලද්දේ දුම්කොළ ආශ්‍රිත කර්මාන්තයට පොහොරක් ලෙසය. ‘මොන්ඩෙයි’ නම් වූ ධාන්‍ය වර්ගයද අතීතයේ දූපත් වැසියන් අතර සහල් සේම ජනප්‍රිය වී ඇත.

අවට සිරි අසිරි යාල් ආගන්තුකයාගේ සටහන් ලෙස මෙසේ පිටු අතර සටහන් වී ඇත. ඒවා ඩෙල්ෆ්ට් දූපතේ ප්‍රධාන ආකර්ෂණ ස්ථාන ලෙස පිළිවෙලින් මෙසේ ගෙනහැර දක්වමි.

රංචු පිටින් සැරිසරන කැලෑ අශ්වයන්

16 වැනි සියවසේදී අරාබියෙන් පෘතුගීසින් මුලින් ගෙන ආ අශ්වයන් පසුව ලන්දේසින් විසින් තබා ගන්නා ලදී. ඉන්දියානු සාගරයේ අශ්ව වෙළෙඳාම පිළිබඳ ඒකාධිකාරයක් ලබාගැනීම පෘතුගීසින්ගේ වඩාත් සාමකාමී පූර්වගාමීන් වූ මුස්ලිම් නාවිකයන්ට එරෙහිව සටන් කිරීමේදී ඔවුන්ගේ ප්‍රධාන අභිලාෂයක් විය. 19 වැනි සියවසේ මුල් භාගයේදී ලුතිනන් නෝලන්ගේ අභිජනන වැඩසටහනට අතිරේක අශ්වයන් ආනයනය කිරීම අවශ්‍ය විය. අශ්වයන් ඩෙල්ෆ්ට් දූපතේ දකුණු අර්ධයේ වියළි පඳුරු ආශ්‍රිත පෙදෙස්වල නිදැල්ලේ සැරිසරයි. ඔවුන් ගෘහාශ්‍රිත අශ්වයන්ගෙන් පැවැත එන්නන් වන අතර එබැවින් මේ ආකාරයේ සතුන් සඳහා සුදුසු යෙදුම ‘වල් අශ්වයන්’ය. ඔවුන් පාළුකරයේ ජීවත් වුවද, ඔවුන්ගෙන් බොහෝ දෙනකුට තවමත් අයිතිකරුවන් සිටී.

ඩෙල්ෆ්ට්හි වල් අශ්වයන් බොහෝ විට හැඳින්වෙන්නේ ‘පෝනීන්’ ලෙසය. සාමාන්‍යයෙන් ඔවුන් සාමාන්‍ය අශ්වයන්ට වඩා කුඩා වුවද පෝනියන්ට වඩා විශාලය. ඔවුන්ගේ මුතුන් මිත්තන් විශාල ලෙස වැඩුණු අරාබි අශ්වයන්ය. නමුත් සාමාන්‍යයෙන් දූපත්වල වෙසෙන අශ්වයන් පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රමාණයෙන් අඩුවෙයි.

ශ්‍රී ලංකාවේ ඉතාමත් ආකර්ෂණීය බයෝබාබ් ගසක්

අරාබිවරුන් ඩෙල්ෆ්ට් දූපතට බයෝබැබ් ගස හඳුන්වාදී ඇති අතර මෙම ගස වසර 500කට වඩා පැරණි විය හැකි බවක් පෙනේ. ලංකාවේ පැරණිම සහ විශාලතම මන්නාරමේ පල්ලිමුනෙයි බයෝබාබ් ගස වසර 700ක් පමණ පැරණි යැයි ගණන් බලා ඇත.

මන්නාරම් දූපතේ ලංකාවේ වෙනත් ඕනෑම ප්‍රදේශයකට වඩා බයෝබාබ් ගස් ප්‍රමාණයක් ඇති අතර එය 30 ක් පමණය. කෙසේ වෙතත්, මන්නාරමේ ඇත්තේ පලිමුනේ බයෝබාබ් ගසක් පමණක් වන අතර එය ඩෙල්ෆ්ට් දූපතේ දැකිය හැකි හුදකලා නිදර්ශක තරම් විශාල හා ආකර්ෂණීයය. ඩෙල්ෆ්ට්හි බයෝබාබ් ගසේ කඳ තුළ පුද්ගලයන් පස්දෙනකු සිට හයදෙනකු දක්වා සුවපහසු ලෙස සිටගෙන සිටිය හැකිය. ස්වභාවිකව හෝ කෘත්‍රිමව හිස් වූ කඳන් සහිත විශාල බයෝබාබ් ගස් අප්‍රිකාවේ සහ ඉන්දියාවේ මිනිසුන් නවාතැන් ලෙස භාවිත කර ඇත.

ඩෙල්ෆ්ට් දූපතේ බයෝබාබ් කඳේ උස මීටර් 12ක් පමණ වන අතර වට ප්‍රමාණය මීටර් 15ක් පමණය. පොදුවේ, බයෝබාබ් ගස ‘බෝතල් ගස්’ ලෙසද හැඳින්වෙන්නේ ඒවායේ අමුතු පෙනුම නිසාය. විටෙක ‘වඳුරු පාන් ගස්’ ලෙස හඳුන්වන්නේ පෝෂ්‍යදායී පලතුරු නිසාය. ලංකාවේ බයෝබාබ් ගස සිංහල භාෂාවෙන් ‘අලි ගහ’ සහ දෙමළෙන් ‘පේරුක්කු මරම්’ ලෙස හඳුන්වයි. ඩෙල්ෆ්ට්හි රෝමානු කතෝලිකයන් බයෝබාබ් පලතුරු ‘ජුදාස් බෑග්’ ලෙස හඳුන්වන්නේ එහි ඇති බීජ ප්‍රමාණය නිසාය. ‘බයෝබාබ්’ යන වචනයට අරාබි සම්භවයක් ඇති අතර එය පැමිණියේ අරාබි පැළෑටියේ ‘බුහිබාබ්’ යන නාමයෙන් වන අතර එහි තේරුම ‘බොහෝ බීජවල පියා’ යන්නයි. බයෝබාබ් යනු අප්‍රිකාවේ සාම්ප්‍රදායික ආහාර ශාකයකි. බයෝබාබ් ගස්වලට නියං කාලවලදී පානීය ජලය ගබඩා කිරීමේ හැකියාව ඇති බව කියවේ.

යටත් විජිත අතීතයෙන්
මීකානම් කොටුව

සාමාන්‍යයෙන් මේ දිවයින පුරා සංචාරය අර්ථාන්විත විය යුතුය. මන්ද ඩෙල්ෆ්ට්හි ස්වභාවික සුන්දරත්වය එහි ප්‍රධානම ආකර්ෂණය වන බැවිනි. මේ අනුව භූ දර්ශනය, ශාක හා සත්‍ව විශේෂ පිළිබඳ හොඳ හැඟීමක් ඇතිකිරීම හොඳ ආරම්භයකි. දිවයිනේ යටත්විජිත අතීතයේ තිබූ ඉතාමත් වැදගත් ස්මාරකය නම් කොටුවයි. ඩෙල්ෆ්ට් දූපතේ ඇත්තේ එකම යටත් විජිත බළකොටුවක් වන අතර එය පෘතුගීසින් භාවිත කරන ලද අතර පසුව ලන්දේසීන් භාවිත කර ඇත. එහි දේශීය නාමය මීකානම් කොටුව වේ.

අතීතයේ සියලුම ගොඩනැගිලි මෙන් මීකානම් කොටුවද කොරල්වලින් නිමවා ඇත. බළකොටුව වර්ග මීටර් පනහකට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි දැඩි ලෙස ශක්තිමත් වූ දෙමහල් වාසස්ථානයකි. ලංකාවේ අනෙකුත් බොහෝ පෘතුගීසි බළකොටුවලට වෙනස්ව එය ලන්දේසීන් විශාල කර නොතිබූ අතර එතරම් නවීකරණය නොකළ බවක්ද පෙනේ. අවි ගබඩාවක්, අනෙකෙහි බන්ධනාගාරයක්ද, කෙළවරේ කුඩා හතරැස් කාමරයක්ද ඇතුළත්ය. මෙම සිරගෙදර බිම් මට්ටමට වඩා පහළින් ඇති අතර දොරක් නොමැත.

උසාවි සංකීර්ණය අසල වූ පෞරාණික පරෙවි කූඩුව

පෘතුගීසීන්ගෙන් බළකොටුව අත්පත් කරගැනීමෙන් පසු ලන්දේසීන් මහා පරිමාණයෙන් එහි ව්‍යූහය වෙනස් නොකළ නමුත් නැගෙනහිරින් අතිරේක බැරැක්කයක් සාදා වර්ග මීටර් 200කට ආසන්න කුඩා බළකොටුව වටා වෙනම කොටු පවුරක් වට කළේය. දූපත්වාසීන් විශ්වාස කරන්නේ මෙම පරිශ්‍රය කොටුව හා සම්බන්ධ කරමින් උමඟක් තිබූ බවයි. මෙම ප්‍රදේශය පරිපාලන කටයුතු සඳහාද භාවිත කරන ලද අතර එම නිසා එය ‘අධිකරණ සංකීර්ණය’ ලෙසද හැඳින්වේ. තාප්පයේ කොටස් කඩාවැටී ඇතත් එක් බැරැක්ක කාමරයක් තවමත් දක්නට ඇත. මෙම සංකීර්ණයේ ඇති වඩාත් කැපීපෙනෙන ගොඩනැගිල්ල නම් ලන්දේසි පරෙවි කූඩුවය. සිදුරු හැත්තෑවක් පමණ ඇති මෙය කුලුනක හැඩයක් ගනී. එවැනි පරෙවි කූඩුවක් ලංකාවේ ඉතාමත් දුර්ලභ දසුනකි. යටත්විජිත යුගයේ කෙටි කාලයකින් ඩෙල්ෆ්ට් දූපතේ පණිවුඩ යැවීම සඳහා පරෙවියන් යොදාගෙන ඇති බවට සාක්ෂිය මෙයමය.

යටත්විජිත ක්වීන්ස් කුලුන හෙවත් ක්වින්ඩා කුලුන

ඩෙල්ෆ්ට්හි අනෙක් බිම් සලකුණ පිහිටා ඇත්තේ දිවයිනේ විරුද්ධ පැත්තේ එනම් දකුණු වෙරළ තීරයේය. ක්වීන්ස් කුලුන හුදෙක්ම සරල ප්‍රදීපාගාරයකි. කුලුන තුළ වාතය ඉහළට යැවීමට රික්තයක් ඇති අතර මෙය ගිනි හෝ දුම් සංඥා සඳහා භාවිත කළා විය හැකිය. ප්‍රදේශවාසීන් ‘ක්වින්ඩා කුලුන’ ලෙසද හඳුන්වන රැජිනගේ කුලුන මුලින් ඉදිකර ඇත්තේ ලන්දේසීන් විසිනි. ‘කිංග්ස් ටවර්’ නමින් හැඳින්වෙන තවත් කුලුනක් බි්‍රතාන්‍යයන් නිර්මාණය කරන ලද නමුත් එය විනාශ කිරීමෙන් පසු බිම් පදනම පමණක් ඉතිරිව ඇත. ක්වීන්ස් කුලුන පිහිටා ඇති ඩෙල්ෆ්ට්හි දකුණු වෙරළ තීරයේ සිට ඉන්දියාවේ වෙරළ තීරය දැකිය හැකි බව බොහෝ විට කියැවේ. කාලගුණික තත්ත්‍වය අනුව රාත්‍රී කාලයේදී ඉන්දියාවේ සුප්‍රසිද්ධ රාමේෂ්වරම් දේව මාලිගාව දීප්තිමත්ව ආලෝකවත් වන බව ඩෙල්ෆ්ට් සිට දැකිය හැකිය. කච්චතිව් දූපතට සමාන නිරිත දෙසින් පිහිටි රාමේෂ්වරම් දූපත ඩෙල්ෆ්ට් සිට කි.මී. 48ක් දුරින් පිහිටා ඇත. ඔබට කිසි විටෙකත් රාමේෂ්වරම් දැකගත නොහැකි වනු ඇත, නමුත් ඊට ඉහළින් ඇති තෙතමනය සහිත වාතය තුළ බැබළෙන ආලෝකයේ සලකුණු සමහර විට දැකිය හැකිය.

කොරල් ගල්වලින් සෑදූ චෝලයන් විනාශ කළ බෞද්ධ ස්තූපයක නටබුන්

දිවයිනේ ඊසානදිග වෙරළ තීරයට වන්නට පෞරාණික බෞද්ධ ස්ථූප තුනක නටබුන් ලෙස චෝලයන් හෝ වෙඩිඅරසන් ස්තූප හඳුනාගත හැක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඔවුන්ගේ බිම් බිත්ති ප්‍රතිසංස්කරණය කර ඇත. ස්තූප දෙකක් මධ්‍යම හෝ කුඩා ප්‍රමාණයේ වුවත් විශාලතම ස්ථම්භය මීටර් 32ක වට ප්‍රමාණයක් ඇත. මෙම ප්‍රධාන ස්තූපය උස් වේදිකාවක පිහිටා ඇති අතර උප ස්තූප හතරක් වටකර ඇත. මෑත කාලයේ ඩෙල්ෆ්ට්ගේ ගොඩනැගිලි මෙන්ම පෞරාණික ස්තූපයද ඉදිකර ඇත්තේ කොරල් ගල්වලිනි. මෙම ප්‍රධාන ස්තූපය සෑදීමට භාවිත කළ ගල් මත සෙල්ලිපි තුනක් සොයාගෙන ඇත. දෙමළ භාෂාවෙන් සෙල්ලිපි දෙකක් මධ්‍ය කාලීන යුගයේ අග භාගයට අයත් වන අතර, බ්‍රාහ්මී අක්ෂර භාවිත කළ එක් සෙල්ලිපියක් ක්‍රි.ව. පළමු සියවස ආරම්භය දක්වා දිව යයි.

ජම්බකෝල පටුන වරායට පූජනීය බෝධින් වහන්සේ වැඩම කිරීමට පෙර සංඝමිත්තා භික්ෂුණිය දිවයිනේ මෙම ස්ථානයේ විවේක ගත් බවට දේශීය කියමනක් තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ඇතිව මුළු ස්තූපයම ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත. සාමාන්‍ය චාරිකාවේදී අශ්ව ගාලේ නටබුන්වල සිට ලන්දේසි බළකොටුව දක්වා හෝ අනෙක් පැත්තෙන් ගමන් කරන විට ප්‍රධාන චෛත්‍යය අතුරු සංචාරයක යෙදිය හැකිය.

හින්දු අභය භූමිය සමග වැඩෙන ගල්

ස්වභාවික පුදුමයක් ලෙස සැලකෙන බයෝබාබ් ගසට නුදුරින් තවත් ස්ථානයක් තිබේ. මෑත දශක කිහිපය තුළ සිටගෙන සිටි කොරල් ගලක් මීටර් 1.5කට වඩා උසට වැඩී ඇතැයි සැලකේ. සමහර දූපත් වැසියන් කියා සිටින්නේ තමන් කුඩා අවධියේදී මෙම ගල මත හිඳගෙන සිටි බවත් එකල එහි ප්‍රමාණය දැන් තිබූ ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු බවත්ය. කාලානුරූපව ගනු ලබන මිනුම් වසර ගණනාවක් පුරා අඛණ්ඩ වෙනස්කම් සනාථ කරන බව කියවේ. මෙම ආශ්චර්යය පිළිබඳ ස්වභාවික පැහැදිලි කිරීමක් ලබාගත හැක්කේ භූ කම්පන වෙනස්වීම් උපකල්පනය කිරීමෙන් පමණි. ගල යට පාෂාණ තට්ටුවක් ප්‍රසාරණය වීම ඇත්තෙන්ම ඉහළ පීඩනයක් ඇති කළ හැකිය. කෙසේ වෙතත්, හින්දු බැතිමතුන් අතර වඩාත් පොදු පැහැදිලි කිරීමක් තිබේ. මේ නිසාම ඩෙල්ෆ්ට්හි ‘පැළවෙන ගල’ ආසන්නයේම හින්දු කෝවිලක් ඉදි කිරීම පුදුමයක් නොවේ. එය දිවයිනේ මායා බල මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. ප්‍රදේශවාසීන් මෙම කොරල් ගල හඳුන්වන්නේ ‘දලුලන ගල’ යනුවෙනි.

බි්‍රතාන්‍ය අශ්ව ගාලේ නටබුන්

යටත්විජිත යුගයේ අශ්වයන් රංචුගැසීමට භාවිත කළ ඉස්තාල නටබුන් ඇත. එම ඉස්තාලය දැනටමත් පෘතුගීසින් ඉදිකරන ලද ඒවා බවත් ලන්දේසීන් භාවිත කරන ලද බවත් පැවසෙන අතර ඔවුහු නියත වශයෙන්ම අශ්ව වෙළෙඳාම සඳහා ඩෙල්ෆ්ට් දූපත භාවිත කළහ. කෙසේ වෙතත්, අදටත් දැකගත හැකි පරිදි ඉතිරිව ඇති බිත්ති සහ කුලුනු මුල් බි්‍රතාන්‍ය යුගයේ ඒවා බව පෙනෙන්නට තිබේ. මේ ප්‍රදේශය සාරාපිඩ්ඩි ලෙස හඳුන්වන අතර අශ්වයන් ජලය පානය කළා යැයි විශ්වාස කළ හැකි ළිං 30ක් පමණද ඇත.

අතුපතර විසිරුණු විශාල නුග ගස

ඊසානදිග ප්‍රදේශයේ බයෝබාබ් ගස පිහිටා ඇති අතර ඩෙල්ෆ්ට්හි තවත් ආකර්ෂණීය ගසක් ඇත. කෙසේ වෙතත්, මෙම විශේෂය ලංකාවට සහ පොදුවේ නිවර්තන ආසියාවට වඩාත් සුවිශේෂ ලක්ෂණයකි. කුතුහලය දනවනසුලු මේ ගස විශාල ප්‍රදේශයක් පුරා එහි වියන් විහිදේ. ඒ සඳහා දේශීය දෙමළ නාමය ආලමාවනම්ය. ගසේ අතුවලින් නව මුල් බැස යාම හේතුවෙන් මෙහි හරිම කඳ සොයාගත නොහැක. මේ අසල පිහිටි ගණපති කෝවිල ඉන්දියාවේ චිදන්බරම් කෝවිලේ ස්වරූපය ගනී. මේ නුග ගස දිගින් මීටර් 60ක් සහ පළල මීටර් 30ක් පමණ වේ.

යෝධ පාද සටහන

අශ්ව ඉස්තාලයේ නටබුන් වෙත යන ගමනේදී, අමුත්තන් ගමන්කරන්නේ ‘යෝධයාගේ පා සටහන’ බැලීමටය. එය ගල් මතුපිට කොටා ඇත. එය ඉතිරි කර ඇත්තේ මීටර් 13ක් පමණ උසැති පුද්ගලයකු යැයි කියවේ. නයිනාතිව් දූපතේ ද එවැනිම අඩිපාරක් ආරෝපණය වන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකාවේ පුරාවෘත්ත තුනෙන් දෙවැනි සංචාරය හේතුවෙනි. කෙසේ වෙතත්, ඩෙල්ෆ්ට්හි හින්දු ජනගහනය හනුමාන්ට ගෞරව කරන්නේ සාරපිද්දියේ පා සටහන තැබීම ගැනය. වඳුරු මුහුණැති හනුමාන්, රාමගේ උපකාරකයා වූ අතර බුදුන් වහන්සේ මෙන් අහසේ පියාසර කරමින් කිහිප වරක්ම ලංකාවට පැමිණියේය. රාමාගේ පැහැරගෙන ගිය බිරිඳ වූ සීතා සොයා පළමු වතාවට ඔහු ලංකාවට පැමිණියේ සීතා නිදහස් කිරීම සඳහා රාමගේ වඳුරු හමුදාවද සමගය. හනුමාන්ට යුද්ධයේදී රාමාට සහ ලක්ෂ්මනට සිදුවූ මාරාන්තික තුවාල සුවකිරීමට අවශ්‍ය ඔසු පැළෑටි සෙවීම සඳහා හිමාලයට යාමට සිදුවිය. සමහර හින්දු විශ්වාසයන්ට අනුව, ඩෙල්ෆ්ට් දූපතම නිර්මාණයවී තිබුණේ හනුමාන් දෙවියන් ලක්දිවට වැඩම කළ හිමාලයේ කඳු කැබැල්ලකිනි. ඩෙල්ෆ්ට් දූපතේ ආයුර්වේද ශාක විශේෂ බොහෝමයක් ඇති බව පැහැදිලි කළ යුතු කතාවකි. .

මේ සංචාරය යාල් ආගන්තුකයා අහවර කරන්නේ මෙසේ සටහන් තබමින්‍ය. ඩෙල්ෆ්ට් සංචාරය නම් දින දෙකක සංචාරයකි. සුදු වැල්ල සහිත මයෝසීන පාෂාණ සහිත භූමිය ආසන්නයේ වූ මුහුදු දිය නෑමට කදිමය. මන්ද දූපත වටා මුහුද නොගැඹුරුය. තවද සුඛෝපභෝගී ඩෙල්ෆ්ට් සමුද්‍ර හෝටලය හා අවට වූ නවාතැන් පළවල්හි නවාතැන් ගෙන නිවාඩුව අපූරුවට ගත කළ හැකිය. යාපනයේ රසට ආහර වේලක්ද රසවිඳිය හැක.

ආරාධනය නම්, කාෂ්ටක ‍යැයි කියන යාපනයේ සුන්දරත්වය බලන්න එන්න උතුරු අර්ධද්වීපයට.

(තොරතුරු හා ජනකතා එකතුව ශර්මිලා විනෝතිනී )

විදුනි බස්නායක

SendShareShare
Previous Post

සජිත් නිසා කැන්සල් වුණු දෙමළ සන්ධාන මීටිමට ජනපති අලුත් දවසක් දෙයි!

Next Post

යුරෝපා කොමිසම පුටින්ව දොට්ට දමයි! 219න් 216ක්ම ජන්දය දෙයි!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.