• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙරහැර කාලෙට මතුවෙන අලි අවිහිංසාව I Sri Lanka Latest News

September 14, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා බැඳුණු විශේෂ උත්සව කිහිපයක් හා වර්තමානයේ ඒ පිළිබඳ සමාජය තුළ මතුව ඇති කතාබහ පිළිබඳවයි. යම් කිසි ශිෂ්ටාචාරයක චාරිත්‍ර වාරිත්‍ර, ඇදහිලි, විශ්වාසය, කලාව, සංගීතය එක්තැන් වූ ක්‍රියාදාමය සංස්කෘතිය ලෙස හඳුන්වන්න පුළුවන්.(Sri Lanka Latest News)

එය රටින් රටට, ජාතියෙන් ජාතියට වෙනස් වෙනවා. ලොවක් එකට බැඳී පවතින්නේ එකී විවිධාකාර සංස්කෘතික බැඳීම් නිසයි. ශ්‍රී ලාංකික අපටද අපටම ආවේණීක සංස්කෘතියක් තිබේ. එහි මහා මංගල්‍යය සෙංකඩගලපුර ඇසළ පෙරහැර වේ. මෙරට රාජ්‍යත්වයේ සංකේතය ලෙසද දළදාව හඳුන්වන බව ඉතිහාසයේ සිට අද දක්වාම පවතින මතයකි. රට කරවන පාලකයන් විසින් සියවස් ගණනාවක් පුරා ඇසළ මංගල්‍යය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකරනු ලබනවා. යටත්විජිත සමයේද එය එසේම සිදුවී ඇත.

මීට වසර 1702කට පෙර දළදා පෙරහැර හෙවත් ඇසළ පෙරහැර මංගල්‍යය පළමුව ලක්දිව ආරම්භ වී ඇත්තේ කිත්සිරි මෙවන් රජ දවස ක්‍රි.පූ. 310දීය. වාර්ෂිකව දළදා වහන්සේ අභයගිරි විහාරය දක්වා වැඩමවා මහජනතාවට ප්‍රදර්ශනය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. එසේම දළදා පෙරහැර පැවැත්වූ බව දළදා සිරිත, මහාවංශය, දළදාවත ඇතුළු අනෙකුත් ඓතිහාසික ග්‍රන්ථවල සාක්ෂි සහිතව දක්වා තිබේ.

මෙරට රජකම නායක්කාර් වංශිකයන් අතට පත්වූ පසු දළදා පෙරහැර ආරම්භ වූවා යැයි මුසාවක් ජනගත කිරීමටද පිරිසක් උත්සාහ ගනිමින් සිටිති. ඊට පිළිතුරු සැපයීම මෙම ලිපියේ අරමුණ නොවුණත්, අතීතයේ සිට හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන දළදා පෙරහැර හා බැඳුණු අනෙකුත් චාරිත්‍රයන්ට සංවිධානාත්මක පිරිසක් අවලාද උපහාස ගැරහුම් කරමින් සිටින ආකාරය සිහියෙන් විමසා බලන්නකුට පෙනෙන්නට තිබේ. එය ක්‍රියාත්මක වන්නේ මහා සත්ව අවිහිංසාව යන්න තේමා කොට ගෙනය. ඔවුන් මහා රැඩිකල්වාදීන් ලෙස මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියි. දළදාව වැඩමවීම සඳහා අලි ඇතුන් සම්බන්ධ කරනු ලැබුවේ සියවස් ගණනාවක ඈත අතීතයේ සිටය. එය අද ඊයේ සිදුවූවක් නොවේ.

සත්ව අවිහිංසාව සතුන්ගේ ප්‍රමාණය අනුව වෙනස් විය යුතු නැත. අවිහිංසාව යනු අවිහිංසාවමය. ගෘහස්ථ හීලෑ අලි ඇතුන්ගේ නියාමනයක් සිදුවිය යුතුය. ඊට රාජ්‍ය මැදිහත් වීම අනිවාර්යයෙන් සිදුවිය යුතුය. වෛද්‍ය පහසුකම්, ආහාර හා සෙසු පහසුකම් සැලසීම හා නිසි කළමනාකරණය, නවීන පහසුකම් ලබාදීම වගකිව යුතු රජයක ප්‍රධාන වගකීම වේ. එය පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ හෝ උඩවලව ඇත් අතුරු සෙවණ මූලික කරගෙන සිදුවිය යුතුය.

වනයේ සිටින අලි අල්ලා හීලෑ කිරීම හෝ පෙරහැරට සම්බන්ධ කිරීම නීති මගින් තහනම් කළ යුතුය. දේශපාලනඥයන්ට හා පූජකයන්ට අවශ්‍ය පරිදි අලි ඇතුන් පූජා කිරීමද තහනම් කළ යුතුය. ඊට හීලෑ අලි ඇතුන්ගේ සංගම් අවනත විය යුතුය. බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ දර්ශනය යනු දෙකකි. බෞද්ධ දර්ශනයේ පෙරහැර නැත. නමුත් වසර දහස් ගණනක සංස්කෘතියකට උරුමකම් කියන අපට පෙරහැර සංස්කෘතියක් ඇත.

ඇසළ මංගල්‍යය දඩමීමා කරගෙන ඒ උදාර සංස්කෘතික උරුමය විනාශ කිරීම වර්තමාන නිගණ්ඨයන්ගේ උත්සාහයයි. ඔවුන් කලඑළි බසින්නේ සෑම වසරකම ජූලි මාසය ආරම්භ වන විටය. සැප්තැම්බර් මාසය අවසන් වන විට ඔවුන් දූරීභූත වේ. වසරක් පුරා වනයේ සිටින අලි ඇතුන් හා අනෙකුත් සතාසීපාවන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන හානි ගැන ඔවුන්ට වගේ වගක් නැත. මන්ද එයින් ඔවුන්ට මුදල් ඉපැයීමට නොහැකි බැවින්. ඔවුන්ගේ මහා සත්ව කරුණාව හා අවිහිංසාව මතුවන්නේ පෙරහැර ආරම්භ වන විටය. අද වන විට වැඩවසම් යුගය හමාර වී ඇත.

පරපුරෙන් පරපුරට ශිල්පය යෑම හෝ තාත්තාගෙන් පුතාට මාරු වීම සිදුවන්නේ අල්ප වශයෙනි. නමුත් දැන් එම ශිල්පය වාණිජකරණය වී ඇත. නූතන පරපුර, නැටුම්, ගැයුම්, වැයුම් ශිල්ප වෘත්තීය මට්ටමෙන් හදාරති. එය ඉතා හොඳ ප්‍රවණතාවකි. ලෝකයේ කිසිම රටකට මුදල් හා බලය තිබුණත් මෙවැනි උත්කර්ෂවත් සංස්කෘතික මංගල්‍යයක් පැවැත්වීමට නොහැකිය. ලොව නන්දෙසින් විදේශිකයන් මේ පෙරහැර මංගල්‍යය නැරැඹීමට පැමිණෙන්නේ ඒ නිසාය. ආර්ථික වශයෙන් ඉතා අහේනියකට ලක්ව සිටින අප වැනි රටකට එය කුඩා හෝ අස්වැසිල්ලක් වනු ඇත.

ගෘහස්ථ අලි ඇතුන් පාලනය කරන ක්‍රම හා විධි ලොව පුරා ප්‍රචලිත වී ඇත. ඉන්දියාවේද එය සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ. කිසිම සත්වයකු සිරකර තැබීම හෝ ගාල්කර තැබීම අනුමත නොකරන අතර, අවිහිංසාව වර්ගීකරණයද අනුමත නොකරන බව සඳහන් කළ යුතුය.

සංස්කෘතික පැවැත්ම රඳාපවතින්නේ පවතින කාල රාමුව තුළ නිරන්තරයෙන්ම සිදුවන වෙනස්කම් මතය. මෙරට සංස්කෘතියද ඊට ධනාත්මකව අනුගත විය යුතුය. කවුරු අකැමැති වුවත්, කෙතරම් අවලාද දෝෂාරෝපණ එල්ල වුණත්, කුමන බලවේග පැමිණියත් මෙවැනි සංස්කෘතික මංගල්‍යයක් චිරාත් කාලයක් පැවැතිය යුතුය. කිසිම දෙයක් ස්ථිර නැත. මේවාද යම් දිනෙක නැතිවනු ඇත. එයද නියතයකි.

අවසන් වශයෙන් කිව යුත්තේ ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයකු නම් පල්ලියේ මංගල්‍යය රසවිඳින්න. කෝවිලේ පේරු උත්සවය රසවිඳින්න. රාමසාන් දවසේ ඒ උත්සවයේ සංස්කෘතිය රසවිඳින්න. දළදා පෙරහැරේ සහ ඒහා සම්බන්ධ සංස්කෘතික උරුමයන් රසවිඳින්න. මෙවැනි විවිධාකාර සංස්කෘතීන් එක්තැන් වූ සමාජයක රසවිඳින්නට බොහෝ දෑ ඇත. ඉන්න ටික කාලයේ සතුටින් සිටින්න. අපගේ අගනා සංස්කෘතිය අනාගත පරපුරට උරුමකර දීමට ඔබත් නියම ශ්‍රී ලාංකිකයකු ලෙස පෙනී සිටින්න.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

නේපාලයේ සිට ලංකාවට ආ පාතාල නායක ගණේමුල්ලේ සංජීව කටුනායකදී අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

Next Post

මොන ආණ්ඩුවක් ආවත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි! නැගෙනහිරට විශාල සංචාරක ඉල්ලුමක් තිබුණත් පහසුකම් නෑ! වනජීවී පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබද ආංශික කාරක සභාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

වත්මන් ජනාධිපතිවරයාට සහල් මෝල් හිමියන් කැමැති නමුත් ගොවියෝ වත්මන් ජනාධිපතිවරයාට අකැමැති බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka...

Read more
මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.