• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පනිෂ්මන්ට් ඔෆිස් එකේ අක්කා සහ මැක්කා I Sri Lanka Latest News

October 23, 2023
in Exclusive, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දවසක් දිවයින කාර්යාලයට පැමිණි ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියෙක් එවකට (1992 දී පමණ) ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ වූ සිරිමල් ෆොන්සේකා මහතාගේ මේසය ඉදිරියේ සිට කිසියම් කරුණක් පිළිබඳ දැඩි ආවේගශීලීව තර්ක කරමින් සිටියේය. දෙදෙනාගේ වාදය ටිකක් ඉහළින් ඇසුණේය.(Sri Lanka Latest News)

එවක දෛනිකව විසිපහකට ආසන්න පිරිසක් සේවය කළ කර්තෘ මණ්ඩලය් ප්‍රවෘත්ති රැගෙන එන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ අමුත්තන් සමග නිරන්තරයෙන්ම හතළිහකට ආසන්න පමණ දෙනා ගැවසුණෝය.

මේ ලියුම්කරු එදවස සහකාර ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ බැවින් සිරිමල් මහතාගේ මේසය ඉදිරියේම අසුන තිබූ අතර, ප්‍රවෘත්ති රැගෙන එහි පැමිණි ගාමිණී රම්‍යපාල (කොටියාකුඹුර) හෝ පහළවත්ත (කෑගල්ල) හෝ යන කවුරුන් හෝ සමග කතාකරමින් සිටි තැනට “මාරෙ හොඳ නිවුස් එකක්” යැයි කියමින් කොහේදෝ සිට නන්දෙ (නන්දසේන සූරියආරච්චි) කඩාපාත්වී එය විස්තර කරන්නට පටන් ගෙන විනාඩියකින් දෙකකින් පමණ කිසියම් කර්තෘ මණ්ඩලයේම (උපකර්තෘ අංශය) කෙනකු හෙමින් මා අමතන හඬ ඇසී බලන විට ඒ මුදිතය. (මුදිත කාරියකරවන)

නන්දෙට කතාකරන හැටියට ඔහු මට ඉඟි කෙළේය. මමද ඉඟියෙන්ම ඒ බව නන්දෙට කීවෙමි. නන්දෙ මා සමග කතාකරමින්ම මුදිත දෙස බලා “හ්ආං” යන අර්ථය ඇඟවෙන අන්දමට හිස වනා යළි මා හා කතාවට බැස සිරිමල් එක්ක වාද කරමින් සිටි තැනැත්තාගේ ඉලේ ස්පර්ෂ වෙන්නට හොරෙන්ම ඇඟිල්ලෙන් අනින වාහාම ඒ මනුස්සයා “මුගෙ අම්මට” යැයි කියමින් සිරිමල්ගෙ (ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ) මේසය උඩට පැන්නේය.

“මොකද යකෝ මේ” යැයි සිරිමල් මහත්තයා බෙරිහං තළන්නට පටන්ගත්තේය.
ඇන්නේ කවුරුදැයි බැලීමට ඇනුං කෑ තැනැත්තා වහා ආපසු හැරෙන විට “මං ඕවට අල්ලන්න එපා” (මට මතක හැටියට නන්දෙ එවක සම කර්තෘය) යැයි කියමින් නන්දෙ මාරු වී ගියේය.

අර තැනැත්තා (මට මතක හැටියට ඒ නුවරඑළියේ ඩග්ලස් නානායක්කාරය) “උඹ තමයි” කියමින් මා ළඟ සිටි තැනැත්තා සමග උරුට්ටු අල්ලන්ට විය. මා ළඟ සිටි එකා බේරාගන්නට මට කටදාන්න සිදුවූවේ හිනාව නවත්වා ගන්න බැරුව බඩ අල්ලාගෙනය. අරූ මේසෙට පැන්න හැටිත් සිරිමල් බයවී බෙරිහං තැලූ හැටිත් මතක් වෙන මතක් වෙන ගානේ එදා මුළු දවසම අපට හිනාය.

“මොකක්ද මුදිත අර කෙරුවෙ” මම කෑම වෙලාවේදී ඔහුගෙන් ඇසුවෙමි.

“මාරෙ, මගේ නම කාරියකරන නෙමෙයි, කාරියකරවන” යැයි හිනාවෙමින්ම අවට සිටි පිරිස යළිත් හිනාගස්සමින් ඔහු කීවේය. (ඕවා කර්තෘ මණ්ඩලවල වෙනසක් ඇතිකරවන විනෝදජනක උත්තේජනය)

උත්තේජක එසේ වුවත් ඔය වාගෙ දේ නොව තමන්ගෙ වැඩේ කරවා ගැනීමට රටේ මහජනයා බිලිගන්නා ඔයිට එහා ගිය දේ කරන කරවන මිනිස්සුද සිටිති. ඒ සඳහා ඔවුන් නොදමන උප්පර වැට්ටියක් පොරෝඩාවක් නැත. හැබැයි ඒවා සියල්ල තිරෙන් පිටිපස්සේය. ඕවාට කොළේ ඇදලා ගහනවා යැයිද කියති. නංගි පෙන්නා අක්කා දෙනවා යැයිද කියති. දැන්නං අක්කා පෙන්නා දෙන්නේ නංගි නොව ආච්චි අම්මාය. කියන දේ ක්‍රියාවේ නැත. සාමාන්‍ය මිනිසුන් අතරට වඩා ඔය ගේම් ඇත්තේ ආණ්ඩුවේය.
ඔය ගහන ඔක්කෝම දහංගැට බලය රැක ගන්නටය.

සිරිමා නැන්දම්මා හැටේ දශකයේ මුල් කාර්තුවේදී මැතිවරණය නොතියන්න හැදුවාය. අනතුරුව පැරදී බලය නොදෙන්න තැත් කළාය. අරලියගහ මන්දිරයෙන් ඉවත්නොවී උන්නාය.

“මැතිනිය ඔයා ඕනෑ කාලයක් අරලියගහ මංදිරයෙ ඉන්න. මම යන්න කියන්නෙ නෑ. ඔයාගෙ ආසාවනේ” ඩඩ්ලි සේනානායක මහතා ඇය නොයන තැන කීවේය.
අණ්ඩපාල ජේ.ආර්. ලොක්කා කනෙන් රිංගා මැතිවරණයක් තියන්ඩද? එපාද? ඇසීමට ඡන්දයක් පවත්වා දිනාගෙනම කටිං එළියට ආවේ මිනිහට ඕනෑ දේ කරගෙනය.
චන්දිරිකා අක්කා ඔය නාඩගම කක්කා ගාගෙනම නටන්ඩ ගිහිං සේලෙ (රෙද්ද) ඉරාගත්තාය.

මයිනා නානා අග්ගිස්සට අවුරුද්දක් කල් ඇතිව විසුරුවා හැර ටිංකිරි ගාගත්තාය. අපේ මිස්ටර් ක්ලීන් හය සැරයක් ආවත් කිසි දවසක බලේ රහ බලා ගන්ඩ බැරිවුණත් මේ කෙටි කාලය තුළදී දැනිච්චි රහට “අම්මට උඩි යන්ඩම හිතක් නැත්තටම නෑ වගේ”ය.

“මගෙ බල්ල තියා බල්ලගෙ බල්ල එන්නෙත් නෑ. ඌට එන්ඩ දෙන්නෙත් නෑ” යැයි ලෝකෙට ඇහෙන්න දෙසාබාමින් නෙලුම් කොළේ ඔතාන ගෙදරිං ගෙනාපු “බතේ” (ගම්මුන් බත්ගෙඩියට කියන හැටි) පේන්ඩ ලිහාගෙන කාපු “සිරි, අම්මට සිරි දැං කියන කතා.”

ඔය තමයි ඔය චන්ද අටුවාවෙ විස්තරේ. නැත්තං තොරණෙ විස්තරේ.

රාජාධි ද නරේන්ද්‍රද මට හරියටම කොයි රාජසිංහ කියල නම නං මතක නැතත් උන්නැහේ දෝළාවෙන් වඩම්මන කොට ඊට ඉස්සරහින් පාර “ක්ලියර්” කරගෙන යන රාජපුරුෂයෙක් තමන්ගෙ ඥාති දියණියක් පාර අයිනෙ ඉන්නවා දැක අරූට (රජාට) නොතේරෙන්ඩ කෙල්ල ගෙටගං කියන එක “කෙංගල්ල, කෙංගල්ල” කියපු නිසා තමයි ඒ ගමට කෙංගල්ල කියන්නෙ.

ඉතිං අපටත් කියන්න තියෙන්නෙ Comming colour is no good get in lass එන පාට හරි නෑ කෙල්ල ගෙට ගං කියන එක තමයි. ඒ වුණත්….

“උඹ නපුරා ගැවසෙන කැලේ පැත්තට යන්ඩ එපා” යැයි නරියාගෙන් බේරාගැනීම සඳහා කිකිළියට තහංචි පැනවූවාට කමක් නැත. ඊට පෙර නරියාට ආයෙ පැත්ත පළාතේ නොඑන්නටම උගෙ අඬු කඩා පාඩමක් උගන්නා පන්නා දැමිය යුතුය.

එහෙත් උඹලා නරියා පන්නලා අපට රෝස් කරගන්ඩ කිකිළි බේරලා දෙනකං අපි මේ බලාන ඉන්නෙ කියන සංකල්පෙනං දැං ඔට්ටු නෑ පුතෝ.

“පනත සම්මත කරල දෙඤ්ඤං ඊට ඉස්සර ඡංදෙ තියන්ඩ ඕනෑ” කියන්නෙ “පාන දෙන්ඩ මාව ගනිං” කියල අපේ ඇලඩිං ලොක්කා කියපු කතාව කොපි කරගෙන වගේය.
දැංවත් කරන්ඩ තියෙන දේ නොකර බණ කීවානං හොඳටම “පෝදුම්“ය.

දුම්මල ගසා කළ යුතු වෛද්දෙට (බලියට) තෙල් සාත්තු කර වැඩක් නැත. මේවා තේරුම් ගන්න බැරි උන්දැලාට තේරුම්කර දීමට යනවාට වඩා අපේ ආච්චිට හාල්ගරන්ඩ කියාදීම හෝ අපේ නැන්දම්මාට ඉනි හිටවා හරක් බඳින්ඩ කියාදීම පහසුය.

කොරා්නා නිසා චංදෙ තියන්ඩ බෑ කියන මන්තරේ කට්ටඬියා ජපකරන විට කිසියම් ආතුරයන් පිරිසක් සෙත් සාන්තියක් වෙතැයි යන අපේක්‍ෂාවෙන් කරබාගෙනම උන්හයි කිවයුතු.

මොනවා කීවත් ඒ සංදිය වන විට වැට් හැටනමයේ VAT 69 සුපිරි ඩෝපර් මහත්තුරුන් ටිකක් කට්ටඬි මහතාට උන්නේ නිකං නෙමේය. කාලි අම්මාත් දපනෙ වැටී උන් නිසාය.
බලන්ඩ එපායැ කොණ්ඩෙ කඩාගෙන උඩැක්කිය උඩදාගෙන ආව්ශයෙන් මල් පැළ ළඟ “නන්නානේ නනේ නනේ“ අඩව්වට “කැරැල්ලුං“ අල්ලපු ඇල්ලිල්ල.

හමුදාවකට මිසක් සාමාන්‍ය කෙනකුට නං කොන්ට්‍රෝල් කරනව කියන එක සුම්මා. ආරක්‍ෂාවට යුනිට් එකක්ම හිටියද මොකක්ද කතාවකුත් කියනව. ලොක්ක පැනල ගියාට පස්සෙ නං මළපෙරේත ටයිප් එකෙං ළතෝනි දුන්න හැටි. අපේ පත්තරෙත් ගියා.

ඊට පස්සෙ ආපු බොස් තවත් අවුරුද්දක් කල්දැම්ම. හැබැයි ඒකට නං බොස්ට සපෝට් එකට හුඟක් දෙනා හිටිය. “පනිෂ්මන්ට්” ඔෆීස් එකේ ලොකු අක්කා ෆුල් සපෝට් කළා. දන්නෙ නෑනෙ පනිෂ්මන්ට් ඔෆීස් එක කියන්නෙ මොකක්ද කියල.

පනහෙ (1950) මුල් කාලෙත් ආණ්ඩුවෙ සමහර කන්තෝරුවල ලොක්කො සුදු මහත්වරු. සුද්දෙක් ළඟ හිටිය අප්පු (පියන්) සිංහල. මිනිහ දවසක් උදේ සන්..න්..න්තෝසෙං හිනාවෙලා ඇවිල්ල ලොක්කට කීව “සර් මයි යන්ග බ්‍රදර් ගොට් අ ජොබ්, මයි එල්ඩර් සිස්ටර් වර්කිං දෙයා ඇන්ඩ් ෂී ගේව් ෆුල් සපෝට්” යැයි කියල. තමන්ගෙ සේවකයගෙ මල්ලිට ජොබ් එකක් ලැබුණාම ලොක්කත් සන්තෝස වෙලා “වෙයා” කියල ඇහුව.

ගෝලය උත්තර දුන්න “ඉන් අ පනිෂ්මනට් ඔෆීස්” කියල

“වෙයා” සුද්ද හොල්මං වෙලා ඇහුව.

“පනිෂ්මනට් ඔෆීස්, පනිෂ්මන්ට් ඔෆීස්” කියපි.

“ඊස් දැට් පොලිස්?”

“නෝ නෝ සර්”

“දෙන් ප්‍රිසන්”?

“නෝ නෝ සර්, පනිෂ්මන්ට් ඔෆීස්”

බැරිම තැන සුද්දා “ටෙල් මී ඉන් සිංහල” කියල කීවා.

“අච්චු කංතෝරුව” (මුත්‍රා නාලෙ. සොරි වැරදුණා මුද්‍රා)

ඔන්න ඕකෙ වැඩකරපු නෝනයි, කපුටු ගඳ හපුටුහින්න වාගෙ අයයි ඇයි මානන කොමිසමේ ලොක්කි වැඩිය මානන්නෙ නැතුවම කැපවෙලා වැඩ කළා.. ඒත් පාඩු නෑ. සමහරක් අයට ආණ්ඩු කරන්ඩත් ලැබුණනෙ. “සම හරක්” කීවට සම විතරක් නෙමේ. සම්පූර්ණයෙන්ම.

ඕකෙ ලස්සනම කතාව අපේ හි(ටපු) “මැකෝ”ගෙ. මැකෝ කියන පදය සිදත් සඟරාවෙ (මගේ පිටපතේ) විස්තර කරල තියෙන්නෙ මෙහෙමයි. “මැක්” ධාතුව “ඕ” ප්‍රත්‍ය එකතු වෙලයි. එතකොටයි “මැකෝ” වෙන්නෙ. මැක් “ලබ” ලැබීමෙහි ධාතුවෙහි “ලබහ්” (මැක් මිස ජැක් නොවේ)

ඒ විතරක් නෙමෙයි “මැක්” ධාතුව “විභක්ති” නමයෙම වර නැගෙන බවත් සිදත් සඟරාවේ විතර (විස්තර) කර (වහරනු සෙරෙන් සපයා) තිබේ.

ප්‍රථමා විභක්තියෙ යෙදෙන්නේ මැක් ධාතුව එක් ප්‍රත්‍ය මැක්එක් ලෙසසි. ඊළඟට ඒ පදයේ (මැක් එක්) ධාතුවේ (මැක්) යන්නෙහි ප්‍රකෘතියට “ක්” අක්‍ෂරයට පරස්වරය (දෙවැනි පදයේ මුලකුර) “එ” අක්‍ෂරය එක්වීමෙන් (ක්+එ=කෙ) “මැක්කෙක්” වේ.

ඔය අන්දමින් මැක් ධාතුව ප්‍රථමා, කර්ම, කර්තෘ, කරණ, සම්ප්‍රදාන, අවධි, සම්බන්ධ, ආධාර සහ ආලපන යන සියලු විබත්හි (විබත්වල) ගැනේ (යෙදේ). ඒ සියලු විභත්හි යෙදෙන ආකාරය දැක්වීමට මේ කල් (ඉඩ ප්‍රස්ථාව) නොවීම ගැන ඔබ මා කමා කෙරෙත් වා.

මෙසේ උන් (ඔහු යන උක්ත පදයේ අනුක්තය) පිළිබඳ වෙසෙසි හඳුනව්වක් කිරීමට සිත් පහළ වූයේ ඉසිඹු ලබා (විශ්‍රාමිකව) උන් උන්ගෙන් මෙරට සඳැසුන් (චන්ද කොට්ඨාස හෙවත් මැතිවරණ ආසන) සීමා යළි නිර්ණය කර අපට තිළිණ කිරීමට ගත්තා වූ ඉමහත් මෙහෙයට, කිසට (කාර්යයට) මගේ හදතුළ නැගෙන “ටැංකියුව” පිදුම උදෙසාමය.

මෙහි “කිස“ යන්න යෙදුණේ එක කාර්යයක් යන අරුතින් රෙසෙන් වුවද ඔවුන් (ඔහු යන්නෙහි ගෞරවනීය ඒකවචන පදයකි) කළ සීමා නිර්ණයේදී ඉෂ්ට සිද්ධ කළ කාර්යයන් බෙහෙව වූමුද (බොහෝ වුවත්) “කිස්”යන බහු පදයෙන් නොතබා ඒකාර්ථයෙන්ම තබන ලද්දේ කවරක හෝ ඉන් එකක් හෝ ඉල්ලා සිටි කල්හි දීමට නම් උවනේ මූකලාන කපා කොටා එළිපහළි කිරීමට සුනංගු වීම ගැන තැකූ හෙයිනි.

ඒ සීමා බෙදා වෙන්කළ කල්හි කී දේ කොතෙක්ද? මැතිවරණ පැවැත්වීමට කිසිදු පමාවක් හෝ අමාවක් (දුෂ්කරතාවක් කැලම (කොහෙත්ම) සිදු නොවන බවම එතුමාණෝ “විළිලලා“ කීහ. (විළි යනු ප්‍රසව වේදනාවය. විළිරුදා)

එට්ටු තවුසන්ඩ් (අටදහක්) තරමේ බහිරවයන් විසින් ගල්පිං ඩවුන් (ගිලින්නා වූ හෝ භක්‍ෂණය කරන්නා වූ) මහජන වස්තු සම්භාරයෙන් හරි අඩක්ම රැකගැනීමේ පරම පවිත්‍ර අපේක්‍ෂාවෙන් කෙරුණු මෙහෙයේදී බහිරවාචාර්යයන් හරි අඩකින්ම අඩුකිරීමේ යාන්ත්‍රණය රට කරවන්නන්ට එමගාන් (සීමා නිර්ණයෙන්) පහයා දුන් බව රට වැස්සන්ට “පම්පෝරියානුවන්ට“ හෝ නැති අන්දමින් පම්පෝරියාත්මකව තේරුම් බේරුම් කළද ඉන් කවරකු හෝ අරමුණු කළ මහජන චන්ද අයිතිය නොදී තවත් කල්මැරීමට ඉෂ්ඨානිෂ්ඨ ගණ ප්‍රතිෂ්ඨාපනය කරදීම ගැන ආලපන විභක්තියේ යෙදූ ගෞරවාර්තයේ දෙඅක්‍ෂරීය නපුංසක ලිංගික නාමපදයකින් හෝ එතුමාණන් අමතන්නට සුදුස්සෙක් මැයි කිවයුත්තේමය.

“හැයි“ (මන්ද) එතෙක් මෙතෙක් ඒ වාර්තා රාජයාණන් ගැන කිසිදු හඬෙක්, බසෙක්, වදනෙක් හෝ අප් (අපි, සීගිරි කැටපත් පවුරේ උත්තම යෙදුමකි) නොඅසන්නෝ මෝ හෙයිනි. එසේම එතුමාණන් වහන්සේ නොදොඩන්නා සේක්ම හෙයිනි.

එසේ වුවද කිව මැනැවි. තෙපි සියල්ලන්ටම කෙළියාහු යැයි දතයුත්ත.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රනිල් අපිට ආයෙත් තරු පෙන්නුවා! අපි දැන් පාඩම් උගන්වන්න ලෑස්තියි! කංචනලට ආයෙ පාර්ලිමේන්තු එන්න ඉඩ තියන්නේ නෑ! පන්දම් අරන් මිනිස්සු ඊයෙ රෑත් මහපාරට! VIDEO I Sri Lanka Latest News

Next Post

දකුණට ඊයේ රෑ සිට මහා වැස්සක්! පාරවල් යටවෙයි! ගංගා කිහිපයක් උතුරන මට්ටමට! හදිසියේම පාසල් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.