• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චන්ද්‍රිකා ඡන්ද කල්දාන්න හදනකොට එදා රනිල් පාරට බැහැලා ඡන්ද ගත්ත හැටි මතකද?

February 20, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
චන්ද්‍රිකා ඡන්ද කල්දාන්න හදනකොට එදා රනිල් පාරට බැහැලා ඡන්ද ගත්ත හැටි මතකද?
Share on WhatsAppShare on Facebook

සර්වජන ඡන්ද බලය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩය. දකුණු ආසියවේ එකී උතුම් ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගය අභ්‍යාස කරමින් සිටින පැරණිම රාජ්‍යය ශ්‍රී ලංකාවය. එහෙත් මේ ගෙවිමින් තිබෙන සංක්‍රාන්ති සමයේ ලංකාවේ වඩාත් වැඩියෙන් තර්ජනයට ලක්වෙමින් පවතින්නේද එකී සර්වජන ඡන්ද බලයමය.

පළාත් පාලන මැතිවරණයක් අපේක්ෂාවෙන් රටම පෙළගැසී අවසන්ය. එහෙත් ආණ්ඩුව සහ එහි ආවතේවකම් කරන්නෝ තුන් හාර මාසයක සිට වලිකමින් සිටින්නේ ඡන්දය නොතියා සිටීමටය. එහෙයින් දැන් හුදී ජනයා තුළ ඇත්තේ ගම්සභා ඡන්දය දිනන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය නොව හිතුවක්කාර ආණ්ඩුවෙන් මැතිවරණය දිනාගන්නට විපක්ෂය සමත්වේද යන්නය. එහෙත් ජනාධිපතිවරයා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයත්, ඔහුගේ ආණ්ඩුව වන පොදුජන පෙරමුණත් ඡන්දයට නාමයෝජනාදී අවසන්ය. ඊට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ පොහොට්ටු ආණ්ඩුවේ එකම මන්ත්‍රීවරයෙක් හෝ ඡන්දය කල් තබන බව වචන මාත්‍රයකින් කියා නැත. එහෙයින් ආණ්ඩුව ඡන්ද නොතියන්නට උත්සාහ ගනිමින් සිටිනවාය යන්න හුදු හිතලුවක් යැයි කෙනකුට සිතෙන්නටද බැරි නැත. එහෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ගෙන් ඇරඹී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, භාණ්ඩාගාරයේ ලේකම් ඔස්සේ රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය තෙක් ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ සිට පොහොට්ටුවේ අවශේෂ කෙළතොල්ලන් පවා උදේ රෑ මතුරන්නේ ඡන්දයක් තිබීමෙන් වන අවැඩ ගැනය. එහෙයින් ආණ්ඩුව මේ යන්නේ මැතිවරණය අකුළන මාර්ගයේ බව තේරුම් ගන්නට මහලොකු දේශපාලන කියවීමක් අවශ්‍ය නැත.

අද වන විට ගම්සභා ඡන්දයක් නොව සමුපකාර ඡන්දයක්වත් දිනාගැනීමට නොහැකි තැනට පත්ව සිටින යූ.ඇන්.පී. සහ පොහොට්ටු පක්ෂවල මැතිවරණය යනු නයාට අඳුකොළ මෙනි. එහෙයින් ඡනදය වළක්වන්නට ඔවුන්ගේ පාර්ශ්වය මේ වන විටත් සක්‍රීය මෙහෙයුමක් අරඹා ඇත. අද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ අවැඩ පමණක් දකින ජනාධිපති රනිල් වික්‍රමසිංහ කලකට පෙර මැතිවරණයක් ඉල්ලා සටන් කළ පෙරමුණකට නායකත්වය ලබාදුන් සෙනෙවියෙකි. ඒ 2004 – 2005 කාලසීමාවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන සමයේය.

17 වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය නිම කරන්නට ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණට නායකත්වය දුන් චන්ද්‍රිකා 1994 ශ්‍රී ලංකාවේ 11 වැනි අගමැති ලෙස පත්වූවාය. ඉන් මාස කිහිපයක් ඇවෑමෙන් ඝාතනය කරන ලද ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ඉතිරි ධුර කාලයේ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස කටයුතු කළ ඩිංගිරි බණ්ඩා විජේතුංගගේ ධුර කාලය නිම වූ හෙයින් ජනාධිපතිවරණය කැඳවනු ලැබීය. ඊට ඉදිරිපත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉන් ජයගෙන ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති ලෙස පත්වූවාය. ඒ 1994 නොවැම්බර් මාසයේදීය. ජනාධිපතිවරණය පැවැතියේ නොවම්බර් 09 වැනිදා වන අතර ඊට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබාදී සිටි විපක්ෂ නායක ගාමිණී දිසානායක මැතිවරණයට පෙර එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වූ බැවින් ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා සමග තරග කළේ ගාමිණී දිසානායකගේ වැන්දඹුව වූ ශ්‍රීමා දිසානායකය. ජනපතිවරණයේ ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 47,09205 හෙවත් 62.28% ලබා ඇය ශ්‍රී ලංකාවේ පළමුවැනි ජනාධිපතිනිය වූවාය. 1994 නොවැම්බර් 10 සිට වසර 06ක් සඳහා ඇය ජනාධිපති ධුරයට පත්වුවද 1999 වන විට රටේ තත්ත්වය බොහෝ සේ වෙනස් විය. එවකට විපක්ෂ නායක ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් පත්වෙමින් සිටි වියවුල්සහගත තත්ත්වයෙන් උපරිම වාසි ගැනීමට නැතහොත් රත්වූ යකඩය තළා ගැනීමට සිතූ ජනපතිනි චන්ද්‍රිකා 1999 වස‍රේ අග භාගයේ ජනාධිපතිවරණය කැඳෙව්වාය.

එම ජනාධිපතිවරණය සැබැවින්ම තීරණාත්මක එකක් විය. ප්‍රචාරක ව්‍යාපාරයේ අවසන් දිනය වූ 1999 දෙසැම්බර් 18 වැනිදා චන්ද්‍රිකා කුමාරතුංග කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේදී (වර්තමාන නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයේදී) කොටි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වූ ඇය ඇසක් අහිමිව ඉන් දිවි ගලවා ගත්තාය. ඒ අනුව 1999 දෙසැම්බර් 22 වැනිදා ඇය දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නාය. ඒ අනුව ඇගේ ධුර කාලය 2005 වසරේ දෙසැම්බර් 18දා නිම වීමට නියමිත වුවද 2003 වසරේ සිටම ඈ පවසන්නට වූයේ වෙනමම කතාවකි. ඒ තමාගේ දෙවැනි ධුරය අරඹමින් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ 1999 දෙසැම්බර් 22දා නොව 2000 වසරේ නොවැම්බර් මාසයේ බවය. ඒ අනුව මීළඟ ජනපතිවරණය පැවැත්විය යුත්තේ 2006 වසරේ බව ඇය පවසන්නට වූවාය. ඇගේ එම ප්‍රකාශය සිවුදෙසින් අභියෝගයට ලක්වන්නට විය. 1999 ඇය දිවුරුම් දුන් අවස්ථාවේ ඡායාරූප පවා සමාජගතව තිබුණද 2000 වසරේ ජනාධිපති ලේකම් සහ අගවිනිසුරුවරයා පමණක් සහභාගි වූ ‘රහසිගත දිවුරුම් දීමකදී’ සිය දෙවැනි නිල කාලය ආරම්භ කරමින් දිවුරුම් දුන් බව ඇයත් ඇගේ ඇමැති මණ්ඩලයේ බහුතරයකුත් පවසන්නට වීමෙන් ඊළඟ ජනපතිවරණය අර්බුදයක් වන ලකුණු පහළ වන්නට විය.

ජනපතිනිය කියන රහසිගත දිවුරුම් දීම සමාජයේ විහිළුවක් වන්නට ගතවූයේ කෙටි කලකි. උපායේ දක්ෂයකු වූ රනිල් වික්‍රමසිංහ, ජනපතිනියගේ රහසිගත දිවුරුම හාස්‍යයට ලක් කරමින් කරුණු දැක්වූයේය. අද ගම්සභා ඡන්දයට පවා වෙට්ටු දමමින් සිටිනා රනිල් වික්‍රමසිංහ 2003 අගමැති ධුරය දරද්දී පවා මීළඟ ජනපතිවරණය 2005 දී ලබාගන්නට සටන් කරමින් සිටියේය. 2003 වසරේ ‘ගල්ෆ් නිවුස්’ වෙත ප්‍රකාශයක් කරමින් ඔහු පවසා සිටියේ ‘2006 වසර දක්වා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ධුර කාලය දීර්ඝ කිරීම ‘නොහැකි’ පියවරයන් ලෙස තමන් හඳුන්වනු ලබන බවත්, හැකි නම් එසේ කරන ලෙස ඇයට තම එක්සත් ජාතික පෙරමුණු රජය අභියෝග කරන බවත්ය. එමෙන්ම ඇය 2005දී ඉල්ලා අස්වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද අගමැතිවරයා එම පුවත් සේවයට පවස තිබිණි.

එහෙත් ජනපතිනිය සහ ඇගේ අනුගාමිකයන් දිගින් දිගටම කෙස් පැළෙන තර්ක ගෙන එමින් ඇයට 2006 තෙක් බලයේ ඉන්නට හැකි බව පවසන්නට වූහ. ඊට එරෙහිව සටන් කළ කඳවුරට නායකත්වය සැපයූවේ අනෙකෙක් නොව රනිල් වික්‍රමසිංහය. එදා චන්ද්‍රිකා අනීතිකව බලයේ ඉන්නට ගන්නා උත්සාහයට විරුද්ධව රට තුළ පැවැති විරෝධය අධිකරණය තෙක් මෙහෙයවන්නට මුල් වූයේද රනිල්මය. අවසන ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරයකුව සිටි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ජනපතිනියගේ ධුර කාලය පිළිබඳ අර්බුදය අධිකරණය හමුවට ගෙන ආවෝය. එදා ඒ පෙත්සම විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලම පත්කර තිබුණේ ජනපතිනි චන්ද්‍රිකා විසිනි. එම විනිසුරු මඬුල්ලෙ ප්‍රධානියා වූයේ ඇගේ 1999 නිල දිවුරුම් දීමට මෙන්ම වර්ෂ 2000 දී පැවැත්වූ බව කියන රහසිගත දිවුරුමටද එක්වූ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. දීර්ඝ තර්ක විතර්ක මැද විභාග වූ මෙම නඩුවේ තීන්දුව දේශීය වශයෙන්ම මෙන්ම ජාත්‍යන්තරවද අවධානයට බඳුන් විය. වත්මන් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ධුර කාලය ඇය ප්‍රකාශ කළ පරිදි 2006 නොවැම්බරයෙන් නොව 2005 නොවැම්බර් මාසයේදී අවසන් කළ යුතු බව පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කළ අතර ඒ සමගම වසරක් වැඩිපුර බලයේ ඉන්නට චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය ගත් උත්සාහය අධිකරණය හමුවේ පරාජයට පත්විය.

එදා චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය ජනාධිපතිවරණය වසරක් කල් දැමීමට ගත් උත්සාහය පරාජය කිරීමට ඉදිරි පෙළ සටන් කළ රනිල් වික්‍රමසිංහ දැන් ලංකාවේ ජනාධිපතිය. අද ඔහු උත්සාහ ගනිමින් සිටින්නේ වස‍රක් කල් පසුවී ඇති ලංකවේ පළාත් පාලන ඡන්දය තවත් වසරකින් කල්දමා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අකුළන්නටය. 1970 බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායකගේ තුන් හවුල් ආණ්ඩුව 1975 පැවැත්විය යුතුව තිබූ මහ මැතිවරණය පාර්ලිමේන්තුවේ කැමැත්ත පමණක් විමසා තවත් දෑ අවුරුද්දකින් දීර්ඝ කරගන්නා ලදී. එම අවස්ථාවේදී විපක්ෂ නායක ධුරය දැරූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ එම තීරණයට එකහෙළා විරුද්ධ වූයේය. ජනමතය ලද දින පසුවී තවත් එක දිනක්වත් තමා පාර්ලිමේන්තුවේ නොසිටින බව කියමින් ඔහු තමා නියෝජනය කළ කැලණිය ආසනයෙන් 1975 දී ඉල්ලා අස්විය. අනතුරුව පැවැති අතුරු මැතිවරණයට තරග කළ ජේ.ආර්. ඉන් විශිෂ්ට ජයක් ලබා නැවත පාර්ලිමේන්තුවට පිවිසියේය. මේ ක්‍රියාව නිසා එදා ජේ.ආර්. මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙස දෙස් විදෙස් කීර්තියට ලක්විය. එහෙව් මහා ප්‍රජාතන්ත්‍රවාදියා 1977 දී හයෙන් පහක ජනවරමක් දිනා බලයට පැමිණ 1983 දී පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය 1989 දක්වා කල්දමා ගන්නට කුප්‍රකට ජනමත විචාරණයක් පැවැත්වූවේය. රනිල් යනු එහෙව් ජේ.ආර්.ගේ බෑනාය.

අවසානයේ 1996 නොවැම්බර් 01 වැනිදා ජේ.ආර්. මියගිය පසු බහුතරයක් ඔහු හැඳුන්වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ඒකාධිපතිවාදයට ගමන් කළ පුද්ගලයෙක් ලෙසටය. මිනිසුන්ගේ හොඳ කෙටි කලකින් අමතකව යනමුත් ඔවුන්ගේ වැරදිසහගත ක්‍රියාවන් බොහෝ කල් පවතින බව දෙශපාලනයේ අත්දුටු සත්‍යය. මේ ටික ලියූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහටමය.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රටට අසාධ්‍යයි! ගොඩඑන්න පුලුවන්ද? ගොඩදාන්න පුලුවන්ද? සජිත් ආණමඩුවට ඇවිත් රට ‌ගොඩදාන හැටි ඔප්පු කරලා පෙන්වයි! VIDEO & PHOTOS

Next Post

ඡන්දෙ කල් දැමීමට එරෙහිව හකීම්-සුමන්තිරන් සහ පොන්නම්බලම් අනතුරු අඟවයි! VIDEO

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.