• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම මේ තරම් පරිස්සම් කරන හේතුව දන්නවද? I Sri Lanka Latest News

October 27, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මොකක්ද මේ ශුද්ධ වූ ස්ථානය ඇතුළේ තියෙන්නේ?

වර්තමානය වන විට ඊශ්‍රායලය ආශ්‍රිතව යුද ගිනි ඇවිළිලා තියෙනවා කියන එක අපි කවුරුත් දන්න කරුණක්. ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් දෙපාර්ශ්වය අතර ප්‍රහාර හුවමාරු කරගන්නවා. ඒ නිසා දෙපාර්ශ්වයටම දැඩි හානි සිද්ධ වෙලා. කොහොම වුණත් මේ දෙපාර්ශ්වයම එක ස්ථානයක් ආශ්‍රිතව සටන් කරද්දී හරිම පරිස්සම් වෙනවා. ඒ තමයි ජෙරුසලම.(Sri Lanka Latest News)

ජෙරුසලම ආශ්‍රිත සටන්වලදී මේ අය මේ තරම් ප්‍රවේසම් වෙන්නේ ඇයි කියන එක ගැන සමහරු උනන්දු වෙනවා. ජෙරුසලම කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන යුනෙස්කෝ ලෝක උරුමයක්. ආගම් තුනක ලබ්ධිකයන් මේක තමන්ගේ ශුද්ධ වූ නගරය ලෙස සලකනවා. කිතුනුවන්, යුදෙව්වන් වගේම ඉස්ලාම් භක්තිකයනුත් මේ නගරය සලකන්නේ තමන්ගේ ආගම් සහ සංස්කෘතීන්වල මුදුන්මල්කඩ හැටියටයි. මේ විදියට ආරක්ෂා කරන්න මේ නගරයේ තියෙන්නේ මොනවද? අද අපි ඒ ගැන කතා කරමු.

ජෙරුසලමේ බටහිර පවුර කියන්නේ ආගමික සහ සංස්කෘතිකමය වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් සහිත එකක්. කලින් කිවූ ආගම් තුනටම අයත් අය මේක ශුද්ධ වූ තැනක් ලෙස සලකනවා. මේ නිසා වසරකට දහස් ගණනක් දෙනා මෙතැනට ඇවිත් යාඥා කිරීම සිදුකරනවා. මේකට විශාල ඓතිහාසික වටිනාකමකුත් තියෙනවා. ලෝක ප්‍රසිද්ධ ජෙරුසලමේ දෙවැනි දේවස්ථානය ඉතිහාසයේ පැවැතුණා කියලා සැලකෙන්නේ මේ ස්ථානයේ. මේ ස්ථානයට එන බැතිමතුන් උස් හඬින් යාඥා කරන ආකාරයත්, විවිධ යාඥා ලියන ලද කඩදාසි ඒ පවුරේ ඇති සිදුරුවල තැන්පත් කරන ආකාරයත් නිතර දැකගන්න පුළුවන්.

ජෙරුසලමේ යාඩ් බෂේම්හි පිහිටා තිබෙන යුදෙව් සමූල ඝාතන අනුස්මරණ මධ්‍යස්ථානය මෙහි එන යුදෙව්වන් විසින් අමතක නොකර නරඹන ස්ථානයක්. යුදෙව්වන් විතරක් නෙවෙයි, ලොව පුරා අනෙක් ජන වර්ගවලට අයත් ජනතාවත් මෙතැනට එනවා. මේ අනුස්මරණ සහ අධ්‍යාපනය ස්ථානයේ දෙවැනි ලෝක යුද සමයේ නාසි හමුදා අතින් ඝාතනය වුණු යුදෙව්වන් සම්බන්ධ තොරතුරු ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

ඒ වගේම දෙවැනි ලෝක යුද සමයේදී යුදෙව්වන්ට සිදුවුණු දුක් ගැහැට සහ ඒවා පරයා අවසානයේ නැගී සිටීම ගැන සඳහන් වන ආදර්ශවත් කතා සහ ඡායාරූප රැසක්ම මෙහිදී දැකගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, යුදෙව් සංස්කෘතිය, ආගමික පසුබිම වගේ දේ ගැනත් මෙහිදී අධ්‍යයනය කරන්න පුළුවන්. මේ ස්ථානය නැරැඹීමේදී මඟපෙන්වන්නකුගේ සහාය ඔබට ලබාගන්න පුළුවන්.

ටෙම්පල් මවුන්ට් කියලා කියන්නේ යුදෙව්, ඉස්ලාම් සහ කිතුනු ආගම් තුනේම ලබ්ධිකයන් ඉතා ශුද්ධ වූ තැනක් ලෙස සලකන ස්ථානයක්. මේ ස්ථානය ජෙරුසලම ආශ්‍රිතව පැවැති ප්‍රෞඪ ඉතිහාසයේ එක්තරා ප්‍රතිමූර්තියක්. මේ ස්ථානයේ ඉතා සුවිශේෂ ආගමික සංකේත සහ ඉදිකිරීම් කිහිපයක්ම තියෙනවා. ඩෝම් ඔෆ් ද රොක් සහ අල් අක්සා පල්ලිය මින් ප්‍රධානයි. මේ ස්ථාන දෙකම ඉතා සුවිශේෂ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමවලින් හැඩගැන්විලා තියෙනවා. මේ ස්ථානයේදී ඔබට මේ ආගම් තුනේම ඉතිහාසය ගැන අධ්‍යයනය කරන්න පුළුවන්.

මීට යුදෙව්වන්ගේ පළමු සහ දෙවැනි සිද්ධස්ථාන සහ යේසුස්වහන්සේ මුදල් හුවමාරු කරන්නන්ගේ මේස උඩුයටිකුරු කළ ස්ථානය හැටියට සැලකෙන තැනත් ඇතුළත්. මේ ස්ථානය ඉස්ලාම් ජනතාව අති ශුද්ධ වූ තැනක් ලෙස සලකන්නේ මුහම්මද් නබි තුමාගේ රාත්‍රී සංචාරයේ එක් විශේෂ සන්ධිස්ථානයක් මෙය බැව් ඔවුන් විශ්වාස කරන නිසයි. මේ අවට පැරැණි ජෙරුසලම නගරය පිහිටා තිබෙනවා.

ඒ අවට සංචාරය කිරීමෙන් එහි ඇති ප්‍රෞඪ ඉතිහාසය, කලා ශිල්ප වගේ දේ ගැන විශාල අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙහි පවතින වෙළෙඳසල්වලින් ප්‍රාදේශීය ආහාර වර්ග මිලට අරන් රස බලන්නත් පුළුවන්. මෙහි ජීවත් වෙන මිත්‍රශීලී ජනතාව සංචාරකයන් හට ප්‍රදේශයේ ඉතිහාසය ගැන තොරතුරු කියා දෙන්නත් සැදී පැහැදී ඉන්නවා.

හර්වා ධර්ම ශාලාව කියන්නේ ජෙරුසලමේ පිහිටා තියෙන ඓතිහාසික වගේම ඉතා අලංකාර තැනක් වෙනවා. ඒ වගේම මේක ආගමික වශයෙනුත් ඉතා සුවිශේෂයි. මේ ධර්ම ශාලාව ඉතා අලංකාර ගෘහ නිර්මාණ ශිල්පවලින් පොහොසත්. ඒ වගේම මෙතැනට ආගමික කටයුතු සඳහා නිතරම ජනතාව ඇදී එනවා. මේ ස්ථානය ඉදිකරලා තියෙන්නේ 1864 වසරේ. මේක 1948 අරාබි – ඊශ්‍රායල යුද්ධයේදී විනාශ වුණා.

කොහොම නමුත් ඒක පෙර තිබුණු ආකාරයටම නැවත ඉදිකරලා තියෙනවා. මේ ධර්ම ශාලාව තුළ යුදෙව් ඉතිහාසය සම්බන්ධ ඉතා වැදගත් දේවල් අන්තර්ගත වෙනවා. මේ ස්ථානයේදීත් මඟ පෙන්වන්ගේ සහාය ලබාගන්න පුළුවන්. ඔබ මෙතැනට එනවා නම් කලින් වෙන්කරවා ගත්ත මාර්ගෝපදේශ සපයන්නෙක් සමග පැමිණියොත් යුදෙව් ඉතිහාසය සහ සංස්කෘතිය ගැන ඉතා වටිනා දේ රාශියක් දැනගන්න හැකියාව ලැබෙනවා.

මළ මුහුද පිහිටා තියෙන්නේ ජෙරුසලම ආශ්‍රිතවයි. මේ මළ මුහුද කාරණා කිහිපයක් නිසා සුවිශේෂ තැනක් තියෙනවා. ලෝකයේ ප්‍රධාන ගොඩබිමක පහත්ම තැන පිහිටා ඇත්තේ මේ ආශ්‍රිතවයි. මළ මුහුද කියන්නේ ලොව ලවණතාව අධිකම කරදිය ප්‍රභවයයි. මළ මුහුද ඊශ්‍රායල – ජෝර්දාන දේශ සීමාවේ පිහිටා තිබෙනවා. මේ මුහුදේ ජලය ලවණවලින් පොහොසත් නිසා ඒකට රෝග නිවාරණ කිරීමේ බලයක් ඇති බවට විශ්වාස කෙරෙනවා.

ඒ නිසා නිතරම දහස් ගණනක් සංචාරකයන් මෙහි ඇදී එනවා. මළ මුහුදේ ලවණතාව නිසා කෙනෙක් එහි ගිලී යෑමක් සිදුවෙන්නේ නැහැ. මළ මුහුදේ නෑම, දිය මත පාවෙමින් හිරු රැස් විඳීම විතරක් නෙවෙයි රෝග නිවාරණය සිදුකරන මඩ ප්‍රතිකාර සිද්ධ කරගැනීමත් මෙහි තියෙන ජනප්‍රිය අංග වෙනවා. මේ මඩ ප්‍රතිකාරය පොතුකබර සහ ආතරයිටීස් වගේ රෝගවලින් සහනය ලබාදෙන බව ඔප්පු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ස්ථානයේ නිදහසේ කල් ගතකිරීමෙන් මානසික සුවයකුත් ලබාගන්න පුළුවන්.

ජෙරුසලමේ පිහිටි ඊශ්‍රායල කෞතුකාගාරයේදී යමෙකුට ශුද්ධ වූ නගරය ගැන බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. බයිබලයේ ඉතිහාසය උනන්දු වන ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම මේ ස්ථානයට යා යුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, යුදෙව් ඉතිහාසය සහ ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් ලියැවුණු ඊශ්‍රායලයේ ඉතිහාසය ගැනත් මෙහිදී කියවීමට අවස්ථාව ලැබෙනවා.

මේ ස්ථානයේ තියෙන සුවිශේෂ ඉදිකිරීමක් ලෙස ‘පුස්තක මැඳුර’ හඳුන්වන්න පුළුවන්. මේ ස්ථානයේ ඉතා පැරැණි ලියවිලි තැන්පත් කරලා තියෙනවා. ඒ අතර මළ මුහුද ආශ්‍රිතව හමුවුණු ඉපැරැණි ලියවිලිත් තියෙනවා. ඒවා යුදෙව් සහ බයිබලය සම්බන්ධ ඉතිහාසය ගෙනහැර පාන සුවිශේෂ දේවල් ලෙස සැලකෙනවා. ඒවා හමුවුණු ආකාරය සහ සංරක්ෂණය කළ ආකාර ගැනත් මෙහිදී ඔබට දැනගන්න පුළුවන්.

ජෙරුසලමේ ඇති තවත් සුවිශේෂ ස්ථානයක් ලෙස ඩේවිඩ්ගේ ජාතික උද්‍යානය හැඳින්විය හැකියි. මේ ස්ථානයේදී ජෙරුසලම පෞරාණික නගරයේ ආරම්භය ගැන කරුණු රැසක් දැකගන්න පුළුවන්. මේ ප්‍රදේශයේ ඉතිහාසය ගැන කියාපාන විවිධ දේ මෙහිදී අත්විඳීමේ හැකියාව එහි යන අයට ලැබෙනවා. ඩේවිඩ් රජු ඊශ්‍රායලය එක්සේසත් කර පළමු දේවස්ථානය ඉදිකරන ලද්දේ මෙහි කියලා යුදෙව්වන්ගේ විශ්වාසයක් තියෙනවා.

මේ ස්ථානයේ සංචාරය කරන අයට මැදපෙරදිග ඉතිහාසය ගැන බොහෝ දේ සියැසින්ම දැකගන්න පුළුවන්. සංචාරකයන්ට මෙහි ඉදිකර තිබෙන ඉපැරැණි උමං සහ පාලම්වලින් ගමන් කරන්න පුළුවන්. මේ අතර වසර 2,700ක් පැරැණි හෙසෙකියා උමගත් තිබෙනවා. එය ඒ සමයේ ජෙරුසලමේ රජකළ හෙසෙකියා රජු ඉදිකළ ජල උමඟක්. එමගින් ප්‍රදේශය ආක්‍රමණය කරන ලද ඇසෙරේවරුන්ගෙන් ජෙරුසලමේ ජල සැපයුම් පද්ධතිය ආරක්ෂා කරගැනීම අභිප්‍රාය වී තිබෙනවා.

ශුද්ධ වූ සොහොන් ගෙයිහි දේවස්ථානය පිහිටා තිබෙන්නේ ජෙරුසලම ඉපැරැණි නගරයේ. මේක කිතුනුවන් ඉතා ශුද්ධ වූ තැනක් ලෙස සලකන තැනක්. ඔවුන්ගේ විශ්වාසයට අනුව යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසන ලද්දේත්, මිහිදන් කළේත්, උට්ඨානය ලැබුවේත් මෙම ස්ථානයේයි. ඒ නිසාම ජෙරුසලමට එන කිතුනුවන් අනිවාර්යයෙන්ම මෙහි යෑමට අමතක කරන්නේ නැහැ. මේ දේවස්ථානය තුළ කිතුනු ඉතිහාසය විදහාපාන ඓතිහාසික දෑ රැසක් දැකගන්න පුළුවන්. මේ අතර යේසුස් වහන්සේගේ සුසානය තිබුණා යැයි කියන ස්ථානයේ තිබුණු ස්මාරකයද දැකගන්න පුළුවන්.

ජෙරුසලමේ තියෙන තවත් සුවිශේෂ ස්ථාන දෙකක් ලෙස යුදෙව් සහ කිතුනු කොටස් හඳුන්වන්න පුළුවන්. නිතරම මෙහි යුදෙව්වන් සහ කිතුනුවන් ඇදී එනවා. මෙහි යුදෙව් කොටසේ ඉපැරැණි දෙවැනි සිද්ධස්ථානය ඉදිකළ සමයට අයත් යැයි සැලකෙන පුරාවස්තු වගේම ඩේවිඩ් රජුගේ සොහොන ලෙස සැලකෙන ස්ථානයක්ද දැකගන්න පුළුවන්. කිතුනු කොටසේ මුල් කාලීන කිතුනුවන්ගේ ජීවිතය ගතවුණු ආකාරය ගැන හුවාදැක්වෙන දේ තියෙනවා. ගැළවුම්කරුගේ දේවස්ථානය, ශාන්ත ෂේවියර් දේවස්ථාන වගේම, ශාන්ත ආබ්‍රහම් දේවස්ථාන ඉන් ප්‍රධානයි.

සෙඩෙකෙයා භූගත උමං පද්ධතිය ඉතා පැරැණි එකක්. මේවා සැලකෙන්නේ සොලමන් රජුගේ ආකර හැටියටයි. මේක බැබිලෝනියානුවන් ජෙරුසලමට පහර දෙද්දී සෙඩෙකෙයා රජු පැන යෑමට භාවිත කළ උමඟ ලෙස සැලකෙනවා. මෙහි පැමිණෙන සංචාරකයන්ට මේ තුළින් ඉතාම සුවිශේෂ පාගමනක් යන්න පුළුවන්. මේ තුළින් ගමන් කරද්දී ඉපැරැණි ජනයා කොයි තරම් සුහුරු ආකාරයට මේ උමං සහ ආකර කැණීම් සිදුකරලා තියෙනවද කියන එක අධ්‍යයනය කරන්නත් පුළුවන්.

ගෙත්සෙමිනි උයන හරිම සාමකාමී නිස්කලංක තැනක්. වර්ග අඩි 13,000ක් පුරා විහිදී ඇති මේ උයන පෞරාණික වටිනාකමින් යුත් එකක්. මවුන්ටන් ඔෆ් ඔලිව්ස් පාමුල පිහිටා ඇති මේ උයන කිතුනුවන් ශුද්ධ වූ තැනක් ලෙසයි සලකන්නේ. යේසුස් වහන්සේ යාඥා කළ ස්ථානය සහ උන්වහන්සේව අත්අඩංගුවට ගැනුණු ස්ථානය මෙය බැව් ඔවුන් සලකනවා. මේ ස්ථානයේ වසර දහස් ගණනක් තිස්සේ ඔලිව් ගස් පිහිටා තිබූ බවට සැලකෙනවා.

ඩේවිඩ් හෙවත් දාවිත්ගේ කුලුනේ පිහිටා තිබෙන කෞතුකාගාරයේ වසර 3,000ක විතර ඉතිහාසයක් සහිත පුරාවස්තු දැකගන්න ලැබෙනවා. මේ කුලුන තදාසන්න කොටු පවුර ඔස්සේ ගමන් කරද්දී පැරැණි ජෙරුසලම් නගරය හොඳින්ම දර්ශනය වෙනවා. මෙහිදීත් මාර්ගෝපදේශ සහාය ලබාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා නිසා ජෙරුසලමට පහරදීමේදී හැම පාර්ශ්වයක්ම අතිශය ප්‍රවේශම් වෙනවා. ඒ ඒ ආගමික විශ්වාසයන්ට අනුව එකසේ ශුද්ධ භූමියක් ලෙස සැලකෙන ජෙරුසලම ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධාන හඳුනාගෙන තියෙන නිසා ඒ අතිනුත් ආරක්ෂාවක් මෙයට තියෙනවා. ආගමික විශ්වාස නැති අයෙකුට වුවත් මේ ස්ථානය රැකීම විශේෂ වෙන්නේ මෙහි ඇති පෞරාණික බව නිසාමයි.

Wishma Lokaya යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

මුලින්ම ඥාතීන්ගේ පත්තරවල ‌ජනමත විචාරණ ගැන හෙඩ්ලයින් ගහනවා! ඊළඟට කැබිනට් එකේ ඇමැතිවරු අලුත් මැතිවරණ ක්‍රමයක් ගැන පත්‍රිකා දානවා! ඊගාවට ජනාධිපති ලේකම් ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කමිටු පත් කරනවා! මේ හදන්නේ රට අවුලෙන් අවුලට දාන්න! මේ ඡන්ද ක්‍රම වෙනස් කරන වෙලාවක්ද? මේ සෙල්ලම වහාම නවත්වන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

සෝමවතී මහසෑ රදුන් අභියස මෙවර කඨින චීවර පූජෝත්සවය විපක්ෂනායක සජිත් සහ ජලනිගේ ප්‍රධානත්වයෙන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.