• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවසානයට හැමෝගෙන්ම මම ඉල්ලීමක් කරනවා විහිළුවටවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා තමන්ගේ ජීවිතය විතරක් නෙමෙයි අනුන්ගේ ජීවිතත් විනාශ වෙනවා I Sri Lanka Latest News

May 20, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුපියල් 100ක් අරගෙන ඝාතනය කරලා තියෙන්නේ…

මත්ද්‍රව්‍ය නිසා විනාශ වුණු අහමඩ්…

පාසැල් යන කාලේ හොඳින් ඉගෙන ගත්තා : ප්‍රශ්න නිසා ඉහළට යන්න බැරි වුණා…

කළුතර ටිහාරා ඝාතනයේ උණුසුම යන්නටත් මත්තෙන් එවැනිම තවත් ශෝචනීය සිදුවීමක් වාර්තා වුණේ ගම්පොළ වැලිගල්ල ප්‍රදේශයෙන්. මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය දිනෙන් දිනම ඉහළ යෑම හමුවේ විකෘති මානසිකත්වයෙන් ඔද්දල් වුණු පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්වන්නේ අහිංසක තරුණ ජීවිතයි.(Sri Lanka Latest News)

ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ජීවත් වූ 22 හැවිරිදි ෆාතිමා මුනිවර් නමැති තරුණිය පසුගිය 07 වැනිදා උදෑසන 7.15ට පමණ සිය රැකියා ස්ථානය බලා යෑමට නිවෙසින් පිටවුණා. අද තමාගේ ජීවිතයේ ඉරණම තීන්දු වේයැයි ඒ මොහොතේ ඇය කිසිසේත් නොසිතන්නට ඇති.

එලෙස පිටව ගිය ෆාතිමා ගැන කිසිදු තොරතුරක් දින 06ක් ගතවන තෙක් සොයාගැනීමට කිසිවකුටත් හැකියාවක් ලැබී තිබුණේ නැහැ. ඇය අතුරුදන් වූ දිනම පොලිසියට පැමිණිලි කළද ඇය පිළිබඳ ආරංචියක් සොයාගන්නට පොලිසියද දැඩි වෙහෙසක් ගනු ලැබුවා. වැලිගල්ල ගම්වාසීන්ද ලඳු කැලෑ පීරමින් අතුරුදන් තරුණිය සෙවූවද, ඈ ගැන කිසිදු හෝඩුවාවක් ඔවුන්ටද ලැබී තිබුණේ නැහැ.

වැඩිමහල් සහෝදරයන් තිදෙනකුගෙන් යුත් පවුලේ එකම ගැහැනු දරුවා වූයේ ෆාතිමාය. ඇගේ මව අසනීප තත්ත්වයෙන් පසුවූ අතර, නිවෙසේ ආර්ථික අපහසුතා පැවැතීම හේතුවෙන් ඊට පිළියමක් ලෙස ගෙලිඔය ප්‍රදේශයේ ෆාමසියක රැකියාවක නිරත වීමටයි ෆාතිමා කටයුතු කර තිබුණේ. ඇය සේවා ස්ථානයට නොපැමිණි බව දන්වමින් එදින පෙරවරු 11ට පමණ ඇගේ මවට දුරකතන ඇමතුමක් ලබාදී තිබුණා. ඒ අනුව ෆාතිමාගේ මව ෆාතිමාට දුරකතන ඇමතුමක් ලබාගන්නට උත්සාහ ගත්තද ඇගේ දුරකතනය ඒ වන විටත් අක්‍රීයව පැවැතුණා.

ඇයගේ නිවෙසේ සිට මීටර් 100ක පමණ දුරින් පිහිටි ඇල්පිටිය පල්ලියේ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණේ ෆාතිමා පාගමනින් ගමන් කරන ආකාරයයි. ඇය පසුපසින් සැකකටයුතු ලෙස ගමන් කරන තරුණයකුගේ රුවද එම කැමරා දර්ශනවල සටහන්ව තිබුණා. ඒ අනුව එම පුද්ගලයා පිළිබඳ පොලිසියේ උකුස ඇස යොමුව තිබූ අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත්, ඔහු එළුවන් බලාගැනීම රැකියාව ලෙස කරන අහමඩ් නමැති එක්දරු පියකු බවටත් පොලිසිය අනාවරණ කරගෙන තිබුණා.

Sri Lanka Latest News

මේ අතර ගම්පොළ පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ජයන්ත මහතාට විදේශ රටකින් නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබී තිබුණේ අතුරුදන් වූ ෆාතිමා අහමඩ් නමැත්තකු සමග ගම්පොළ ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටින බව සඳහන් කරමිනි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අහමඩ් නමැත්තා පිළිබඳ සොයා බලන්නට කටයුතු කළා. ඔහුගේ නිවෙසට පොලිසිය යන අවස්ථාවේ ඔහු සමග නීතිඥවරයකුද සිට ඇති අතර, එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ.

අනතුරුව පොලිසිය සැකකරුගෙන් දිගින් දිගමට ප්‍රශ්න කළ අතර, ෆාතිමා අතුරුදන් වීම සම්බන්ධ සිදුවීමේ සුලමුල ඒ අනුව දිගහැරෙන්නට වුණා. ඒ අනුව හෙළිව තිබුණේ ෆාතිමාට අතවර කිරීමේ අරමුණෙන් සැකකරු ක්‍රියා කර ඇති බවයි.

24 හැවිරිදි සැකකරු ෆාතිමාගේ අතින් අල්ලා කැලෑබද ප්‍රදේශයකට බලහත්කාරයෙන් රැගෙන යෑමට උත්සාහ දරා තිබූ අතර, එහිදී ඇය කෑගැසීම නිසා සැකකරු ඇයගේ ගෙල මිරිකා තිබෙනවා. එහිදී ඇය සිහිසුන්ව ඇදවැටී ඇති අතර, ෆාතිමාගේ කුඩයෙන්ම ඇගේ ගෙලට ඇනීමටද සැකකරු සාහසික වී තිබෙනවා. එම අමානුෂික පහරදීමෙන් පසු ෆාතිමා මියගොස් ඇති අතර, ඇගේ සිරුර ලඳු කැලෑවේ වළ දැමීමටයි සැකකරු කටයුතු කර තිබුණේ.

ඇගේ කුඩය සහ ජංගම දුරකතනය සහිත අත්බෑගයද ඇගේ සිරුර සමග වළදමා තිබූ අතර, වළට උඩින් තණකොළ දමා වසා තිබුණා. සැකකරු ෆාතිමාව කැලෑ රොදට ඇදගෙන යන අතරතුර ඇගේ අත බැඳි ඔරලෝසුව, පාවහන් යුවළ සහ වතුර බෝතලයද වන රොද තුළ විවිධ ස්ථානවල වැටී තිබියදී පොලිසියට සොයාගැනීමට හැකිව තිබුණා.

ෆාතිමාගේ දේහය ගොඩගැනීම සඳහා මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්.පී. ජයසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා. මේ අවස්ථාවට ෆාතිමාගේ මව පියා සහ සහෝදරයන්ද සහභාගි වී සිටි අතර ෆාතිමාගේ පියා කඳුළු වැගිරුවේ විලාප දෙමිනි. ෆාතිමාගේ ගමන් බෑගයේ රුපියල් 13ක මුදලක්ද, ඇය නිවෙසින් රැගෙන විත් තිබූ කෑම පාර්සලයද, ෆාමසියේ යතුරු කැරැල්ලද වළදමා තිබී සොයාගෙන තිබුණා.

විසන්ධි කර තිබූ ජංගම දුරකතනයද ඒ වළ තුළම තිබී ගොඩගැනීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ. අනතුරුව ඇගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර මහ රෝහල වෙත රැගෙන යනු ලැබුවා. ගම්පොළ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ චම්පික විමලරත්න, පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර, සැරයන් රත්නායක, බන්දුල සහ කාන්තා සැරයන් ඉනෝකා උඩගෙදර යන පිරිස මෙම ඝාතනයේ මූලික විමර්ශන කටයුතු සිදුකළා.

ෆාතිමාගේ ඝාතනයේ සැකකරු වූ අහමඩ් පොලිස් නිලධාරීන් හමුවේ මෙලෙස පාපොච්චාරණයක් කර තිබුණා.

‘මගේ නම අහමඩ්. මට අවුරුදු 24යි. මම පාසල් යන කාලේ හොඳින් ඉගෙන ගත්තත් නොයෙක් ප්‍රශ්න නිසා ඉහළට යන්න බැරිවුණා. ඊට පස්සේ තමයි මම නරක ඇසුරට වැටුණේ. මේ මිතුරු ආශ්‍රයෙන් ගංජා මත්ගුළි ඇතුළු මත්ද්‍රව්‍යවලට ඉතාමත් භයානක ආකාරයෙන් ඇබ්බැහි වුණා. මට දිනපතා මත්ද්‍රව්‍ය භාවිතා නොකර ඉන්න බැරි තත්ත්වයට පත්වුණා. අපේ ගමේ මත්ද්‍රව්‍ය විකුණන අය ඉන්නවා. ඒ අයගෙන් තමයි මම ඒවා ගන්නේ. මත්ද්‍රව්‍ය භාවිතයේ අවසානය තමයි මම මීනීමරුවෙක් වුණේ. මේ සිද්ධිය වුණු දවසෙත් මම උදේම මත්ගුළි දෙකක් කාලා තණකොළ කපන්න තමයි පාර දිගේ ආවේ.

මම මත් ගතියෙන් ඔහොම ටික දුරක් යනකොට තමයි ඔය කෙල්ලව දැක්කේ. මම ඊට කලින් ඒ කෙල්ලව දැකලා තියෙනවා. මේ කෙල්ලව දැක්කාම මට හිතුණා දවල්ට මත්ද්‍රව්‍ය ගන්න මේ කෙල්ලගෙන් සල්ලි ඉල්ලා ගන්න ඕනේ කියලා. එහෙම ගිහින් සොහොන් පිට්ටනිය ළඟදී මම ඒ ගෑනු ළමයගෙන් සල්ලි ඉල්ලුවා. එතකොට ඒ කෙල්ල මට බැන්නා. අපි අතරේ බහින් බස්වීමක් වුණා. එතකොට එයා මට ගහන්න අත ඉස්සුවා. මමත් ඒ කෙල්ලට ගැහුවා. එතකොට ඒ කෙල්ල හයියෙන් කෑගැහුවා. මම එයාගේ කට තද කරලා වැහුවා. එතකොට එයා මගේ මුහුණ ඇඟ පහුරුගෑවා. එතකොට තමයි මම එයාගේ බෙල්ල මිරිකුවේ.

Sri Lanka Latest News

ඊට පස්සේ කෙල්ලගේ බෙල්ල කඩාගෙන වැටුණා. මම බයවෙලා ඒ කෙල්ලව ටිකක් ඈතට ඇදගෙන ගිහින් පොඩි වළක් කපලා වළදැම්මා. ඊට උඩින් තණකොළ රොඩු දාලා වැහුවා. මත්ද්‍රව්‍යවලට අධිකව ඇබ්බැහි වෙලා මගේ ඔළුව විකාර වෙලා තිබුණේ. වෙන දෙයක් ගැන හිතුණේ නැහැ. මත්ද්‍රව්‍යවලට මුදල් හොයා ගැනීම විතරයි ඔළුවේ තියෙන්නේ. මම දැන් මිනීමරුවෙක්. මේ ඝාතනයෙන් පස්සේ මගේ ජීවිතයත් විනාශ වුණා. මට ආයෙ ලෝකෙට මුහුණ දෙන්න බැහැ. මට ආයෙ නිදහසක් නැහැ කියලා මම දන්නවා. මම පොලිසියට බාර වෙන්න තීරණය කළා. අවසානයට මම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා, කිසි කෙනෙක් විහිළුවටවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා. එහෙම කළොත් තමන්ගේ ජීවිතය විතරක් නෙවෙයි අනුන්ගේ ජීවිතත් විනාශ වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය නිසා තමයි මට මේ විනාශය සිදුවුණේ. අර ගෑනු ළමයාගේ ජීවිතෙත් නැති වුණේ…’

ෆාතිමාගේ දේහය ගොඩගන්නා අවස්ථාවේ ඇගේ පියා, මව, සහෝදරයන් කඳුළු සැලුවේ තම දියණිය, සහෝදරිය යළි කිසි දිනෙක දකින්නට නොලැබෙන බව සිහිකරමිනි. තමන්ගේ පාඩුවේ අහිංසක ලෙස ජීවත් වුණු මේ තරුණියට ජීවිතය අහිමි වුණේ රටටම පිළිලයක් වී ඇති මත්ද්‍රව්‍ය හේතුවෙනුයි. ෆාතිමා දියණියගේ ජීවිතය ලස්සන කරන්නට ඇගේ මවුපියන් කොයි තරම් බලාපොරොත්තු තබාගෙන ඉන්නට ඇද්ද? ඒත් ඒ සියලු බලාපොරොත්තු මතට ඒ අහිංසක මවුපියන්ගේ සියලු සිහින බොඳව ගියා.

රටක යහපැවැත්ම වෙනුවෙන් සාදාචාරසම්පන්න දරු පරපුරක්, තරුණ පරම්පරාවක් බිහිවීමට නම් මත්ද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කළ යුතුමයි. මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිරීති දැඩි කළ යුතුමයි. ෆාතිමාගේ සිදුවීම එක් උදාහරණයක් පමණයි. මෙවැනි සිදුවීම් කිහිපයක්ම පසුගිය සතිය පුරා සිදුව තිබීම කනගාටුවට කරුණක්.

ගැහැනු දරුවකුට ඇති අනාරක්ෂිත තත්ත්වය දිනෙන් දිනම වැඩිවෙමින් තිබීම මේ වන විට දැකගත හැකි තත්ත්වයකි. ගැහැනු දරුවකුට තනියෙන් පාරේ යන්න බැරි තත්ත්වයක් උදාවී ඇත.

අවුරුදු 80ක මහලු කාන්තාවක් 22 හැවිරිදි තරුණයකු විසින් දූෂණයට ලක්කිරීමේ සිදුවීමක්ද පසුගිය දිනෙක අප රට තුළින්ම වාර්තා වුණා. මෙවැනි කනගාටුදායක සිදුවීම් නිසා අද සමාජය දැඩි ලෙස පිරිහීමට පත්ව ඇති බව අකැමැත්තෙන් වුවද පිළිගත යුතුය. මෙවැනි පාපතරයන්ට ලබාදෙන දඬුවම් දැඩි කළ යුතුයි. එසේම ඔවුන්ව බේරාගන්නට ඉදිරිපත් වන දේශපාලකයන්, බලපුළුවන්කාරයන් ගැනද මාධ්‍ය මගින් අනාවරණ කළ යුතුයි. නීතියේ සිදුරුවලින් රිංගා මෙවැනි පාපතරයන් බේරාගන්නට කිසිවකුටත් ඉඩ නොදිය යුතුයි. ඒ සඳහා නීතිය රකින ආයතනවල අපක්ෂපාතී මැදිහත් වීම අනිවාර්ය විය යුතුමය.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මතකද ගෙදරට යන පාර අහන්න ගිය දරුවෙකුට කුරුණෑගල ලීසිං සමාගමක තිදෙනෙක් ලිංගික අපයෝජන කරලා කියපු කතාව! ඒක පට්ටපල් බොරුවක්! දරුවාට මානසික ආබාධයක්! කිසිම අතවරයකුත් වෙලා නෑ! වෙලා තියෙන දේ මෙන්න! Sri Lanka Latest News

Next Post

අමාත්‍යංශ ලේකම්වරුන්ට කැබිනට් පත්‍රිකා දාන්න එපා කියලා ජනාධිපති කිව්වේ ඇයි? කැබිනට් එක ගැන දැන් ජනාධිපතිට විශ්වාසයක් නැද්ද? මේ කැබිනට් ඇමැතිවරුත් එක්ක වැඩ කරලා එපා වෙලාද? අපි මෙච්චර කල් කියපු එක දැන් ජනාධිපතිතුමාට තේරිලාද? එහෙමනම් මෙන්න කරන්න ඕන දේ! ඉමිතියාස් ජනාධිපතිට පෙන්වලා දෙයි! VIDEO ! Sri Lanka Latest News

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.