කොළඹ 7 පිහිටි පසුගිය රජයේ මැති ඇමැතිවරුන්ට ලබාදී තිබූ නිල නිවාස ආපසු භාරදීමේදී ඒවායේ තිබූ බඩුබාහිරාදිය නිවැරැදිව ඇද්ද යන්න ගැන වාර්තා ලබාගැනීමටත්, ඒවායේ අඩුවක් වේනම් ඒවා පාවිච්චි කළ අයට වගකීම් පවරා නීති මගින් කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මැති ඇමැති නිල නිවෙස් අතහැර යෑම තවමත් ඉබි ගමනින් සිදුවන අතරම මෙතෙක් නිල නිවාස 28කින් ආපසු භාරදී ඇත්තේ 14ක් පමණක් බවයි සඳහන් වන්නේ.
ඉතිරි පිරිසද කඩිනමින් අදාළ ඇමැති නිල නිවාස ආපසු භාරදෙනු ඇතැයි අපේක්ෂා කරන බවද, ඒ පිළිබඳ ලබන 30 වැනිදා වනවිට අවසන් නීතිමය නිගමනයන්ට එළඹෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න









