• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තානාපති බයිපාස් කර රනිල් පාස් වුණාද?

September 26, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
තානාපති බයිපාස් කර රනිල් පාස් වුණාද?
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාවේ US Aid ප්‍රධානී සමන්තා පවර් ජනාධිපති රනිල් හමුවීමට පැමිණි විට මෙරට ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් අපහසුතාවකට පත්වූ බව සති අන්ත පුවත්පතක් වාර්තා කොට තිබිණි. එම අපහසුතාව නම් ජනාධිපති රනිල් සමන්තා පවර් සමග පැවැත්වීමට නියමිත නිල සාකච්ඡාවට කලින් මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට සමන්තා පවර්ට කළ යෝජනාවයි. මෙම යෝජනාවට ජූලි චන්ග් විරුද්ධ වූ බවත්, එම මුහුණට මුහුණ සාකච්ඡාවට තමන්ට සහභාගි විය යුතු බව ඇය කියා සිටි බවත් එම පුවත්පතේ සඳහන් වේ.

මෙහි ඇත්ත නැත්ත දන්නේ නැත. නමුත් රනිල් විදේශ සම්බන්ධතා මෙහෙයවද්දී මේ උපක්‍රමය පාවිච්චි කරන බව රනිල්ගේ විදේශ සබඳතා විශේෂඥයෝ දනිති. එනම් ලංකාවේ සිටින විදේශ තානාපතිව බයිපාස් කොට විදේශ රටවල විදේශ අමාත්‍යාංශ ප්‍රධානීන් දේශපාලන නායකයන් සමග ඍජුව ගනුදෙනු කිරීම රනිල්ගේ ක්‍රමයයි.

රනිල්, සමන්තා පවර් සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉල්ලා සිටියේ ජූලි චන්ග් සහ සමන්තා පවර් අතර ගැටුමක් හදන්න විය හැකිය. රනිල් මේ ලෙස මෙරට තානාපතිවරු සහ එම තානාපතිවරු නියෝජනය කරන රටවල නිලධාරීන් සමග ගැටුම් හදන්න උත්සාහ කළ වාර අනන්තය.

2001 රනිල් ආණ්ඩුව ගත්තාට පසු මෙහි සිටි ඉන්දීය තානාපති වූයේ නිරූපන් සෙන්ය රනිල් මෙහි සිටින ඉන්දීය තානාපතිව එතරම් ගණන් ගත්තේ නැත. ඔහු එවක ඉන්දියාවේ අගමැති වජ්පායිගේ ආරක්ෂක උපදේශක බ්‍රජේෂ් මිෂ්රා හරහා ඉන්දියාවත් සමග ගනුදෙනු කරන්න උත්සාහ කළේ තානාපති බයිපාස් කරමින්ය. මේ සඳහා ඔහුට උදව් කළේ රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිවරයකුව සිටි මිලින්ද මොරගොඩය.

මේ ගැන හොඳ කතාවක් රනිල්ගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඔහුගේ පොතෙහි සඳහන් කොට ඇත. 2003දී උතුරේ පලාලි ගුවන් පථය අලුත්වැඩියා කරන්න ආණ්ඩුවට අවශ්‍ය විය. ඒ සඳහා ක්‍රෙඩිට් ලයින් එකක් හරහා උදව් කරන්න ඉන්දියාව කැමැති විය. ආරක්ෂක ලේකම් සමග මේ කටයුතු සම්බන්ධීකරණය කළේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයය. මේ වන විට රනිල්ගේ ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. සමග අස්සන් කළ සටන් විරාමය ගැන ඉන්දියාවේ එතරම් පැහැදීමක් තිබුණේ නැත. එම සාම ක්‍රියාවලියට නෝර්වේ මැදිහත් කරගැනීම ගැනද ඉන්දියාවට ප්‍රශ්න තිබිණි. මිලින්ද රනිල්ට පෙන්නුවේ තමන් ඉන්දීය අගමැතිගේ ආරක්ෂක උපදේශක මිස්රා හරහා සාම ක්‍රියාවලිය ගැන ඉන්දියාව දැනුවත් කරන බවත්, ඉන්දියාවේ විරෝධයක් නැති බවත්ය. නමුත් මෙරට ඉන්දීය මහ කොමසාරිස් තිරුපන් සෙන් සමග සම්බන්ධකම් පවත්වන රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිවරු රනිල්ට කීවේ සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉන්දියාවට ප්‍රශ්නයක් තිබෙන බවය. කෙසේ හෝ පලාලි ධාවන පථය අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ඉන්දීය තානාපති කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානියා සමග සාකච්ඡා කරද්දී අලුත්වැඩියාව සඳහා ක්‍රෙඩිට් ලයින් එකක් දීමට කොන්දේසි කිහිපයක් හෙතෙම ඉදිරිපත් කළ බව ඔස්ටින් ප්‍රනාන්දු සිය පොතෙහි සඳහන් කොට ඇත. ඉන්දීය මහකොමසාරිස් නිරුපන් සෙන්ද එම කොන්දේසි අනුමත කළ බව ඔස්ටින් සඳහන් කර ඇත. ඔහුට එම කොන්දේසිවලට එකඟ විය නොහැකි නිසා ඔහු මේ ගැන ආරක්ෂක ඇමැතිට සහ අගමැති රනිල්ට දැන්වූ විට එම කොන්දේසිවලට එකඟ නොවන ලෙසත්, අගමැති ඉන්දීය අගමැති සමග කතා කොට ඒ ප්‍රශ්නය විසඳන බවත් දෙදෙනාම සහතික වූ බව ඔස්ටින් සඳහන් කරයි. අවසානයේ පලාලි අලුත්වැඩියාව සිදු නොවූ බවත් ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති චන්ද්‍රිකා පවරාගෙන රනිල්ගේ ආණ්ඩුව චන්ද්‍රිකා පෙරළපු බවද ඔහු එහි සඳහන් කරයි.

මේ සිදුවීමෙන්ම පේන්නේ රනිල් මෙරට තානාපති බයිපාස් කොට ඉන්දීය අගමැති එක්ක ප්‍රශ්න විසඳන්න යෑමෙන් ලොකු අවුලක් ඇතිකරගත් බවය. නිරූපන් සෙන් 1989 ඉන්දු – ලංකා ගිවිසුම් කාලයේ ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ අයෙකි. මේ නිසාම නිරූපන් සෙන්ට රනිල් ගැන මෙන්ම යූ.ඇන්.පී. ආණ්ඩුවේ විදේශ සබඳතා ගැන හොඳ දැනුමක් තිබිණි. රනිල් මෙය දැන සිටියේය. එකල ඉන්දියාව සහ ජේ.ආර්. රජය සමග ප්‍රශ්න තිබූ අතර මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ තීන්දු තීරණවලට ජේ.ආර්. රජය එතරම් කැමැති නොවීය. රනිල්, නිරූපන් සෙන්ට එතරම් කැමැති නොවීය. මේ නිසා ඔහු ඉන්දීය ආණ්ඩුව එකිනෙකාට විරුද්ධ කිරීම රනිල්ගේ උපාය විය. එය අසාර්ථක විය.

අද රනිල් ජූලි චන්ග්ට කැමැති නැත. හේතුව ඇය අරගලය වෙනුවෙන් පෙනී සිටීමය. අරගලය මර්දනය නොකරන ලෙස ජූලි රනිල්ට බලපෑම් කළ වෙලාවේ ඇයට එරෙහිව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට රනිල්ට ඕනෑ විය. සමන්තා පවර් මංගලගේ මිතුරියකි. ඒ සම්බන්ධතා හරහා සමන්තා ලවා ජූලිව ඉවත් කරගන්න හෝ පාලනය කරගන්න පුළුවන් දැයි රනිල් උත්සාහ කරයි. එය සාර්ථක වන්නේ නැත. මේ අසාර්ථක උපක්‍රමය මගින් රනිල් ඇමෙරිකානු සබඳතා අවුල් කරගන්නවාට සැක නැත.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ටොරින්ටන් එකට බෞද්ධ කොඩි උස්සන් ආපු සරත් වීරසේකරලාට ජාතික කොඩි අරන් ආපු අයගෙන් එළිපිට විරෝධයක්! (VIDEO)

Next Post

ගහලා බැලුවා හරියන්නේ නෑ! මාධ්‍ය මර්දනයකට සැරසෙනවා! (VIDEO)

MORE NEWS

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

Load More
පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

බලංගොඩට සජබ ආසන සංවිධායකවරයකු නොමැති බවත්, පසුගියදා පොහොට්ටුව සජබ බලංගොඩ ආසන සංවිධායකවරයා සිය පක්ෂයට එක් කර ගත් බව කියමින් ජනතාව...

Read more
එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.