• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ දවාලේ කොළඹ නගරෙ මැද ලොකු ව්‍යාපාරිකයෙක් මැරුවෙ කොහොමද?

December 21, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
මහ දවාලේ කොළඹ නගරෙ මැද ලොකු ව්‍යාපාරිකයෙක් මැරුවෙ කොහොමද?
Share on WhatsAppShare on Facebook

නීතිය නිරුවත් කළ පසු යළි පරණ පුරුදු ජීවිතයක් ඔබට මට හිමි නැත. මේ, ඒ කතාවේ ඊළඟ පිටුවයි.

එදා අරලිහහ මන්දිරයේ සිට මැරයෝ පොලු මුගුරු අමෝරාගෙන, ගෝල්ෆේස් එකට යන විට බැරියර් ඇර තැබූ දෑත් නීතිය නිරුවත් කළේය. ඒ රාත්‍රියේ මුළු රටේම සාමාන්‍ය මහජනතාව නීතිය අතට ගත්තෝය. මේ, ඒ වරදේම තවත් කොටස්ය. දැන් අපි මේ කියවන්නට යන්නේ ඒ නීතියේ අධිපත්‍ය නිමා කළ දේශයේ තවත් කතාන්දරයකි.

දිනේෂ් ෂාෆ්ටර් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. සුප්‍රසිද්ධ පුද්ගලයෙකි. කොළඹ ව්‍යාපාරික ප්‍රජාව අතර ඔහු නොදන්නා කෙනෙක් නැත. ඔහු ජීවත් වූයේ ද කොළඹ අතිශය නාගරික ප්‍රදේශයකය. නමුත් දෑත් බැඳ, ගෙලට වයරයක් දමා සිරකර සිටියදී හමුවී ඇති දිනේෂ් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මියගියේය. මේ කතාව මේ තරම් සරලව සිදුවූයේ කොහොමද කියන එක ප්‍රශ්නසහගතය.

එහි වඩාත්ම දරුණු ප්‍රශ්නය නම් මෙය සිදුවූයේ මහ දවාලේය. දිනේෂ් මහතා නිවෙසින් පිටව ඇත්තේ දවල් 1.30ට පමණය. ඔහුව හමුවෙන්නේ හවස 3.30ට පමණය. මේ කියන විදියේ කාලවකවානු 100%ක් නිවැරැදි නම් සිදුවීමේ සියලු ජවනිකා රඟදක්වා ඇත්තේ දිවා කාලයේය. ඒ, 1.30ත් 3.30ත් අතරය. මේ පැය දෙක කොළඹ නගරය අතිශය ජනාකීර්ණ කාලයයි. මල් පාර සහ බොරැල්ල කනත්ත අතර ප්‍රදේශයේ කොළඹ ප්‍රධානතම පාසල් සහිත ප්‍රදේශය නිසා සාමාන්‍ය වාහනයකට පැයට කිලෝමීටර 20ක වේගයකින් නොනවත්වා ධාවනය කළ හැකි නම් එය ආශ්චර්යයකි. වාහනයක් තුළ සිදුවන දෙයක් පවා කාගේ හෝ ඇස නොගැටේ නම් එය අරුමයකි. විශේෂයෙන්ම CCTV කැමරා ඩෑෂ් කැම් ආදී ස්වයංක්‍රීය කැමරා පද්ධති නිරායාසයෙන්ම මේ බොහෝ සිදුවීම් පටිගත කරගනු ලබයි. එසේම කුරුඳුවත්ත සහ බොරැල්ල පොලිස් ස්ථානවල නිලධාරීන් විශාල ප්‍රමාණයක් අදාළ කාලය තුළ මාර්ග රාජකාරිවල නියැළී සිටි බව ස්ථිරය. එවැනි තත්ත්වයක් යටතේ, සනීපෙට මිනීමැරිය හැකි නම් තව දුරටත් මේ රටේ කිසිදු ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ගැන විශ්වාස කළ හැකිදැයි ප්‍රශ්නයකි.

මේ සිදුවීම බොරැල්ල කනත්ත තුළ සිදුවෙද්දී එහි ආරක්ෂකයන් හෝ සේවකයන් නොදැක්කා නම් එයද අරුමයකි. සාමාන්‍යයෙන් එයද 100%කම ජන ශුන්‍ය තැනක් බව පිළිගත නොහැක. විශේෂයෙන්ම මෝටර් රථයක් පැය ගානක් කනත්‍ත තුළ නිකරුණේ නවතාගෙන ඉද්දී එය ප්‍රශ්න කරන්නට හෝ හොයා බලන්නට ආරක්ෂාවක්වත් බොරැල්ල කනත්තට නොයොදන්නේ කුමක් නිසාදැයි අපි කෙළින්ම කොළඹ මහනගර සභාවෙන් ප්‍රශ්න කරමු. කෙසේ නමුත් මෙම ඝාතන තැත’සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී’ඇතැයි පැවසේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා කුරුඳුවත්ත මල්පාර ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසින් පිටත්ව ගොස් ‘ඇත්තේ ඔහුට රුපියල් බිලියන 1.43ක මූල්‍ය වංචාවක් සිදුකළ ‘ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙක්’හමුවීමට යන බව සිය බිරියට පවසමින් බව දැනගන්නට තිබේ. මෙම මූල්‍ය වංචාව පිළිබඳ දිනේෂ් ෂාෆ්ටර් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 03ක් ගොනුකර ‘තිබුණු බවද දැනගන්නට ලැබේ. මේ වංචාව සම්බන්ධයෙන් චූදිත පුද්ගලයා පසුගිය වසරේ පෙබරවාරි මස 11 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද වාර්තා වේ.

අදාළ සිදුවීම සිදුවූ දිනයේ, දිනේෂ් ෂාෆ්ටර් පිටත්ව ගොස් මඳ වේලාවකින් ‘ඔහුගේ බිරිය ‘යම් හේතුවකින් ඔහුට දුරකතන ඇමතුමක් ලබාගෙන තිබේ. එවිට ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිතව වී තිබීම හේතුවෙන් පවුලේ අය කලබලයට පත්ව ඇත. දුරකතනය හරහා ලැබී ඇති සංඥා අනුව ඔහු ඒ වන විට රැඳී සිටින්නේ බොරැල්ල කනත්ත ආසන්න ප්‍රදේශයේ බව දුරකතන සංඥා මගින් අනාවරණ වී ඇත. ඒ අතර ඔහුගේ මෝටර් රථය බොරැල්ල සුසාන භූමිය අසල තිබෙන බවට බිරිඳ අනාවරණ කරගෙන තිබේ. ඒ පිළිබඳ කලබලයට පත්වූ ඇය, සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එම නිලධාරියාව පිටත් කොට යවා ඇත.

පොලිසිය පවසන්නේ මෙම විධායක නිලධාරියා පැමිණ කළ සොයාබැලීමේදී, සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියැදුරු අසුන මත දිනේෂ් ෂාෆ්ටර් රැඳී සිටින අයුරු දැකගන්නට ලැබුණු බවය. ඔහුගේ දෑත් ගැටගසා ගෙලට වයරයක් දමා ඇති ආකාරය මේ පුද්ගලයාට හඳුනා ගැනීමට හැකිව තිබේ. මෝටර් රථය අසල සිට යම් පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි සේවකයකු දැක තිබුණු බවක් පොලීසිය වාර්තා කරයි. විධායක නිලධාරියා බැඳ දමාසිටි අත් දෙකේ රැහැන් කපා දිනේෂ් මහතාගේ ගෙලට දමා තිබූ වයර් ඉවත්කර ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්’කර ඇති අතර, කොළඹ’ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ මහ දවාලේ රටම දන්නා මනුස්සයෙක්ව ඝාතනය කළ පළමු අවස්ථාව නොවේ. එසේම ඝාතනය කරන ලද ලසන්ත වික්‍රමතුංගගේ දේහයද වළදමා ඇත්තේ ඔය කනත්තේමය. ඔය ඉසව්වේමය. සමහර විට එදා නිහඬ කළ ලසන්තවත් අඩුම තරමේ මේ අබිරහස දෙස බලා ඉන්නට ඇත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පොලිස් කොස්තාපල් පොලිසිය වැසිකිළිය ඇතුළේදීම ගංජා ගහලා! බෑග් එකේ ගංජා පාර්සලයකුත් තිබිලා!

Next Post

කවුරුවත් දන්නෙ නැති කවුරුත් දැනගන්න ඕන ඩයනාගේ හොඳ හොඳ විස්තර ගොඩක් හිරුණිකා එළියට දායි! ඩයනාගෙන් ප්‍රශ්න අහන්න කොන්ද පණ නැති මාධ්‍ය ගැනත් කියයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.