• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙන්නම කරන්නෙ එකම ඩියුටිය… දෙන්නම අරගලයේ හිටියෙ එකට… දිල්හානි ජාජබෙට යද්දි ජය වේවා…! දමිතා සජබෙට යද්දි භංග වේවා…! ඒක මාර කෙළියක් එහෙම වෙන්නෙ කොහොමද? I Sri Lanka Latest News

March 4, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

බොහෝ විට කාටවත් අදටත් අමතක නැති ගෝල්ෆේස් අරගලය දිහාවේ එක විනාඩියකට ගිහින් එමුද? මොකක්ද හේතුව? තවත් අරගලයක් එන්නද යන්නේ? අරගල දහසක් කරන්න තරම් මේ රටේ ඕනෙ තරම් ප්‍රශ්න තියෙනවා. ඒත් මේ සූදානම නම් එහෙම අරගලයක් ගැන ආරංචියක් දෙන්න නෙවෙයි. මේක වෙනම කතාවක්. ඒ කතාවට ආරම්භයක් ගන්නයි අරගලයේ එක පැත්තක් කතාබහට ගත්තේ.(Sri Lanka Latest News)

මතකද අපේ කලාකාරයෝ අරගලයට එකතු වෙච්ච ගැම්ම? කවදාවත් දේශපාලනය කියන වචනයේ හුළඟවත් වැදිලා තිබුණේ නැති කලාකාරයෝ පවා අරගලයට ආවා. ප්‍රබුද්ධ – පීචං කියන භේදයවත් එතැන තිබුණේ නැහැ. ප්‍රබුද්ධ – පීචං කියන බෙදිල්ල නිර්මාණය කරපු ආචාර්ය මහාචාර්යවරු පවා අරගලයට ඇවිදින් තමන්ට සුපුරුදු වචනවලින් පුංචි පුංචි කමෙන්ට්ස් පවා දුන්නා. ටෙලි තරු කණ්ඩායමක් විදියට ආවේ කළුපාට එක වාගෙම ඇඳුම් ඇඳගෙන ෆැන්ටසි නාට්‍ය කලාවට හුරුවුණු සීනිබෝල නළු නිළියෝ ලොකු ලොකු දේශාභිමාන වචන දාලා අරගලයේ කොල්ලන්ට කෙල්ලන්ට ලොකු සපෝට් එකක් දුන්නේ මහා අභිමානයකින් තමයි.

ඒ හැම තරු ගැම්මක්ම තිබුණේ සති බාගයයි. එහෙම නැත්නම් දවසයි දෙකයි. ඉන් පස්සේ අරගලය පිරිවරාගත්ත කලාකරුවන් ටිකෙන් ටික තම තමන්ගේ වැඩවලට කොටුවුණා. අරගලය එහෙමපිටින්ම එයාලට අමතක වෙන්න ගත්තා.

හැබැයි බොහොමයක් කලාකරුවන්, නළු නිළියන් අරගලය ඒ විදියට අතහැරලා යද්දී සම්මානනීය වූ සිංහල සිනමාවේ සහ ටෙලි කලාවේ ප්‍රවීණ නිළියන් දෙන්නෙක් අරගලයත් එක්ක අවසානය දක්වාම හිටියා. ඒ තමයි දමිතා අබේරත්නයි, දිල්හානි ඒකනායකයි.

‘සුළං කිරිල්ලී සුළඟක් වී අරගලය කලඹයි…’

අරගලයට ගැම්ම දුන්න පිරිස් සෝෂල් මීඩියාවල දමිතා ගැන වර්ණනා කෙරුවේ එහෙමයි.
‘පුංචි ශ්‍රී දේවිය ලෙස සිංහල සිනමාවට පිවිසි දිල්හානි අශෝකමාලා රජයට එරෙහිව අරගල භූමිය තුළ සිය අණසක පතුරුවයි…’

දිල්හානි ඒකනායක අරගලය වෙනුවෙන් දියත් කළ නොනිමි මෙහෙවර වෙනුවෙන් ඇයට හිමි ප්‍රශංසාව එලෙසින් සෝෂල් මීඩියාවල සටහන් විය. එය එලෙසම විය යුතුය. ඒ ඔවුන් දෙදෙනාම අවසානය තෙක්ම අරගල භූමිය අතහැර නොගිය නිසාය. පැමිණි හැම කලාකරුවෙක්ම පාහේ විශේෂයෙන් සද්දන්ත කුලේ පිරිමින් පවා අරගල භූමිය දවසෙන් දෙකෙන් දමා යද්දී මේ මැදිවියේ ගැහැනු දෙදෙනා අරගලය තාවකාලිකව හෝ නිමාවන තුරුම ඒ සමග නිත්‍ය සාමාජිකාවන් ලෙස සිටිය නිසාම ඔවුන්ට අරගලය නාමයෙන් එවැනි ප්‍රශංසාවක් හිමිවිය යුතුමය.

කාලයාගේ ඇවෑමෙන් පෙර පිනකට ජනාධිපති තනතුර ලබාගත් රනිල් වික්‍රමසිංහගේ පොලිස් බලය හමුවේ අරගලයේ කූඩාරම් ගැලවී ගියේය. අරගලය විසිර ගියේය. එයට පසුවද අරගලය නිසාවෙන් අඩන්තේට්ටම් විඳි අය සහ හිරේ විලංගුවේ වැටුණු අය අතර දමිතාගේ නමද විය. ගෙවීගිය කාලය අතරතුර දිල්හානි සිය දේශපාලන ක්‍රියාකාරීත්වය සහ මෙහෙවර හමුවේ තමන්ට රිසි මාවත තෝරාගනිමින් ජාතික ජන බලවේගය සමග එකතු වූවාය. දමිතා අබේරත්න තම දේශපාලන මතය සමගින් ක්‍රියාකාරීව එක්වූයේ සමගි ජන බලවේගය සමගය.

මෙතැනදී ජාතික ජන බලවේගයට මැදිව අනුර කුමාර දිසානායකලා සමග එක්වූ දිල්හානි ඒකනායකට සෝෂල් මීඩියාවල ලැබෙන ප්‍රශංසාවල නිමක් නැති විය.

‘රටට හරියටම හරි යන පැත්ත තෝරාගත් දිල්හානි, ඔබට අපේ ගෞරවය…’

‘නිළියක ලෙස සිංහල සිනමාවට වසන්තයක් වූ ඔබ, අප දේශයට මහා පහන් ටැඹක් වූ ජාතික ජන බලවේගය සමගින් අත්වැල් බැඳගත්තාට ඔබට අපේ ප්‍රණාමය…’

‘හරි තැන හිටගත්ත, රටට ආදරය කරන ඔබත් සමග අපිත් මාලිමාවටයි දිල්හානි….’

දිල්හානි, අනුර කුමාර දිසානායකලාගේ වේදිකාවට නැග්ගාට ඇයට මුහුණු පොතේ පෙළගැසුණු කමෙන්ට්ස්වල වරදක් නැත. ඒ, දිල්හානි තෝරාගත් පැත්තය. ඇගේ දේශපාලන මතයය. ඈ ධනවාදී අදහස් දරන්නේ නැති නිසා එදා ඉඳන්ම වාමාංශිකය යන අදහස් දැරූ නිසා ඇයට මාලිමාව ලකුණ ගත්ත අනුර කුමාරලාගේ පිල හිතට හරිගියේය. ඒ වේදිකාවට නැග ඔවුන්ට පක්ෂව කටහඬ අවදි කළාය. එවැනිම අදහස් දරන මිනිස්සු දිල්හානිට අත්පොළසන් දුන්නහ.

ලස්සන වචන දමා හිතට දිරි දෙන කමෙන්ට්ස්ද දැමූහ. දේශපාලනයේදී ඒක එහෙමය. රතු පාට පිලේ අය නිල් පාට පිලට යන අයට විසිල් ගහන්නේ නැත. නිල් පාට පිලේ අය කොළ පාට පිලට ආවඩන්නට විසින් ගහන්නේත් නැත. නිලට කැමැති අයට නිල් පාටටත්, රතට සහ කොළ පාටට කැමැති අය ඒ ඒ වෙදිකාවලටත් දෙපා තබති. එය තම තමන්ගේ මනාපයය. දිල්හානි කළෙත් තම මනාපයට හරියන දේය.

අරගලය සමග උන් දිල්හානි ඒකනායකට එය එහෙම නම් අරගලය සමග හිටපු දමිතා අබේරත්නටත් එය එලෙසම විය යුතු නොවන්නේද? අරගලයෙන් පසුව දිල්හානි අනුරලා සමග ජාතික ජන බලවේගය සමග එකතු වුණා නම් දමිතා සමගි ජන බලවේගය සමග සජිත් ප්‍රේමදාසට එකතු වීම වරදක් වන්නේ කොහොමද?

දමිතා අබේරත්න සමගි ජන බලවේග වේදිකාවට නැගීම ගැන වරදක් දකින්නේ කවුරුන්ද?

එයට නාම විශේෂණ නැත. ඒ, එක්තරා මිනිසුන් කොටසකි. ජාතික ජන බලවේගය සමග එක්වූ දිල්හානිට ‘ජයවේවා දිල්හානි’ කියන ඒ මිනිස්සු කොටස, දිල්හානිට සෝෂල් මීඩියාවල ප්‍රශංසනාත්මක වචන එක්ක කමෙන්ට් කරන ඒ මිනිස්සු කොටස දමිතා සමගි ජන බලවේගය සමග එක්වූ කාරණයට ශාප කරති. අවමන් කොට කමෙන්ට් කරති. දමිතාව ජෝක් එකට ගෙන මුහුණු පොතේ බයිට් කරති. දිල්හානිට වාගේ තමන්ට මනාප පක්ෂය තෝරාගැනීමට හෝ දේශපාලන දර්ශනය තුළ ක්‍රියාකාරී වීමේ අයිතිය දමිතාට නැතිද? දිනන පරදින හෝ සාර්ථක අසාර්ථක පක්ෂය කවරක් වුවත් මේ ප්‍රවීණ නිළියෝ දෙදෙනා අරගලයෙහි අවසානයෙන් පසුව තම තමන්ට මනාප දේශපාලන පක්ෂ තෝරාගෙන ඒ අනුව තම ගමන යති. ජය පරාජය එය ඔවුනොවුන්ගේ මතයන් වේ.

කලාකරුවන් දේශපාලන වේදිකාවලට නගින එක වෙනම කතන්දරයකි. එහි හොඳ නරකද වෙනම එකකි. නමුත් දිල්හානි නැගපු අනුර කුමාරලාගේ වේදිකාවට දමිතාත් නගින්නට ඕනෑය කියලාවත්, දමිතා නැගපු සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට දිල්හානි නගින්නට ඕනෑය කියලාවත් නියමයක් කිසිවකුටත් නිර්මාණය කරන්නට අයිතියක් නැත.

එහෙම නම් ඉතින් දිල්හානි ජාතික ජන බලවේගයට ගිය එක හරි කාරණයක් වී දමිතා සමගි ජන බලවේගයට එකතු වීම වැරැදි කාරණයක් වුණේ කොහොමද?

ඒ, අර ඉහත සඳහන් කළ අමුතුම ජාතියේ මිනිසුන් කොටස තමන්ට ඕනෑ තාලයට හදාගන්නා නිර්ණායකයන්ය. දිල්හානි අනුර කුමාරලා සමග එක්වීම සද්ක්‍රියාවකි. දමිතා සජිත් සමග එකතු වීම දීන ක්‍රියාවකි. ඒක එහෙමය. මේක එහෙම නැත. ඒ නිසා දිල්හානිට විසිල් පාර සහ ලස්සන කමෙන්ට්ස්ය. දමිතාට ‘හූ පාර’ එක්ක මඩ සහ නොහොබිනා කමෙන්ට්ස්ය.

කොහොමද ඇත්තටම මේ රටේ මිනිස්සු මෙහෙම නිර්ණායකයක් හදාගත්තේ?

මේවා කාගේ මතයන්ද නොදන්නෙමු. කාට වුවමනාවට සිදුවන්නේදැයි නොදන්නෙමු. සමහර විටෙක මේවා යම් පිරිසක් තම තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කරන කූට උපක්‍රමයන්ද වන්නට බැරි නැත. මෙවැනි උප්පරවැට්ටිකාරයෝ මුහුණු පොත හරහා විවිධ රැලි මවති. දිල්හානි කළ දේ හරි යැයි කියා දමිතා කළ දේ වැරැදි යැයි කියා වහසි බස් දොඩන්නේ ඒ රැලිවලට හසුවන්නය. වැරැදි නිර්ණායකයන්ට කොටු වන්නේද එවැන්නන්ය. ඒ නිසා අප කිසිවකු කියන පලියට හෝ ඇඟිල්ල දිගුකර පෙන්වන පලියට හෝ හරි දේ වැරැදිය කියන්නවත් වැරැදි දේ හරි යැයි කියන්නටවත් ඉක්මන් නොවෙමු. පුහු නිර්ණායකයන්ට කොටු නොවෙමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මීටපස්සේ ‘ගරු’ නෑ..! ‘තුමනි’ නෑ..!! නම්බුනාම නෑ..!!! ‘කතානායක’ විතරයි! උත්සවවලදි නම කියලා අවසර ගන්නෙත් නෑ! විපක්ෂනායක සජිත් දැඩි තීන්දුවක් ගනී! I Sri Lanka Latest News

Next Post

ලයිට් බිල අඩුකරලා! අඩුවෙන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.