ව්‍යවස්ථා විරෝධී ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් මින් ඉදිරියට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවේ මුලසුනේ සිටියදී ඔහුට ‘ගරු කතානායකතුමා’ යනුවෙන් ආමන්ත්‍රණය නොකිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට ඇත. Sri Lanka Latest News
එමෙන්ම ‘කතානායකතුමනි’ යනුවෙන් ආමන්ත්‍රණය නොකිරීමටත්, ‘කතානායක’ යනුවෙන් පමණක් ආමන්ත්‍රණය කිරීමටත් විපක්ෂනායකවරයා තීරණය කොට ඇති බව වාර්තා වේ.
පසුගිය සදුදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂනායකවරයා පළමුවරට එසේ ආමන්ත්‍රණය කොට ඇති බවද දැනගන්නට තිබේ.
මීට අමතරව කතානායකවරයා සහභාගී වන ප්‍රසිද්ධ රැස්වීම්වලදී ඔහුගෙන් අවසර නොගැනීමටද විපක්ෂනායකවරයා තීරණය කොට ඇත.
ඒ අනුව රොනී ද මෙල් මහතාගේ අවමගුල් උත්සවයේදී සිය කතාවේදී සියල්ලන්ගෙන්ම අවසර ගත්තද කතානායකවරයාගෙන් අවසර ගැනීමට විපක්ෂනායකවරයා කටයුතු කොට නොමැති බවද දැනගන්නට තිබේ.