ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට පසුගිය 14 වැනිදා දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා ද ඇතුළුව පැමිණිලි 4,215ක් මැතිවරණ කොමිසමට ලැබී ඇතැයි එහි ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම පැමිණිලි අතරින් ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,360ක් ලැබී තිබූ අතර, එවායින් 958ක් සඳහා විසඳුම් ලබාදී තිබේ.
තවත් පැමිණිලි 402ක් පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටින බවද වාර්තා වේ.
දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 2,855ක් ලැබී තිබූ අතර, එයින් පැමිණිලි 2,685ක් සඳහා විසඳුම ලබාදී ඇති බවයි එම කොමිසමේ ප්‍රකාශකයා සඳහන් කළේ.
ඊට අදාළව පැමිණිලි 172ක් පිළිබඳ තවදුරටත් ක්‍රියා කරමින් සිටින බවද සඳහන්ය.
ඒ අනුව විසඳා ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3,641ක් වන අතර, තවදුරටත් ක්‍රියා කරමින් සිටින පැමිණිලි සංඛ්‍යාව 574කි.
ප්‍රේමලාල් විජේරත්න










