• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිව පොලිස් මාමලා අරන් ගියේ මාංචු දාලා! අපිට ගැහුවේ කූඩැල්ලො දාලා කරන්ට් එක අල්ලලා! 5වැනි පන්තියේ දරුවන්ට පොලිසිය දුන්න අමානුෂික වධ! මේ අපරාධවලට දඬුවම් ලැබෙන්නේ කවදාද?

November 14, 2022
in Exclusive, News
Reading Time: 7 mins read
A A
විමලා මෙහෙ වරෙන්කො… පුංචි උනාට ඔබට ඕන වැඩක් පුළුවනි කියලා තමයි කිව්වේ… රටම දන්න ආච්චි කෙනෙක් ළමා දිනයට ලියූ මේ කතාව කියවන්න…
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන් කටයුතු කරන්නේ තමන්ගේ වගකීම මොකක්ද කියලාවත් හිතන්නේ නැතුවයි. අද වෙනකොට දරුවකුට පාසලක් තුළ තිබෙන ආරක්ෂාව මොකද්ද? අපි දන්නා විදියට පාසලක් කියන්නේ යහපත් දරු පරපුරක් සමාජයට බිහිකරන ප්‍රධානම ස්ථානයයි. දරුවෙක්ට තමන්ගෙ නිවෙස වගේම ආරක්ෂාවක් ලැබෙන්නෙත් පාසල තුළින් කියලයි අපි අහලා දැකලා තිබුණේ. නමුත් එවැනි ආරක්ෂාවක් පාසල තුළින් දරුවන්ට නොලැබෙන අවස්ථාත් දැන් දැන් අහන්නට ලැබීම කනගාටුවට කරුණක්. පාසල තුළදී ඇතැම් ගුරුවරුන්ගේ සැහැසිකම් නිසා අහිංසක දරුවන් පීඩාවට පත්වන අවස්ථාත් දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා.

එවැනි සිදුවීමක් පසුගියදා අපට අහන්න ලැබුණේ බණ්ඩාරගම මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයෙන්. මෙම සිදුවීමට හේතු වී තිබුණේ පසුගිය 02 වැනිදා එම පාසලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් අස්ථානගත වීමේ සිද්ධියක්. එම සිද්ධියට ගුරුවරුන්ගේ සැකයට බඳුන්ව තිබුණේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත සිසුන් කිහිප දෙනෙක්. දරුවන් 12 දෙනකු එම සිද්ධියට සැක කළ විදුහල්පතිනිය සහ ගුරුවරුන් කිහිප දෙනකු මේ පුංචි දරුවන්ව දණගස්සවා දඬුවම් දී ප්‍රශ්න කර තිබුණා. නමුත් මේ ගුරුවරුන්ට මුදල් පසුම්බිය සොයා ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ. පසුව විදුහල්පතිනිය පොලිසියට පැමිණිලි කොට පොලිස් නිලධාරින්ව පාසලට ගෙන්වීමට කටයුතු කර තිබුණා. පොලිසිය පාසලට පැමිණ දරුවන් තිදෙනකුට බැටන් පොලුවලින් මුහුණට හා ශරීරයට පහරදී ජීප් රථයට නංවා රැගෙන යන්නට වුණා. ඒ යන අතරමඟදී වයරයක් උපයෝගී කරගෙන එම දරුවන්ට විදුලිසර වැදීමට සැලැස්වීමටද පොලිස් නිලධාරීන් කටයුතු කළ බව බව වාර්තා වුණා.

අම්මා කෙනෙක් තමන්ගේ දරුවා මාස දහයක් කුසේ තියන් මේ ලෝකෙට බිහි කළේ පිට මිනිස්සුන්ගේ හිරිහැරවලට ලක්වෙන්නට නොවෙයි. තම දරුවන්ව පාසල් යැව්වේ පාසලේ විදුහල්පතිතුමා ගුරුවරු ගැන විශ්වාසයෙන්. ළමයින්ට ආරක්ෂාව තියෙන හොඳම තැන පාසල කියා හිතාගෙනයි. නමුත් ඒ විශ්වාසය බොඳ වුණාම මවුපියන්ට ඒක දරාගන්න බැහැ. මේ නිසාම පාසලේදී තම දරුවන්ට සිදුවූ දරුණු ශාරීරික වධ හිංසාව ගැන එම දරුවකුගේ මවක් ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දෙන්නට වුණා. ඒ අනුව මේ අමානුෂික ක්‍රියාව පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන්නට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගත්තා. ඔවුන් මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති S.A.G.M. විජේරත්න මහතාගෙන් විමසූ විට ඔහු කියා තිබුණේ මෙවැන්නකි.

‘පොලීසියට එල්ල කරන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. දරුවන්ට කිසිම පහරදීමක් පොලිසිය පැත්තෙන් සිදුවෙලා නැහැ. දරුවන්ව බය කිරීමක් පමණයි කළේ. මටත් දරුවෝ ඉන්නවා. කරන්ට් එක ඇල්ලුවා, බැටන් පොලුවලින් ගැහුවා කියන කතාව බොරු…’

පොලීසිය එසේ කීවත් පුංචි දරුවන්ගේ දෑත්වල දැකගන්නට ලැබුණේ සීරීම් සහ තැළීම්ය.
මේ අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් සිද්ධියට මුහුණ දුන් දරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දරුවන් ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.

‘විද්‍යා මිස් කතාකරලා ඇහුවා කවුද බෝතල්වලට චූ කළේ, පර්ස් ගත්තේ කියලා. අපි කිව්වා අපි ගත්තේ නැහැ කියලා. මේගොල්ලෝ තමයි ගත්තේ කියලා විද්‍යා මිස් ගැහුවා. ඊට පස්සේ අපිට මැඩම් කතා කළා. මැඩම් කතාකරලා අපිව දණගැස්සුවා. පස්සේ ඇත්ත කියන්න කියලා ගහපු පාර ළමයෙක්ගේ ඔළුව වැදුණා අල්මාරියේ. අල්මාරියේ වැදුණට පස්සේ එයාගේ ඔළුව පොඩ්ඩක් තුවාල වුණා. පස්සේ පොලිසිය ගෙන්නලා අපිට ගැහුවා. කූඩැල්ලෝ දාලා කරන්ට එක අල්ලලා තමයි ගැහුවේ. මටයි පොඩි දසුන්ටයි තමයි පොලීසියෙන් ගැහුවේ. අපිව මාංචු දාලා අරන් ගියේ. අපි තුන්දෙනෙක් පොලීසියට ගෙනියනවා කියලා ජීප් එකට නග්ගගෙන පොලිස් මාමලා අරන් ගියා. අපිව වැල්ලම්තුඩාව පැත්තට ගෙනිහිල්ලා ජීප් එක ආයෙත් හරවාගෙන ආවා. ඒ යන අතරතුර තමයි කරන්ට් එක ඇල්ලුවේ. ඇත්ත කියන්න කියලා තමයි ගැහුවේ. යනකොටත් බැණ බැණ තමයි අපිව අරන් ගියේ…’

මෙලෙස අඩන්තේට්ටම්වලට ලක්වූ දරුවකුගේ පියෙක් මෙලෙස අදහස් දක්වා සිටියා.

‘දැන් සතියකට ඉස්සෙල්ලා සිදුවුණු දෙයක් තමයි මේ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නේ. පොලීසියට ළමයි තුන්දෙනෙක් ගෙනිහිල්ලා. මගේ ළමයට තමයි වැඩිය ගහලා තියෙන්නේ. ඉස්පිරිතාලේ දවස් දෙකක් හිටියා. තාමත් රිදුම් තුවාල අඩුවක් නැහැ. බෙහෙත් කරනවා…’

මෙම කනගාටුදායක සිදුවීම පිළිබඳ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පැවැසුවේ,

‘විනය විරෝධී ක්‍රියා කළැයි 5 වසරේ දරුවන්ව විදුහල්පතිතුමිය සහ තවත් ගුරුවරුන් දරුවන්ට පහරදීමට කටයුතු කරලා, පාසලේ පුස්තකාලයට දාලා වහලා ළඟම පොලිස් ස්ථානාධිපතිට කතා කරලා කියලා තියෙනවා. පොලිස් නිලධාරීන් දරුවන්ට යම් ආකාරයකට පහරදීමක් කරලා තියෙනවා. පොලිස් ජීප් රියෙන් රැගෙන යන අවස්ථාවේ දරුවන්ට විදුලිසර වැදීමට සලස්වලා කියලා අනාවරණ වෙලා තියෙනවා. අපි මේ දරුවන්ට වුණු අසාධාරණය ගැන පරීක්ෂණ පවත්වනවා. පොලිස් ජීප් රථය ළමා ආරක්ෂක භාරයේ විශේෂ විමර්ශන ඒකකය භාරයට ගනු ලැබුවා. මේ නිලධාරීන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයට අනුව ක්‍රියා කරනවා…’ යනුවෙනි.

සිද්ධියට සම්බන්ධ විදුහල්පතිතුමිය, ගුරුවරිය ඇතුළු මිල්ලනිය පොලිසීයේ නිලධාරීන් තිදෙනෙක් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. එහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් අධිකරණ හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ,

‘ස්වාමීනි, සැකකාර විදුහල්පතිවරිය සහ නියෝජ්‍ය විදුහල්පතිවරිය දරුවන් කිහිපදෙනකු පුස්තකාල ශාලාවට රැගෙන ගොස් දණගස්වා ඔවුන්ගේ පාදවලට හා විළුඹට වේවැල්වලින් සහ ලී පතුරුවලින් පහර දී තිබෙනවා. පසුව පොලිස් ජීප් රථයක් පාසල තුළට ගෙන්වාගෙන පොලීසියට භාරදී තිබෙනවා. ජීප් රථයේ සිටි සැකකාර පොලිස් නිලධාරීන් ජීප් රථයේ තිබෙන වෝකිටෝකි යන්ත්‍රවලට විදුලිය සපයන රැහැන්වලින් අදාළ දරුවන්ගේ දණිස් පුලුස්සා තිබෙනවා. පසුව මුදල් පසුම්බිය පෙන්වීමට යැයි පවසමින් අදාළ දරුවන් පාසල අසල තිබෙන කැලෑ ප්‍රදේශයට ගෙනගොස් සැකකාර පොලිස් නිලධාරීන් විසින් පුවක් මල්වලින් අදාළ දරුවන්ට පහරදී තිබෙනවා. මෙම පහරකෑම නිසා අසාධ්‍ය වූ දරුවකු හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා…’ යනුවෙනි.

සැකකරුවන් සියලු දෙනාට කෲරත්වය, අපහරණය සාපරාධී බියගැන්වීම, වධ හිංසා පැමිණවීම යන චෝදනා යටතේ නඩු පවරන්නට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගත්තා. කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, තවත් පොලිස් නිලධාරියකු සහ ගුරුවරියක් ඇප මත නිදහස් කරනු ලැබුවා.

ඇත්තෙන්ම අවුරුදු 10ක් වයස දරුවන් පොලීසියට ගෙනිහින් පහරදීම කොයි තරම් නින්දිත ක්‍රියාවක්ද? ඒ නිලධාරීන්ටත් දරුවන් නැද්ද කියලායි අහන්න තියෙන්නේ. මේ දරුවන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. මෙවැනි සිදුවීම් දරුවන්ගේ පෞරුෂ වර්ධනයටත් බෙහෙවින් බලපානවා. ඔවුන් දඬුවම් කළේ හයක් හතරක් නොදන්නා අහිංසක දරුවන්ටයි. ගුරුවරුන්ට ගුරු පුහුණුව ලබාදෙන විට දරුවන්ගේ මානසිකත්වය ගැන හිතන විදිය ඔවුන්ට උගන්වන්නේ නැද්ද කියලයි මේ ගුරුවරුන්ගෙන් අහන්න තියෙන්නේ.

මේ අහිංසකයන්ට දඬුවම් කළේ දරුණු මංකොල්ලකාරයන්ට වගෙයි. එදා අපි පාසල් යනකොට ගුරුවරුන්ට තිබුණ ගුරු ගෞරවය අද ගුරුවරුන් නැතිකරගෙන. අද බහුතරයක් ඉන්නේ තමන්ගේ රැකියාව කරලා ගෙදර යන පිරිසක්. එදා ගුරු ගෝල සම්බන්ධය යහපත් සමාජයක් ගොඩනඟන්න උපකාරී වුණා. ඒත් අද ඊට හාත්පසින්ම වෙනස්. මෙයට හේතුව නුසුදුසු පුද්ගලයන් නුසුදුසු තනතුරුවලට පත්වීමයි. රටේ හොරු මංකොල්ල කාරයෝ බිහිවෙලා.

දණ්ඩ නීති සංග්‍රාහයේ 75 වැනි වගන්තියේ දක්වා තිබෙන්නේ අවුරුදු 12 දක්වා දරුවෙක්ව අපරාධකාරයන් වෙන්නේ නැහැ කියලයි. ඒ නීතිය පොලීසියට තේරෙන්නේ නැද්ද? එහෙම නැත්නම් පොලීසිය ඒ ගැන දන්නේ නැද්ද? අපට අහන්න තියෙන්නේ එපමණයි.

තවත් ඛේදනීය පුවතක් පසුගියදා අපට අසන්නට ලැබුණේ මනම්පිටිය සිංහල මහා විද්‍යාලයෙන්. ඒ පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි දැරියක් බාල වයස්කාර ගැබිනියක් බව පවසා රාජ්‍ය ආයතනවලට රාජ්‍ය නිලධාරියකු විසින් ලිපියක් යැවීම මේ සිදුවීමයි. මේ නිසා ඇය නීතියේ පිහිට ඉල්ලමින් වැලපෙමින් සිටින බව අපට අසන්නට ලැබුණා. මේ දැරිය පාසල් යෑම නවතා දමා තිබුණේ සිය නිවෙසේ ඇති ආර්ථික අපහසුතා නිසයි. දැරියගේ පාසල් ගමනට කණකොකා හඬන්නට වුණේ කිසිම දෙයක් කරකියාගන්නට නොහැකි වීමෙනි.

මනම්පිටියේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවකු වූ නිමල් ජයරත්න මහතා ‘දලුකානේ තිත්ත ඇත්ත මෙන්න… අනෙක් ළමයි කද්දී මට ඇඬෙනවා’ යනුවෙන් පුවත් පත් ලිපියක් පළකරන්නට වුණේ මේ දැරියගේ පාසල් ගමන යළි ආරම්භ කිරීම සඳහා දැරියට උපකාර කිරීමේ චේතනාවෙනි. දිඹුලාගල ආශ්‍රිත ගම් අටක පවතින දරුණු ආහාර හිඟය පිළිබඳ මේ මාධ්‍යවේදියා රටට හෙළිකිරීමෙන් පසුව එය එසේ නොවන බව තහවුරු කිරීමට ඒ ප්‍රදේශ භාර රාජ්‍ය නිලධාරීන් කටයුතු කර තිබුණා. ඒ සඳහා අරලගන්විල ප්‍රාදේශීය ලේකම්, අධ්‍යාපන අධ්‍යක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන් රැසක්ම විවිධ ක්ෂේත්‍ර පරීක්ෂාවන් සිදුකර එය අසත්‍ය පුවතක් බව පවසන්නට උත්සාහ දැරුවා.

මේ පුවත්පත් වාර්තාව නිරීක්ෂණය කරමින් මේ දැරිය අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ගැබ්ගත් බාල වයස්කාර මවක් බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ජනාධිපතිවරයා ඇතුළු සියලු බලධාරීන්ට ලිඛිතව දැනුම් දීමටයි පියවර ගෙන තිබුණේ. නමුත් මේ දැනුම්දීම සම්පූර්ණ අසත්‍යයක් බව හෙළිවන්නට වැඩි දවසක් ගතවූයේ නැහැ. මේ වන විට දැරිය මානසික පීඩනයට පත්ව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ නිසා දැරියට සමාජයට මුහුණ දීමට බැරි තත්ත්වයක පසුවන බවද අපට දැනගන්නට ලැබුණා.

දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ වාර්තාවකට අනුව අදාළ ලිපිය පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි මහතා සකසා ඇති අතර, එය ජනාධිපති මාධ්‍ය අංශයට, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට යොමු කිරීමටයි පියවර ගෙන තිබුණේ. ඉන් මේ දැරියගේ ජීවිතයට සිදුවූ කැළල ඉතා විශාලයි. කිසිවක් හරි හැටි සොයාබැලීමෙන් තොරව හිතුමතේ ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයි මේ ඔවුන් අත්දකින්නේ. මෙම සිදුවීම නිසා දැරිය සිත්තැවුලට පත්ව ඇති අතර, ඇය පවසා සිටින්නේ මේ ද්වේශසහගත ව්‍යාජ චෝදනාව නිසා තමාට ජීවිත්වීම පවා එපා වී ඇති බවයි. ඇය ජීවිතය මුහුකුරා ගියේ නැති වුණත් තමන්ගේ ජීවිතයට සිදුවුණු අපකීර්තියට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මලීෂා සෙව්වන්දි බණ්ඩාර නම් මෙම දැරිය පාසල් නොගිය හේතුව හැඬූ කඳුළින් පැවසුවේ මේ ආකාරයටයි.

‘මම සති දෙකක්ම ඉස්කෝලේ ගියේ නැත්තේ බස් එකට සල්ලි නැති නිසා. මට ඉස්කෝලේ යන්න පොත් තිබුණෙත් නැහැ. හරියට අපට කන්න කෑමත් නැහැ. කටු අල කාලා තමයි ජීවත් වුණේ…’
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි මහතාගෙන් මේ ගැන විමසිමේදී ඔහු පවසා තිබුණේ,

‘ඒක මම නිවැරැදි කරලා යවනවා. මට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් නිවැරදි කරලා ලියුමක් ගෙනත් දුන්නා. ඒ දැරිය එහෙම තත්ත්වයක නැහැ කියලා. ඒ නිසා ලියුම දාපු හැම තැනටම නිවැරදි කරලා යවනවා…’ යනුවෙනි.

ඔහු දැන් කුමක් කීවද මලීෂා දැරියගේ ජීවිතයට ඉන් සිදුවූ කැළල යළි කෙදිනකවත් නිවැරදි කරන්නට නොහැකි දෙයකි.

මෙවැනි අත්තනෝමතික කටයුතු සිදුකරන රාජ්‍ය නිලධාරීන් අහිසංක පාසල් දරුවන්ගේ ජීවිත සෙල්ලමකට ගෙන තිබෙන අයුරු මේ සිදුවීම නිරීක්ෂණය කිරීමේදී ඕනෑම කෙනකුට පැහැදිලි වන කරුණකි. ඔහු පාසල් දරුවකුට මෙවැනි චෝදනාවක් එල්ල කිරීමට පෙර ඒ පිළිබඳ විධිමත් ලෙස සොයා බල්ලනට තිබුණා. නමුත් ඔහු එසේ කර තිබුණේ නැහැ. එබැවින් එම දැරිය වෙනුවෙන් නීතිඥයකු ඉදිරිපත්වී ඇයට සාධාරණයක් ඉෂ්ට කරනවා නම් එය ඇයට මහත් උපහකාරයක් වේවි. මේ දැරියට සිදුවූ අපහාසයට වගකිව යුත්තාට නීතියෙන් නිසි දඬුවම් ලැබිය යුතුමයි.



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

18 දක්වා වසන්ත යළිත් ඇතුළට! තවත් මාස 6ක් බන්ධනාගාරය ඇතුළේ හිරකරන සැලැස්මක් එළියට එයි! (VIDEO)

Next Post

මේක මාර වැඩක්! මොකක්ද මේ ලංකාවෙ පොලීසියට වෙලා තියෙන්නේ?

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.