ඉන්දියාවෙන් මෙරටට තහනම් භාණ්ඩ රැගෙන එනු ලැබූ බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන, ඔවුන් සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් සහ රන් භාණ්ඩ සොරාගත්තැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයට භාරවූ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිවුදෙනකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඒ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (14) ලබාදුන් නියෝගකට අනුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරික්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
ඔවුන් ඉදිරියේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.










