මෙම වසරේ ජනවාරි මස 01 දා සිට ඉකුත් ජූලි මස 29 දා දක්වා කාලය තුළදී සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 1,22,913ක්ද, අයිස් කිලෝ 1,396,709ක්ද ඇතුළුව මත්ද්‍රව්‍ය කිලෝ ලක්ෂ ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙකී වැටලීම්වලදී හෙරොයින් කිලෝ 928,787 ක්ද, අයිස් කිලෝ 1,396,709ක්ද, ගංජා කිලෝ 11,192,823ක්ද, කොකේන් කිලෝ 27,836ක්ද, හෂීස් කිලෝ 381,428ක්ද අත්අඩංගුවට ගතහැකි වූ බවද පොලිසිය කියයි.
මෙම මත්ද්‍රව්‍යවලට අමතරව සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 94 දෙනෙක්ද, ඒ හැර අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයන් 13 දෙනෙක්ද, මෙකී මෙහෙයුම් අතරතුරදී නීති විරෝධී ගිනි අවි 3ක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
මුළු රටම ආවරණය වන පරිදි සිදුකළ මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාවලියට ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව කටයුතු කළ බවද, මෙම වැටලීම්වලදී පුද්ගලයන් විශාල පිරිසක්ද, වාහන 10,128ක්ද, යතුරුපැදි 7,734 ක්ද පරීක්ෂාවට ලක්කරනු ලැබූ බවද පොලිසිය කීය.
රට තුළ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමත්, මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීමත් අරමුණු කොටගෙන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ රට පුරා මෙම වැටලීම් ජාලය දියත් කළ බවද පොලිසිය වැඩිදුරටත් අනාවරණ කළේය.
නන්දන ශ්‍රී දොරකුඹුර










