• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බ්ලූම්බර්ග් ලෝකෙටම කියපු ආර්ථික ඔස්තාර්ලා අපේ මිනිස්සුන්ට හංගන රුපියලේ ශෝකාලාපය I Sri Lanka Latest News

August 3, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුපියල අවප්‍රමාණ වීම, රුපියල පාකිරීම, රුපියල කඩාගෙන වැටීම, රුපියල ශක්තිමත් වීම, ඩොලරය නැගීම සහ බැසීම, ඩොලරය කඩාගෙන වැටීම, ඩොලරය ශක්තිමත් වීම, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය. මොනවද මේ තරම් පසුගිය සමීප කාලයක් පුරා අසන්නට ලැබුණු කතන්දර? හරියටම මෙයට මාස කිහිපයකට උඩදී, එනම් මෙම වසරේ මුල් භාගයේදී මේ කතන්දර බහුතරයක්ම අපට අසන්නට ලැබුණේය.(Sri Lanka Latest News)

සාමාන්‍ය මිනිසුන් වන අපට මේ මොන කෙංගෙඩියක්වත් තේරෙන්නේ නැත. ඩොලරයේත්, රුපියලේත් මෙම කතාන්දර පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවත්, ලෝකයත් උඩුයටිකුරු කරන තත්ත්වයට පැමිණියේය. එනම් මෙයට මාස කිහිපයකට පෙර ලෝකයේ මූල්‍ය වාර්තා පෙන්වා දුන්නේ අපගේ ශ්‍රී ලංකාවේ රුපියල ආසියාවේ තිබෙන ප්‍රබලතම සහ හොඳම මුදල් ඒකකය බවට පත්වීමේ කතාවකි. එයට හේතුව ලෙස පෙන්වා දී තිබුණේ මෙරට තුළ ඇමෙරිකානු ඩොලරයේ අගය ඉතා ශීඝ්‍ර ලෙස පහත වැටීමේ තත්ත්වයකි. කලකට ඉහතදී රුපියල් 365ක පමණ අගයකට ඉහළ නැග තිබුණු ඩොලරය පසුගිය කාලයේදී රුපියල් 295 දක්වාම පහත වැටී තිබිණි. මේ නිසා රුපියලේ අගය ඉහළ යෑමට පටන් ගත්තේය.

මේ මොන හතර වරිගයක්වත් තේරෙන්නේ නැති මිනිස්සු මාර්කට් එකට යන්නේ එදිනෙදා අඩු මිලට බඩු ටිකක් අරගෙන එන්නටය. එහෙත් මොහොතින් ඔවුන්ගේ සිහිය විකල්වී යයි. එළවළු කිලෝ එකක් රුපියල් 400යි. මාළු කිලෝ එකක් රුපියල් 1,800යි. හාල්, පොල් සහ අනෙක් සිල්ලරද එසේමය. ඉතින් මිනිස්සු තමන්ට අවශ්‍ය දේ දෙස දෙනෙත් යොමා සිට හිස් අතින් ගෙදර පැමිණෙති. මේ අතරේ අපගේ රාජ්‍ය පාලකයෝ ඩොලරය ගැනත්, රුපියල ගැනත් කියමින් බොර දියේ මාළු බාති.

තමන්ගේ පුරාජේරුව වර්ණනා කරති. ‘ඌරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට රජ මඟුල් යැයි’ කිව්වා සේ මේ නිගණ්ඨ දේශපාලකයෝද ප්‍රමෝදයට පත්වෙති. පසුගිය මාස කිහිපය තුළ මෙලෙස රුපියල ශක්තිමත් වීම ගැන වඩාත්ම ජනතාව ගොනාට අන්දවමින් පිස්සු කෙළියේ මේ දේශපාලකයන්ය. රාජ්‍ය පාලකයන් උදම් අනන්නට ගත්තේ තමන්ගේ පාලන ක්‍රම රටාව නිසා මෙවැනි යහපත් ආර්ථික රටාවක් ඇතිව තිබෙන බව පවසමිනි.

රජය මේ තත්ත්වය යටතේ අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ මිල අඩු කරන බව පවසති. එහෙත් ඒ කතා කටින් බතල කොළ සිටුවීමකි. සතොසේ බඩු මිල අඩු යැයි කී විට සතොසට යන විට එතැන හිස් ගබඩාවකි. කොස්, පොලොස්, ඇඹරැල්ලා සහ කෙසෙල් මුව පවා නහුතෙට ඉහළ නැග්ගේය. ඉතින් අනෙක් එළවළු ගැන කුමන කතාද?

අපේ රටේ සැමදා අසන්නට ලැබෙන මේ ශෝකාලාපය ගැන යමක් ලියා තබමින් මේ ලිපිය ආරම්භ කළේ ඇයි? එයට හේතු වූයේ මෙයට දින කිහිපයකට ඉහතදී විදෙස් රටවල් හරහා අපට අසන්නට ලැබුණු කතාන්දරයකි. එනම් අප මුලින්ම කතා කළ ඩොලරයේත්, රුපියලේත් අලුත්ම වගතුගකි. අද මේ මිතුරන් දෙදෙනාට සිදුව ඇත්තේ කුමක්ද? එය නම් අතිශය මහා ශෝකාලාපයකි. ලෝකයේ ප්‍රධානතම පෙළේ මාධ්‍ය අඩවියක් වන ‘බ්ලූම්බර්ග්’ (Bloomberg) මෙම සුවිශේෂ පුවත වාර්තා කර ඇත.

මේ 2023 වසරේ මුල් භාගය තුළ ආසියාවේ හොඳම ක්‍රියාකාරීම මුදල් ඒකකය බවට පත්වූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ආසියාවේ දුබලතම මුදල් ඒකකය බවට පත්ව ඇති බව මෙම වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ඒ අනුව ‘බ්ලූම්බර්ග්’ පෙන්වා දී ඇත්තේ අඛණ්ඩව දින 14ක් වැනි කෙටි කාලයක් තුළදී රුපියල 6%කින් අවප්‍රමාණ වී ඇති බවයි. පොලී අනුපාත කප්පාදුව සහ ආනයන පාලනයන් ලිහිල් කිරීම හේතුවෙන් තවදුරටත් රුපියල අවප්‍රමාණ විය හැකි බවත්, මේ වසර අවසානය වන විට ඇමෙරිකානු ඩොලරය රුපියල් 355ක් ඉක්මවා යන අගයක් ගනු ඇති බවත් එම වෙබ් අඩවිය කියා සිටියි.

මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ යෑම සිදුවෙමින් තිබේ. මෙහිදී ගැනුම් මිල සහ විකුණුම් මිල ලෙස ඩොලරයේ අගය සඳහන් වෙයි. එනම් විකුණුම් මිලත්, ගැනුම් මිලත් යන දර්ශක දෙකම දිනෙන් දිනම ඉහළ යමින් ඇත.

මෙම විෂයට අදාළ පුවතම 2023 මාර්තු මාසයේදී ‘බ්ලූම්බර්ග්’ මාධ්‍ය වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ ප්‍රතිවිරුද්ධ අතටය. එනම් එහිදී වාර්තා කර තිබුණේ ආසියාවේ වේගයෙන්ම සහ ශක්තිමත්ව වර්ධනය වන මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බවයි. මෙම ශ්‍රී ලංකා වත්මන් ආර්ථික අර්බුදය යනු දීර්ඝ කාලයක් පුරා පවතින පරිපාලන හා මූල්‍යමය කළමනාකරණයේ දුර්වලතාවක ප්‍රතිඵලයක් ලෙසටද පෙන්වා දී ඇත. එලෙස සුබවාදීව වාර්තා කළ පුවත මෙයට දින කිහිපයකට පෙර වාර්තා කර ඇත්තේ අසුබවාදී, එමෙන්ම අවිනිශ්චිත ආකාරයකිනි. මෙම තත්ත්වය ලෙහෙසියෙන් අල්ලා ඉවත දැමිය හැකි එකක් නොවේ.

එසේම මෙම වගතුග අපගේ ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය තීරණය කරනු ලබන ඉතා ප්‍රබල සාධකයකි. දැන් එසේ නම් මෙවැනි බරපතළ නිගමනයක් ප්‍රකාශ කරනු ලබන මෙම ‘බ්ලූම්බර්ග්’ නමැති මාධ්‍ය ආයතනය යනු කුමක්ද? සමාජයට එම ආයතනයේ විවිධ පුවත් ලොව පුරා අසන්නට ලැබුණත් මෙම සංවිධානයේ සැබෑ තතු බොහෝ දෙනකු නොදන්නේය. එහෙයින් ඒ ගැන අප සොයා බලමු.

‘බ්ලූම්බර්ග්’ (Bloomberg) යනු සම්පූර්ණයෙන්ම ඇමෙරිකානු අයිතියක් ඇති මාධ්‍ය සංවිධානයකි. මෙහි මූලස්ථානය ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටා ඇති අතර, තවත් ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් එංගලන්තයේ ලන්ඩන් නුවර සහ හොංකොං රාජ්‍යයේ පිහිටා ඇත. ඇමෙරිකාවේ ප්‍රකට ආර්ථික විද්වතකු සහ ආර්ථික විද්‍යා ලේඛකයකු වන මයිකල් බ්ලූම්බර්ග් විසින් මෙම ආයතනය ආරම්භ කරන ලද්දේ මෙයට වසර 33කට පෙර 1990 වසරේදීය.

දැනට 81 වැනි වියෙහි පසුවන ඔහු ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපතිවරයා ලෙස වසර 11ක් නොකඩවා කටයුතු කළ ප්‍රකට දේශපාලනඥයකු වෙයි. එසේම ඔහු දැනට ඇමෙරිකාවේ ආරක්ෂක නවෝත්පාදන මණ්ඩලයේ වත්මන් සභාපති ධුරයද උසුලයි. මයිකල් බ්ලූම්බර්ග් ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියද, කීර්තිමත් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර ශාස්ත්‍රපති උපාධියද හිමිකරගෙන ඇත. මොහු සතු මෙම ‘බ්ලූම්බර්ග්’ මාධ්‍ය සංවිධානය බොහෝ විට ලෝකය පුරා වාර්තා කරනු ලබන්නේ ව්‍යාපාරික සහ මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ පුවත්ය.

ඒ සඳහා මෙම ආයතනය තුළ දැනට ආර්ථික විද්‍යාව සහ මූල්‍ය කළමනාකරණයට අදාළ දක්ෂතා ඇති විද්වතුන් මෙන්ම ලේඛකයන්ද 2,300ක් සේවයේ නිරතව සිටිති. එසේම අද ලොව බොහෝ නිරවද්‍යතාවකින් ආර්ථික සහ මූල්‍ය පුවත් වාර්තා කරන මාධ්‍ය සංවිධානයක් ලෙස මෙම ආයතනය විශ්වසනීයත්වය සහ කීර්තිය හිමිකරගෙන ඇත.

මෙලෙස මෙයට පෙර සිදුවූ ඩොලරයේ ඇදවැටීම සහ රුපියල ඉහළ නැගීම හෝ දැනට සිදුවෙමින් පවතින ඩොලරය ඉහළ නැගීම සහ රුපියල ඇදවැටීම ගැන මෙරට තුළ නිසි බුද්ධිමත් කතිකාවක් ඇතිව තිබුණු ආකාරයක් පෙනෙන්නට තිබුණේ නැත. මෙම තත්ත්වයන් යම් පුවත් හරහා ප්‍රකාශ වනවා මිසක වෙනත් විශේෂ විග්‍රහයක් දක්නට තිබුණේ නැත.

ඇමෙරිකාවේ ආර්ථිකය ඉතා ඉක්මනින් කඩාවැටෙනු ඇතැයි ප්‍රකට ආර්ථික විශේෂඥයන් කියා සිටියේය. මෙම මහා ආර්ථික අර්බුදය හමුවේ ජෝ බයිඩන් රජයට සිදුවූයේ වහාම කොංග්‍රසයේ සිටින විරුද්ධ පක්ෂයේ සහාය ලබාගැනීමය. එනම් කොංග්‍රසයේ කතානායක සහ විරුද්ධ රිපබ්ලිකන් පක්ෂයේ නායක කෙවින් මැකර්තිගේ (Kevin McCarthy) සහ අනෙකුත් විරුද්ධ පක්ෂ සාමාජිකයන්ගේ සහාය ලබාගැනීමට ඔහුට සිදුවිය.

මෙය මහා දේශපාලන අරගලයක ස්වභාවය ගත්තේය. මෙම තත්ත්වය කෙතරම් ගැඹුරු ප්‍රශ්නයක්ද යත් මෙවැනි තත්ත්වයක් මීට පෙර ඇමෙරිකාවට උද්ගතව තිබුණේ මෙයට වසර 40කට පෙර යැයි ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කර තිබිණි. දැන් ඇමෙරිකාව තුළ මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබියදී ලෝකය පුරා ඇමෙරිකානු ඩොලරයද බාල්දු වන්නට ගත්තේය. ලෝකයේ රටවල් රැසක් තුළ ඩොලරය අස්ථාවර තත්ත්වයට පත්වන්නට වූ අතර, ශ්‍රී ලංකාවද ඉන් එක රටක් විය.

මෙම තත්ත්වයෙන් වහා මිදීමට බයිඩන් රජය තීරණය කළේ විරුද්ධ පක්ෂය සමග සුහදව සාකච්ඡා කර තීරණයකට පැමිණ ණය සීමා ප්‍රශ්නය විසඳා ගැනීමටය. ඒ අනුව මාසයක පමණ කෙටි කාලයක් තුළදී එම මහා අර්බුදය විසඳා ගැනීමට සමත් විය.

ලෝකයේ ප්‍රධානතම මහා බලවතා මෙසේ ‘දොරකඩ මාරාවක්’ ඉදිරියේ සිටිමින් පසුව එයින් දිවි ගලවා ගැනීම ලොවටම සුවිශේෂ සිද්ධියක් විය. එහෙත් අපේ රටේ බොහෝ දෙනකු මෙම වගතුග දැන සිටියේ නැත. අප රට තුළ ඇමෙරිකානු ඩොලරය අස්ථාවර වන්නට එක් හේතුවක් වූයේ මෙම අර්බුදය බව ප්‍රකාශ වී තිබිණි. එහිදී රුපියල ශක්තිමත් වන විට ‘ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ – සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ’ යැයි කිව්වා සේ අපගේ පාලක දේශපාලනඥයන් මහත් සතුටින් නටන්නට ගත්තේය.

එසේම එහිදී රජය විසින් විවිධ නීතිරීති ඉවත් කරමින් සහ වෙනත් ප්‍රතිසංස්කරණ පනවමින් කටයුතු කිරීම තවත් ආර්ථික අර්බුදය උග්‍ර කළ බව ආර්ථික විද්වත්හු ප්‍රකාශ කර සිටියහ. මෙලෙස ඩොලරය වැටෙමින් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වන විට එක්තරා ප්‍රකට අමාත්‍යවරයෙක් මෙසේ කියා සිටියේය.

‘අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුදල් ඇමැතිවරයා ලෙස අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පැහැදිලි මාර්ග සිතියමක් සකස් කර තිබෙනවා. මේ රටේ වැටුණු ආර්ථිකය ගොඩනැගීමට ඔහු කටයුතු කරමින් සිටිනවා. එහි ප්‍රතිඵලත් දැන් ලැබී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට භාරගත්තේ ඉතා අසීරු තත්ත්වයක තිබියදීයි.

අපි එතුමාට කොන්දේසි විරහිතව සහාය ලබාදෙනවා. අද එක පැත්තකින් රජයේ ආදායම වැඩකරන ගමන් රජයේ වියදම් අඩුකරන්න උත්සාහ කරනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයි.එම්.එෆ්.) ලබාදී ඇති උපදෙස් රට පිළිපැදිය යුතුය. විදුලි බිල, වතුර බිල වැඩිකරමින් අසීරු තීරණ ගැනීමට සිදුවුණා. දැනට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව ජාත්‍යන්තර ප්‍රජාව පිළිගෙන තිබෙනවා. මෙයින් පෙනෙනවා අපේ ආර්ථිකය සුබවාදී දිශාවකට යන ආකාරය. මෙය රටේම මහා ජයග්‍රහණයක්….’

අද කකුළුවාගේ දිය සැළිය හොඳින්ම රත්වී හමාරය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ග්‍රේට් වෙස්ටර්න් කන්දේදී මියගිය කාන්තාවගේ සිරුර ගෙන ඒමට ගිය හමුදා සෙබළෙකු මරුට! Sri Lanka Latest News

Next Post

දවස් 4ක් තිස්සේ එනවා! අදත් නෑ! දැන් ඇවිදගන්නවත් බෑ! ඇස්වැසුමත් නෑ! මිනිස්සුන්ට අස්වැසිල්ලකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.