• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝර නැවට පාර කිව්වෙ වත්තල මාලිමාවෙන්ද? ශෂීන්ද්‍ර හොයාගෙනලු, අමරවීර කියනවලු, මාලිමාව වෙන කතාවක්ලු…

March 15, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
පෝර නැවට පාර කිව්වෙ වත්තල මාලිමාවෙන්ද? ශෂීන්ද්‍ර හොයාගෙනලු, අමරවීර කියනවලු, මාලිමාව වෙන කතාවක්ලු…
Share on WhatsAppShare on Facebook

මේ උදාවෙලා තියෙන්නේ ඡන්ද කාලේ. කවදා තිබ්බත්, කොහොම වුණත් ඡන්දයක් එනවා. ඡන්දයක් ළං වෙනකොට ලංකාවේ දේශපාලකයෝ එක එක කයි කතන්දර කියනවා. සමහරු පට්ට බොරු කියනවා. සමහරු හෙන පොරවල් වෙලා කෑගහනවා. සමහරු දේශපාලනිකව පොඩි පොඩි යටි ගේම් ගහනවා. සමහරු උඩින් පේන්නම ගේම් ගහනවා. සමහරු මඩ නානවා. සමහරු මඩ ගහනවා. සමහරු හොර පූසෝ වගේ ඉන්නවා. සිල් අරගෙන වගේ ඉන්නවා. ගොඩක් අය බොරු කියනවා. සමහරු ඇත්තම කියනවා. බොරු කියලා ඇත්ත කියලා මඩ ගහලා, මඩ නාලා, හොරවැඩ කරලා, වංචා කරලා, හොරකම් කළේ නෑ වගේ ඉඳලා මේ හැමෝම කරන්නේ එකම සේලලම තමයි. හැමෝටම ඕනේ තමන්ගේ ගොඩ වැඩිකර ගන්න. හැමෝටම ඕනේ වැඩිපුර ඡන්ද ටිකක් ගන්න. මේ බලය කියන එකට තමයි මේ අයියලා, අක්කලා, නැන්දලා, මාමලා හැමෝම හරි ආසා.

මහින්ද අමරවීර මහත්තයා පහුගිය දවසක කතන්දරයක් කියනවා. ඒ කියන්නේ පොහොර නැව සම්බන්ධයෙන්. අර කලින් ආපු. ඇත්තටම ඒක පොහොර නැව කිව්වට ඒකට අපි පස්සේ හදාගත්තනේ නමක් අසූචි නැව කියලා. අසූචි කියන වචනේ නෙවෙයි ඒ කාලේ කිව්වේ. හැබැයි ඒ වචනේ නොකියා ගොඩක් ගැළපෙන විදියට අපි කියලා දැම්මා. කතන්දරේ මේකයි. මේ නැව සම්බන්ධයෙන් ඇතිවෙච්ච කතන්දරේදී අමරවීර මහත්තයා මෙහෙම එකක් කියනවා.

චීනයේ පොහොර නැව මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විදියට ජාතික ජන බලවේගය යටතේ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන කෙනෙක් සිටි බවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයා කිව්වාය කියන එක. මේක මේ අපි කියන්නේ රටේ ඉන්න මැති ඇමැතිවරු විශ්වාස කරලා. මොකද ඒගොල්ලන්ව විශ්වාස කරනවා ඇරෙන්න අපට වෙන විශ්වාස කරන්න කෙනෙක්වත්, අපට ඕවා ගැන වෙන අහන්න කෙනෙක්වත් නෑ. මොකද අපිට වඩා ඒගොල්ලෝ දැනුම් තේරුම් තියෙන අය හින්දා, බුද්ධිමත්, ගුණයහපත්, උගත් අය හින්දයි ඒ අයට මේ මැති ඇමැති තාන්න මාන්න පට්ටම් දීලා තියෙන්නේ. නැත්නම් ඒවා අපට දෙන්න එපායැ. මෙහෙම කියන කෙනාගේ නම බිමල් ජයසුන්දර. චීන පොහොර නැව සම්බන්ධව මේ නම ගෑවිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ තැන්වල විවිධ කතා තිබුණා. අපි හෙව්වා මේ බිමල් ජයසුන්දරගේ කතන්දරේ ඇත්තක්ද කියන එක. මේ පොහොර නැව සම්බන්ධව ප්‍රශ්න ඇතිවෙන්නේ ඒකෙ හානිකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු යැයි කියපු නිසා. එහෙම කියලා මේ නැව පිටත් කරලා ඇරියා. එතකොට මේ නැවට අපි වෙනම දඬුවම් මුදලක් ගෙව්වා. මේවට අපට තව තව සල්ලි දෙන්න වුණා. මේක ගෙනාවේ ඩොලර් ලක්ෂ ගානක් වියදම් කරලා කියලා තමයි එළියට ආවේ.

මේ සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමකුත් අපට ලැබුණා. ආන්දෝලනයට තුඩුදුන්නු චීනයේ සිට හානිකර බැක්ටීරියා සහිත බවට සඳහන් කාබනික පොහොර නැව මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් ක්‍රියා කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයකු පිළිබඳ පරීක්ෂා කිරීමට අප ප්‍රථමයෙන් එම සමාගම කවරේද, එහි ඉහළ කළමනාකාර නිලධාරීන් කවුද යන්න පිළිබඳ නිරීක්ෂණය කළා කියලා මේ දීර්ඝ පැහැදිලි කිරීම ඇතුළේ සඳහන් වෙලා තියෙනවා. එතකොට දැන් ඒ කතන්දරේ ඇතුළේ ඔවුන් කියන්නේ අවසාන වශයෙන් ඇත්තටම මේ සම්බන්ධයෙන් මේ පුද්ගලයාට ඔය කියන ආකාරයේ සබඳතාවක් නැති බව, හැබැයි අපට මේ විදියේ සටහනක් පමණක් තිබූ පමණින් එවැන්නක් පිළිගන්න බෑ. චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමාගමෙන් තමයි මේ මෙටි්‍රක් ටොන් 99,000 ලංකාවට ගෙනාවේ. මේ සඳහා නිර්දේශිත පොහොර තොගයෙන් 60%ක් සී/ස. ලංකා පොහොර සමගමෙනුත්, 40%ක් සී/ස. කොමර්ෂල් පොහොර සමාගමෙනුත් මිලදී ගන්න නියමිතව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා තමයි තිබුණේ.

චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමාගමේ මෙරට දේශීය නියෝජිතයන් විදියට නම් කියැවුණේ චෙලීනා කැපිටල් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයත්, සීමාසහිත ලංකා පොහොර සමාගමත්, සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගමත් කියන ආයතන. සමාජ මාධ්‍යවල දැක්වෙන කරුණුවලට අනුව මේ පුද්ගලයා මේ කුමන හෝ ආයතනයකට සම්බන්ධ විය යුතුයි කියලා තමයි සඳහන් වුණේ. හැබැයි බිමල් ජයසුන්දරගේ LinkedIn සමාජ ජාල ගිණුම පරීක්ෂා කළාම ඔහු චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමාගමේ හෝ සෙලීනා කැපිටල් සමාගමේ ඍජු හෝ වක්‍රව හෝ ආයතනික හෝ ආයතනික නොවන ලෙස හෝ සබඳතාවක් පවත්වන බව දැනගන්න නැහැ. අපි දන්නේ නෑ ඔහු ඒවා ඉවත් කළාද මේ වෙනකොට කියන එක. මොකද ඕනෙ නම් ඕනෙ කෙනකුට තමන්ගේ ගිණුම යාවත්කාලීන කරගන්න පුළුවන්කම තියෙන නිසා. ඒ වගේම අන්තර්ජාලයේ තියෙන එක්තරා පැහැදිලි කිරීමක අපි දැක්කා සෙලීනා කැපිටල් සමාගමේ වෙබ් අඩවියේ බිමල් ජයසුන්දර මහත්තයාගේ නම සඳහන් වෙලා නෑ කියලා. හැබැයි දැන් ප්‍රශ්නෙ තියෙන්නේ එහෙම නම් කොහොමද මේ ගින්නක් නැතිව දුමක් නගින්නේ කියන එක. මොකද මේ අපේ ගම්මානවල තදින් කියැවෙනවා ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ කියලා.

අපට අන්තර්ජාලයේ මුණගැහුණා බිමල් ජයසුන්දර මේ සම්බන්ධව කළ ප්‍රකාශයක්. ඒ ප්‍රකාශයත් අපි මේ සමග පළකරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව ඔහුගේ මේ ප්‍රකාශය අපි ඉතා හොඳින් සඳහන් කළ යුතු නිසා. ඒක අපි ලිපිය අගට අමුණන්නට බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් කින්ඩාවෝ බයෝටෙක් සමූහයට කොහොමද මේ ටෙන්ඩරය ලැබුණේ කියන එක සම්බන්ධයෙන් විවිධ නම්ගම් කියැවෙනවා. එවක හිටපු සමහර නිලධාරීන්ගේ නම් එහෙමත් මේ සම්බන්ධව ගෑවිලා තියෙන බව තමයි දැනගන්න තියෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මට්ටමේ ඉහළ නිලධාරීන්ගේ නම් පවා මේත් සමග ගෑවිලා තියෙනවා. මේ චීන සමාගමෙන් ගෙන්වූ පොහොරවල නව සාම්පලයක් පරීක්ෂා කරලා එහි අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බව තහවුරු වූ බව ප්‍රකාශ කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා කියලයි අපට මතක. කොහොම නමුත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි මේ නැව කාලයක් ලංකාව වටේ එහෙ මෙහෙ සක්මන් කරමින් ඉඳලා අන්තිමට රුපියල් බිලියන 12.9ක් ගෙවලා නැව ගෙන්වූ බවට මතක සටහනක් පමණක් ඉතිරි කරලා එය යන්න ගියා. මේ කතන්දරයේ සත්‍ය මොකක්ද අසත්‍ය මොකක්ද කියන එක සම්බන්ධව බොහොම පැහැදිලිව සොයා බැලීමක් සිදුවිය යුතුයි. නමුත් ලංකාවේ එවැනි පැහැදිලි සොයාබැලීම් සිදුවෙන්නේ නෑ. ලංකාවේ සිදුවෙන්නේ විවිධ කයිකතන්දර මැද්දෙන් අරයා කිව්වා, මෙයා කිව්වා කියලා අන්තිමට ඔක්කොම අමතක වෙලා යන එක. කොහොම නමුත් බිමල් ජයසුන්දරගේ ප්‍රකාශයක් අපට ලැබුණා අන්තර්ජාලයේ තිබිලා. ලිපිය අවසානයේ අපි අමුණන්නේ ඒ ප්‍රකාශය. කෙසේ නමුත් මෙය ඍජුව බිමල් ජයසුන්දර විසින් කළ ප්‍රකාශයක්ද නැද්ද කියන එක ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඔහු කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.

තමන් දිගු කාලයක් තිස්සේ පොහොර ක්ෂේත්‍රයේ රැඳී සිටින ව්‍යාපාරිකයෙක්. ඇතැම් දේශීය ආයතන සඳහා පොහොර මෙරටට ආනයනය කිරීමද සිදුකරනු ලබයි. මේ හේතුවෙන් පොහොර ක්ෂේත්‍රයේ චීනයේ මෙන්ම වෙනත් රටවල බොහෝ ව්‍යාපාරිකයන් සමග තමන්ට සබඳතා ඇති බව ඔහු කියනවා. කාබනික පොහොර නැව හා සම්බන්ධ සිදුවීම පිළිබඳ අදහස් දක්වන ජයසුන්දර මහත්තයා ශ්‍රී ලංකා රජය විසින් කාබනික පොහොර ප්‍රතිපත්තිය පැනවීමෙන් අනතුරුව එසේ කාබනික පොහොර ලබාගැනීම සඳහා රජය විසින් දෙලක්ෂ හැත්තෑපන් දහසකට ටෙන්ඩරයක් කැඳවා තිබූ බව සඳහන් කරනවා. ලොව පුරා කාබනික පොහොර පිළිබඳ ගනුදෙනු කරන චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමාගම සහ තවත් චීන සමාගමක් කැමැත්ත පළකරමින් ඔවුන් සමග ඊට පෙරද ගනුදෙනු කිරීම හේතුවෙන් ඒ බව තමාට දන්වා සිටි බව ඔහු කියනවා. කෙසේ වෙතත් එම ටෙන්ඩරයේ නීතිමය තත්ත්වය අනුව මෙරට නියෝජිත ආයතනයක් සිටිය යුතු බැවින් චීන ආයතන දෙකේම කැමැත්ත සහ අනුමැතිය පරිදි ඔවුන්ට ලංකාවේ නියෝජිත ආයතන දෙකක් හඳුන්වා දීම තමන් සිදුකළ බව ඔහු පවසනවා. ඒ අනුව කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගම මෙරට ආයතනයක් වන චෙලීනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගම හඳුන්වා දුන් අතර ජියැට් නම් සමාගම මෙරට නියෝජිත ආයතනයක් ලෙස බ්‍රවුන්ස් සමාගමට හඳුන්වා දී ඇති බවයි ඔහු කියන්නේ. කොහොම වුණත් ආයතන දෙකෙන් එකක හෝ කාර්යමණ්ඩල සාමාජිකයකු නොවන බවත් ඔහු අවධාරණය කරලා තියෙනවා.

කාබනික පොහොර ආනයනය සඳහා රජය විසින් ලංසු කැඳවීමේදී ආයතන 21ක් පමණ සිටි අතර, ඉන් සමාගම් 4ක් තෝරාගෙන තිබෙනවා. එම සමාගම් අතර තමන් හඳුන්වා දුන් ආයතන දෙකම සිටි බව ඔහු කියලා තියෙනවා. නමුත් නව ප්‍රතිපත්තියක් ගෙන ඒමේ තත්ත්වය මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බොහෝ අවස්ථාවලදී ලිපිගොනු සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය හේතුවෙන් අප්‍රසාදය දක්වමින් ජියැට් සමාගම ඉන් ඉවත්වී තිබූ බවත් ජයසුන්දර මහත්තයා කියලා තියෙනවා. ඉතින් රජය විසින් මේ කාබනික පොහොර ගනුදෙනුව සඳහා කින්ඩාවෝ බයෝටෙක් සමාගම තෝරා පත්කරගෙන ඇති අතර, මෙරට නියෝජිත ආයතනය වූ චෙලීනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මූලිකත්වය ගෙන කටයුතු කළ බවත් ඔහු දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි ඔහු දිගින් දිගටම පැහැදිලි කිරීම් කරන්නේ. ඔහු මේ පිළිබඳ තියෙන සම්බන්ධය මොකක්ද කියන එක මේ කරුණුවලින් පැහැදිලි වෙයි. කොහොම නමුත් දැන් මේ සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට. ඔවුන්ට ඉතා ඉක්මනට සිදුවෙනවා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. නැත්නම් මේක දේශපාලනික වශයෙන් ඔවුන්ට සිදුවෙන හානියක් බවට පත්වෙයි, ඇත්තටම මේ හානිකර පොහොර නැව ගෙන්වීමේ කටයුත්තට ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් තියෙනවද, එහෙම නැත්නම් ඔවුන් කොහොමද මේ ප්‍රශ්නයෙන් ගැළවෙන්නේ සහ මේ ප්‍රශ්නය ඔවුන්ගේ නොවන්නේ කොහොමද කියලා ජනතාව බලාගෙන ඉඳීයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කෝටි ගණන් පත්තරවල දැන්වීම් දානවා… සුපිරි මත්පැන් දීලා සුපිරි පාටි දාන්න කෝටි ගණන් රක්ෂණ සංස්ථාව වියදම් කරනවා කියලා හර්ෂ පාර්ලිමේන්තුවේ කිව්වා මතකද? ඔන්න දැන් රක්ෂණ සංස්ථාවේ කෝටි ගණන් ගැහිලි එකින් එක කෝප් එකේදි එළියට එනවා! මේ පළවෙනි එක! ලොක්කන්ගේ පඩිය රහසක්! VIDEO

Next Post

අද උදේ 7.20ට හරක් කටායි කුඩු සළිඳුයි ලංකාවට ඇවිත්!

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.