• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ගේ ඇමෙරිකානු සිහිනයට දවස් 18න් පණ දුන්නු ආදරණීය තාත්තා I Sri Lanka Latest News

September 16, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වෙද්දී අපේ රටේ මිනිස්සු හුරුවෙලා ඉන්නේ බොහොම තරගකාරී ජීවන රටාවකට. ජීවන වියදම ඉහළ යෑමත් එක්ක දුක් මහන්සි වෙලා හරිහම්බ කරන මුදලෙන් මාසයක් ජීවත් වෙනවා කියන එක අපේ රටේ බහුතරයකට ලොකු ප්‍රශ්නයක්. ඒ ජීවන අර්බුදයත් එක්ක මිනිස්සු තමන්ගේ සිහින දිනාගන්න විවිධ දේ කරනවා. සමහරු බොහොම මහන්සි වෙලා පාසල් කඩඉම් විභාගවලින් ඉහළින්ම සමත් වෙනවා.(Sri Lanka Latest News)

තවත් සමහරු හොඳ ජීවිතයක් ගතකරන්න කියලා හිතාගෙන විදෙස්ගත වෙනවා. ඔවුන් මේ හැම දේම කරන්නේ ජීවිතේ සතුටින් ගෙවන්න හිතාගෙන. කවදා හරි දවසක සැප සම්පත් ළඟා කරගැනීමේ චේතනාවෙන්. තමන්ට අතපසුවුණු කඩඉමකට වසර ගණනාවකට පස්සේ නැවත මුහුණ දීපු අපූරු පුද්ගලයෙක් ගැන අපට අසන්න ලැබුණේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ පසුගිය දිනවලයි.

ඔහු මාතර උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි නලින් දර්ශන විජේතුංග නැමති 40 හැවිරිදි අයෙක්. ඔහු මුලින්ම උසස් පෙළ විභාගයට මුහුණ දී තිබුණේ මීට වසර 20කට පෙර 2002 වසරේදීයි. ඒ, ගණිතය විෂය ධාරාවෙන්. නලින්ට ඒ අවස්ථාවේ සමත් වෙන්න පුළුවන්කම ලැබුණේ විෂයන් දෙකක් පමණයි. එහෙත් ඔහු උත්සාහය අතහැරියේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ උසස් පෙළ විභාගය ඉහළින් සමත් වෙලා ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය සඳහා විවිධ රටවලින් සුදුස්සන් තෝරාගන්නා ග්‍රීන් කාඩ් ලොතරැයියට ඉදිරිපත් වීමයි.

ග්‍රීන් කාඩ් ලොතරැයියට ඉදිරිපත් වීමට උසස් පෙළ විභාගය සමත්ව තිබීමද විශේෂ සුදුසුකමක් වන නිසා, 2022 වසරේදී ඔහු වසර 20කට පසු නැවත උසස් පෙළ විභාගය ලියන්නට තීරණය කළා. එවර ඔහු කලා විෂය ධාරාව යටතේ උසස් පෙළට ඉදිරිපත්ව තිබුණා. ඒ අනුව ඔහු තෝරාගත් විෂයන් වුණේ සිංහල, ජනමාධ්‍ය සහ දේශපාලන විද්‍යාවයි. පසුගියදා නිකුත් වුණු උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව නලින් සිංහල විෂයට සහ ජනමාධ්‍ය විෂයට ‘සී’ සමාර්ථද, දේශපාලන විද්‍යාව විෂයට ‘එස්’ සමාර්ථයක්ද ලබා තිබුණා. මෙම ප්‍රතිඵලයේ ඇති විශේෂත්වය වන්නේ ඔහු දින 18ක් වැනි ඉතා කෙටි කාලසීමාවක් තුළ ඔහු විභාගයේ විෂය නිර්දේශයන් ආවරණය කරගැනීමයි.

නලින් දර්ශන විජේතුංග පුතුන් දෙදෙනකුගේ සහ දියණියකගේ සෙනෙහෙබර පියෙකු වන අතර, මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ බිරිය මාතර මහ රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරනු ලබයි.

නලින්, සිය අරමුණ ජයගැනීම වෙනුවෙන් සිදුකළ කැපවීම පිළිබඳ මෙලෙස අදහස් දැක්වූවා.

‘විභාගය ලියන්න හේතුව තමයි ග්‍රීන් කාඩ් ඉල්ලුම් කරන්න අවශ්‍ය සුදුසුකම්වලින් එකක් සම්පූර්ණ කරගැනීම. ඒ මූලික සුදුසුකම් නැතුව ඇප්ලයි කරන්න විදියක් තිබුණේ නැහැ. මම 2002 අවුරුද්දේ උසස් පෙළ විභාගය කරලා විෂයන් දෙකයි සමත්ව තිබුණේ. අපේ ලොකු පුතාගේ සිහිනයක් ඇමෙරිකාවට යෑම. එයා පොඩි කාලේ ඉඳලා එලොන් මස්ක් ගැන කියවනවා. අපේ ඥාතියෝ ඔස්ටේ්‍රලියාවේ ඉන්නවා. නවසීලන්තයේ ඉන්නවා.

නමුත් පුතාට යන්න ඕනේ ඇමෙරිකාවේ. ඒ නිසා අපි ඇමෙරිකාවට යන්න විදියක් හෙව්වා. ග්‍රීන් කාඩ් ලොටරි එක ඇදුණොත් පවුලටම එහෙ යන්න පුළුවන්නේ. පවුලේ අපි දෙන්නටම ඇප්ලයි කරන්න පුළුවන් නිසා චාන්ස් එකත් වැඩියි. මට හිතුණා ඇප්ලයි කරන්න නම් උසස් පෙළ විභාගය කරන්න ඕනේ කියලා. ඉතින් මම විභාගය ඇප්ලයි කරන්න කලින් යූටියුබ් එකේ ිැ්රජය කරලා බැලුවා. එතකොට මට හිතුණා මො‌නවා හරි කරගන්න පුළුවන් වේවි කියලා.

අපේ ඥාති වෙන නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් ඉන්නවා. එයා කිව්වා දැන් ඉල්ලුම්පත් භාරගෙන ඉවරයි, නමුත් කෝකටත් හෙට හරියටම ඒ ගැන හොයලා බලලා කියන්නම් කියලා. එයා පහුවදා මට කෝල් කරලා කිව්වා තවම අවස්ථාව තියෙනවා, හැඳුනුම්පත අරන් එන්න කියලා. ඒ අනුව එතැනට ගියාට පස්සේ එයා අවශ්‍ය දේවල් සකස් කරලා දුන්නා. එයත් ඇහුවා මොකටද මේ ආයෙත් උසස් පෙළ කරන්නේ කියලා. මම ඊට පස්සේ විස්තරේ කිව්වා.

ඊට පස්සේ මම මාතරට ඇවිල්ලා උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පොත් තුනක් ගත්තා විෂයන් තුනටම. ඒවා බලනකොට මට අමාරු බව තේරුණා. නමුත් මම උත්සාහය අතහැරියේ නෑ. මම නිදාගන්න යනකොටත් යූටියුබ් වීඩියෝ එකක් දාගන්නවා විභාගයට අදාළව. එහෙමම නින්ද යනවා. රෑ එකට දෙකට ආයෙ ඇහැරෙන්නේ. ඒ වෙලාවටත් ඇහෙන්නේ අර බලපු වීඩියෝ එකේ ඉතිරි ටික කරන්න. මේ ප්‍රතිඵලය ගන්න ගොඩාක් අය මට උදව් කළා. මම පාඩම් කරන නිසා ළමයින්ගේ ඉස්කෝලේ වැඩ කටයුතු කළේ බිරිඳ.

ග්‍රීන් කාඩ් ලොතරැයියට ඉදිරිපත් වෙන්න අවශ්‍ය උසස් පෙළ අවම සුදුසුකම තමයි වැඩ තුනම සමත්ව තිබීම. දැන් මට ඒ සුදුසුකම තියෙන හින්දා ඇප්ලයි කරන්න පුළුවන්. මම ඒකෙන් ජයග්‍රයණය ලැබෙන නොලැබෙන එක වෙන දෙයක්නේ. ග්‍රීන් කාඩ් නොලැබුණත් මේ ලබපු ජයග්‍රහණය මගේ ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණයක්.’ නලින් පැවැසුවේ ඉහවහා ගිය සතුටින්.

මේ අභියෝගය ජයගත් නලින් දර්ශනගේ මහතාගේ වෛද්‍ය බිරිය තම ස්වාමියාගේ ජයග්‍රහණය ගැන සතුට ප්‍රකාශ කළේ මේ ආකාරයටයි.

‘මහත්තයාගේ ලොකු ආසාවක් තියෙනවා විදේශ රටකට යන්න. ඒ හින්දා ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න තමයි අවශ්‍යතාව තිබුණේ. එයාගේ යාළුවෙක් කියලා තිබුණා ඒ සඳහා A/L සමත් වෙන්න ඕනේ කියලා. මහත්තයා කිව්වා ඕනෙ තරම් සමාජ මාධ්‍ය ජාලවල විභාගයට අදාළ වීඩියෝ තියෙනවා, නිබන්ධන කරන හැටි පවා තියෙනවා, ඒවා බලලා විභාගය කරන්න පුළුවන් කියලා. ඒ හින්දා ගෙදර වැඩකටයුතුවලට මම වැඩිපුර දායකත්වයක් දීලා මහත්තයාගේ විභාග කටයුතුවලට මම උදව් කළා. දරුවෝ පාසල් ඇරුණාම ගෙදර එක්කගෙන එන්න මම ගියා. එයාට විභාග කටයුතු කරගන්න නිදහස දුන්නා. දවස් 18ක් ඇතුළත තමයි එයා විභාගයට සූදානම් වුණේ.

අපි විවාහ වුණේ ආදර සම්බන්ධතාවකින්. එයා ව්‍යාපාර කටයුතු තමයි කළේ. ඒ කාලෙත් එයා මේ වගේ උනන්දු වුණා නම් අධ්‍යාපනය අතින් වෘත්තීය අතින් මම වගේ හොඳ තැනකට එන්න තිබුණා. තමන්ගේ ඉලක්කයක් සපුරගන්න ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න තියෙන අවශ්‍යතාව තමයි කෙනකුට තියෙන්න ඕනේ. පොසිටිව් විදියට හිතලා ඒ දෙයට යොමුවෙනවා නම්, වයස බාධකයක් කියලා හිතන්නේ නැතුව උත්සාහ කරනවා නම් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්….’

නලින් දර්ශන විජේතුංග මහතාගේ වැඩිමහල් පුත්‍රයාද තම පියාගේ දස්කම් ගැන අදහස් දැක්වූයේ මෙවන් අදහසකි.

‘තාත්තාගේ හොඳ ගතිගුණයක් තියෙනවා. එයාට මොනවා හරි දෙයක් කරන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඒක Achieve කරන ගමන්ම ඒක මහන්සි වෙලා කරනවා. ඒක නිසා දවස් 18ක් නෙවෙයි දවස් දෙකක් තිබුණත් එයා ඒ දවස් දෙකට උපරිමයෙන් පාඩම් කරන බව මම දන්නවා. විභාගයක් කරන කෙනෙක්ට කියන්න ඕනේ දේ තමයි අපට කොච්චර කෙටි කාලයක් තිබුණත් ගන්න පුළුවන් උපරිම රිසාල්ට් එක ගන්න වැඩකරන්න කියන එක. අඩු ප්‍රතිඵලයක් ලැබුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ උත්සාහය තියෙන්න ඕනේ.

මම ඇමෙරිකාවට යන්න හරිම ආසයි. ඒකට ප්‍රධාන හේතුව තමයි ව්‍යාපාර කටයුතුවලට මම දකින ලෝකේ හොඳම රට ඒක. නම්බර වන් එකොනොමි එකක් තියෙන රට විදියට එහෙ ලොකු ව්‍යාපාරික අවස්ථා තියෙනවා. තාත්තා පාඩම් කරනවා කියලා ඒකට වෙනම වෙලාවක් ගත්තේ නැහැ. පුළුවන් වෙලාවට වෙන වැඩක් කරනකොට හරි රෙකෝඩින් එකක් ඇහෙන්න දාලා තිබ්බා. ඒ තරම් ඔහු විභාගය වෙනුවෙන් කැපවුණා. අද ඒ කැපවීමේ ප්‍රතිඵල ඔහු ලබලා තියෙනවා…’

තාත්තා කෙනකුගේ ආදරය කියන්නේ පුදුමාකාර හැඟීමක්. තාත්තා කෙනෙක් දරුවන් වෙනුවෙන් අනන්ත කැපකිරීම් කරනවා. තාත්තලා දරුවන් වෙනුවෙන්, පවුල වෙනුවෙන් කැපකිරීම් කරන්නේ සමහර වෙලාවට තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුවයි. මේ තාත්තාත් තම දරුවන්ගේ සතුට වෙනුවෙන්, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ ජයග්‍රහණය හිමිකරගත්තේ දරුවන්ගේ බිරියගේ ජීවිතවලට සතුටක් ලබාදීමේ උදාර අරමුණෙන්.

ඇත්තටම පවුලක් වුණාම ගැළපීම්, නොගැළපීම් තියෙන්න පුළුවන්. ඒක හැමෝටම පොදු ධර්මතාවක්. නමුත් වඩා වැදගත් වෙන්නේ සතුටින් ජීවත් වීමයි. නලින් දර්ශන විජේතුංග මහතාගේ පවුලෙන් අපට ගන්න පුළුවන් ආදර්ශය එයයි.

‘හිත ඇත්නම් පත කුඩාද?’ කියන කියමන අපි නිතර කියනවා. හිතේ හයිය තියෙනවා නම් උත්සාහවන්තව කටයුතු කරනවා නම් ඕනෑම අභියෝගයක් ජයගන්න එක අසීරු වෙන්නේ නැහැ. ජීවිතයේ ළඟාකර ගන්න බැරි දේවල් ගැන දුක් වෙන්නේ නැතුව, ඒ දේවල් ළගාකර ගැනීමට අපි උත්සාහවන්ත විය යුතුයි. මේ සුන්දර කැදැල්ලේ හැම දෙනාගෙම අපේක්ෂාව වූ ඇමෙරිකානු සිහිනය සැබෑ වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිනොකරන්නේ නම් සත්‍යය සොයායන්නට තාරුණ්‍යය බලගන්වන්නට සූදානම්! ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයේදී විපක්ෂනායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනපති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.