• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුරබල්ලා බලුකර දේපොළ හොරාකන පර බල්ලෝ I Sri Lanka Latest News

August 4, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විගණකාධිපති රටක මහජන දේපොළ ආරක්‍ෂා කරන “මුර බල්ලා” සේම “මුර දේවතාවා” වශයෙන්ද හඳුන්වනු ලබන්නේය. එහෙත් ඒ මුරබල්ලා ආරක්‍ෂා කරනු වෙනුවට උගේ කොඳු නාරටිය නිවැසියන් විසින්ම කඩාබිඳ පැත්තකට දැමූ කල්හි නිවෙසේ දේපොළවලට අත්වන ඉරණම කිම?(Sri Lanka Latest News)

මේ අපේ රටේ දේපොළ ආරක්‍ෂා කරන මුර දේවතාවාට අත්වී ඇති ඉරණමයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව (1798 දී පමණ) ස්ථාපනය කළත් 1948 දක්වාම පාලනය කළ පරදේශක්කාරයන්ගේ විගණනයේ ප්‍රධාන අරමුණ ඔවුන්ගේ රටවලට ගෙනියන්න ඇති දේපොළ ලැබෙන මාර්ග ඇහිරී ඇත්ද යන්න ගැන විනා, අපේ රටට යමක් ඉතිරි කර දෙන්න කළ විගණනයක් නොවේ.

එහෙත් නිදහසින් පසු “අපේ දේපොළ අපම රැකගන්න ඕනෑය” කියන මතයේ එල්ලී අපේ උන් පාලනය අතට ගත්දා සිට සිද්ධ වෙන සිද්ධවිල්ල දකින විට “අම්මපා” අපට හිතෙන්නේ “ජපනාගේ හරාකිරි මෙහෙ කිරිවලටත් වඩා බොහොම හොඳ බවය” පරදේසක්කාරයන් වුණත් උන්ට නීතියක් කියා දෙයක් තිබුණේය.

එහෙත් අපේ පරයන්ට ඇති නීතිය මහජනයා මරාගෙන කෑමේ නීතිය පමණකි.

මෑත යුගයේ “කාක්කා” යනුවෙන් හඳුන්වනු ලබන “පරයා” නුදුරු අතීතයේ මුදල් ගණන් කරමින් සිටි සමයක කෝපා එකට ද දවසක් අවුත් හොම්බ දැම්මේය. ඒ අවස්ථාවේ විගණන නිලධාරීන්ද සිටිද්දී නීත්‍යනුකූල නොවන අන්දමේ බරපතළ වියදමක් ගැන සාකච්ඡා වෙද්දී අදාළ අමාත්‍යාංශයේ ලොක්කෙක් ඇසුවේ “එහෙම වුවොත් අපි මොනවද ඔඩිට් එකට කියන්නෙ” යන්නය.

එවිට අරූ තමන්ගේ අවජාතකකම ප්‍රදර්ශනය කෙරෙමින් ඔක්කෝටම ඇසෙන්නට මහ හයියෙන් ඇසුවේ “කවුද ඕයි ඔඩිට් එකට බය?” යන්නය.

එහෙත් මොකා මොන විදිහට අඩංතේට්ටං කළත් මහජන මුදලේ මුරදේවතාවා තම යුතුකම නම් කරන්නේමය. (හැබැයි අර කියාපු එකා විතරක් නොව උගේ හත්මුතු පරම්පරාවම නන්නත්තාරය.)

මේ රටේ දූෂණය වංචාව අක්‍රමිකතාව සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට විගණකාධිපති වරයාගෙන් ඉටුකෙරෙන කාර්යභාරය ඉහටත් උඩින්ය. වරද ඇත්තේ එතැනින් එහාටය. විගණනයෙන් පෙන්වා දෙන නිවැරදි කිරීම් හෝ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ වගකීම හෝ පැවරෙන්නේ ද හොරුන් අතටම නිසාය.

විගණන වාර්තා පාර්ලිමේන්තුගත කිරීම වනාහි “බීරි අලින්ට වීණා ගැයීමකි”. නැතහොත් “අන්ධයන්ට චාලි චැප්ලින්ගේ චිත්‍රපටයක් පෙන්වීමකි”.

මහජන නියෝජිතයන් යැයි කියාගන්නා මේ “අයියලාගෙන්” කීදෙනකු තමන් අතට පත් කෙරෙන විගණන වාර්තා කියවනවාවත් දැයි කිව නොහැකිය.

මේ ලියුම්කරු 2004 සිට 2011 දක්වා සෑම සතියක් පාසාම පිටුව බැගින් විගණන වාර්තා විස්තර කළ ද දෙන දේ කා වෙන දේ බලා සිටින, නිර්වින්දනය වූ සතුන් වැනි උන්ට තමන්ට කෙළවා ඇති අන්දම ගැනවත් තේරුම් ගන්නට බැරි නම් රට ගැන මොන කැක්කුමක්ද?

මේ අටුවාව කීවේ විගණකාධිපතිගේ විගණනයෙන් දැන්වත් පාඩමක් ඉගෙන ගනිව් යකුනේ කියන්නටය.

මේ අර්ධ රාජ්‍ය ආයතනයක වවාගෙන කන කෑමක් ගැන විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් ගැනය. මේ ස්ථානය ජාතික ලොතරැයි මණ්ලයය.

ඒ මණ්ඩලේ පවත්වාගෙන යන ගොඩනැගිල්ල වෙනුවෙන් ගත වූ හත් වසරක කාලයට පෞද්ගලික අංශයට ගෙවා ඇතැයි කියන කුලිය රුපියල් හත් කෝටියකට වැඩිය. මාසයකට රුපියල් අටලක්‍ෂ පනස් දාහකට ආසන්නය. මෙසේ ගෙවන්නේ මණ්ඩලේට ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමට අනුමැතිය දී ඒ සඳහා ඉංජිනේරු උපදෙස් ලබාගැනීම සඳහා උපදේශාත්මක සේවා ගාස්තු වශයෙන් රුපියල් හාර කෝටියක් ද වෙන් කරදී තිබියදීත්ය. එහෙත් ඒ ගොඩනැගිල්ල ඉදිකළේ නම් මාසයක් පාසා අත යටින් ලැබෙන ගරානාව නොලැබෙන හෙයින් ඒ වැඩ “සුම්මා”ය.

අනිත් අතට ඒ ලොක්කං හොර රහසේ එක්ව නීති විරෝධී අන්දමට කුලියට තවත් ගොඩනැගිල්ලක් අරගෙන තිබේ. 2020.මැයි මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා මාස විසිතුනක කාලයකට ගෙවා ඇති කුලිය රුපියල් දෙකෝටියකට ආසන්නය. ඒ මාසයකට රුපියල් අටලක්‍ෂ හැත්තෑ දහසක් තරමින්ය.

ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී පරීක්‍ෂා කෙරෙන පළමු දේ සේවක ආරක්‍ෂාව වෙනුවෙන් ඒ ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියට ඉදිකර ඇත්ද යන්නය. එහෙත් ඒ කිසිවක් කෙරී නැත. මේ ගොඩනැගිල්ල හොරෙන් ඉදිකළ අනවසර ඉදිකිරීමකි. මේක කුලියට ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පවා ලබාගෙන ඇත්තේ අමාත්‍ය මණ්ඩලය මුළා කර බව අනාවරණ වී තිබේ.

ලොතරැයි ප්‍රවර්ධනය සහ ප්‍රචාරක කටයුතු සඳහා මීට වසර ගණනාවකට පෙර සපයා ගෙන තිබූ රුපියල් හැත්තෑ ලක්‍ෂයකට ආසන්න වටිනාකමින් යුතු භාණ්ඩ ගබඩාවල නාස්තිවෙමින් තවමත් ඇත.

ලොතරැයි තෑගි වශයෙන් පිරිනැමීම සඳහා රුපියල් ලක්‍ෂ දහඅටක වියදමින් මිලට ගෙන තිබූ රන්කාසි, මාල වැනි රන් භාණ්ඩ පනස්තුනක් තත්කාර්ය වෙනුවෙන් යොදා නොගෙන තවමත් සේප්පුවල තිබේ.

2016 වර්ෂයේ දිනුම් ඇදීමට මුද්‍රණය කර ඇති “ඩොලර් ෆෝචූන්” නමැති ලොතරැයි පත් තිස් දහසකින් පන්සිය හැටනවයක් අස්ථානගතය.

එහෙත් ඒ අලාභය අයකර ගැනීමට විධිමත් පරීක්‍ෂණයක් හෝ පවත්වා නැත. එමෙන්ම මේ වන තෙක්ම දිනුම් ඇදීමක් ද නැත.

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල ගොඩනැගිලිවලින් ගසාකෑම පිළිබඳ ඔය වාර්තාව “ එකම එක” One and only වාර්තාවද නොවේ. මේවා සිහිවන විට කිව යුත්තේ “බුදු අම්මෝ නොව, අම්මගෙ අම්මෝය.”

ඒවා කියතොත් මහාමේරු කන්දටත් වැඩිය උසය. (මේ ලියුම්කරු විසින්ම ඒ කටයුත්තද ඉටුකරනු ලැබිණි. හොරුන්ගෙන් එල්ල වූ මරණ තර්ජන ගර්ජන එමටය)
පොදුජන පහන් සංවේගය උදෙසා දෙකක් තුනක් යංතං මතක්කර දෙඤ්ඤං.

(1) ඩී.ආර්. විජේවර්ධන මාවතට සහ චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතට මායිම්ව පිහිටි අක්කර 2 රූඩ් 1 පර්චස් 21.4 විශාල ඉඩම පුද්ගලික සමාගමකට අවුරුදු 50ක බද්දකට 2013 මාර්තු 25 දින දීමේදී නාගරික සංවර්ධන අධිකාරියට ලැබිය යුතු ඉඩමේ තක්සේරු මුදලින් රුපියල් තිස් තුන් කෝටි දෙලක්‍ෂ හතළිස් නව දහසක් (33,02,49,000) අඩුවෙන් අයකර ගෙන ඇතැයි විගණකාධිපතිවරයා තම අංක HUD/B/UDA/2017/V03 සහ 2017 මාර්තු 16 දාතමින් යුතු විමසුමෙන් අනාවරණය කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරුන් සහ ඇතැම් නිලධාරීන් ඊට සහාය දී ඇතැයි විගණකාධිපති කියයි.

(2) ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව කටයුතු කිරීමෙන් රුපියල් දහතුන් කෝටි හැටලක්‍ෂ තුන් දහසක් (13,60,3000) අවභාවිත කර ඇතැයි ද ඒ ප්‍රමාණයෙන් රුපියල් තුන්කෝටි දසලක්‍ෂ හතළිස් දහසක් (3.10,40,000 කොන්ත්‍රාත්කාරයාට වැඩිපුර ගෙවා ඇතැයි ද විගණකාධිපතිවරයා තම අංක JP/C/MOJ/PT/01/2015 සහ 2015 නොවැම්බර් 03 දාතමින් යුතු විමසුමෙන් පෙන්වා දී ඇත.

(3) කොළඹ 01, යෝර්ක් වීදියේ, අංක 60 ස්ථානයේ පිහිටියා වූද, 1999.10.08 දින අංක 1101 ගැසට් නිවේදනයෙන් සංරක්‍ෂිත කළා වූද (රුපියල් කෝටි 500 කටත් වැඩි වටිනා) පෞරාණික “ඔස්ටේ්‍රලියා” ගොඩනැගිල්ල (ලක්සල) 2013 දී අමාත්‍ය මණ්ඩලය නොමග යවමින් රුපියල් කෝටි පනහකට රාජ්‍ය බැංකුවකට හොර රහසේ උකස් කර ඒ ණය නොගෙවීම නිසා බැංකුවකට සින්නවී තිබේ.

(4) ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් “මැනිං ටවුන් නිවාස ක්‍රමයේ III අදියරේ අංක D/V/2/2/L නිවාසය විකිණීම.

ජනාධිපති ලේකම් කාර්යාලයේ 1996 ජූනි 19 දින ඉල්ලීම මත එම කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකුට කුලී පදනම මත ලබාගැනීමට යථෝක්ත අංක D/V/2/2/L නිවාසය සහ අංක D/V/2/2/R යන නිවාස දෙක නිදහස් කර තිබේ.

එහෙත් ඒ සඳහා කිසිදු කුලියක් හෝ බද්දක් හෝ අධිකාරියට ගෙවා නැත. මේ නිවාස දෙක නිවාස සංවර්ධන අධිකාරියෙන් විකිණීම සඳහා ඉදිකළ නිවාස විසිහතකින් යුත් මහල් සංකීර්ණයක පිහිටි අතර එවක (1996) තක්සේරුවට අනුව එකක වටිනාකම රුපියල් තිස්හත් ලක්‍ෂයකි. 1998 වර්ෂයේදී නිවාස දෙකේ තක්සේරු වටිනාකම රුපියල් හැත්තෑ හතර ලක්‍ෂ හැට දහසකි.

එවක ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි කළ කෙනකු අංක D/V/2/2/R දරන නිවෙස 2000 සැප්තැම්බර් 25 වැනි දින විකුණුම් ගිවිසුමකින් අධිකාරියෙන් ලබාගෙන තිබේ.

අංක D/V/2/2/L නිවාසය ඒ වන විටත් පදිංචිව සිටින තැනැත්තාට රුපියල් තිස්හත් ලක්‍ෂයකට විකුණුම් පදනමින් පවරා දෙන ලෙසට ජනාධිපති ලේකම්ගේ අංක ADF/A2/130 සහ 2014 පෙබරවාරි 24 දිනැති ලිපියෙන් නිවාස අධිකාරියට දන්වා ඇත.

ඊට පිළිතුරු වශයෙන් නිවාස සංවර්ධන අධිකාරිය ජනාධිපති ලේකම්වරයාට 2014 මාර්තු 05 දන්වා ඇත්තේ ඒ පදිංචිකරු මත්තේගොඩ නිවාස ක්‍රමයේ අංක11 B/115/2/1 නිවෙස මීට පෙර අධිකාරියෙන් මිලට ගෙන ඇති බවය.

කෙසේ වෙතත් ඒ නිවෙසත් 1996 තක්සේරුවටම (37,00,000) ඒ තැනැත්තාටම විකුණුම් පදනමින් පවරා තිබේ.

මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් පවත්වන ලද විගණනයේදී අනාවරණය වූ කරුණු මගේ අංක EH/D/NHDA/2014/B/10 සහ 2015 මාර්තු දින රහිත විගණන විමසුමේ සඳහන්කර ඇත්තේ එක් අයකුට එක් දේපොළකට වඩා මිලට ගැනීම නීතියට පටහැනි වුවත් තක්සේරු වටිනාකම රුපියල් එක්කෝටි හතළිස් ලක්‍ෂයක නිවෙස මේ තැනැත්තාට රුපියල් 37,00,000 විකිණීමෙන් රුපියල් එක්කෝටි තුන් ලක්‍ෂයක පාඩුවක් සිදුවී ඇති බවය. මේ තැනැත්තා වසර දහඅටක් 1996 සිට2014 දක්වා එම නිවෙසේ පදිංචිව සිටියත් කිසිදු කුලියක් අධිකාරියට අයකරගෙන නැතැයිද විගණනය කියයි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

‘මට අස්වෙන්න කියලත් නෑ! මම අස්වෙන්නෙත් නෑ!’ හෝ ගාලා යන කටකතා ගැන කෙහෙළිය පළමුවරට ප්‍රතිචාර දක්වයි! Sri Lanka Latest News

Next Post

රිට අතෑරලා මැදපෙරදිග ගෙවල්වල වැඩට ගිය ජාතික රිටි පැනීමේ ශූරිය ඩුබායි පත්තරයකට කතා කරයි I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.