තමාට සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි කිසිවකු නොපැවසූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.Sri Lanka Latest News
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හඳුනාගත් ගැටලු සඳහා පිළියම් යෙදීමට තමන් පියවර ගනිමින් සිටින බවත් ලබා දී ඇති වගකීමෙන් ඉවත් වීමට තමාගේ අදහසක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බව මේ දිනවල නොයෙක් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ‘මාධ්‍යවේදියා’ වෙබ් අඩවියට මේ බව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කොට ඇත.










