2024 සැප්තැම්බර් වනවිට රටේ ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 13,03,826 දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකු වාර්තා තුළින් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)
2020 වනවිට ලංකාවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 6,89,687ක් ලෙස පැවැති අතර, 2024 සැප්තැම්බර් වනවිට එය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් එනම්, රුපියල් 6,14139කින් පමණ ඉහළ ගොස් ඇත.
2024 සැප්තැම්බර් වනවිට ඒකපුද්ගල දේශීය ණය ප්‍රමාණය රුපියල් 8,02,840ක් ලෙස වාර්තා වන අතර, ඒකපුද්ගල විදේශ ණය ප්‍රමාණය රුපියල් 500,986ක් ලෙස වාර්තා වේ.
එනම් 2020ට සාපේක්ෂව සලකා බලන විට ඒකපුද්ගල දේශීය ණය ප්‍රමාණය 94%කින් පමණ වර්ධනය වී ඇති අතර, ඒකපුද්ගල විදේශීය ණය ප්‍රමාණය 81%කින්ද, රටේ සමස්ත ණය ප්‍රමාණය 89%කින්ද වර්ධනය වී ඇති බව මේ අනුව පැහැදිලි වේ.
රටේ ණය කළමනාකරණය සඳහා අනාගතයේදී නිසි පියවර නොගන්නේ නම් ණය ගෙවීම පිළිබඳ අර්බුදයකට නැවතත් රට පත්විය හැකිය.
සාමාන්‍යයෙන් හතර දෙනකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය ලක්ෂ 52 ඉක්මවා ඇති බව හෙළිවේ.
ප්‍රේමලාල් විජේරත්න










