පසුගිය රජයේ හිටපු මැති ඇමැතිවරුන් 50 දෙනකු පමණ කොට්ටාවට නුදුරේ ඉදිකරන ලද වියත්පුර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ (බී බ්ලොක්) නිවාස, නියමිත තක්සේරු මුදලට වඩා අඩුවෙන් ගෙවා වෙන්කර ගැනීමේ සිද්ධියට අදාළව, එම නිවාස වෙන්කරගෙන මුදල් නොබැඳ ඇති අයගේ නිවාස තහනමට ලක්කරන බව නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News
ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ගේ නිවාස ගිනිතබා ඇතැයි කියන සිද්ධීන් හුවාදක්වමින් වන්දි මුදල්ද ලබාගෙන ඊට අමතරව මෙම නිවාසද වෙන්කරගෙන ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිකර සිටියේය.
අඩු තක්සේරුවෙන් යුක්තව මෙම නිවාස බෙදාගැනීමේ සිද්ධිය පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මාර්ගයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටද පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
අදාළ නිවාස වෙන්කරගෙන ඇති පසුගිය රජයේ 50 දෙනකුගෙන් 26 දෙනකුගේ නාමාවලිය පසුගියදා නියෝජ්‍ය ඇමැතිවරයා විසින් හෙළිකරන ලදී.
ප්‍රේමලාල් විජේරත්න










