• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ කවුරුත් නොදන්න පුදුම හිතෙන කතා I Sri Lanka Latest News

August 31, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ බොහෝ බෞද්ධයන් අදහන බුදුරජාණන් වහන්සේ ජීවමානව වන්දනාමාන කරන භක්තියකින් නිතරම වන්දනා කරන ස්ථාන කිහිපයක් තියෙනවා. ඒ අතරින් ලෝකයේ ඉහළින්ම පිහිටි ස්ථානයක් තමයි අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය කියන්නේ.(Sri Lanka Latest News)

බෝධිසත්වයන්ට බුද්ධත්වය ලබාගැනීමට සෙවණ දුන්න මේ ඓතිහාසික වෘක්ෂයේ දකුණු අංකුරය ක්‍රි.පූ. 288දී පමණ ඉන්දියාවේ බුද්ධගයාවේ ඉඳලා ලංකාවට වැඩමවාගෙන ආපු කතාවත් ඔබ දන්නවා ඇති. ඒ ආකාරයට බලද්දී ලෝකයේ දැනට සොයාගෙන ඇති පැරැණිතම වෘක්ෂය විදියට සලකන්න පුළුවන් වෙන්නේ ශ්‍රී මහා බෝධිය. ඔබත් ශ්‍රී මහා බෝධිය ගැන මෙතෙක් නොදැන සිටි කාරණා කිහිපයක් තියෙනවා.

මළු 07ක් ඉහළින් වැඩසිටින මේ බෝධින්වහන්සේ අසලට කාටවත් යන්න නොදෙන්නේ ඇයි? ශ්‍රී මහා බෝධින්වහන්සේගේ ශාඛාවක් කපාදමපු උන්මත්තක ජේමිස් අප්පුහාමි කියන්නේ කවුද? බොහෝ දෙනෙක් කියන විදියට ශ්‍රී මහා බෝධීන්වහන්සේ ළඟ සිදුවෙන හාස්කම් ඇත්තක්ද?

ඈත අතීතයේදී දඹදිව ජය ශ්‍රී මහා බෝධින්වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවාගෙන ආවේ සංඝමිත්තා මහා තෙරණින්වහන්සේ. බොහෝ බෞද්ධයන් පරිහරණය කරන බෞද්ධ ඉතිහාසයේ ඒ බව සඳහන් වෙනවා. මේ විදියට ශ්‍රී මහා බෝධින්වහන්සේ මෙරටට වැඩමවීමට එක්තරා හේතුවක් වුණේ අනුලා දේවිය ඇතුළු ප්‍රධාන කාන්තා පාර්ශ්වයන් කිහිපයක් පැවිදි වීමට අවසර ඉල්ලීමයි.

ඈත අතීතයේදී ගස් ගල්වලට වන්දනාමාන කරපු යක්ෂ ගෝත්‍රික නාග ගෝතිකයන්ට වගේම බහුතරයක් ජනතාවට ශ්‍රී මහා බෝධින්වහන්සේ වැඩම කිරීමත් එක්ක බුදු දහම සම්බන්ධයෙන් තවත් පැහැදීමක් ඇතිවුණා. ඒ සියලු දේවල් එක්ක ලංකාවේ ජන සමාජයේ නව පෙරළියක් ඇතිකරන්න සමත් වුණු මේ ශ්‍රී මහා බෝධින්වහන්සේගේ ආගමනය අනුරාධපුර රාජධානි සමය නිමාවන තෙක් සියවස් 13ක් ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතයක් බවට පත්වුණා.

එතැන් පටන් ඉහළ පිළිගැනීමක් තියෙන මේ වෘක්ෂය අදටත් කිසිම කෙනකුට ළං වෙලා බලන්න අවස්ථාවක් ලැබෙන්නේ නම් නෑ. ඒකට සුවිශේෂ හේතුවක් තියෙන බව අපි සඳහන් කළා. මීට කාලෙකට කලින් ශ්‍රී මහා බෝධින්වහන්සේගේ සමීපයට ගිහින් වන්දනාමාන කරන්න අවස්ථාව සැලසුණත්, ඒ අවස්ථාව අපට අහිමි වෙන්නේ ඉතිහාසයේ සිදුවුණු ඉතා ශෝචනීය සිදුවීමක් නිසයි.

ශ්‍රී මහා බෝධින්වහන්සේ පොළොව මට්ටමේ සිට මීටර් 6.5ක පමණ උස පීඨිකාවක තමයි වැඩම කරවලා තියෙන්නේ. ඒ වටා ආරක්ෂිත වැටක් නිර්මාණය වෙලා තියෙනවා. මේ විදියට නිර්මාණය වෙලා තියෙන මේ පීඨිකාව වටා පරිවාර මළු 07ක් නිර්මාණය කරලා තියෙනවා. මේ මළු අතරින් දෙවැනි මළුවට පමණයි වර්තමානයේ වන්දනාකරුවන්ට යන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ.

ඔබ දන්නවද, 1929 ජුනි 30 වැනිදා ජේමිස් අප්පුහාමි කියන පුද්ගලයා ශ්‍රී මහා බෝධින්වහන්සේට සිදුකළ අපරාධයක් නිසයි අදටත් ශ්‍රී මහා බෝධින්වහන්සේ වටා මේ තරම් ආරක්ෂාකාරී පිළිවෙතක් ක්‍රියාත්මක වෙන්නේ කියලා? එදා මේ තරම් වන්දනාකරුවන් පිරිසක් ශ්‍රී මහා බෝධින්වහන්සේ වැඳපුදා ගන්න ඇවිල්ල හිටියේ නෑ. අද කාලේ වගේ වන්දනාකරුවන් දහස් ගණනක් මේ ස්ථානයට නිතර නිතර රැස්වෙන්නෙත් නෑ.

ඒ නිසාම මේ අවාසනාවන්ත සිදුවීම සිදුවුණු දවසේ වන්දනාකරුවන් අවමව සිටි නිසා ජේමිස් අප්පුහාමි කියන මේ පුද්ගලයා උදෑසනම ශ්‍රී මහා බෝධින්වහන්සේ අසලට ගිහින් තියෙනවා. ඔහු එතැනට ගිහින් තියෙන්නේ පොහොර උරයක පොරවකුත් සඟවාගෙනයි. ශ්‍රී මහා බෝධින්වහන්සේ අසලට ගිය ජේමිස් අප්පුහාමි මේ පොහොර උරයේ සඟවාගෙන තිබුණු පොරව අතට අරගෙන බෝධින්වහන්සේගේ විශාල ශාඛාවකට වේගයෙන් කොටන්න පටන්ගත්තා.

මේ අවස්ථාවේ බෝධින්වහන්සේ වැඳපුදාගන්න ආපු කිසිම වන්දනාකරුවෙක් ඒ අසල නොසිටි නිසා ජේමිස් අප්පුහාමිට මේ වැඩේ කරන්න අපහසු වෙලා නෑ. ඔහු ඒ විදියට බෝධින්වහන්සේට පොරවෙන් පහර දෙද්දී ඒ හඬ ඇසුණු එවක වැඩසිටි නායක හාමුදුරුවන් සහ කැපකරුවා මේ ස්ථානයට කෑගසාගෙන දුවගෙන ඇවිත් තියෙනවා. නමුත් අවසනාවකට ඒ වෙද්දී ජේමිස් අප්පුහාමි බෝධින්වහන්සේගේ විශාලම ශාඛාව කපලා බිම හෙළලා අවසන්. මේ අවාසනාවන්ත සිදුවීම කනවැකුණු ගමන් බොහෝ පිරිසක් එහි එක්රැරස් වෙලා තියෙනවා. ජේමිස් අප්පුහාමි පොලිස් අත්අඩංගුවට පත්වුණා.

ඉන් පස්සේ බොහෝ දෙනෙක් අහන්න පටන්ගත්තා ඔහු ඇයි මෙහෙම දෙයක් කළේ කියලා. සමහරු කිව්වා ඔහු බීමතින් වියරු වෙලා හිටපු නිසා මේ වගේ දෙයක් කරන්න ඇති කියලා. ඒ වගේම තවත් බහුතරයක් දෙනා කියන්නේ ජේමිස් අප්පුහාමි අන්‍යාගමික පුද්ගලයන්ගෙන් මුදල් අරගෙන බොහෝ දෙනෙක් වැඳපුදාගන්න එන මේ ස්ථානය විනාශ කරන්න මේ අපරාධය සිදුකළා කියලා. තවත් සමහරු කියන්නේ මේ පුද්ගලයා මානසික විහරුවට පත්වුණු ව්‍යාකූල මනසක් ඇති අයකු නිසා මෙවැනි අපරාධයක් සිදුකරන්න යොමුවුණා කියලයි.

කෙසේ නමුත් මේ අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ ජේමිස් කපා බිම හෙලූ ශ්‍රී මහා බෝධින්වහන්සේගේ ශාඛාව සුවිශේෂ උත්සවයක් පවත්වලා ආදාහනය කිරීම සිදුකළා. ඒත් සමගම එවක අටමස්ථානාධිපති හෙවත් අනුරාධපුර පූජා නගරයේ නායක හිමියන් ලෙස කටයුතු කළ ස්වාමින්වහන්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි බෝධින්වහන්සේ වටා යකඩ වැටක් සවිකරන්න තීරණය කරනවා.

එදා පටන් තමයි බෝධින්වහන්සේ අසලටම ගිහින් වන්දනාමාන කරන්න තිබුණු අවස්ථාව අපට අහිමි වෙන්නේ. එදා නිර්මාණය කරපු යකඩ වැට වෙනුවට අද වෙද්දී රන් ආලේපිත වැටක් ඉදිකරලා තියෙනවා. ශ්‍රී මහා බෝධින්වහන්සේ වැඳපුදාගන්න යන ඒනෑම කෙනකුට එදා ජේමිස් අප්පුහාමි විසින් කපා විනාශ කළ ශාඛාවේ කොටසක් දැකබලාගන්න අවස්ථාව ලැබෙනවා.

එදා ජේමිස් අප්පුහාමි කියන මේ වියරු පුද්ගලයා සිදුකළ අපරාධයෙන් පස්සේ වෙනදටත් වැඩියෙන් දෙස් විදෙස් සංචාරකයන් විසින් මේ ස්ථානය වැඳපුදාගන්න ආවා. ඒ ආවේ නිකන්ම නෙවෙයි. මේ ස්ථානයේ තියෙන සුවිශේෂ බලගතු ආධ්‍යාත්මික ආකර්ෂණය නිසා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. බොහෝ දෙනෙක්ගේ මතයට අනුව ශ්‍රී මහා බෝධින්වහන්සේ අවට මවු කුසක පිළිසරණ පතාගෙන සැරිසරන ආත්ම බොහොමයක් ඉන්නවා.

ඒ නිසාම දරු ඵල අහිමි බොහෝ මවුවරුන් ශ්‍රී මහා බෝධින්වහන්සේ වැඳපුදාගන්න විශේෂ පූජාවක් සිදුකරමින් ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයෙන් දරු සම්පත් අහිමි වුණු මවුවරුන් රැසකට සෙත් ශාන්තිය සලසන ස්ථානයක් විදියටත් ජයශ්‍රී මහා බෝධිය ප්‍රචලිත වෙලා තියෙනවා. අදටත් අපට ශ්‍රී මහා බෝධින්වහන්සේගේ මළුව අවට මහා රාත්‍රියේදී පවා භාවනානුයෝගීව සිටින විවිධ පුද්ගලයන් දැකගන්න අවස්ථාව ලැබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ අනුරාධපුරයේ ජීවත් වෙන ගොවීන් විශ්වාස කරන එක්තරා සාම්ප්‍රදායික උත්සවයක් තියෙනවා. ඒ තමයි අලුත් සහල් මංගල්‍යය. තමන්ගේ ගොවිතැන ආරක්ෂා කරලා අස්වැන්න වැඩිකරලා දෙන්න කියලා ඔවුන් ශ්‍රී මහා බෝධින්වහන්සේ වන්දනාමාන කරනවා. ඉන් අනතුරුව ඔවුන්ගේ පළමු අස්වැන්නේ කොටසක් බෝධින්වහන්සේට පූජා කරන්නත් ඔවුන් කටයුතු කරනවා. මේක තමයි අලුත් සහල් මංගල්‍යය කියන්නේ.

ප්‍රායෝගික තත්ත්වයට ගියොත් බොහෝ සෙවණ තියෙන මෙවැනි වෘක්ෂයක් කියන්නේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික සුවය සලසන්න පුළුවන් ඉතා වටිනා ස්ථානයක්. ඉතිහාසියේ සඳහන් වෙන විදියට බෝධිසත්වයන් බුද්ධත්වය ලබාගැනීමේදී සෙවන ලබාගන්න මේ වෘක්ෂය අසලට ආවෙත් මේ ආකාරයේ වෘක්ෂයක තියෙන සෙවණ නිසාමයි. ඒ ප්‍රායෝගික සහ ආධ්‍යාත්මික තත්ත්වයන් තේරුම් අරගෙන බුදුදහමේ හරය තේරුම් අරගෙන බුදුන් වහන්සේ දේශනා කළේ ආගමක්ද, දහමක්ද කියන කරුණත් තේරුම් අරගෙන බෝධින්වහන්සේ වන්දනා කිරීම වගේම අනෙක් සියලු වන්දනාමාන කාර්යයන් අපි හැමෝම සිද්ධ කළ යුතුමයි.

Naifm යූටියුබ් නාලිකාවෙන් උපුටාගත්තකි

SendShareShare
Previous Post

තෝරාගත් පාසල් 100ක රනිල් ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

කුඩු ජාවාරමට එරෙහි වූ තරහට පන්සලේ හාමුදුරුවන්ට පෝය දවසේ මැර කණ්ඩායමක් පහරදීලා! Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.