• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුත්තලම් බූරුවො සහ අපේ පරපුර ගැන නවතම සොයාගැනීමක් සනත් නිශාන්තගෙන්…

November 7, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
පුත්තලම් බූරුවො සහ අපේ පරපුර ගැන නවතම සොයාගැනීමක් සනත් නිශාන්තගෙන්…
Share on WhatsAppShare on Facebook

පුත්තලම. පුත්තලම කිව්ව ගමන් මතක් වෙන්නේ බූරුවෝ. බූරුවෝ කිව්වම මතක් වෙන්නේ කාවද? එහෙම කියන්න එපා. මොකද සමහර දේවල් සමහර වෙලාවට කියන්න හොඳ නෑ. අපට අයිතියක් නෑ රටක ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට එක එක සත්තුන්ගෙ නම් කියන්න. මොකද එහෙම කියන්න එපා කියලා කියන්නේ ඇත්තටම මැති ඇමැතිවරුන්ට හානි වෙන හින්දා නෙවෙයි. අහිංසක සත්තු පවු හින්දා. පුත්තලම කියලා කියන්නේ බුද්ධිමතුන් හිටපු අපූරු නගරයක්. පුත්තලමට බූරුවො ඈඳලා, නැත්නම් සමහර දේශපාලකයන්ට බූරුවා කියලා, ඒ බූරුවගෙයි පුත්තලමෙයි සම්බන්ධයක් හදලා, ඒ බූරුවොයි, ඒ දේශපාලකයොයි අතර සම්බන්ධයක් හදලා බූරුවන්ට අපහාස කරනවට අපි කැමැති නෑ. අපි හැමදාම සත්තු පවු, සත්තුන්ට නිසි ගෞරවය ලබාදිය යුතුයි, සත්තු තිරිසන්නු වුණත් මිනිස්සු වගේ නරක වැඩ කරන්නේ නෑ කියන තැන හිටපු පත්තරයක්. ඒක නිසයි එහෙම කියන්නේ.

දැන් අපි කතාව වෙනස් කරනවා. ඇත්තටම අපේ ශ්‍රී ලංකා ජාතිය බිහිවුණේ පුත්තලමෙන්ද? ඒ ගැන පහුගිය දවසක අපේ රටේ ප්‍රකට දේශපාලකයෙක් අපූරු කතාවක් කියලා තිබුණා. ඒ සමහර කාරණා දේශපාලනික නොවුණත් සමහර තර්ක අපූරුයි. රටක පැවැත්ම සහ ආරම්භය සම්බන්ධ විවිධ මතිමතාන්තර ඉදිරිපත් වීම සාමාන්‍ය ස්වභාවයක්. සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අදහස් මතුකරන්නේ පුරාවිද්‍යාඥයන්. නැත්නම් විද්‍යාඥයන් සහ පර්යේෂකයන් තමයි. ඒත් අපේ රටේ පර්යේෂකයෝ, විද්‍යාඥයෝ, පුරාවිද්‍යාඥයෝ කරන්න ඕනෙ හරිය ඊට පිටස්තරින් ගිහිල්ලා අපේ රටේ දේශපාලකයෝ කරන අවස්ථාත් තියෙනවා. අපේ රටේ බොහෝ දේවල් අනිත් අයට කරන්න නොදී දේශපාලකයෝ කරනවා කියලා අපි දැකලා තියෙනවනේ. එහෙම කරන්න හේතුව නම් ඒකෙන් හම්බවෙන කීයක් හරි ගතමනාවක් හින්දා කියලයි අපි අහලා තියෙන්නේ. කොහොම නමුත් මේ විදියට දේශපාලනිකව මේක තේරුම් අරගත්තු මේ අපූරු කෙනා ඒකට ඉදිරිපත් කරලා තිබුණු තර්කය ඒ හැටි නරක නෑ. එහෙම නරක නැති වුණාට මේ ගැන මහාචාර්ය රාජ් සෝමදේව ඉතා අමනාපෙන් කතා කරලා තිබුණා. ඉස්කෝලෙ යන කාලෙ විතරක් ඉගෙනගෙන පස්සේ පොත් කියෙව්වෙ නැති වුණාම මෙහෙම වෙනවා කියලා තමයි එතුමා කියලා තියෙන්නේ. ඒක ඇත්තද කියන්න අපි දන්නේ නෑ. ඇත්තටම මේක මෙහෙම වෙන්න පුළුවන්ද? අපි රාජ් සෝමදේව මහත්තයගෙන් ඒ ගැන අහන්නෙ නැතුව අර ඇමැතිතුමා කියපු කතාවත් මේකට ගළපලා තර්කානුකූලව මේක පැහැදිලි කරන්න අපි උත්සාහ කළා.

ලංකාවේ ප්‍රථම ජනාවාස බිහිවීම සම්බන්ධව කිසිම වෙලාවක පුත්තලම ඈඳෙන්නේ නෑ. ලංකාවේ ප්‍රථම රාජධානිය විදියට අපි සලකන්නේ අනුරාධපුරය. ඒත් ලංකාවට විජය රජතුමා එනකොට අපේ රටේ කුවේණිය කපු කටිමින් හිටියාය කියලා කියන්නේ පුත්තලම අවට ස්ථානයක. ඒ ස්ථානය තමයි විල්පත්තුව ආශ්‍රිත තම්බපණ්ණි කියන ප්‍රදේශය. මේ ප්‍රදේශය විශේෂයෙන් හඳුනාගත්තු භූ විෂමතා ලක්ෂණ සහිත කලාපයක් විදියට තමයි සලකන්නේ. මේ ස්ථානයේ භූ විෂමතා ලක්ෂණ අනුව සියල්ල ගළපා ගත්තාට පස්සේ අපට තේරෙන සමහර කාරණා වෙන්නේ මේ ස්ථානය සුවිශේෂ ස්ථානයක් කියන එක විතරයි. එතකොට විජය කුමාරයා මෙතැනින් ගොඩබැස්සා කියලා මේක ප්‍රථම ජනාවාසය බිහිවූ ස්ථානය ලෙස කවුරු හරි පිළිගන්නවා නම් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? විජය කියන්නේ කවුද? විජය කියලා කියන්නේ ඉන්දියානුවෙක්. ඔහු ලංකාවට එන්නේ සංචාරයට නෙවෙයි. ඔහු ලංකාවට එන්නේ පදිංචියට නෙවෙයි. ඔහු ලංකාවට එන්නේ නරඹන්න නෙවෙයි. ඔහු ලංකාවට එන්නේ කරන ලද බලු වැඩ, ජඩ වැඩ, කුපාඩි වැඩ රාශියක් හින්දා ඒ රටේ තියාගන්න බැරුව පන්නලා. එහෙම සමහර රාජ්‍ය නායකයන්ගෙ පුතාලා අසීමිතව කුපාඩි වැඩ කරද්දී විනයගරුක රාජ්‍ය නායකයෝ දරුවා කියලා බලන්නේ නෑ, ගහලා පන්නනවා. සමහර රාජ්‍ය නායකයෝ ඉන්නවා එහෙම නෑ. දරුවව එළවන්නේ නැතුව එයාව රටේම තියාගෙන, තාන්න මාන්න දීලා, සමහර වෙලාවට ආචාර්ය උපාධි එහෙම දීලා එයාව රැකබලා ගන්නා අවස්ථාත් ලෝකෙ තියෙනවා. ඒවාට උදාහරණ සපයන අවස්ථාවක් නෙවෙයිනේ මේක.

එතකොට විජය 700ක පිරිසක් එක්ක තමයි ලංකාවට එන්නේ. දැන් විජය ලංකාවට එනකොට හොරෙක් සමග බෝට්ටුවකට දාලා පාකරලා යවන 700ක් දෙනා ඉතා ගුණයහපත් මිනිස්සු විය හැකි නෑ. ඔවුන් රටින් පිටුවහල් කරන ලද අය. ලෝකයේ මේ පිටුවහල් කිරීම කියන සම්ප්‍රදාය එදා සිටම පැවැතුණු බවට ප්‍රධාන සාක්ෂියක් තමයි මේක. රටකින් යමෙක් පිටුවහල් කරන්නේ ඒ මනුස්සයව රටේ තියාගන්නම බැරි වුණාට පස්සේ. එතකොට රටේ රාජ්‍ය නායකයගේ පුතා රටේ තියාගන්නම බැරි තැනට පත්වුණා කියන්නේ ඒ පුතා අතිශය නරක එකෙක් විය හැකියි. එහෙම නරක එකෙක් සහ හොරකම් කරන, මැරකම් කරන, ජඩකම් කරන, කුපාඩිකම් කරන, ඒ රටේ තියාගන්න බැරි 700ක් දෙනා තමයි මේ විදියට පුත්තලමට එන්නේ. තම්බපණ්ණියෙන් ගොඩබහින්නේ. ඒ ගොඩබැහැපු එවුන්ගේ භූමිය නම් පුත්තලම, අද පුත්තලමෙන් ඒ අයගේම ජාන සහිත ඇමැතිවරු බිහිවීම පුදුම වෙන්න දෙයක් නෑ. හැබැයි මතක තියාගන්න ඕනෙ ඔවුන් ආවාය කියලා පුත්තලමෙ රැඳුණා කියන්න සාක්ෂි නෑ. ඔවුන් ඇවිල්ලා රට පුරා ගිහිල්ලා, රටේ විවිධ ප්‍රදේශවලට පැතිරිලා, අනුරාධ නම් සෙනෙවියා විසින් අනුරාධපුරය නිර්මාණය කරලා, උපතිස්ස ගාම නිර්මාණය කරලා, ගංගා ආශ්‍රිතව, ජල මූලාශ්‍ර ආශ්‍රිතව ජනාවාස වෙලා පසුකාලීනව මේවා නගර සහ රාජධානි බවට පත්වුණා කියලයි අපි විශ්වාස කරන්නේ.

හැබැයි විජය කියන කෙනාගේ කැරැට්ටුව සම්බන්ධව ප්‍රශ්න රාශියක් තිබුණු බව අපට තර්කානුකූලව හිතුවොත් පිළිගන්න පුළුවන්. විජයගේ අප්පා මහප්පාගේ නෑදෑකම් හිතවත්කම් හොයන්න ගියාමත්, විජයගේ නෑ පරපුරේ අතීතය හොයන්න ගියාමත් මේ වගේ ප්‍රශ්න කිහිපයක් හමුවෙනවා. ඉන් එකක් තමයි සිංහයා සමග හාදව දරුවෙක් බිහිකිරීමේ ඉතා කනගාටුදායක ප්‍රේම වෘතාන්තය. පසුව සිංහයාව මරල දානවා අද ඉන්න ඇතැම් පෙම්වතියෝ වගේ. මේ විදියට ප්‍රේමයක් ගොඩනගාගැනීම සහ තිරිසනකු සමග ලිංගිකව එකතු වීම වැනි දේවල් විකෘති ලිංගික ආශාවන් විදියටත් කෙනකුට තර්ක කරන්න පුළුවන්. ඉතිහාසය විකෘති කරනවා හෝ ඉතිහාසයේ වර්ණවත් බව නැතිකරනවා නෙවෙයි. ඉතිහාසය විසින් අපට කියපු කතන්දර, අප විසින් දේශපාලනිකව සහ තර්කානුකූලව හඳුනාගැනීම තමයි මේ කරන්නේ. එතකොට මේ තමයි එහෙම නම් ඒ ඇමැති කියන විදියට පුත්තලමේ මුල. අපි පුත්තලමට අගෞරව කරනවා නෙවෙයි, එතුමා පුත්තලමට අගෞරව කරගන්නවා කියලා අපි විශ්වාස කරනවා. එහෙම නම් එතුමන්ලාගේ මුල, ලංකාවේ පළමු ජනාවාසය හදපු, පළමු සිංහලයන්ගේ නෙවෙයි, හොරකම් කරමින් මැරකම් කරමින් ජඩකම් කරමින් තියාගන්න බැරුව පස්සට පයින් ගහලා ඉන්දියාවෙන් පන්නපු විජය සමග පැමිණි හොරු රැලගේ අතීතයට ඔවුන් නෑදෑකම් කියන බවට නම් සමහර සාක්ෂි තියෙනවා. ඒ නිසා පුත්තලමෙන් බිහිවෙන සමහර ඇමැතිවරු හොරකම්, මැරකම්, ජඩකම්වලට ප්‍රසිද්ධ වුණා කියලා අපට දැන් ඇඟිල්ල දික්කරන්න බෑ. ඒකට හේතුව ඒගොල්ලෝ ඉන්දියාවෙන් ආපු හොරු කණ්ඩායම නියෝජනය කරන අනාගත පුරුක් විය හැකියි කියලා අපට හිතෙන නිසා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බ්‍රැන්ඩික්ස් උසස් පෙළ සිසු සිසුවියන් දිරිගැන්වීමට ‘මනුසත්කාර’ වැඩසටහන දියත් කරයි…

Next Post

ඩයලොග් ටෙලිවිෂන් සමග කිසිදු අමතර ගාස්තුවකින් තොරව මුළු T20 ලෝක කුසලාන තරගාවලියම නරඹන්න…

MORE NEWS

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

Load More
ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

නව පර්යේෂණයකට අනුව, COVID-19 එන්නත මඟින් ආසාදනයෙන් ආරක්ෂාව ලබාදීම පමණක් නොව, හෘද සෞඛ්‍යය ආරක්ෂා කිරීමටද වැදගත් ප්‍රතිලාභ ලබාදිය හැකි බව...

Read more
මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.