අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගොස් ඇත්තේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසින් කරනු ලැබ තිබූ ලිඛිත ඉල්ලීමකට අනුව බව දැනගන්නට ඇත.Sri Lanka Latest News
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රශ්නගත ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පසුගිය පෙබරවාරි 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට දැනුම් දී තිබූ අතර, පෙබරවාරි 19 වැනිදා ලිපියක් මගින් ඇය දැනුම් දී තිබුණේ තම සෞඛ්‍ය තත්ත්වය අනුව තමන්ට 20 වැනිදා සී.අයි.ඩී.ය වෙත පැමිණීමට නොහැකි බවත්, නිවසේ සිට ප්‍රතිකාර ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට උපදෙස් ලබාදී ඇති බැවින් අදාළ ප්‍රකාශය කොල්ලුපිටිය, පස්වන පටුමගේ පිහිටි තම නිවසේදී සටහන් කරගැනීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසත්ය.
එසේ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විස්තර සහිතව මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කරන ලද ඉල්ලීම සානුකම්පිකව සලකා බලා ඇයගේ ප්‍රකාශය අදාළ නිවසේදී සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිංගප්පූරුව බලා යාමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එවූ ලිපියක් සහ අප්‍රේල් 20 වැනිදා ඇයට යොමුකළ ලිපියක් පහතින් දැක්වේ.










