සිදුව ඇති බවට කියන තවත් දැවැන්ත වංචාවක් සම්බන්ධයෙන් තමන් ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසනවා.Sri Lanka Latest News
ඔහු මේ බව සඳහන් කළේ මැයි දිනයට පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මැයි රැලිය පැවැත්වෙන මාලිගාවත්ත, පීඩී සිරිසේන ක්‍රීඩාංගනයේ පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත පිළිතුරු ලබා දෙමින්.
එහිදී සමගි ජන බලවේගයේ මැයි රැලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ එයට සහභාගී වන ලෙස එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර ඇති අතර ඔවුන් එම ආරාධනය ප්‍රතික්ෂේප කළ ද ඉදිරියේ දී හෝ එම තීරණයේ වෙනසක් ඇතිවිය හැකි බවයි.








