පසුගිය ජනවාරි 01 වැනිදා සිට මාර්තු 14 වැනිදා දක්වා කාලය තුළදී දිවයිනේ පළාත් 05ක සිදුව ඇති වෙඩිතැබීම් 32කින් පුද්ගලයන් 21 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකයේ උසස් නිලධාරියකු පැවැසීය. (Sri Lanka Latest News)
එම සිද්ධීන්වලින් පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා ඇති බවද සඳහන්ය.
අදාළ වෙඩිතැබීම් අතරින් සිදුවීම් 10කින් පමණ කිසිවකුට තුවාල සිදුව නොමැති අතර, බස්නාහිර පළාතෙන් වෙඩිතැබීම් 04ක්ද, දකුණු පළාතෙන් 03ක්ද, උතුරු පළාතෙන් 01ක්ද, වයඹ පළාතෙන් 01ක්ද සහ ඌව පළාතෙන් 01ක්ද වශයෙන් වාර්තා වූ බවයි සඳහන් වන්නේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පෞද්ගලික අමනාපකම් මත මෙම වෙඩිතැබීම් සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.
සිද්ධීන්වලට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.
ප්‍රේමලාල් විජේරත්න