• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගමට බැංකුවක් ගේන්න තනියෙන්ම සටන් කරපු අහිංසක මිල්ටන් මාමා!

March 24, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ගමට බැංකුවක් ගේන්න තනියෙන්ම සටන් කරපු අහිංසක මිල්ටන් මාමා!
Share on WhatsAppShare on Facebook

මිනිස්සුනට තියෙන්නේ විවිධ ආශාවන්. විවිධ වුවමනාවන්. සමහරු හීන දකින්නේ තම තමන්ගේ පෞද්ගලික දේවල් ඉටුකරගන්න විදිය. ගොඩක් මිනිස්සුන්ට එහෙම හීන තියෙනවා. ගෙයක් දොරක් හදාගන්න, වාහනයක් ගන්න, පවුලක් වෙලා පිළිවෙළකට ජීවත් වෙන්න, ඉඩම්කඩම් ටිකක් සල්ලිවලට ගන්න, පිටරට යන්න ඒ වගේ හීනත් එකක් තමයි මිනිස්සුන්ගෙ ජීවිත ගොඩනැඟිලා තියෙන්නේ. මීට වඩා සරල වෙච්ච, මීට වඩා ඈත් වෙච්ච වුවමනාවන් තියෙන අයත් ඉන්නවා. තමන්ටම කියලා තමන්ටම කියලා පොඩි කඩයක් දාගන්න, තමන්ටම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හීන තියෙන අයත් ඉන්නවා. හැබැයි මේ හැම හීනයක් අස්සෙම තියෙන්නේ මිනිස්සුන්ගෙ පෞද්ගලික වුවමනාවන් සහ ආශාවන්. මිනිස්සුන්ට ඕනෙ දියුණු වෙන්න. ලොකු මිනිස්සු වෙන්න. සල්ලිකාරයො වෙන්න. එහෙම වෙන එකේ වරදක් නෑ. එහෙම කියන්න කිසිම කෙනකුට අයිතියක් නෑ. හැබැයි ලෝකෙ සමහර මිනිස්සු ඉන්නවා තමන් වෙනුවෙන් නෙවෙයි, අනුන් වෙනුවෙන් ඒ කැපවීම කරනවා. මේ එහෙම මනුස්සයෙක්ගෙ කතාවක්.

මේ මනුස්සයා ජීවත් වෙන්නේ දූනගහ. දූනගහ ගොඩිගමුව පාරේ කැන්දකැලේවත්ත කියන ඉඩමේ ඈත තැනක පුංචි පැලක් අටවගෙන තමයි ඔහු ජීවත් වෙන්නේ. දැනට මේ මනුස්සයා වෙනුවෙන් කවුරු කොහේ ඉන්නවද කියලා දන්නෙ නැති වුණත්, ඒ ගෙදර නම් ඉන්නේ ඔහු විතරයි. ඔහුගේ බිරිය පසුගිය දවසක මියගියාට පස්සේ ඔහු හුදෙකලා මනුස්සයෙක් බවට පත්වුණා. දැන් ඔහුගෙ ජීවිතේ ගතවෙන්නේ තනියම. කාත් කවුරුවත් නැති මේ මනුස්සයා තමන්ගෙ ජීවිතේ ඉහළම ජයග්‍රහණය ලබාගෙන මේ දවස්වල සතුටෙන් ඉන්නවා කිව්වොත් තමයි හරියටම හරි.

මොකක්ද මේ ඔහු ලබාගත්ත ඉහළම ජයග්‍රහණය?ඔහුටම කියලා ගෙයක් හදාගත්ත එකද? නෑ, ඔහුට තියෙන්නේ පුංචි පැලක්. තමන්ටම කියලා වාහනයක් ගත්ත එකද? නෑ, ඔහුට තියෙන්නේ ඔහුගෙ දෙපයේ ශක්තිය විතරයි. නිරෝගී විදියට ජීවිත් වෙන එක, නැත්නම් ලොකු ලෙඩක් තිබිලා හොඳකරගත්ත එකද? නෑ, ඒ කිසිම දෙයක් නෙවෙයි. ඇත්තටම ඔහු නිරෝගී මනුස්සයෙක් නෙවෙයි. ලොකු ලෙඩ රෝග නැතත්, තියෙන ලෙඩ රෝගවලට බේත් හේත් ගන්නවත් ඔහු ගාව යහමින් මිල මුදල් නෑ. එතකොට ඔහු මොනවද දිනලා තියෙන්නේ? ලොකු විභාගයක් ලියලා අධ්‍යාපන මට්ටමේ ජයග්‍රහණයක්ද? නෑ, ඒ කිසිම දෙයක් නෙවෙයි. දේශපාලන ජයග්‍රහණයක්, ඡන්දෙ ඉල්ලලා, අඩුම තරමෙන් ප්‍රාදේශීය සභාවටවත් තේරිලාද? නෑ, එහෙම කිසිම දෙයක් නෙවෙයි ඔහුගේ ජයග්‍රහණය. ඔහුගේ ජයග්‍රහණය ගැන කියන්න කලින් අපි ඔහුගෙ නම ගම විස්තර ඔබට කියන්නම්. ඔහුගෙ නම තමයි මිල්ටන්. මිල්ටන් මාමා කිව්වම තමයි ගමේ හැමෝම දන්නේ. ගමේ විතරක් නෙවෙයි මිල්ටන් මාමා ටිකක් ඒ පැත්ත පළාතෙ ප්‍රසිද්ධ කෙනෙක්. අහල පහළ හැම තැනකම මිල්ටන් මාමා ප්‍රසිද්ධ වෙන්නේ නිතර පාර තොටේ ඇවිදින, දුක් මහන්සියෙන් කීයක් හරි හොයාගන්න අහිංසකයෙක් හින්දා. හැබැයි මිල්ටන් මාමගෙ හිතේ තිබුණු ලොකුම හීනය තමයි ගමට බැංකුවක් ගේන එක. ගමට බැංකුවක් ගේන එක සම්බන්ධව හීනයක් තියෙනවා කියන එක හරි පුදුම කතාවක්. මොකද දූනගහ කියලා කියන්නේ මීගමුව – දිවුලපිටිය පාරෙ තියෙන අර්ධ නාගරික ටවුමක්. මම ඒ නම කිව්වේ ඒකට ගැළපෙනම නම ඒක නිසා. මේ අර්ධ නාගරික ටවුමේ වෙළෙඳ ව්‍යාපාර හොඳින් කරගෙන යන මිනිස්සු හිටියත් විශාල ගම් ප්‍රදේශයක් ආවරණය වන ප්‍රධාන නගරයක ලක්ෂණ තිබුණත් ගමේ බැංකුවක් තිබුණෙ නෑ. වාහන තියෙන අය බැංකු හොයාගෙන එක්කො මරඳගහමුලට ගියා. එහෙම නැත්නම් මිරිස්වත්තට ගියා. නැත්නම් මිනුවන්ගොඩට ගියා. එහෙමත් නැත්නම් මීගමුවට ගියා. සමහර අය කොළඹ යන එන ගමන් ඒගොල්ලන්ගෙ බැංකු වුවමනාවන් ඉෂ්ට කරගත්තා.

මේ සියල්ල අතරතුරේ කොළඹ යන්න බැරි අය නගරයට යන්න බැරි අය කොහොම හරි ගිහිල්ලා බැංකු ගිණුමකින් සල්ලි කීයක් හරි අරගෙන අනෙක් වුවමනාවන් ටික ඉටුකර ගත්තත්, දූනගහට බැංකුවක් ඕනෙ කියන හීනය තිබුණට ඒක ඉෂ්ට වෙයි කියලා හිතුවෙ නෑ. මිල්ටන් මාමා තනියම සටන් කරන්න පටන් ගත්තා. මිල්ටන් මාමා හැමෝටම කිව්වා මට දූනගහට බැංකුවක් ගේන්න ඕනෙ, මේ දූනගහ මිනිස්සු පව් කියලා. හුඟක් අය මිල්ටන් මාමට හිනාවුණා. ඇත්ත කතාව ඒක. මිල්ටන් කියලා කියන්නේ පිස්සෙක්, මෝඩයෙක් කියලා කියන තැනට පත්වුණා. ඔය මිල්ටන් කිව්වට කොහෙද බැංකු දෙන්නේ? හැමෝම එහෙම හිතුවා. මිල්ටන් මාමා කිළිටි වෙච්ච ඇඳුම් ඇඳගෙන බැංකු මූලස්ථානවලට ගියා. ඇමැතිලා හම්බවෙන්න ගියා. ලියුම් ලියුවා. මාධ්‍යවේදීන් හම්බවෙලා පත්තරවල මේ අවශ්‍යතාව ගැන දැම්මා. හුඟක් වෙලාවට කවුරුවත් ඒකට කන් දුන්නේ නෑ. මිල්ටන් මාමා තනියම සටන් කළා. මාස කිහිපයක් තිස්සේ මේ සටන ඒ විදියටම කරගෙන ගියා. කවුරුත් කාටවත් කිසිම වුවමනාවක්වත් උදව්වක්වත් නොතිබ්බ කාලෙ මිල්ටන් මාමගෙ සටන තනිවම ඔහු කරගෙන ගියා. බැංකු මූලස්ථානවල ඉහළම නිලධාරීන් හම්බවෙන්න ගියා. ඉහළම කාමරවල නෝනලා මහත්තුරු එක්ක මිල්ටන් මාමා සාකච්ඡා කළා. මිල්ටන් මාමා හුඟක් වෙලාවට, හුඟක් තැන්වලදි පිළිගත්තේ නෑ. මිල්ටන් මාමගෙ කිළිටි ඇඳුම්, කළු පාට මුහුණ, ඒ කෙට්ටු කෙසඟ මනුස්සයව හැමෝටම පෙනුණේ පොඩියට. විශේෂයෙන්ම ගමේ මිනිස්සුන්ට මිල්ටන් මාමාගෙ උත්සාහය පවා පෙනුණේ පොඩියට. මේක විහිළුවක් බවට පත්වුණා. හැබැයි මිල්ටන් මාමගෙ මේ ඉල්ලීම ගැන පළමු වතාවට ලංකා බැංකුව ටිකක් ඇස් ඇරලා බැලුවා. බී.ඕ.සී. එකට පෙනුණා දූනගහ තමන්ගෙ ශාඛාවක් නැති වීමේ යම් ගැටලුවක් තියෙන බව. මොකද ඒ වෙනකොට බී.ඕ.සී. ශාඛා තිබුණේ දිවුලපිටියේ සහ මිරිස්වත්තේ.

මේ විදියට බී.ඕ.සී. ශාඛාවක් දූනගහට අවශ්‍යයි කියන එක දැනෙන්න ගත්තම මේගොල්ලො නිකන්ම මිල්ටන් මාමගෙ වුවමනාවට කන් දුන්නේ නෑ. මිල්ටන් මාමට කිව්වා අපි බලමු කියලා. හැබැයි ‘බලමු’ කියන එක වචනයටම විතරක් සීමා නොකර, ඇත්තටම ඇස් ඇරලා බැලුවා මේ වයසක මනුස්සයා කියන්නේ මොකක්ද කියලා. ඔවුන්ට තේරුණා දූනගහ කියලා කියන්නේ විශාල නගරයක් කියලා. මේ ගම්මාන විශාල ප්‍රමාණයක ජනතාව දූනගහට එනවා. මේ මිනිස්සුන්ට ලොකුවට මිල මුදල් නැති වුණත්, මිනිස්සු දුප්පතුන් හෝ අසරණයන් නෙවෙයි. ඒ නිසා හැමෝටම තමන්ගෙ එකවුන්ට් එකක් පවත්වාගෙන යෑමේ පුළුවන්කම තිබුණා. ඒත් එක්කම දූනගහ ප්‍රධාන නගරය, ප්‍රධාන සති පොළ, මාතෘ සායනය සහ දූනගහ තියෙන ව්‍යාපාරික වටපිටාවත් එක්ක හැමෝටම දූනගහට එන්න සිද්ධ වෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබුණා. ඒ නිසා මේගොල්ලො මුලින්ම මිල්ටන් මාමාගෙ බලාපොරොත්තු ඉෂ්ට කරමින් ජංගම බැංකු රථයක් දූනගහට දුන්නා. ජංගම බැංකු රථය දූනගහට ආවම මිල්ටන් මාමා නිකන් හිටියෙ නෑ. ගෙන් ගෙට ගිහිල්ලා මිනිස්සු වෙන වෙනම හම්බවෙලා වෙන වෙනම කතා කරලා දූනගහට බැංකුවක අවශ්‍යතාව දැනෙන විදියට මේ ජංගම රථයට බැංකු එකවුන්ට් ඇරලා දුන්නා. ඉස්කෝලෙට ගියා. පන්සලට ගියා. පල්ලියට ගියා. කඩවලට ගියා. ගෙවල්වලට ගියා. එකවුන්ට් එකක් අරින්න කියලා කිව්වා. මිනිස්සු පුළුවන් විදියට බැංකු ගිණුම් අරින්න පටන් ගත්තා.

දූනගහට ආපු ජංගම රථය අතිශය කාර්යබහුලත්වයට පත්වුණා. අපි ඒක දන්නේ එහෙම. සමහර විට මේක බැංකුවෙ පාර්ශ්වයෙ කතාව මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මිල්ටන් මාමා සහ මේ සිදුවීම දිහා බලාගෙන හිටපු මිනිස්සු කියන්නේ ඒ විදියට. ටිකෙන් ටික බැංකුවක් දූනගහ හැදෙන තැනට පත්වුණා. ඔන්න මිල්ටන් මාමගෙ පැත්තවත් නොබලපු සමහර ව්‍යාපාරිකයො තමන්ගෙ ගොඩනැගිලි බැංකුවට දෙන්න සූදානම් වුණා. දූනගහට බැංකුවක් කියන කතාව හැමෝටම ආරංචි වුණා. මිල්ටන් මාමාට වැඩ වැඩි වුණා. මිල්ටන් මාමා එහෙටයි මෙහෙටයි දුවමින් ආයෙත් බැංකුව සඳහා ගොඩනැගිලි හොයන්න පටන් ගත්තා. දූනගහ බැංකුවක් සඳහා ගොඩනැගිල්ලක් සූදානම් වුණා. ජංගම රථය එන එකත් නතර වෙලා හදිසියේම දූනගහට බැංකුවක් ආවා. දූනගහ බැංකුව විවෘත කළා. විවෘත කරපු දවසෙ මිල්ටන් මාමා පරණ පුරුදු සුදුපාට සරමයි කමිසයයි ඇඳගෙන බැංකුවට ඇවිල්ලා හිටියා. හැබැයි මිල්ටන් මාමට තෑග්ගකුත් හම්බවුණා. මිල්ටන් මාමාට දූනගහ මිනිස්සුන්ගෙ ගෞරවය හිමිවුණා. ඒගොල්ලො විශේෂ කතාවක් එහෙම පවත්වලා මිල්ටන් මාමාට ස්තුති කළා. මිල්ටන් මාමාට පොඩි පොඩි තෑගි හැරෙන්න වෙන මුකුත් ලැබුණේ නෑ. හැබැයි මිල්ටන් මාමාට අවශ්‍යම දේ ලැබුණා. ඒ තමයි ගමට බැංකුවක්. මේ බැංකුවෙ තාමත් මිල්ටන් මාමාට එකවුන්ට් එකක් නෑ. මිල්ටන් මාමාගේ බැංකු කාඩ් එකක් නෑ. මිල්ටන් මාමා ඒ.ටී.එම්. යන්ත්‍ර පාවිච්චි කරන්න දන්නෙ නෑ. හැබැයි තාමත් මිල්ටන් මාමා බැංකුව ගාවට යනවා. ගිහින් බලලා එනවා. මේ අස්සේ තමයි කොවිඩ් වසංගතය ආවෙ. කොවිඩ් වසංගතය ආවත් එක්කම හුඟක් දෙනකුට නගරයෙන් පිට යන්න බැරි වුණා. ගමෙන් පිට යන්න බැරි වුණා. සීමා මායිම් වැටුණා. ඒ අස්සෙත් ගමේ මිනිස්සු සියලු දෙනා පයින් ඇවිල්ලා බයිසිකලේකින් ඇවිල්ලා, ත්‍රීවීල් එකකින් ඇවිල්ලා සල්ලි අරගෙන යන්න පටන් ගත්තා.

දූනගහ බැංකුවට යනවා කිව්වම එතැන ප්‍රශ්නයක් තිබුණෙ නෑ. බැරිවෙලා හරි කොවිඩ් එද්දි දූනගහට බැංකුවක් නොතිබුණා නම් දූනගහ මිනිස්සු අන්ත අසරණයි. ඒ මිනිස්සුන්ට සල්ලි ටිකක්වත් ගන්න විදියක් නැති වෙනවා. හැබැයි ඉඳලා ඉඳලා රට ඇරපු දවසෙ බැංකුව ගාව විශාල පොලිම් හැදුණා. මිල්ටන් මාමා සුපුරුදු පරිදි ඇවිල්ලා පෝලිමත් හැදුවා. මිනිස්සුන්ට වැඩ කටයුතු පහසු කළා. අදත් මිල්ටන් මාමා බැංකුව දිහා බලාගෙන එහෙට මෙහෙට යනවා එනවා. හැබැයි මිල්ටන් මාමාට බැංකුවක අවශ්‍යතාවක් නැහැ. මිල්ටන් මාමට සල්ලි නෑ. මිල්ටන් මාමාට ජීවත් වෙන්න විදියකුත් නෑ. ඔහු කීයක් හරි හොයාගන්නෙ පුංචි පුංචි දේවල් කරලා. ජීවිතේ ලොකුම ආදායම් මාර්ගය වෙච්ච රතිඤ්ඤා එතිල්ල නතර වුණාට පස්සේ මිල්ටන් මාමා දැන් ඉන්නේ ටිකක් අසරණ වෙලා. මිල්ටන් මාමාගෙ රතිඤ්ඤා ව්‍යාපාරය නතර වුණේ එයාගෙ අතේම රතිඤ්ඤයක් පිපිරුවට පස්සේ. කොහොම නමුත් දැන් මිල්ටන් මාමා ටිකක් දුර්වලයි. හැබැයි ඒ ගතින් විතරයි.

කොහොම නමුත් දූනගහ මිනිස්සුන්ට සුන්දර සිහිවටනයක් වෙලා මිල්ටන් මාමා ගෙනල්ලා දුන්න බැංකුව දැන් සශ්‍රීකව වැඩෙනවා. බැංකුවට ගිණුම් එනවා. බැංකුවෙ කටයුතු සිද්ධ වෙනවා. නිලධාරී මහත්වරුන්ගේ මනුස්සකම් කෙසේ වෙතත් මිනිස්සුන්ට මිල්ටන් මාමාව දැන් ආයෙත් අමතක වෙලා. ඒත් ගමට බැංකුවක් ගෙනල්ලා දෙන්න අවුරුදු ගානක් තිස්සේ එහෙටයි දුවපු, කොළඹ ගියපු, කාර්යාලවලට ගියපු, නිලධාරීන් හම්බවුණු, ඇමැතිවරු හම්බවුණු, ලියුම් ලියාගත්තු, වෙහෙස වෙච්ච මනුස්සයෙක් ගැන ලෝකෙ කොහේවත් කතාවක් නැතුව ඇති. විශේෂයෙන්ම තමන්ට එකවුන්ට් එකක් නැතුව තියෙද්දී, තමන් ව්‍යාපාරිකයෙක් නොවී ඉද්දී, තමන් ගාව මිල මුදල් යහමින් නැතුව තියෙද්දී, අනෙක් මිනිස්සු වෙනුවෙන් බැංකුවක් හදලා දෙන්න වෙහෙසිච්ච මේ මනුස්සයා කවදා හරි නැතුව ගිය දවසක මිනිස්සුන්ට ඉතා ඉක්මනට අමතක වෙලා යාවි. බැංකුවට ඇවිල්ලා සල්ලි අරගෙන යන, බැංකුවට සල්ලි දාන, බැංකුවත් එක්ක ගනුදෙනු කරන කාටත් මිල්ටන් මාමාව අමතක වුණත්, මිල්ටන් මාමා කියලා කියන්නේ තමන් ජීවත් වෙන මහපොළොවට බරක් නොවිච්ච, තමන්ගෙ ගමේ මිනිස්සුන්ගෙ වුවමනාවන් ඉෂ්ට කරන්න වෙහෙසිච්ච, තමන් වෙනුවෙන් කිසි දෙයක් කරගත්තේ නැති මනුස්සයෙක් විදියට ඉතිහාසයට එක්වේවි. ඒ මිල්ටන් මාමට ස්තුති කරන්න ඕනෙ සියලු දෙනාම එකතු වෙලා කියලයි අපට හිතෙන්නේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හයසීයේ ටිකට් එක දාහ කරයි! කෝච්චි ගාස්තුත් පුදුම විදිහට වැඩිවෙයි!

Next Post

ජනපති සංචාරක අධිකාරියේ සංචාරයක! (PHOTOS)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.