• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මළු හතක් ඉහළින් වැඩ සිටින බෝධිය අසලට කාටවත් යන්න නොදෙන හේතුව… ජේමිස් අප්පුහාමි ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් කපා දැමූ හැටි… ශ්‍රී මහා බෝධිය ගැන කවුරුත් නොදන්න පුදුම හිතෙන කතා…

February 28, 2023
in Exclusive, Mahawanshaya
Reading Time: 4 mins read
A A
මළු හතක් ඉහළින් වැඩ සිටින බෝධිය අසලට කාටවත් යන්න නොදෙන හේතුව… ජේමිස් අප්පුහාමි ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් කපා දැමූ හැටි… ශ්‍රී මහා බෝධිය ගැන කවුරුත් නොදන්න පුදුම හිතෙන කතා…
Share on WhatsAppShare on Facebook

මිනිස් අතකින් රෝපණය කළ, එලෙස රෝපණය කළ කාලය දන්නා, ලෝකයේ තියෙන පැරැණිය ශාකය ගැන තමයි අද ඔබට කියන්නේ. බොහෝ දෙනෙක් වසරක් පාසා ඉමහත් ගෞරවයෙන් වන්දනා කරන්නට යන පූජනීය ස්ථානයක් වන අනුරාධපුර ජයශ්‍රී මහා බෝධින්වහන්සේ ගැන මේ වටිනා කරුණු එකතුව අපි ඔබ වෙනුවෙන් උපුටා ගත්තේ Lassana Derana යූටියුබ් චැනලයෙන්.

අනුරාධපුර පූජා නගරයේ රෝපණය කර තිබෙන්නේ සිද්ධාර්ථ බෝසතාණන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න පිටදුන්න ඉන්දියාවේ බුද්ධගයාවේ තිබුණු මහාබෝධියේ දකුණු අංකුරයක්. එය රෝපණය කර තියෙන්නේ ක්‍රි.පූ. 288 අවුරුද්දේදී. ශ්‍රී මහා බෝධිය කිට්ටුවට දැන් යන්න අවසර දෙන්නේ නෑ. අපි දැකලා තියෙනවා සමහර අය සමහර අවස්ථාවල ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වනවා. හැබැයි ඒ අය ඒ හා බැඳුණු සත්‍ය කතාව දන්නවද කියලා නම් අපි දන්නේ නෑ. 1929 ජූලි 30 වැනිදා ජේමිස් අප්පුහාමි කියලා කෙනෙක් මේ ශ්‍රී මහා බෝධියට විශාල හානියක් කරනවා. එදා ඉඳලා තමයි ජයශ්‍රී මහා බෝධින්වහන්සේ ළඟට යන එක සීමා කරලා තියෙන්නේ. ඒ කතාව මෙහෙමයි.

මේ ජයශ්‍රී මහා බෝධින්වහන්සේ වැඩසිටින්නේ පොළොව මට්ටමට ඉහළින් තියෙන විශේෂ පීඨිකාවක. ඒ පීඨිකාවට කවුරුත් පය තියන්නේ නෑ. මේ විශේෂ පීඨිකාව වටේ පරිවාර මළු හතක් පිහිටුවා තිබෙනවා. ඒවා වැලි මළුව, විහාර මළුව, දෙවැනි මළුව, රන් වැට මළුව, උඩ මළුව, උඩ මළුව පැරැණි රන් වැට, මහබෝ මළුව, වැඩහිඳින මළුව කියලා හඳුන්වනවා. වර්තමානයේදී සැදැහැවතුන්ට යෑමට අවසර තියෙන්නේ ඉන් දෙවැනි මළුව දක්වා පමණයි. නමුත් 1929 වසරට කලින් සාමාන්‍ය ජනතාවට බෝ සමිඳු අසලටම ගොස් වන්දනා කිරීමට අවස්ථාව තිබුණා. ඒ අවස්ථාව අපට අහිමි වෙලා ගියේ 1929 ජූලි 30 වැනිදා ජේමිස් අප්පුහාමි කියන පුද්ගලයා සිදුකළ අපරාධයත් සමගයි. එදා සැදැහැවතුන් අවම දිනයක් වුණා. අද වගේ ඒ කාලේ වන්දනාකරුවෝ දහස් ගණනක් රැස්වෙලා සිටියේ නැහැ. ඒ නිසා ජේමිස් අප්පුහාමි එදින උදෑසන ජයශ්‍රී මහා බෝධින්වහන්සේ අසලට පැමිණියා. ඔහු රැගෙනවිත් තිබූ පොහොර උරයක තිබූ පොරව අතට ගත් ජේමිස් අප්පුහාමි, බෝධින්වහන්සේ ආසන්නයේ කිසිවෙක් නොසිටි වෙලාවක් බලා බෝධින්වහන්සේගේ විශාලම ශාඛාවට වේගයෙන් කොටන්නට පටන් ගත්තා. ඒ ස්ථානයේ කිසිවකුත් නොසිටීම, ඔහුට එම අපරාධය සිදුකිරීමට පහසුවක් වුණා. බෝධින්වහන්සේ වැඩසිටින පැත්තෙන් ගසකට කොටන හඬක් ඇසුණු නිසා ලොකු හාමුදුරුවන් සහ එවක සිටි කැපකරුවා කෑගසමින් එම ස්ථානයට දිව ආවා. ඒ වන විටත් ජේමිස් අප්පුහාමි බෝධින්වහන්සේගේ විශාලතම ශාඛාව කපා බිමහෙළා අවසන්ව තිබුණා. ඉන් පසුව ජේමිස් අප්පුහාමි අත්අඩංගුවට පත්වෙනවා. ඒ සමගම මෙම අපරාධය සම්බන්ධයෙන් විවිධ මතවාද සමාජගත වෙන්න වුණා. ඇතැමුන් ජේමිස් අප්පුහාමි මානසික රෝගියකු ලෙසද හඳුන්වනු ලැබුවා. ඇතැමුන් පවැසුවේ ජේමිස් බීමතින් සිටි බවයි. තවත් සමහරු කියා සිටියේ ජේමිස් අන්‍යාගමිකයන්ගෙන් මුදල් ලබාගෙන මෙම අපරාධය සිදුකළ බවයි. බෞද්ධ ජනතාව මේ පුවතින් කම්පාවට පත්වුණා.

ජේමිස් විසින් කපා බිම හෙලුව ඒ ශාඛාව විශේෂ උත්සවයක් පවත්වලා ආදාහනය කෙරුවා. ඉන් පසුව ශ්‍රීමහා බෝධින්වහන්සේගේ ආරක්ෂාවට, එවක සිටි අටමස්ථානාධිපති හිමියන් විසින් යකඩ වැටක් සවිකරනු ලැබුවා. බෝධින්වහන්සේ අසලටම ගොස් වන්දනාමාන කිරීම තහනම් කෙරුවේ ඒ අනුවයි. අදටත් ක්‍රියාත්මක වෙන්නේ එදා ජේමිස් අප්පුහාමි සිදුකළ අපරාධයෙන් පසුව බෝධින්වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදූ උපක්‍රමයන්ගේ ප්‍රතිඵලයි. එදා එලෙස ඉදිකළ යකඩ වැට වෙනුවට අද වන විට රන් ආලේපිත වැටක් ඉදිකරලා බෝධින්වහන්සේගේ ආරක්ෂාව දැඩි කරලා තිබෙනවා. ජේමිස් අප්පුහාමි එදා කපා ඉවත් කළ ශාඛාව අදටත් අපට දැකගන්නට ලැබෙනවා.

බුදුරජාණන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ බෝහෝ කාලයක් වැඩසිටියා. ඒ සමයේ බුදුජාණන්වහන්සේ දැකබලා ගන්න, වන්දනා කරන්න බොහෝ දුර බැහැර ඉඳන් ජනතාව සැවැත් නුවරට පැමිණියා. බුදුරජාණන්වහන්සේ වෙනත් ප්‍රදේශයකට වැඩම කර සිටි ඇතැම් අවස්ථාවල, එලෙස ඈත ප්‍රදේශවලින් පැමිණි ජනතාවට උන්වහන්සේ දැකගන්න නොහැකි වීම නිසා ආපසු හැරී යන්නට සිදුවුණා. ඒ අනුව ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින්වහන්සේ, බුදුරජාණන්වහන්සේට මේ බව පවසා සිටියාට පසු, උන්වහන්සේගේ අනුදැනුම මත, ජේතවනාරාමය ඉදිරිපිට බෝධියක් රෝපණය කරන්නට කටයුතු කෙරුණා. එදා පටන් ජේතවනාරාමයට පැමිණෙන ජනතාවට බුදුජාණන්වහන්සේ එහි වැඩ නොසිටි අවස්ථාවලදී උන්වහන්සේ කෙරෙහි දක්වන ගරු බුහුමන්, වන්දනාවන් මේ බෝධින්වහන්සේට දැක්වීමට හැකියාව ලැබුණා. මේ බෝධිය තමන් වහන්සේ දෙවුරම් වෙහෙරෙහි නිබඳව වැඩසිටීම හා සමාන බව බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබෙනවා.

ශ්‍රී මහා බෝධින්වහන්සේ අපේ රටට වැඩම කරවීමට මූලික හේතුව ලෙස සැලකෙන්නේ අනුලා දේවිය ප්‍රධාන කාන්තා පාර්ශ්වය පැවිදි වීමට අවසර ඉල්ලා සිටීමයි. ඒ සමයේ ඉන්දියාවේ රජකළ ධර්මාශෝක රජු, විවිධ රටවලට ධර්මය ව්‍යාප්ත කිරීමේ කර්තව්‍යයේ නිරතව සිටියා. එහි එක් පියවරක් ලෙස ධර්මාශෝක රජුගේ පුත්‍රයා වූ මිහිඳු මහරහතන් වහන්සේ තම අසල්වැසි රට වූ ලංකාවට ධර්ම දූත කාර්යය සඳහා පිටත් කර හැරියා. එම කටයුත්තේ පරමාර්ථය වූයේ බුදුරජාණන්වහන්සේගේ දහම හා ඒ හා බැඳුණු සංස්කෘතිය ලංකාවේ පිහිටුවීමයි. ඒ අනුව දේවානම්පියතිස්ස රජතුමාගේ පාලන සමයේ මිහිඳු මහරහතන්වහන්සේගේ නැගණිය වූ සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් ශ්‍රී මහා බෝධින්වහන්සේ අපේ රටට වැඩම කළා. ශ්‍රී මහා බෝධින්වහන්සේ එලෙස වැඩමකිරීමත් සමග ලාංකික ජන සමාජයේ වැදගත් පරිවර්තන රාශියක් සිදුවුණා. ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ වීම ඒ අතරින් ප්‍රධාන තැනකලා සැලකිය හැකියි. සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩමවීමේ ප්‍රධාන අරමුණ ලෙස ද භික්ෂුණී ශාසනය අප රට තුළ ස්ථාපනය කිරීම දැක්විය හැකියි.

සංඝමිත්තා තෙරණිය සමග උත්තරා, හේමා, පදුමා, පසඳමාලා, අග්ගිමිත්තා, මල්ලා, සුමා මහාදේවි ඇතුළු තෙරණිවරුන් 11 නමක් ලංකාවට වැඩම කළ බව පොතපතේ සඳහන් වෙනවා. ඒත් සමගම දේවානම්පියතිස්ස රජතුමා සොහොයුරා වූ මහානාග යුවරජතුමාගේ බිසව වන අනුලා දේවිය ඇතුළු කාන්තාවන් 500ක් බුදු සසුනේ පැවිදිභාවයට පත්ව තිබෙනවා. භික්ෂුණී ශාසනය ආරම්භයත් සමග බ්‍රාහ්මණ, ජෛන වැනි ආගම්වල මිථ්‍යා විශ්වාස මගින් සිරකොට තිබූ කාන්තාවට නිසි තැන හිමිවෙන්නට වුණා.

ජයශ්‍රී මහා බෝධිය වැඩමවීමත් සමග සිදුවූ තවත් වැදගත් සිදුවීමක් ලෙස කුල 18කට අයත් ජනතාවක් ලංකාවට පැමිණීම සඳහන් කළ හැකියි. වංශකතාවලට අනුව ධර්මාශෝක රජතුමා මේ පිරිස එවා තිබුණේ බෝධින්වහන්සේගේ තේවාව ඉටුකිරීම සඳහායි. ඊට හේතු වන්නේ, මීට පෙර දැක නොතිබූ පූජනීය වස්තුවකට පුද පූජා කිරීමට ලාංකික ජනතාවට අවබෝධයක් නොතිබීමයි. එලෙස පැමිණි කුල 18කට අයත් ජනතාව අතර ගොවිතැන, යකඩ වැඩ, කුඹල් කර්මාන්තය, ආයුධ තැනීම, රෙදි විවීම, ආහාර පිසීම, රන් රිදී ආභරණ නිර්මාණය ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ට අයත් ජනතාව සිටි බව කියැවෙනවා. ඒ මගින් ලංකාවේ ජන සමාජයට නව කර්මාන්ත රාශියක් හඳුන්වා දීමටද ධර්මාශෝක රජතුමා කටයුතු කර ඇති බව කිව හැකියි.

මිහිඳු මහරහතන්වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමග එවක මෙරට රාජ්‍ය නායකයා වූ දේවානම්පියතිස්ස රජතුමා බුදුදහම වැලඳගත්තා. ඉන් පසුව ශ්‍රීමහා බෝධිය වැඩමකිරීම මගින් ලංකාවේ බුදු සසුන තවදුරටත් වර්ධනය වුණා. මේ විදියට ලක්බිම ස්ථාපනය වූ බුදුදහම සහ රටේ නායකයා සමග ඇති සබඳතාව වර්තමානය වන විටත් අපට දැකගත හැකියි. ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වන්නා බෞද්ධයකු වීම වැදගත් සාධයක් බව මෙමගින් තහවුරු කෙරෙනවා.

ධර්මාශෝක රජතුමා, සිය රාජ්‍යයෙන් බෝධිය පුදන ලෙස තම මිතුරා වූ දේවානම්පියතිස්ස රජතුමාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පොතපතේ සඳහන් වෙනවා. මේ සමගම ශ්‍රීමහා බෝධින්වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත්ව තිබෙනවා. අනුරාධපුර රාජධානිය නිමාවන තෙක්ම සියවස් 13ක පමණ කාලයක් ශ්‍රීමහා බෝධිය ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත්වෙලා තිබෙනවා. අනුරාධපුර සහ පොළොන්නරුව යුගවලින් පසුව රාජධානි නිරිතදිගට සංක්‍රමණය වීමත් සමගම ශ්‍රීමහා බෝධින්වහන්සේගේ වැදගත්කම ක්‍රමයෙන් අඩුවී යන්නට වුණා. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ දන්ත ධාතුන්වහන්සේ ලක්දිවට වැඩම කිරීමයි. අගනගරය මාරු වීමත් සමග එම දන්ත ධාතුන්වහන්සේ විවිධ නගරවලට වැඩමකිරීමට හැකියාව ලැබීම, ආගමික වශයෙන් සහ දේශපාලනික වශයෙන්ද වැදගත් වුණා. මහනුවර යුගය වන විට ස්ථිර මන්දිරයක දළදා වහන්සේ එහි තැන්පත් කිරීමෙන් පසු, සියලු දෙනාගේම අවධානය ඒ දෙසට යොමුවීම සිදුවුණා.

දේවානම්පියතිස්ස රජුගේ පාලන කාලයේදී ජයශ්‍රී මහා බෝධිය රෝපණය කර තිබී ඇත්තේ මහමෙවුනා උයනේය. විශාල උත්සව පවත්වා රෝපණය කළ ජයශ්‍රී මහා බෝධින්වහන්සේ වටා විවිධ අවස්ථාවල ශෛලමය ගරාදි වැටවල් ඉදිකර ඇති අයුරු දැකගත හැකියි. ගෝඨාභය රජතුමා විසින් එවැනි ගරාදි වැටක් ඉදිකළ බව මහාවංශයේද සඳහන්ව තිබෙනවා. ඉන් පසුව සිරිමේඝවර්ණ රජතුමා විසින් පාෂාණ ඇතිරූ මළුවක් සහ ගරාදි වැටක් ඉදිකළ බව දීපවංශයේ සඳහන් වෙනවා. එම ඓතිහාසික ලිඛිත තොරතුරු 100%ක් සනාථ කරමින් අබලන්ව තිබූ විහාර ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කරද්දී සිරිමේඝවර්ණ රජු විසින් කරවූ බවට සැලකෙන පාෂාණ අතුරන ලද මළුව සහ බෞද්ධ ගරාදි වැටේ ගරාදි සවුව තිබූ කොටසත්, ගෝඨාභය රජු විසින් කරවූ බවට සැලකෙන ශෛලමය බෞද්ධ ගරාදි වැට සහ එහි අත්තිවාරමත් මතුකර ගැනුණා. ඒ පැරැණි ඉදිකිරීම් වර්තමානයේදී අපට දැකගත හැකි ලෙස වීදුරු ආවරණ යොදා එහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

එසේම ශ්‍රීමහා බෝධින්වහන්සේ පිහිටි මළුවට පහළින් ඇති තවත් විශේෂ ස්ථානයකි ප්‍රාර්ථනා බෝධිය. එතැන පිහිටා ඇති කුඩා බෝධියේ බෙනයට කාසි දමා තම විශේෂ අරමුණක් ඉටුවන ලෙස ප්‍රාර්ථනා කරන්න බොහෝ දෙනෙක් පුරුදුව සිටිනවා. කෙසේ වෙතත් සිදුහත් බෝසතාණන්වහන්සේ සියල්ල අත්හල තැන සිට විවිධ වූ ලෞකික අරමුණු මුදුන්පමුණුවා ගැනීමට එලෙස ප්‍රාර්ථනා කිරීම කෙතරම් සුදුසුදැයි අප නැවතත් සිතා බැලිය යුතුය. එසේම ජයශ්‍රීමහා බෝධින්වහන්සේ සහ ඒ අවට පිහිටි පූජනීය ස්ථානයන්ට කාසි පඬුරු දැමීම පිළිබඳවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙවැනි පූජනීය ස්ථානවලට කාසි, නෝට්ටු වීසි කිරීම බොහෝ දෙනෙක් සිදුකරනවා. එමගින් ඔවුන් කුමක් අපේක්ෂා කරන්නේද යන්න පැහැදිලි නැතත්, තුන් ලොවක් ජයගත හැකි ශ්‍රේෂ්ඨ වූ දර්ශනයක් ලොවට දායාද කළ නික්ලේශී උතුමකුට ගෞරව කිරීම සඳහා කාසි, නෝට්ටු වීසිකිරීම කිසිසේත් සිදු නොකළ යුතු බව අපේ මතයයි.



චානක ලියනගේ

SendShareShare
Previous Post

තුර්කියේ අසරණ දරුවන්ට දෙන්න වෝඩාෆෝන් ක්‍රීඩාංගනයට සෙල්ලම් බඩු වැස්සක් වහී! VIDEO

Next Post

පොහොට්ටුවට ව්‍යවස්ථා 2ක්? මන්ත්‍රීවරුන්ට එකක් දීලා මැතිවරණ කොමිසමට තව එකක් දීලා? ඇත්ත ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂද? සපුමල් වලව්වත්තද? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.