• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීගිරි ලඳුන්ට අතවර කොට අවුරුදු 55යි…

November 16, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
සීගිරි ලඳුන්ට අතවර කොට අවුරුදු 55යි…
Share on WhatsAppShare on Facebook

‘කලබල වූ ඕවසියර් කෙනකුන් විසින් හරියට තේරුම්ගත නුහුණු ටැලිපෝන් පණිවුඩයක් අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ ඇති චිත්‍රයන් මත පසුගිය රාත්‍රියේ කොළපාට ලියන තීන්තයක් කවුදෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස් එම තීන්ත අස්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්තෝබර් මස 15 වැනිදා උදේ එවක සිටි පුරාවිද්‍යා කොමසාරිස්වරයා (ආචාර්ය චාල්ස් ගොඩකුඹුර) විසින් මට (ආචාර්ය රාජා ද සිල්වා මහතාට) දන්වන ලදී.’ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්ෂික පාලන වාර්තාවේ (1967-68) මෙම විනාශය පිළිබඳ මෙසේ සඳහන් වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ සිරිසමන් විජේතුංග මහතා 2003 වසරේ රචිත ‘සීගිරි කාශ්‍යප’ ග්‍රන්ථයේ 32 පිටුවේ සඳහන් කර ඇත.

සීගිරි සිතුවම් මත තවරා තිබුණේ ගොරෝසු කොළ පැහැති තීන්ත වර්ගයකි. මෙය කාම උන්මත්තයකුගේ ක්‍රියාවක්ද, අන්තගාමීන්ගේ ක්‍රියාවක්ද, නැතහොත් දේශපාලනික ක්‍රියාවක්ද යන මතවාද ලැව්ගින්නක් සේ පැතිරයමින් තිබියදී, රජය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිතුවම් සංරක්ෂණය සඳහා සුදුසු ක්‍රියාමාර්ග සඳහා යොමු වූහ.

ඔක්තෝබර් 14 වැනි දින සිට සීගිරිය නැරඹීමට පැමිණීමද ජනතාවට තහනම් විය. එවක අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා මේ වෙනුවෙන් අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීම් කටයුතු පොලිසියට භාර කරන ලදී. සිදුවූ විනාශයෙන් සීගිරි ලඳුන් සාර්ථකව මුදා ගැනීමට එවක අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමා ඇතුළු සියලු පිරිස්වලට තිබූ අවශ්‍යතාව පැහැදිලිව දකින්නට ලැබුණු අතර, ඊරියගොල්ල මහතා සීගිරියේ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 21 වැනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද සිදු කළේය.

සීගිරි ළඳුන් ප්‍රකෘති ස්වභාවයට පත්කිරීම සඳහා විශේෂඥ සහාය අවැසි විය. සීගිරි බිතු සිතුවම්වලට සිදුවී ඇති විනාශය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එවක ඇමෙරිකානු තානාපති කාර්යාලය, ස්මිත්සෝනියන් කෞතුකාගාරය (Smithsonian Museum) සහ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීමට කටයුතු කළහ. සංස්කෘතික වස්තූන් හැදෑරීමේ හා සංරක්ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්ථානය (International Centre for the Study and Preservation of Cultural Property) විසින් ඉතාලියේ ඉපැරැණි චිත්‍ර සංරක්ෂකවරයකු මෙන්ම රසායනික විද්‍යාඥයකු වන ආචාර්ය ලුසියානෝ මරෙන්සි (Luciano Maranzi) මහතාව 1967 ඔක්තෝබර් 22 දින මෙරටට එවීමට පියවර ගනු ලැබිණි. ආචාර්ය මරෙන්සි ලංකාවට පැමිණෙන විටද රසායන විශේෂඥ රාජා ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සීගිරි ළඳුන්ගේ පැවැත්ම වෙනුවෙන් මහත් වෙහෙසක් දරමින් සිටියහ.

ආචාර්ය මරෙන්සි මෙරටට ආ විගස සීගිරියේ ඉතිහාසය, පරිසරය හා ගැමි සංස්කෘතිය ගවේෂණය කරන ලදී. දේශීය බිතුසිතුවම් කලාවේ පීතෘවරයා ලෙස සැලකෙන සෝලියස් මෙන්දිස් මහතා වෙතට ගිය ආචාර්ය මරෙන්සි දේශීය චිත්‍ර කලා අමුද්‍රව්‍ය පිළිබඳ ඔහුගෙන් උපදෙස් ලබාගත්තේය. විශේෂඥ දැනුමත් හා දේශීය දැනුමත් සංකලනය කොට බිතු සිතුවම් විනාශ කිරීමට ගෑ තීන්ත ඉවත් කොට ප්‍රතිසංස්කරණය කෙරිණි. අනතුරුව ආචාර්ය මරෙන්සි මහතා 1967 නොවැම්බර් මස 04 වැනිදා ඉතාලිය බලා ආපසු පිටත්විය.

ඉන්පසු දෙවැනි වතාවටත් ඒ මහතා 1968 මාර්තු මස 04 වැනිදා මෙරටට පැමිණ තවදුරටත් සීගිරි බිතු සිතුවම් සංරක්ෂණයේ කටයුතු එම වසරේ අප්‍රේල් මස 11 දින දක්වා සිදුකරන ලදී.

1968 මැයි මස 09 වැනි දින සම්භාවනීය අමුත්තනුත් දහස් ගණන් හා රටවැසියන් ඉදිරියේ සීගිරි කුල බටහිරින් ඇති පැරැණි රාජ සභා ශාලාවෙහි පවත්වන ලද ඓතිහාසික රැස්වීමේදී ඊරියගොල්ල මහතා විසින් සීගිරි බිතු සිතුවම් ලෙන උත්සවාකාරයෙන් යළිත් මහජනතාවට විවෘත කරන ලදී. මෙහිදී දෙස් විදෙස් උඩරට නැටුම් ප්‍රධාන පංචතූර්ය නාදය ඔස්සේ රාජ්‍ය නියෝජිතයන් කැඳවා ගෙන ආ අතර, එහි නැටුම් මෙහෙය වන ලද්දේ ආචාර්ය පණීභාරත සූරීහු විසිනි.

‘ආචාර්ය ලුසියානෝ මරෙන්සි මහතාගේ සංරක්ෂණ වැඩවල අනර්ඝත්වය ගැන මේ රටේ ජනතාවත්, අප දිවයිනෙන් පිටත වෙසෙන කලා රසිකයනුත් ඔහුට ගැතිය’ යනුවෙන් 1967-68 පුරාවිද්‍යා පාලන වාර්තාව සඳහන්කර තිබේ. සීගිරි බිතු සිතුවම් ප්‍රතිසංස්කරණදී එවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු වූ සහ එම දෙපාර්තමේන්තුවේ සිටි එකම රසායන විද්‍යා උපාධිධාරියා ලෙස විද්‍යාජෝති රාජා ද සිල්වා මහතාගේ මෙහෙයද අනර්ඝය. එලෙසින්ම, අගමැති ඩඩ්ලි සේනානායක, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ආමාත්‍ය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල ඇතුළු රජය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවද පැසසිය යුතුය. මේ සියලු දෙනාගේ එකමුතුවෙන් ලංකා කලා ඉතිහාසයේ අඳුරුතම පල්ලම මකාදැමීමට හැකි විය. රටට අවැසි වන්නේ එවැනි එකමුතුකම්ය.

අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද්දකි.

SendShareShare
Previous Post

මුදල් විශුද්ධිකරණ නඩුවට පැටලුණු ජැකලින්ට ඇප ලැබෙයි! වැලිගම සුපිරි නිවසක් ගැනත් තොරතුරු එළියට එයි!

Next Post

ඇතුළේ ඉන්න පොඩි ලැසී මවගේ උපන්දිනයට ලක්ෂ 25ක සුපිරි පාටියක් දාලා! පාතාලයන් ඔක්කොම වගේ ඇවිත්! පාටියේදී ලැසී එවපු පණිවුඩයකුත් කියවයි! මවට පවුම් 15ක මාලයකුත් තෑගි දීලා!

MORE NEWS

Exclusive

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩු එනවා යනවා! නායකයෝ එනවා යනවා! ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි! විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නීතීඥ සංගමයෙන් තවත් සම්මන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන බය හිතෙන කතාවක් කාලගුණෙන් එළියට දමයි! ඔක්තෝබර්-නොවැම්බර් භයානකයි!  I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වහයි! තුන්වන ප්‍රහාර වටයට අමෙරිකාව ලකලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News

Load More
Exclusive

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට පමණක් විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ පෙර ස්ථාවරය සංශෝධනය කරමින් රජය විසින් සියලුම විනිසුරුවරුන් සඳහා...

Read more
අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩු එනවා යනවා! නායකයෝ එනවා යනවා! ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි! විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නීතීඥ සංගමයෙන් තවත් සම්මන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන බය හිතෙන කතාවක් කාලගුණෙන් එළියට දමයි! ඔක්තෝබර්-නොවැම්බර් භයානකයි!  I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වහයි! තුන්වන ප්‍රහාර වටයට අමෙරිකාව ලකලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.