• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අදටත් යකඩ තළන සද්දෙ ඇහෙන රාවණ රජුගේ කම්මල…

March 26, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
අදටත් යකඩ තළන සද්දෙ ඇහෙන රාවණ රජුගේ කම්මල…
Share on WhatsAppShare on Facebook

සීතල මඳ සුළඟක් පරිසරයේ විසිරී යමින් තිබේ. නාවලපිටියට ආවේණික මේ සීතල පරයා උණුසුම් භයානක කතාවක් ගැන හෝඩුවාවක් ජනප්‍රවාද අතරේ සැඟවී ඇති අතර නාවලපිටියේ සිට දෙළොස්බාගේ මාර්ගයේ සැතපුම් දහයක පමණ දුරක් ගෙවා දැමූ පසු මේ කතාවට පාදක වන කඳුවැටිය සොයාගත හැකිය. අතීතයේ යක්ෂ ගෝත්‍රික නිජබිමක්ව පැවැති බව කියන මේ ප්‍රදේශය වර්තමානයේ රාස්සාව ලෙස ප්‍රසිද්ධව තිබේ. මේ රාස්සාව අඩවිය ආශ්‍රිත ජනප්‍රවාද රාශියකි. ඒ අනුව අතීතයේ රාවණ රජුට අයත් යකඩ කම්හල් ස්ථානගත කර තිබුණේ මෙම රාස්සාව අඩවියේ බවයි කියැවෙන්නේ. රාම තමන් සමග සටනට එන බව කලින්ම හඳුනාගත් රාවණ රජු රාස්සාව අඩවිය තුළ තමන්ට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනය කරන්නට කටයුතු කර තිබේ. ඊට අමතරව රාවණ රජුගේ දඬුමොනර යන්ත්‍රය රාස්සාව අඩවිය තුළ ස්ථාපිත විශේෂ කම්හලක් තුළ නිපදවූ බවටත් ජනප්‍රවාදයේ එයි. තවත් ජනප්‍රවාදයකට අනුව කියැවෙන්නේ රාවණ සතුව එකම ආකාරයට නිපදවූ ගුවන් යානා කිහිපයක් තිබූ බවත්, එම යානා පැදවීමේ ශිල්පය දැන සිටියේ රාවණ රජු පමණක් නිසාම වෙනත් කිසිවකුට එම යානා භාවිත කිරීමට අවස්ථාවක් නොලැබූ බවත්ය.

නිතරම තමන්ගේ කටයුතු සඳහා සොබාදහමට හානි නොවන ආකාරයට ඉතා සූක්ෂ්මව කටයුතු කිරීමේ උනන්දුවක් තිබූ රාවණ රජු, සිය යකඩ කම්හල් ස්ථාපිත කිරීමට රාස්සාව කඳු මුදුන තෝරාගන්නට ඇත්තේද එම ප්‍රතිපත්තියේම පිහිටා විය යුතු යැයි අනුමාන කළ හැකිය. මුහුදු මට්ටමේ සිට අඩි 4,500ක පමණ උසකින් පිහිටි රාස්සාව කඳු වැටිය එදා රාවණ රජුගේ යකඩ කර්මාන්ත ශාලා සඳහා පූර්ණ ආරක්ෂාව සපයන්නට ඇති බවද අනුමාන කළ හැකිය.

තවත් විශේෂ දෙයක් මේ රාස්සාව කඳු අඩවියෙන් වාර්තා වේ. ඒ, කොච්චිකඩේ ප්‍රදේශයෙන් මහ සයුරට වැටෙන මාඔයට ආරම්භය සැපයීමයි. එදා මෙදාතුර ඉතිහාසය පුරාම මේ රාස්සාව අඩවිය සම්බන්ධ අද්භූත සිදුවීම් රාශියක් ගැන ජනප්‍රවාදයේ එයි. ඒ මේ අතට විසිරී ගිය අඩිපාරවල් පෙන්නුම් කළද ඒවායෙන් රාස්සාව අඩවියේ යකඩ කම්හල් ඇති ඉසව්වට යන්නට නොහැකි වන අයුරින් මංමුළා වීමක් සිදුවන බවටත් ජන විශ්වාසයක් තිබේ.

එකට එකක් සමාන අයුරින් වැටුණු මේ අඩිපාර සියල්ල යක්ෂයන් විසින් නිර්මාණය කර ඇති බවත්, එවායෙන් ගමන් කරන්නා මංමුළාවී නැවත වනය තුළින් වෙනත් ඉසව්වකට යැවෙන බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ.

රාස්සාව කඳු මුදුනට ආරක්ෂාව සැපයෙන තවත් විශේෂ දෙයක් ලෙස සැලකෙන්නේ අධික මීදුමයි. හිටි අඩියේ කිසිවකුට සිතාගත නොහැකි අයුරින් කඳු මුදුන මීදුමෙන් වැසී යන්නේ මංමුළා වූ පිරිස තවත් මංමුළා කරමිනි.

එදා යක්ෂ ගෝත්‍රිකයන් කොතරම් ශක්තිමත්ද යන්න මනාව හඳුනාගත හැකි සාධක කිහිපයකුත් රාස්සාව කඳු මුදුනේදී හමුවෙයි. ඒ අතරින් කිණිහිරගල විශේෂ වෙයි. යක්ෂයන් සිය යකඩ රත්කර තැළීම සඳහා භාවිත කළාය කියන මෙම කිණිහිර ගල අසලම තවත් විශාල ගල් කුට්ටියක් ඇති අතර එදා යක්ෂ ගෝත්‍රිකයන් මිටිය ලෙස භාවිත කළාය කියන්නේ එම ගල්කුලයි.

මේ ගල්කුළු සියල්ලම යකඩ කර්මාන්තය සඳහා විවිධ ආකාරයට භාවිත කළාය කියන සාධක පෙන්නුම් කරමින් යකඩ මලවලට සමාන යම් පැහැයක් ගෙන තිබෙනු දැකිය හැකි අතර, ජනප්‍රවාද සහ වර්තමානයේද ඇතැම් අයගේ අත්දැකීම් අනුව අදද රාස්සාව අඩවියෙන් යබොර හමුවන බවයි පැවසෙන්නේ.

තමන්ගේ වරිගයන් තම ශාස්ත්‍රය පණ මෙන් ආරක්ෂා කිරීම යක්ෂයන්ගේ පුරුද්දකි. එහෙයින් රාස්සාව අඩවියේ පිහිටි තම යකඩ කම්හල්වල ආයුධ නිපදවීමේ රහස් කිසිවකු අතට පත් නොවීමට දැඩි ආරක්ෂක ක්‍රමවේදයක් යොදවා කටයුතු කර තිබේ. යම් ලෙසකට මෙම ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූවකු මරණයට පත්කිරීමට යක්ෂ ගෝත්‍රිකයන් කටයුතු කර ඇත්තේ සිය කර්මාන්තය ගැන රහස් පිටව යතැයි අපේක්ෂාවෙනි.

එකල කඳු පාමල සිටි පිරිස්වලට වගා කටයුතු සඳහා අවශ්‍ය ආයුධ ලබාදීමට ක්‍රමවේදයක් සකසා තිබී ඇති අතර කන්ද පාමුල ඇති ගල් ගුහාවක අදාළ ආයුධ තැන්පත් කර තිබී ඇත. ආයුධ අවශ්‍ය ගොවීන් පැමිණ කන්නලව් කළ පසු අදාළ ගල් දොර විවෘත වන අතර නියමිත කාලසීමාවට පසු ආයුධ ගෙනැවිත් තැබිය යුතුය. එහෙත් එක්තරා කාලයකදී නියමිත පරිදි ආයුධ ගෙනැවිත් නොතැබීම නිසා දොර නැවත විවෘත නොවන ලෙස වැසී යෑමෙන් ආයුධ සැපයීම නතරවී තිබේ. තමන් රැගෙන ගොස් තිබූ ආයුධද ගෙවීගොස් ගොවීන් ගොවිතැන් කරගැනීමට නොහැකිව අසරණ වී ඇති අතර, විටින් විට ආයුධ සැදීමේ රහස් සොයා පිරිස් රාස්සාව අඩවියට ගොස් තිබේ. එසේ ගිය සියලු දෙනා යක්ෂ ගෝත්‍රිකයන් අතින් මරණයට පත්වෙද්දී තත්ත්වය දිනෙන් දිනම බරපතළ වී තිබේ.

කෙසේ හෝ යකඩ තළා ආයුධ සකසන යන්ත්‍රය දැකගත යුතු යැයි සිතූ ගොවීන් පිරිසක් සැලසුම්සහගතව මෙම අඩවියට ගොස් තිබේ. එම පිරිස මගින් මඟ එකා බැගින් නතරවී අවසන් කඳු මුදුනට ගොස් ඇත්තේ දෙදෙනෙකි. මේ දෙදෙනා යකඩ තළන කිණිහර පෙනෙන මානයේ උස් ස්ථානයක සැඟවී බලා සිට තිබේ. ඒ අනුව යකඩ පොවන්න මඩබොරත්, රිදී පණපොවන්න පුෂ්කරත් ගන්නා බව හඳුනාගෙන තිබේ. ඒ අනුව එක් අයෙක් යකඩෙට මඩබොර කියා කෑගසද්දීම යක්ෂ ගෝත්‍රිකයකුගේ කෙටේරි පහරකින් ගෙල කැපී මියයද්දී අනෙක් පුද්ගලයා රිදියට පුෂ්කර කියා කෑගසා තිබේ. ඒත් සමගම ඔහුටද පෙර පුද්ගලයාට සේම මරණය උරුම වෙද්දී මේ දෙදෙනාගේ හඬ ඇසෙන සීමාවේ සිටි අනෙක් පුද්ගලයා යකඩෙට මඩබොර, රිදියට පුෂ්කර කියාකෑගසා තිබේ. එවිට ඊට පහළින් සිටි අනෙකා එය තමාට පහළින් සිටි පුද්ගලයාට දන්වා ඇති අතර මේ ආකාරයට රහස ගම්වැසියන් අතට පත්ව තිබේ. එහෙත් රහස් සොයාගන්නට ගිය පිරිසෙන් ගම අසලම සිටි පුද්ගලයා හැර අනෙක් සියලු දෙනාටම අත්ව අත්තේ මරණයයි. අවසානයේ සිතේ බයෙන් සැඟවී සිටි අන්තිම පුද්ගලයාත් බයටම මරණයට පත්වූ බවකුත් ජනප්‍රවාද ඇසුරේ සඳහන් වෙයි.

කම්මල් පිහිටි ඉසව්වෙන් පටන්ගත් මාඔය කම්මල් ගඟ ලෙසින් හැඳින්වූ බවටත් ජනප්‍රවාදයන්හි හඳුනාගත හැකිය.

කෙසේ නමුත් තාමත් විටින් විට මේ කන්දෙන් යකඩ තළන හඬට සමාන හඬක් ඇසෙනා බවත්, බොහෝ දෙනකුගේ විශ්වාසයයි. එසේම එම ශාස්ත්‍රයට ආදරය කළ, එම ශාස්ත්‍රය ආරක්ෂා කළ යක්ෂයන්ගේ ආත්ම අදටත් රාස්සාව කඳු මුදුන ආශ්‍රිතව සැරිසරනවාය කියන එක බොහෝ දෙනකුගේ විශ්වාසයයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ස’ පාක්ෂික සමුලුව! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මහජන බැංකුවේ සියඹලාණ්ඩුව සේවා මධ්‍යස්ථානය පූර්ණ ශාඛාවක් බවට පත්වේ…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.