• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

තවමත් තරුණ සුද්දගේ පාලම් සීයා

June 23, 2020
in Holiday
Reading Time: 2 mins read
A A
තවමත් තරුණ සුද්දගේ පාලම් සීයා
Share on WhatsAppShare on Facebook

දැරණියගල ප්‍රදේශය වනාහී මනස්කාන්ත භුමිදර්ශන, විවිධ ආගම්, ආකර්ෂණීය සංස්කෘතීන්ගෙන් හෙබි අපූර්ව සහ අද්විතීය සුසංයෝගයක් සංචාරකයන්ට පිරිනමන ප්‍රදේශයකි. සුදු අධිරාජ්‍යවාදීන් යටතේ සිට සබරගමුව පළාතට සුවිශේෂී වැදගත්කමක් හා ඇල්මක් දක්වා ඇති බව අදටත් ඉතිරි වී ඇති නටබුන්වලින් පෙන්නුම් කෙරේ. තේ වතු, රබර් වතු, පොල් වතුවලින් සශ්‍රීක මුතු මැණික් දිය ඇලි ගංගා, ඇළදොළවලින් හා එදවස අප රජ දරුවන් විස්කම් පෑ රාජධානීන්ගේ නටබුන් ද ඒ අතර වේ. සෞම්‍ය දේශගුණය හා දැරණියගල ජීවත්වන මිනිසුන්ගේ අව්‍යාජත්වය ගැමි සුවඳ එකට කැටිවූ මේ පළාතේ ඇවිද යාම ඔබට නවමු අත්දැකීමක් අත්කර දෙනවාට සැක නැත.

පළාත තුළ සුවිශේෂී වටිනා ස්ථානද රැසකි. ඒ අතුරින් කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොවමින් දිනෙන් දින අභාවයට යන පුරාවිද්‍යා වටිනාකමක් ඇති මිනිසුන් ලක්ෂ ගණනක් එගොඩ මෙගොඩ කරවූ අදටත් භාවිතා කරන බරලන්තොට කම්බි පාලම පිළිබඳව ලියා තැබීමට ඇවිදිමු ලංකා සංචාරක සමූහයේ අප එහි සංචාරය කළෙමු.

අප රටේ බි්‍රතාන්‍යයන් පාලනය කරන සමයේ මාර්ග පහසුකම් පිළිබඳව වඩාත් අවධානයක් යොමු කර ඇත. ඒ අන් කිසිවක් නිසා නොවේ. ඔවුන් අපනයනය කිරීමට වගා කළ තේ කෝපි රබර් ප්‍රවාහන කිරීමට පහසුවන නිසාවෙනි. කන්ද උඩරට තේ කෝපි ප්‍රවාහනයට දුම්රි මාර්ග නිර්මාණය කළා සේම අනිකුත් සෙසු පළාත් තුළ ගම් නියම් ගම් යා කිරීමට පාලම්, කම්බි පාලම් අදියද සාදා ඇත. දැරණියගල කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතා හොඳ දේශගුණික තත්ත්වය නිසාවෙන් මෙහි තේ හා රබර් වතු ආරම්භ කර ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස කම්බි පාලම් තුනකුත් සෑම දුෂ්කර ගමකට තාර යෙදූ මාර්ගද සැකසිණි. අදද දැරණියගල නුරිය මාර්ගයේ කිලෝමීටර විස්සක් පමණ සුදු ජාතිකයන් සැදූ මාර්ග භාවිතා කිරීමම පුදුමයකි. එයින්ද වැඩි කතාබහට ලක්වන ශ්‍රී ලංකාවේ උසම කම්බි පාලම (සංගිලි පාලම) ද දැරණියගල බරලන්තොටදී ඉදිවී ඇත. ඒ මාලිබොඩ වතුයායේ සිට රබර් ප්‍රධාන මාර්ගය දක්වා රැගෙන ඒම සඳහා නිර්මාණය කරන ලද්දකි. මෙම පාලම උසින් අඩි 90ක් සහ දිගින් අඩි 210ක් පමණ වේ. ප්‍රධාන කේබල් ඝනකම අඟල් එක හමාරක් පමණ වෙයි. රක්ත පැහැයෙන් වර්ණ ගැන්වූ පාලම සෑදීමට සිංහල මිනිසුන් සියයක් සහ ඉතාමත් නිර්මාණශීලී බාස් කෙනෙකුද සේවය කර ඇති බව සඳහන්.

සුදු ජාතිකයන්ගේ අනින් පාලමෙහි වැඩ කළද සැබැවින්ම මෙම පාලමත් ආරුක්කු නවය පාලම සේම අපගේ මුතුන් මිත්තන්ගේ කැපවීම, මහන්සිය, නිසාවෙන් ඉදිවූ ලද්දකි. අඩි තිහක් හතළිහක් පමණ උස තනි යකඩ කණු ගංගාව ඔස්සේ ගෙන එමින් අලි ඇතුන් ලවා තම ජීවිත ගැනද තැකීමක් නොකර මෙහි වැඩ කටයුතු අවසන් කර ඇත.

ඔබ පාලම මතට ගොස් පාලම සෑදුණු ආකාරය සිහිකර ගන්නා විට පුදුමසහගත බවක් දැනේ. එය එතරම් වෙහෙස දනවන ඉතාමත් බැරෑරුම් කාර්යයකි. කැලණි ගංගාවේ දැරණියගල ප්‍රදේශයෙ උසින් වැඩිම ස්ථානයක් මේ සඳහා තෝරා ගත්තේ කුමන හේතුවක් සඳහා දැයි නොදනියි. කෙසේ වෙතත් සුදු ජාතිකයන්ගේ නම ගිය අප සිංහලුන්ගෙ හම ගිය පාලමේ විවිධ ජනප්‍රවාදද පවතී. පාලම අවට පැරැණි ගැමියන්ද පාලම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු නොදනී.

දැනගෙන සිටියවුන් වියපත්ව මියගොස් ඇත. කිසිදු ලේඛනගත කිරීමක්ද නැත. ඒ අනුව මෙම පාලම 1920 දී වැඩ අවසන් කර ඇති බව පැවසේ. ඒ අනුව දැනට පාලමේ වයස වසර සියයකි. පාලමෙහි ආරම්භක දිනය විමසන විට ගැමියන් එක් එක් වර්ෂ සඳහන් කළත් වැඩි පිරිසකගේ මතය 1920 ය.

පාලම වටා ගෙතුණු කතාද බෝහොමයකි. එයින්ද ප්‍රසිද්ධ කතාව මෙසේය. මෙම පාලමට ප්‍රථමව සාදා අවසන් කළ පාලමේ ප්‍රධාන බාස් පාලම මතට වී සුදු ජාතිකයන්ගේ සතුට වෙනුවෙන් ලබා දුන් සැර බීම සමඟ සාදයක් පවත්වා ඇත. ප්‍රධාන බාස් සමඟ ඉතාමත්ම කිට්ටු සේවකයන් පමණක් සහභාගි වූ සාදය අතරතුර ප්‍රධාන බාස්ගේ මුවින් සමන් දෙවියන්ට අගෞරවයක් වී ඇත. “පාලම හැදුවේ සමන් දෙවියෝ නෙවෙයි බොල. මේ මමයි පාලම හැදුවේ. ඒ හින්ද බය වෙන්න එපා කියා මොහොතක් යන්නට මත්තෙන් මහා ජල කඳක් විත් පාලම සම්පුර්ණයෙන් ගසාගෙන ගොස් ඇත.

ප්‍රධාන බාස් එයින් ජීවිතක්ෂයට පත් වී තිබේ. එයින් පසු සබරගමුව සුදු ආණ්ඩුකාරවරයා දැරණියගල සමන් දෙවොලට ගොස් බාර හාර වී නැවතත් පාලම සෑදූ බව සඳහන් වේ. අදද මෙම පාලමට ප්‍රථමව සෑදූ ජලයට ගසා ගෙන ගිය පාලමේ කණු හා මුල් අත්තිවාරම් දැකිය හැකියි.
අද වන විට පාලම තරමක් දුරට නවීකරණය වී ඇතත් මීට වර්ෂ කිහිපයකට ඉහතදී පාලමට කිතුල් ලෑලි දමා තිබී ඇත. පාලම හරහා විශේෂයෙන් සෑදූ කරත්ත මගින් රබර් එගොඩ මෙගොඩ කර පාලම අසල ඇති ගබඩාවන්ට පුරවා තිබේ. අදද ගබඩාවෙහි නටබුන් දැකගත හැකිවේ. වසර සියයක් සපිරෙන මේ ලංකාවේ උසම පාලම තවත් වසර සියයක් රැකගැනීම කාගෙත් යුතුකමය.
ඉදුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

පාවාදීම ආපිට කැරකෙයි: ICCය මහින්දානන්දගෙන් ප්‍රශ්න කරන්න යයි

Next Post

සීතල මීදුමේ ආයෙත් සෙට්වෙමු

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ්...

Read more
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.