• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාසටර් සර් අපිව දාලා ගිහින් අවුරුදු 50යි (2 කොටස)…

October 12, 2022
in Exclusive, Heart
Reading Time: 4 mins read
A A
මාසටර් සර් අපිව දාලා ගිහින් අවුරුදු 50යි (2 කොටස)…
Share on WhatsAppShare on Facebook

හෙළ ගී අ‍ඹරේ පෑයූ විශිෂ්ට ගී තරුව වූ අභාවප්‍රාප්ත රුක්මණි දේවී නෙවිල්ගේ කලා ජීවිතය හා එක්වීම ඔවුන් දෙදෙනාගේම ගායනා කලා ජීවිතයේ සුවිශේෂ මංසටහන් සලකුණු කළේය. ගායිකාවක ලෙස එතෙක් රුක්මණී පා ඇති විශිෂ්ටත්වය ඔහු ඇය ‘ලොස් කැබෙයියාරෝස්’ කණ්ඩායමට ගායිකාවක ලෙසින් බඳවා ගැනීමට පෙල‍ඹවූවා යැයි සිතනවාට වඩා රුක්මණි-සී.ටී. කලින් ගයා ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබුණු නෙවිල් ඉතා ප්‍රිය කළ (ඇතැම් ප්‍රසංගයන්හිදී පවා නෙවිල් ඇය හා ගැයූ) ‘පුන්සඳ හිනැහෙන්නේ’ යුග ගීතය ඒ සඳහා කිසියම් බලපෑමක් කිරීමට ඇතැයි සිතන්නට හැකිය. එම ගීතයට ඉමහත් ඇලුම්කමක් දැක්වූ ඔහු පසු කලෙක එම ගීතයේම අච්චුවටම සමීප ගීතයක් ‘මල්බර හිමිදිරියේ’ නමින් නිර්මාණය කොට ඇය සමගම ගැයීමට පෙළ‍ඹීම ඊට ප්‍රබල හේතුවක් විය හැකිය.

කලා ලොවේ කා සමගත් ආධුනික-ප්‍රවීණ භේදයකින් තොරව ඉතා මිත්‍රශීලීවද සුහදශීලීවද හැසිරුණු නිරහංකාර කාන්තාවක් ලෙස රුක්මණී දේවි ප්‍රකටව සිටියාය. (මාද ඊට සාක්ෂියක් වන්නේ ඇය හා කළ පුද්ගලිකව හැසිරීමෙන් එය වටහා ගත් බැවිනි). නෙවිල්ගේ ගායන ප්‍රතිභාව ද සංගීත නිපුණතාවද ඇය ඉතා ඉහළින්ම අගයන්නට ඇතුවාට සැකයක් නැත. අනෙක් අතට රුක්මණි තුළ සැඟවී පැවැති එතෙක් එළිදැක්වීමට සුදුසු ඉඩ ප්‍රස්ථාවක් නොලත් බටහිරට නැඹුරු ගායන ශෛලිය මතුකර දුන්නේ ඔහු බැවින් ඔහු කෙරෙහි කිසියම් භක්ත්‍යාදරයක් ද ඇය තුළ පවතින්නට ද ඇත.

ලොස් කැබෙයියාරෝස් කණ්ඩායම තුළට රුක්මණි සම්බන්ධ කරගැනීමටත් ඇයට එතුළ ප්‍රධාන භූමිකාවක් දීමටත් නෙවිල් පෙළ‍ඹවීමට ඇත්තේද එම හේතුවමයි.

තම කණ්ඩායම පවා දෙකඩ කිරීමට හේතුවක් වූවා සේම ඇය හා නෙවිල් අළලා රට පුරා කටකතා පැතිරවීමටද ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ප්‍රබල විය. වරක් සිදුවූ එක්තරා සිද්ධියක් මට පැහැදිලිවම මතකය. එය සිදුවුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්තරා සංගීත ප්‍රසංගයකදීය. එදින ප්‍රසංගයට ‘ධර්මරත්න සහෝදරයෝ’ කණ්ඩායම ලෙසින් අපිද සහභාගි වීමූ.

නෙවිල්/රුක්මණී යුවළ ‘මල්බර හිමිදිරියේ’ ගීය ගැයීම ආරම්භ කළ මොහොතේ සිටම ඔවුන් ගායනා කළ වචන පේළියක් පේළියක් අවසානයේදී එහි රැස්ව සිටි ප්‍රේක්ෂක පිරිස ‘හූ..’වලින් සංග්‍රහ කළ සැටි සංවේගයෙන් අපි බලා සිටියෙමු. මෙය කාගේ හෝ කුමන්ත්‍රණයක්ද? නැතහොත් ප්‍රේක්ෂක ජනතාව විසින් කිසියම් වැරදි වැටහීමක් හෝ කටකතාවක් හේතු කොටගෙන කරනු ලබන ක්‍රියාවක්දැයි නොදැන අපි වික්ෂිප්ත වීමු.

රුක්මණි ඒ වන විටත් සිය ස්වාමිපුරුෂයාවූ සිනමා නළු එඩී ජයමාන්න මහතාගෙන් වෙන්වී තම පවුලේ නෑයන් සමග වෙනම පදිංචිවී සිටියාය. නමුත් කිසි විටෙක ඔවුහු දෙදෙනා නීත්‍යනුකූලව දික්කසාද වී නොසිටියහ. දැඩි ආගමික හා සංස්කෘතික බැඳීම්වලින් බැඳි කාන්තාවක වූ ඇය විවාහයක් ‘දික්කසාදයකින්’ නිමවීම කිසි විටෙක අනුමත නොකළ පරපුරක පුරුකක් වූවාය. අනෙක් අතට නෙවිල් එකල යෞවන චමත්කාරයේ පොපියන සංකේතයක් බඳු තරුණයෙක් විය. කටකතා හැදෙන්නට හා හදන්නට ද පරිසරයක්ද තිබිණි.

බොහෝ දෙනකුට ප්‍රහේළිකාවක් වූයේ ඔවුන් දෙදෙනා එකට ගැයූ පෙම් රසයෙන් අනූන ගී ගායනාවන්ය. රුක්මණීගේ ගායනයන් තුළ නිසඟයෙන්ම පිහිටා තිබුණු මෙම සජීවී ප්‍රේමාන්විත බව නෙවිල් හා කළ යුග ගායනයන් තුළද නොමඳව පිහිටා තිබිණි. මම දිනක් රුක්මණිගෙන් මේ පිළිබඳ විමසීමි. ඇය හයියෙන් සිනාසුණාය. ඉන්පසු සිනා සෙමින්ම ‘ඔයාට පිස්සුද මෙල්රෝයි…’ කීවාය.

බොහෝ දේ ඇය ප්‍රතිකේෂ්ප කළේ එලෙස සැහැල්ලුවෙන් සිනාසෙමිනි. මම තදින්ම ඇය විශ්වාස කළෙමි. මම ඒ වන විට ඇය හොඳින් දැන හඳුනාගෙන සිටි තැනැත්තෙක් වීමි. ඇය කිසි විටෙක තමාගේ වාසියට වුවද බේගල් ඇද බාන්නියක නොවන බව මුළු කලා ක්ෂේත්‍රයම දැන සිටි සත්‍යයකි.

චිත්‍රපට ගී ගායනයට නෙවිල්ගේ ප්‍රවිෂ්ටය

මෙරට අග්‍රගණ්‍ය සිනමාකරුවකු වූ අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙතින් සිය චිත්‍රපටයකට ගීයක් ගැයීමට ලැබුණු ආරාධනය නෙවිල්ගේ ගායන දිවියේ ඔහුගේ ප්‍රධාන කඩඉමක් සනිටුහන් කළේය. නමුත් මෙම ඇරයුම පසුපස සිටියේ නෙවිල්ගේ ගායනයන්ට මහත්සේ ප්‍රිය කළ ප්‍රවීණ තිරකතා රචකයකු, සිනමා/කලා විචාරකයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ තිස්ස අබේසේකර මහතාය.

‘ගයන ගැයුම්’ ගීතයේ තනු නිර්මාණය පිළිබඳවද විවිධ දුර්මතයන් පවතියි. සත්‍ය වශයෙන්ම එය තමාගේ තනු නිර්මාණයක් බව දිනක් ස්වර්ණවාහිනී වැඩසටහනකදී මුණගැසුණු අවස්ථාවක මෙරට සිටි විශිෂ්ටතම සංගීතවේදියකු වූ අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේව මහතා මා හා ප්‍රකාශ කළේය. එනමුත් එහි ස‍ංගීත සංයෝජනය ‘ලොස් කැබෙයියාරෝස්’ කණ්ඩායමේ ගායනයකට සුදුසු ලෙස නිර්මාණය කිරීමට නෙවිල්ට අවසරය ලැබිණි. ඊට හේතුව චිත්‍රපටයේ එන දර්ශනය සමාජ ශාලාවක රූගත කිරීමත් කැලිප්සෝ ගායක කණ්ඩායමක් එහි ගිී ගයන අයුරු පෙන්වීමත් නිසාය.

මෙරට ගායක කණ්ඩායමක් සිංහල චිත්‍රපටයකට ගායනා කළ සහ මෙරට චිත්‍රපටයකට ඇතුළත් වූ ප්‍රථම කණ්ඩායම් ගීය ද වර්ෂ 1966 දී ප්‍රදර්ශනය වූ ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ ‘ගයන ගැයුම්’ ගීතයයි. ඉන්පසු චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස අබේසේකරයන්ගේ සිනමා නිර්මාණයක්වූ ‘කලාමැදිරියෝ’ චිත්‍රපටයේ ‘අතීතයේ උණු පල්ලේ’ නම් ගීතයක් නෙවිල් ප්‍රමුඛ ලොස් කැබෙයියාරෝස් පටිගත කළමුත් එම චිත්‍රපටය නිෂ්පාදනයේදී හටගත් ගැටලු හේතුවෙන් නිමා කිරීමට ඉඩක් නොලැබිණි.

ඊළඟ වසරේ එනම්, 1967 දී පණ්ඩිත් අමරදේව සංගීතවේදියාණන්ගේ තනුවකට අනුව නෙවිල් තනි ගායකයකු ලෙස ප්‍රථම සිනමා ගීතය වන ‘බ‍ඳුන් පිරී’ ගීතය ‘රන්සළු’ චිත්‍රපටය තුළින් නික්මිණි. ඊට වසර දෙකකට පසු නෙවිල් ඇතුළු ලොස් කැබෙයියාරෝස් රඟපාමින්ම ගයනා කළ ‘ලස්සන ලෝකෙක පා ඔසවාලා’ ගීතය ‘පැංචා’ චිත්‍රපටයට ඇතුළත් විය. (මෙම ගීතය කඳානේ එස්.පී.එම්. චිත්‍රාගාරයේදී රූගත කළ අවස්ථාවට සහභාගි වීමට මටද වාසනාව ලැබිණ.) ‘පැංචා’ තිරගත වූයේ වර්ෂ 1969දීය. ඉන්පසු නෙවිල් ගී ගැයූ ‘නිම් වළල්ල’ චිත්‍රපටය 1970 වසරේදීද, ‘කළු දිය දහර’ චිත්‍රපටය 1975 වසරේදීද ප්‍රදර්ශනය විය. නෙවිල්ගේ කෙටි දිවි ගමන පුරා ඔහු කළ කී දේ බොහෝය. ඔහු තමාට හා තම කණ්ඩායමට මෙන්ම වෙනත් බාහිර ගායක ගායිකාවන්ටද ගී නිර්මාණය කළේය. ප්‍රවීණ ගායිකා විශාරද සුජාතා අත්තනායක ගායනා කළ ‘මංගල කසී සළු මාලා’ ගීතයේ තනුව හා සංගීත නිර්මාණයද නෙවිල් කරන ලද්දකි.

නෙවිල් වාද්‍ය ශිල්පියකු ලෙස මෙරට ප්‍රමුඛ සංගීත අධ්‍යක්ෂවරයකු වූ ප්‍රේමසිරි කේමදාස ඇතුළු බොහෝ සංගීතවේදීන්ගේ වාදක මණ්ඩලයන්හි සේවය කළේය. ඔහුගේ ඒ දායකත්වය ඔවුහු ඉහළින්ම අගය කළහ.

නෙවිල්ගේ ගී නිවැරැදිව හා මනාව ගායනා කිරීමට දැනට සිටින හොඳම ගායකයා ඔහුගේම සොහොයුරා වන එරල් ප්‍රනාන්දු මහතාය. අභාවප්‍රාප්ත නෙවිල්ගේ කටහඬ සුවිශේෂ එකකි. ඊට වඩාත්ම කිට්ටුවෙන් ඇත්තේද එරල්ගේ කටහඬයි.



ප්‍රවීණ සංගීතවේදී මෙල්රෝයි ධර්මරත්න

SendShareShare
Previous Post

2019 හිටියෙ ලක්ෂ 30යි! මේ වෙද්දි ලක්ෂ 96යි! ලංකාවේ දුප්පත්කම ගැන එළියට ආපු බය හිතෙන වාර්තාව!

Next Post

රනිල්ට අපි චැලෙන්ජ් කරනවා! පුලුවන්නම් පුංචි ජන්දය කල් දාලා පෙන්වන්න! ජවිපෙ කරපු ආරාධනාවටත් අපි එකඟයි! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.