• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මගේ උරුමක්කාරයා ඉක්මනටම ඒවි! ආවට ගියාට සම්බන්ධකම් තියා ගන්න බෑනේ…

January 4, 2022
in Exclusive, Heart
Reading Time: 25 mins read
A A
මගේ උරුමක්කාරයා ඉක්මනටම ඒවි! ආවට ගියාට සම්බන්ධකම් තියා ගන්න බෑනේ…
Share on WhatsAppShare on Facebook

තාම ආච්චිත් එක්ක සිල් ගන්න යනවා…
මම Social කෙනෙක් නෙවේ…

චන්ද්‍රපාණි, සාගරිකා, ‘සමන්දිනි’ ලෙස අප හමුවට එන ඇය දක්‍ෂ ව්‍යාපාරිකාවක්. ඒ වගේම නිරුපණ ශිල්පිනියක්. රූප ස්වභාවයෙන් සිත් වස`ඟ කරගත් ආදරණීය නවක පරපුරේ රංගන ශිල්පිනියක් වන ඉෂන්කා අබේසේකර ‘මව්රට’ අපිත් සමඟ එකතු වුණේ ඇගේ මතකයන් බෙදාගන්න.

ඉෂන්කාගේ සම්පූර්ණ නම?
උඩුමලගල ගමගේ දොන් ඉෂන්කා පෙරේරා අබේසේකර (U. G. D. Ishanka Perera Abeysekera).

උපන් ගම?
මාතලේ, දැන් පදිංචිය, පිළියන්දල.

පාසල?
ශ්‍රී සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය, මාතලේ. (BMS Girls College – Matale)

පවුලේ විස්තර මොනවද..?
පවුලේ ඉන්නෙ, ආච්චි අම්මා, අම්මා සහ මල්ලි, තාත්ති දැනට අවුරුදු 4කට කලින් අප අතරින් සමුගත්තා. මගේ අම්මගේ පැත්තෙන් සහ තාත්තගෙ පැත්තෙන් ලොකු නෑදෑ පිරිසක් සහිත ලොකු පවුලක් මට තියෙනවා. මගේ පවුල ව්‍යාපාරික පවුලක්. පොඩිකාලෙ ඉඳන් මාතලේ සාම්ප්‍රදායික පවුල් පසුබිමක තමා මම හැදෙන්නේ. ලොකු ආරක්‍ෂාවක් හැම වෙලේම මගේ වටේට තියෙනවා අදටත්.

මුලින්ම කියන්නකෝ ‘International-2’ ‘සාගාරිකා’ට ලැබෙන ප්‍රතිචාර මොන වගේද කියලා?
ඉස්සෙල්ලම කියන්න ඕනෑ ‘International-2’ කියන්නේ මගේ පළවෙනිම නාට්‍යය. ඒකෙ මම ‘සාගරිකා’ කියන නිළියකගේ චරිතයට පණපොවනවා. මම මුලින්ම කියන්නම් මට මේ ආරාධනාව කෙළින්ම කරන්නේ දුලීකා මාරපන මහත්මිය. ඇය මාව දකින්නේ මගේ Tvc Location එකක මම ඉන්න අවස්ථාවක. ඇයත් එතැනට එනවා. ඒ එන්නෙත් ‘International-1’ ඉවරවෙලා ඒ ගැන youtube Interview එකක් කරන්න.

ඒ වෙලාවෙ මම කතා කරද්දි ඇය මගේ දිහා බලන් ඉඳලා කිව්වේ මම වගේ දකුණු ඉන්දියානු නිළියක් ඉන්නවා ඇයට මාව දැක්ක ගමන් එයා මතක් වුණා කියලයි. ඒ වගේම ඒ වෙලාවෙම ඇය කිව්වා මට ඔයාව ඉස්සරහට ක්‍දබඒජඑ කරගන්න ඕනෑ දරුවෝ මම කතා කරන්නම් ඔයාට කියලා. ඇය ඒ වගේම මට කතා කරනවා ‘International-2’ පටන් ගනිද්දි. එහෙම තමා වුණේ.

ඉතින් ඒ වගේම ඇය සමගමයි මම පළමු වතාවට ‘International-2’ රූගත කිරීම් කරන තැනට යන්නේ. ඒ යන අතරත් ඇය මට කිව්වෙ මගේ ‘චන්‍ද්‍රපාණි’ ගීතයේ රූප රචනයට ඇය බෙහෙවින් ඇලුම් කරන බවත්, ඇය එහෙම ලේසියෙන් රූප රචනා බලන්නේ නැති වුණත් ඇය ඇත්තටම ‘චන්ද්‍රපාණි’ රූප රචනයට ඇත්තටම කැමැති කියලා. මට ඇත්තටම ඇයගේ ඒ වචන සම්මානයකට සමාන වුණා ඒ වෙලාවෙ.

‘සාගරිකා’ට හරි ආදරණීය ප්‍රේක්‍ෂකයන් පිරිසක් මේ වෙද්දිත් ඉන්නවා. මට එයාලා දැනටම ඒ නමින් මග තොටදි කතා කරනවා ඒ ගැන හරිම සතුටුයි. ‘සාගරිකා’ කියන චරිතය ප්‍රේක්‍ෂකයන්ට අලුත්. ඇය නිළියක්. නමුත් ඇයගේ චරිතය ඒකාකාරී නෑ. ඇය හරි කටකාර චරිතයක්. ‘සාගරිකා’ කියන චරිතය දිහා ටිකක් චකිතයකින් මිනිස්සු බලන් ඉන්නේ. හේතුව ඔවුන් මාව පුංචි තිරයෙන් පළමු වතාවට දකින නිසා වෙන්නත් පුළුවන්.

ඒත් එක්කම කතා කරන්න ඕනි, ඔබ කොහොමද රංගනයට සම්බන්ධ වෙන්නෙ?
‘චන්ද්‍රපාණි’ Music Video එක තමා ප්‍රධානම දේ. ඒ නිර්මාණය මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය කිව්වොත් නිවැරැදියි. ශෙහාන් ගලහිටියාව මහත්මා විසින් රචිත යසස් මැදගෙදර ගායනා කරන ‘චන්‍ද්‍රපාණි’ ගීතයේ රූප රචනය කළේ වාසව බදුගේ.

රටක් හොයපු මේ කෙල්ල, ‘චන්ද්‍රපාණි’ වුණේ කොහොමද?
මගේ මුහුණෙ ඉරියව් නිසාම මට ලැබුණු අවස්ථාවක් තමා ‘චන්ද්‍රපාණි’ නිර්මාණය. වාසව බදුගේ මහත්මයා තමා මාව මේ නිර්මාණයට ගැළපෙනවා කියලා තෝරාගත්තේ.

‘චන්‍ද්‍රපාණි’ට ඉෂන්කාගේ ජීවිතේ තියෙන්නේ මොන වගේ තැනක්ද?
‘චන්ද්‍රපාණි’ කියලා තමා හැමෝම මාව හඳුන්වන්නේ. ඒ තරමට මිනිස්සු ඒ නිර්මාණයට ආදරේ කළා. මගේ ජීවිතයේ මම ආසම නිර්මාණය තමා ‘චන්ද්‍රපාණි’ රූපරචනය. ඒ විතරක් නෙවේ මමත් පෞද්ගලිකවම ගොඩක්ම ආස චරිතයක් ‘චන්ද්‍රපාණි’ට තියෙනවා. ඇත්තටම මම ඒ වෙලාවේ අමතක කරා මම ඉෂන්කා කියලා. ඒ නිර්මාණය සාර්ථක වෙන්න ඒ හැඟීම් ප්‍රකාශනය හොඳින් දැනෙන්න ඒක ඉවහල් වෙන්න ඇති. ඇත්තටම මගේ ජීවිතේට ‘චන්ද්‍රපාණි’ නිර්මාණය ලොකු ආශිර්වාදයක්.

සමන්දිනි කියන්නේ කවුරුත් නොදන්නා අතීතයක් තියෙන මතකයන් ගොඩක් එක්ක ආයුෂ්ගේ ලෝකයෙන් උදුරා දැමූ ඔහුගේ ප්‍රේමවන්තියද?
ඔව්… ‘සමන්දිනී’ එන්නේ වැළලූ මුළු අතීතයම අරන්. හැමෝටම ඒ ගැන මතක් කරමින්, ‘සමන්දිනී,’ ‘ආයුෂ්’ගේ කලින් පෙම්වතිය තමා. නමුත් ඒ ලස්සන ආදර කතාවේදී, ‘සමන්දිනී’ට මොකද වුණේ කියන්න තමා ‘සමන්දිනී’ එන්නේ. ‘සිරස’ ටීවී ‘කියාදෙන්න ආදරේ තරම්’ එකෙන් ඉස්සරහට ‘සමන්දිනී – ආයුෂ්’ ආදර කතාව බලන්න පුළුවන් ඔයාලට.

ඉෂන්කා කියන්නේ ව්‍යාපාරිකාවක්. මේ වෙනකොට ව්‍යාපාර කීයකට ඔබ නායකත්වය දෙනවද, මොනවද ඒ..?
ඔව්… මම වෘත්තියෙන් ව්‍යාපාරිකාවක්. ISHAKIN නමින් Beauty Products Import Company එකක් කරනවා මම. සම පිළිබඳ මම මගේ ආයුර්වේදික් පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය කළේ. O/L & A/L චිත්‍ර තමා කරේ. පාසල් යන කාලෙ ඉඳන් තිබ්බ Dream එක තමා Fashion Designer කෙනෙක් වෙන එක. ඉතින් දැන් මම Gish Saree & Bridal House/’LI’ Clothing Boutique ආයතන දෙකක් පවත්වාගෙන යනවා.

මම Gemology Study කරපු කෙනෙක්. ඒ වගේම මට 2017-2021 හැම අවුරුද්දෙම මගේ Gold Gem License තියෙනවා. Brides Ring, Bride Earrings, Bridesලා ගොඩක් අපේ ආයතනයෙන් එයාලට ඕන Gems ගන්නවා. සිංගප්පූරුව, බැංකොක්, මැලේසියාව වගේ රටවලට මැණික් සේල් කරනවා. ‘කොවිඞ්’ ප්‍රශ්න නිසා නවත්වලා තියෙනවා Visit කරන එක.

ඉෂන්කා පෙනුම විතරක් තිබුණම ප්‍රමාණවත්ද රංගනයට එන්න?
කලා ලෝකයේදී පෙනුමට වඩා දක්‍ෂතාවයටයි අවස්ථාව ලැබෙන්නේ. පෙනුමට වඩා අපි රංගනය පැත්තෙන් දක්‍ෂ විය යුතුමයි. කලා ලෝකයේදී ඔබ තමන්ට හමුවන චරිතය ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඒ චරිතය තුළ ජීවත් වීම, ඒ චරිතයේ තාත්විකභාවය රැකගැනීම තමා කළයුතුම වන්නේ.

කාන්තාවක් විදියට ජීවිතයේ අත්විඳ ඇති ලොකුම අභියෝගය මොකක්ද?
මම Social කෙනෙක් නෙවේ. මම වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි. මගේ සහෝදර, සහෝදරියෝ ඇරෙන්න මට වෙන යාළුවෝ නැහැ. මම හැම වෙලේම මගේ පවුලෙ අයත් සමග විතරක් Move වෙලා ඉන්න කෙනෙක්. ඉතින් මම දැන් කලාවට සම්බන්ධ වුණු කෙනෙක් නිසා මට ඉස්සර වගේ මගේ පාඩුවේ කියලා ඉන්න බැහැ. මට ඒක ලොකු අභියෝගයක් වශයෙන් දැනෙනවා.
මම කිසිම දෙයක් මට අභියෝග විදියට දකින්නැහැ. ඕනෑම අභියෝගයකට මුහුණදෙන කෙනෙක් මම.

ඔබ ඔබව දකින්නේ කොහොමද?
මම ටිකක් වෙනස් විදියට ගැඹුරින් හිතන කෙනෙක්. නමුත් මේ ජීවිතයේදී හරිම සරලව ජීවත්වෙන කෙනෙක්. මම බුදුදහම ගොඩක් විශ්වාස කරන, අදහන කෙනෙක්. පිනකට මට පොඩිකාලෙ ඉඳන් හොඳ බෞද්ධ පරිසරයක ජීවත් වෙන්න ලැබෙන්නේ මට අවුරුදු 4, 5 ඉඳන්. නොතේරෙන කාලෙ ඉඳන් තේරෙන මේ කාලෙ වෙනකම්ම එකදිගටම ආච්චි අම්මා එක්ක සිල් ගන්න ගිය තාම යන කෙනෙක්. ඒ අවකාශයේ හැදුණු නිසා මේ වෙද්දි මම ගොඩක් අවබෝධෙන් ජීවත් වෙන කෙනෙක්.

මේ කේතලේ මල්ලගේ උරුමක්කාරයා ගැනත් කියමුද?
ආදරේ කියන්නෙ විශ්වයේ තියෙන ලස්සන භාෂාව. මමත් කාලයක් ආදරේ කළා. කාලයත් එක්ක ඒ සම්බන්ධකම නවත්වනවා. (පස්සෙ මම මට ආදරේ කරන්න ගිහින් මගහැරුණු අධ්‍යාපනයට යළිත් පණදීලා දිගටම ඉගෙනගත්තා.) මම විශ්වාස කරනවා ආදරේ හිතෙන්න, දැනෙන්න සසර පුරුද්දක් තියෙන්න ඕනෑ කියලා. මම ආවට – ගියාට සම්බන්ධකම් ඇතිකරගන්න කෙනෙක් නෙවේ. සංසාරේ යළි අත්නොහැරෙන්න ඉක්මනට උරුමක්කාරයා හමුවේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.

‘සාගරිකා’ හා ‘සමන්දිනී’ගෙන් පස්සේ මීළඟට ඉෂන්කා අපිට හමුවෙන්නේ කොහේදීද?
මීළඟට 2022 ජනවාරි ‘නිකිතා’ විදියට ‘Temoral’ Short Film එකෙන් ඔයාලට මාව බලන්න පුළුවන්. High School Junkiesලගෙ අලුත්ම කෙටි චිත්‍රපටය ඒක තමා. මමත් නොඉවසිල්ලෙන් ඉන්නේ ඒ නිර්මාණයට මම ගොඩක් ආසයි. වෙනස්ම Concept එකක්. තව මගේ Art Music Video’s තුනක් 2022 එන්න තියෙනවා. තව ටීවී කෝමෂල්ව වලින් මාව බලන්න පුළුවන්.
ඒ වගේම 2023 එන්න තියෙන චිත්‍රපට එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙ වැඩ 2022 පටන්ගන්නවා.

සටහන සහ ඡායාරූප – භාෂණ වික්‍රමාරච්චි

SendShareShare
Previous Post

සුසිල් දෙවන ප්‍රහාරයත් එල්ල කරයි! විවේචන අහන් ඉන්න බැරි නම් රට පාලනය කරන්නත් අමාරුයි! රට සංවර්ධනය කරන්නත් අමාරුයි! (VIDEO)

Next Post

15 වෙනිදා සිට ජනතා අයිතියට! යොහානි අලුත්ම සෝන්ග් එක රිලීස් කරයි! (VIDEO)

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.