• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල-දක්ෂයෝ! Sri Lanka Latest News

July 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
බාල-දක්ෂයෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන් පසුගිය දිනවල සිදුකළ යම් යම් ක්‍රියාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ මහතා සිය යූටියුබ් චැනලයට නිකුත් කළ වීඩියෝවක් මගින් අදහස් දක්වා තිබෙනවා. එහි මෙලෙස සඳහන් වේ.

අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ, මාලිමාවේ බාලදක්ෂ ඇරියස් එක. බාලදක්ෂ කියන එක ඔබ දන්නවනේ? අපිත් පුංචි කාලේ 1970 ගණන්වල, අග භාගයේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටියා. ඒ කියන්නේ ඒකෙ කෙරුණේ මොකක්ද? ඒ කුඩා දරුවන්ට පුහුණුවක් ලබාදුන්නා. බාලදක්ෂ ව්‍යාපාරයේම තියෙන මූලික අරමුණ තමයි අන් අයට උදව් කරන්න, වැඩක් කරන්නේ කොහොමද, එතකොට කම්මැළි නැතුව තමන්ගේ දේවල් කරගන්නේ කොහොමද, උපායශීලී වීම, ඒ කියන්නේ එක එක්කෙනාව රවට්ටන්න නෙමෙයි. අවස්ථාවෝචිතව යම් යම් දේවල් කරන්න, දක්ෂයෙක් බවට පත්කරන්න. බාලයාව දක්ෂයෙක් බවට පත්කරන්න. බාලයා කියලා කිව්වේ වයසින් අඩු පුද්ගලයා. හැබැයි මේ මාලිමාවේ බාලදක්ෂයෝ කියලා කියන්නේ ඒ බාලයෝ ඇවිල්ලා වයසින් අඩු හින්දා බාලයෝ කියනවා නෙමෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා ‘බාල සමාගම’ කියන්නේ, ඒ කියන්නේ වටිනාකමක් නැති පුද්ගලයෝ. ඒගොල්ලන්, ඉතින් මේ විදිහට දක්ෂකම් පෙන්නනවා කියලා දැක්කම අපිට මේක කියන්න හිතුණා.
ඔබ දකිනවනේ ඒක නේද? නලින් හේවගේගේ පින්තූරේ දැකලයි ඔබට මේක කියන්න ඕනේ කියලා මම හිතුවේ. ඉතින් බාලදක්ෂ ව්‍යාපාරය නම් හොඳ එකක්. බි්‍රතාන්‍යයේ බේඩ්න් පවල් සාමිවරයා, එතුමා තමයි මේකේ ආරම්භක සාමාජිකයා, ෆවුන්ඩර්, මූලිකයා. ඉතින් අපි හරි ආසාවෙන් ඒක ඒ කාලේ කෙරුවා.

දැන් මේ පින්තූරේ දැක්කම මට හිතුණා මාලිමාවේ හුඟාක් අය නිකන්, ඒ වගේ වැඩ කරන්නේ හැබැයි අර අර්ථයෙන් නෙමෙයි. ඒ කියන්නේ, කුඩා දරුවෝ අවුරුදු 8, 9, 10, 12 කාලේදී බාලදක්ෂයෝ වුණාම ගෙවල් වලට ගිහිල්ලා අහනවා ‘අපි ඕගොල්ලන්ට මොනවා හරි වැඩක් කරන්නම්. මොනවද කරන්න ඕනේ? තණකොළ ටික සුද්ධ කරලා දෙන්නම්. හරි. අර කානුව සුද්ධ කරලා දෙන්නම්. මෙතැන තීන්ත ටිකක් ගාලා දෙන්නම්’ කියලා. ඔය වගේ වැඩ. ඊට පස්සේ පොතේ ලියාගන්නවා ඒ ගෙදර අයගේ නම දාලා මෙන්න මේ වැඩේ කළා කියලා අස්සන් කරගන්නවා. දිනය දාගෙන, වෙලාව දාගෙන එනවා, ඇවිල්ලා ඒක තමයි සටහන. ඉතින් ඒ වගේ දවස් තියෙනවා, කවුරු හරි යාළුවෙක්, දෙන්නෙක්, තුන්දෙනෙක් එක්ක ගමේ රවුමක් යනවා ඔය විදිහට. ඇඳගෙන, අර ස්කාෆ් එක දාගෙන. මොනවා හරි ගෙඩි ජාතියක් තිබුණා, ඒවා අපි හොයලා, ඒවා කපලා තමයි ඒ ස්කාෆ් එකට දාගන්නේ. ඒවා ඇත්තටම හරිම සුන්දර මතක.

දැන් මොකක්ද මාලිමාවේ මේ මන්ත්‍රීලාටයි, ඇමැතිලාටයි වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ පුංචි කාලේ බාලදක්ෂයෝ වෙලා ඉඳලා නැද්ද? එහෙම නැත්නම් ඒගොල්ලෝ දැන්ද ඒවා කරන්න යන්නේ? ඒගොල්ලන්ගේ ඇරියස් එක, දැන්ද මේ පර්ෆෝම් කරලා ඒගොල්ලෝ පෙන්නන්න යන්නේ?

මේකත් එක්ක සංසන්දනාත්මකව මට හිතුණා කතා කරන්න ඕනේ කියලා. ඔබ දන්නවනේ ප්‍රසිද්ධ කාරණයක් අපේ රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඔහු සම්බන්ධයෙන් කියවෙන කාරණයක් තියෙනවා. ඒක තමයි ඔහු කොහෙට හරි ගියොත්, එතැන තියෙන මොකක් හරි දේකට සම්බන්ධ වෙනවා. මට හොඳට මතකයි ඔහු ක්‍රිකට් තරගයක් නරඹන්න ගියා කියලා හිතමු. ඊට කලින් ඔහු පොඩ්ඩක් ඉස්සෙල්ලා සෙල්ලම් කරනවා ක්‍රිකට්. බැට් කරනවා, බෝල් කරනවා, ඒ ළමයිත් එක්ක හරි, තරුණයොත් එක්ක හරි, කා එක්ක හරි සම්බන්ධ වෙනවා ක්‍රිකට්වලින්. ෆුට්බෝල් නම් පොඩ්ඩක් පාරක් දෙකක් ගහලා, ඒ විදිහට එතනත් ඒකට ආයින්ද්‍රීයව සම්බන්ධ වෙනවා. සංගීත සංදර්ශනයක් නම් ගිටාර් එකක් ප්ලේ කරලා, ඩ්‍රම්ස් ගහන්නත් පුළුවන්. එතකොට ඩ්‍රම්ස් වාදනයත් කරලා පෙන්නනවා. මේ වගේ දේවල්. මට මතකයි ලතා වල්පොල මහත්මියගේ උපන්දිනයකට පහුගිය අවුරුද්දක සම්බන්ධ වෙච්ච වෙලාවේ මම ඒක අගය කරලා වීඩියෝ එකකුත් කළා. ඒ වෙලාවේ මම ඔහුව විවේචනය කරන වෙලාවේ වුණත්. මොකද හැමෝටම කරන්න බැරි වැඩක් ඒක. ලතා වල්පොල මහත්මියගේ ගෙදරට ගිහිල්ලා පියානෝව වාදනය කරමින් ගීත ගායනා කරනවා.

මේ හැම එකකම මොකක් හරි වැඩකට ඇති වැඩක් තිබුණා එයා කරන ඒවායේ. ඔහු මෙතැනට ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡාවක් කරන වෙලේත් මම ඇහුවා, ‘ඇයි ඔබ මේ වගේ දේවල් කරන්නේ?’ කියලා. ඉතින් ඔහු මගෙන් අහපු දේ තමයි ‘මොකක්ද ඉතින් ඒකේ තියෙන වරද?’ කියලා. ඇත්තටම ඒකේ වරදක් නැහැ. මේ ජේවීපී – මාලිමා ආණ්ඩුව තියෙන්නේ දැන්, ඒ ඒගොල්ලෝ මේවා කරලා අපිට පෙන්නන්න කලින්නේ අපි සජිත් ප්‍රේමදාසගේ ටික දැක්කේ. එතකොට අපිට සංසන්දනාත්මක තත්ත්වයක් තිබුණේ නැහැ මේක සංසන්දනය කරලා බලන්න, මේක හොඳද, නරකද, මේක මොකටද මේ පුද්ගලයා මේක කරන්නේ? මේක කරන එකේ මොකක් හරි තේරුමක් තියෙනවද කියලා. මම නම් අදත් හිතන්නේ, ඔහු කරපු සමහර දේවල්, ලතා වල්පොල මහත්මියගේ ගෙදර ගිහිල්ලා කරපු වැඩේ වගේ ඒවා හොඳ වැඩ. හැබැයි සමහර දේවල් තිබුණා අර බස් එක එළවගෙන ගිහිල්ලා දරුවන්ට තෑගි කරන එක ඒවා එහෙම. ඒවා අවශ්‍යද කියලා තාමත් අපි හිතනවා.

හැබැයි, මාලිමාවේ කණ්ඩායම මේ ආණ්ඩුව අරගෙන දැන් මාස කීපයක් තිස්සේ මේ කරන විගඩම් ටික දැක්කම හිතෙනවා, ඉතාම පැහැදිලිව කල්පනා වෙනවා, සංසන්දනාත්මකව අපිට ඒක තේරුම් ගන්නට පුළුවන්. සජිත් ප්‍රේමදාස කරපු දේවල්වල මොකක් හරි තේරුමක් තිබුණා. මොකක් හරි වටිනාකමක් තිබුණා, මොකක් හරි තර්කයක් තිබුණා ඒක කරන්න.

අනිත් එක තමයි සජිත් ප්‍රේමදාස කරපු දේවල් හුඟක් ඒවා හැමෝටම කරන්න පුළුවන් ඒවා නෙමෙයි. සජිත් ප්‍රේමදාස ක්‍රිකට් ඒ ක්‍රිකට් තරගෙට ගිහිල්ලා ඔහුත් බැට් කරනවා. බැට් කරනකොට අපට තේරෙනවා ඔහු ක්‍රිකට්වල පිතිකරණයේ යම් දෙයක් ඔහු දන්නවා කියලා. නිකන්ම බැට් එක අරන් වනනවා නෙමෙයි. අර මහින්ද රාජපක්ෂ මහත්මයන් නුවරඑළියේ ගිහිල්ලා ක්‍රිකට් ගැහුවා වගේ නෙමෙයි. එතුමා වයසයිනේ, ඉතින් එහෙම නෙමෙයි. මේකේ තිබුණා යම්කිසි විදිහක ඔහුගේ දැනුමක් තියෙන බව පෙනුණා. එතකොට ඉතාම පැහැදිලියිනේ ගිටාර් එකක් ප්ලේ කරන එකේ, ඩ්‍රම්ස් වාදනය කරන එකේ, පියානෝ වාදනය කරන එකේ ඒකේ පැහැදිලිව දැනුමක් තියෙනවනේ. පුහුණුවක් තියෙනවනේ. එහෙම නැතුව ඒක කරන්න බැහැනේ හැමෝටම. මම දන්නේ නැහැ මාලිමාවේ කී දෙනෙකුට ඒ වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා, පුළුවන් අය ඇති. ඒගොල්ලෝ ඒ වගේ දේවල් කෙරුවා නම් අපිට සමහර විට හිතන්න තිබුණා ඒගොල්ලන්ගේ දක්ෂතාව පෙන්නන්න හරි, එහෙම නැත්නම් අනිත් අයත් උනන්දු කරවන්න හරි ඒ දේවල්වලට එහෙම කරයි කියලා. සිමෙන්ති ගල් බඳින එකේ මොකක් හරි තියෙනවද එහෙම එකක්? ජපන් ජබර ගලවන එකේ මොකක් හරි තියෙනවද අර වැවකට, වැවකට බැහැගෙන? එහෙම මොකක් හරි වටිනා වැඩක් තියෙනවද ඒකේ? එතකොට තීන්ත ගාන එක කොහෙ හරි ගිහිල්ලා, කාටද බැරි කියන්නකෝ ඕවා කරන්න? අපිත් ඔය වගේ ඒවා කරලා තියෙනවා ඕනෙ තරම්. ගෙදර, කාට හරි සහයෝගෙට හරි, නැත්නම් ගෙදර වැඩ හරි, කානු සුද්ධ කරන ඒවා, ජපන් ජබර ගලවන ඒවා, තීන්ත ගාන ඒවා, වල් කපන ඒවා මැෂින් එකෙන්. අන්න ඒ වැඩයි, සජිත් ප්‍රේමදාස කරපු අර දේවලුයි එක්ක දැන් සංසන්දනාත්මකව අපිට හිතන්න පුළුවන්, මොකද දැන් මේ ටික තියෙන හින්දා, ඉස්සෙල්ලා ඒ වගේ ටිකක් තිබුණේ නැහැනේ අපිට. මේ ටික තියෙන හින්දා දැන් හිතන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් සජිත් ප්‍රේමදාස ගොඩක් ඉස්සරහින් ඉන්නේ, මේගොල්ලන්ට වැඩිය. තාම පැහැදිලියි.

ඉතින් ඒ කාලේ ජේවීපී එකේ අය බොහොම උපහාසයෙන් සජිත් ප්‍රේමදාසව විවේචනය කරපු වෙලාවේ, ඒගොල්ලෝ ගැන අපි හිතුවේ ආ මේගොල්ලෝ බලයට ආපුවම මේගොල්ලෝ වටිනා දේවල් කරයි. මේගොල්ලෝ මේ වගේ දේවල් කරන එකක් නෑ කියලා. හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ දැන්? දැන් වෙලා තියෙන්නේ, මේ පේනවනේ නලින් හේවාගේ බාලදක්ෂ ඇඳුමක් ඇඳගෙන යනවා. ඒකේ දරුවෝ උනන්දු කරන්න හරි මොකක් හරි තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මොකක් හරි දෙයක් තියෙනවා කියලා ඒකේ, එහෙම ඇඳගෙන පෙන්නන එකේ. හැබැයි, අර අනිත් දේවල්? දැන් මම ඔය බාලදක්ෂ එක ගත්තේ ඇත්තටම, ඒකේ මොකක් හරි දෙයක් තියෙනවා. ඒක දරුවෝ උනන්දු කරන්න හරි මොකක් හරි කියමුකෝ. හැබැයි ඔය බාලදක්ෂ කියන නම, හැඳින්වීම, ඒක අරගෙන අපට මේ මාලිමාවේ කණ්ඩායම කරන දේ විග්‍රහ කරන්නට පුළුවන්. ඒගොල්ලෝ බාලදක්ෂයෝ තමයි. හැබැයි බාල කියලා කියන්නේ වයසින් අඩු බාල කියන එක නෙමෙයි මෙතන. ඒගොල්ලෝ වටිනාකමෙන් අඩු බාලයෝ. වටිනාකමෙන් අඩු බාලයෝ, දක්ෂයෝ බව පෙන්නන්නට කරන වැඩ. ඉතින් ඒක හරිම අවඥාසහගතව තමයි බලන්න වෙන්නේ. කරන්න දෙයක් නෑ. මොකද? වැඩිහිටි මිනිස්සු වුණාම කරන්නේ ඕනේ තර්කානුකූල දෙයක්, වැඩකට ඇති දෙයක්, තේරුමක් තියෙන දෙයක්, විශේෂයෙන් මේ ලංකාව වගේ රටක මෙච්චර පස්ස බිම ඇනිලා, ආර්ථික අහේනියකට ගිහිල්ලා, මුළු රටම ණය වෙලා, මිනිස්සු අන්දමන්ද වෙලා, කරකියා ගන්න දෙයක් නැතුව, සමහර මිනිස්සුන්ට උදේට කාපුවාම දවල්ට කන්න විදිහක් නැති රටක, මේවද කරන්නේ? මේවා කරන්නද මහජන ආණ්ඩුවක් හැදුවේ කියලා හිතෙනවා නේද? හිතෙන්නේ නැද්ද? ඉතින් ඒකයි.

ඉතින් නලින් හේවාගේටත් ඔයිට වැඩිය වැදගත් වැඩ තියෙන්න පුළුවන් කරන්න. ඔය කයිය ගැහුවා නම් අර විට්ස් කාර් ගැනයි, අරවා ගැනයි, මේවා ගැනයි. දැන් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වැඩක් කරන එකකට. මම දැක්කා අර කුඹුරකට බැහැගෙන මැෂින් එකක් තල්ලු කරගෙන යනවා අත් දිග ෂර්ට් ඇඳගෙන. ඒවා ඇත්ත නම්. හැබැයි, මාලිමාවේ ඔය ඉන්න ජේවීපී කණ්ඩායමට විශේෂයෙන් කියන්න තියෙන්නේ, අර ‘ට්‍රම්ස්කාරයාට’ එහෙම, ටීබී සරත්ට. එයා මතක් කරනකොට අමතක කරන්න හොඳ නැහැ සංචාරකයන්ට පිටසක්වළ ජීවීන් පෙන්නන්න, මාතලේ පැත්තේ කන්දක. ඉතින් එයා අමතක කරන්න බැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එයා කියන්නේ ‘ට්‍රම්ස්’ කියලා. ඉතින් මිනිස්සුන්ගේ නොදැනුවත්කමට, මිනිස්සුන්ගේ නූගත්කමට හිනාවෙන්න හොඳද? හොඳ නෑ. හැබැයි, මේ මාලිමාවේ හෝ මේ ජේවීපී එකේ කට්ටියගේ නොදැනුවත්කමට, ඒගොල්ලෝ වැරැද්දන ඒවට හිනා වෙන්න හොඳද? අනිවාර්යයෙන් හිනාවෙන්න ඕනේ. ඇයි ඒ? ඒගොල්ලෝ කිව්වේ, පෙන්නුවේ, ඒගොල්ලෝ තමයි හැම දේම හරියටම දන්න හොඳම කණ්ඩායම කියලා. අන්තිමට මොකක්ද වුණේ? අන්තිමට දැන් කරන්නේ සජිත් ප්‍රේමදාස කරපුවාටත් වැඩිය විසුළුසහගත වැඩ. සජිත් ප්‍රේමදාස කරපුවා සමහර වෙලාවට විසුළුසහගත විදිහට අපිට පෙනුණේ මේ කණ්ඩායමේ මේ ක්‍රියාකාරකම් දකිනකන් විතරයි. දැන් මේවා දැක්කට පස්සේ අපිට සජිත් ප්‍රේමදාස කරපුවායේ යම්කිසි දෙයක් තියෙන බවත්, යම් වටිනාකමක් තියෙන බවත්, සජිත් ප්‍රේමදාස මේගොල්ලන්ට වැඩිය දක්ෂයෙක් බවත් ඕනෙ කෙනකුට හිතෙනවා. හිතෙන එක නවත්වන්න බැහැ. ගිටාර් එකක් ගහන එකයි, ජපන් ජබර ගලවන එකයි අතර වෙනසක් තියෙනවනේ. ගිටාර් එකක් ගහන්න හැමෝටම බෑ. ඩ්‍රම්ස් සෙට් එකක් වාදනය කරන්න හැමෝටම බෑ. පියානෝවක් වාදනය කරන්න හැමෝටම බෑ. ඉතින් ඒක විශේෂ හැකියාවක්. හැබැයි ඉතින් ගල් බඳින්න, එතකොට වල් කපන්න, එහෙම නැත්නම් ජපන් ජබර ගලවන්න, එහෙම නැත්නම් තීන්ත ගාන්න. ඒවා කාටද අනේ බැරි? ඒවා ඔය ගෙවල්වල ඉන්න මිනිස්සු ඕනෙ තරම් කරන්නේ. ඉතින් ඒකයි.

ඉතින් මෙහෙම බැලුවහම මේ ආණ්ඩුව අසමත් කියලා කියන එකට හොඳම නිදර්ශනය තමයි මෙන්න මේ සංසන්දනය. සජිත් ප්‍රේමදාසට ගාලා හිනා වෙච්ච ජේවීපී කණ්ඩායම අද ආණ්ඩුවක් අරගෙන කරන කුජීත, ඒ වගේම විසුළුසහගත, ඒ වගේම බාල වැඩ. ඒවා බාලදක්ෂ වැඩ නෙමෙයි. බාලදක්ෂයෝ ඊට වැඩිය හොඳ වැඩ කරනවා. මේවා බාල වැඩ. නිකන් දක්ෂයෝ වගේ පෙන්නන්න කරන්නේ. ඒ හින්දා අපි මේ එන්පීපී ආණ්ඩුවේ ජේවීපී අයට විශේෂයෙන් සහ අනිත් අයටත් කියන්නේ, ඕගොල්ලන්ගේ කුසලතාවක් පෙන්නන විදියේ වැඩක්, ජනතාවට ප්‍රයෝජනවත් වෙන විදියේ වැඩක් කරන්න උත්සාහ කරන්න, නිකන් රට්ටු හිනස්වන දේවල් කරලා, නිකම්මූ රැළක් බවට පත්වෙන්නේ නැතුව.

Sepal Amarasinghe

SendShareShare
Previous Post

මෙන්ඩාට එංගලන්තෙන් ලොකු ‘ඔෆර්’ එකක් ඇවිත්! අරවින්ද-සංගා-මහේලලාගේ ලිස්ට් එකට එකතු වෙන්න චාන්ස් එකක්! I Sri Lanka Latest News

Next Post

ගල්මුල් සහ මුල්ගල්! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.