• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි වදේට මොනර කරදරේට ඔක්කොටම වගකියන්න ඕනේ නරි! Sri Lanka Latest News

January 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අලි වදේට මොනර කරදරේට ඔක්කොටම වගකියන්න ඕනේ නරි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වන්නි වනාන්තරවල ජීවිත හරි ලස්සනයි. ඒවායෙ අස්සෙ කරක්ගහන කෙනෙක්ට ඒ සුවඳ දැන්නෙ ඉතාම මිහිරියට. මොර මල් පෙති පාවඩ එළපු වන උයනකට මම ඔයාව එක්ක යන්නද? රණවරා මල් වියන් යටින් පුංචි පුංචි මුව පැංචො එබිකම් කරන ඉසව්වකට. Sri Lanka Latest News

මේ යාල කැලේ. යාල කැලේට අපි මේ යන්නෙ කතාවක් හොයාගෙන. අපි හැමෝම දන්න කතන්දරේක නොදන්න කතන්දරේ මේක. යාල වන උයන මායිමේ සම්පත් බණ්ඩාර ඉස්කෝලෙ මහත්තයගෙ මහගෙදර අපි නතර වුණේ අවුරුද්දෙ අග කොටහෙ විවේක පාඩුවෙ ඉන්න. එහෙම ඉන්න අතරෙ රෑ කෑම වේලට කුරක්කන් තලපයක රහ බලන ගමන් වන්නි වනාන්තරවල කයිකතන්දර අපි අතරට ආවා. ඔන්න ඔය අස්සෙ මරු කතාවක් කිව්වා…
‘මේ ඔක්කෝටම වගකියන්න ඕනෙ නරි…..’ කියලා. මට මේ කතන්දරේ තේරුම් බේරුම් කරගන්න බැරි වුණා. ඒ කතන්දරේ අඩුපාඩු නැතිව ලෙහාගත්තම මට හිතෙන්න ගත්තා මේක ඔබට කියන්නම ඕනෙ පන්නයෙ කතාවක් බව.

‘අද මේ ගම්මානවලට වෙලා තියෙන ලොකුම කරදරේ මොනරු. මොනරු ආවාම යායම එක පාරට විනාශ වෙලා යනවා….’
‘ඉතිං ඒකට කොහොමද නරි වගකියන්නෙ…?’

මට තේරුං බේරුං කරගන්න බෑ. උන්දලා ඒ කතන්දරේ අපූරුවට තේරුං කරලා දුන්නෙ මෙහෙම. ඇත්තටම අද වෙනකොට මුළු රටේම මොනරු ඉන්නවා. මොනර ගහනය හොඳටෝම වැඩි වෙලා. ඒකට මක් කොරන්ඩ ද නරි…’

‘මොනරට හානි කරන්න පුළුවන් කිසිම සතෙක් නෑ. ඒ නිසා මොනරු වැඩිවෙන එක පාලනය වෙන්නෙ නෑ….’ උන්දැ ඒක පැහැදිලි කරනවා.
‘මොනරට හානි කරන්න පුළුවන් එකම සතා නරියා. නරියා මොනරගෙ බිත්තර කනවා. සාමාන්‍යයෙන් එහෙම මොනර බිත්තර කන එකම එක සතා නරියා. ඉස්සර මොනරා බිත්තර දැම්මම ඒකෙන් කොටසක් නරි කෑවා. එතකොට එහෙම කන්න බැරි වුණු, හොයාගන්න බැරිවුණු කොටස විතරයි ඉතිරි වුණේ. ඒවායෙන් පැටව් ආවම මොනරු ප්‍රමාණෙ එක පාරකට හත්අට ගුණයකින් වැඩි වුණේ නෑ.’

‘ඒත් දැන් එහෙම එකක් වෙන්නෙ නෑ. දැන් මොනර බිත්තර දාපු තැන මොකක් හරි හේතුවක් නිසා නරක් නොවුණොත් කෙළින්ම බිත්තරවලින් පැටව් එනවා. ඊට පස්සේ බේරන්න බැරි තරම් මොනරු බෝවෙනවා. මොනරුන්ට කන්න තියෙන ප්‍රමාණය මදි වුණාම මොනරා තව ටිකක් දුරට ඉගිළිලා යනවා. ඊට පස්සේ එහෙ පැටව් දානවා. තව ටිකක් දුර ඉගිළිලා යනවා. මෙහෙම ගිහිල්ලා ලංකාව පුරාම මොනරුන් ව්‍යාප්ත වුණාට පස්සෙත් මොනරා පාලනය වෙන්නේ නෑ. මොනරා ලොකු වුණාට පස්සේ ඒ සතාව අල්ලන්න පුළුවන් කිසිම සතෙක් ලංකාවේ නෑ. කොටියෙක්, බල්ලෙක්, පූසෙක් හෝ වෙනත් කිසිම සතෙක් මොනරාව කන්නේ නෑ. ඒ නිසා මොනර ගහනය වැඩිවෙලා මේක තවදුරටත් ගියොත් එහෙම ලංකාවේ කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. සම්පූර්ණයෙන් නවතිනවා.’

‘මොනරු මරණ එකත් ලංකාවේ සිද්ධ වෙන්නේ ඉතාම අඩුවෙන්. ඒකට හේතුව මොනරා කියන්නේ කතරගම දෙවියන්ගේ වාහනය කියලා මිනිස්සු විශ්වාස කරන නිසා මිනිස්සු මොනරාගෙන් කොච්චර හානි වුණත් ඌව මරන්න කැමැති නෑ. යම් තරමකට මොනරාගල සහ මුල්කාලීනව මොනරු හිටපු ප්‍රදේශවලදී මේක සිද්ධ වුණත් පස්සේ පස්සේ මේක වෙනස් වුණා. ඇත්තටම මොනරාගල මිනිස්සුන්ට මොනරු දකින්න හිටියේ නෑ. මොනරු දකින්න යන්න ඕනේ කතරගමට. හැබැයි දැන් ඒ ඔක්කොම වෙනස් වෙලා. ඒ නිසා මොනර ගහනය වැඩිවෙන්න නරියා බලපානවා. අලියා එන එක නතර වෙන්නත් නරියට කරන්න පුළුවන් දෙයක් තිබුණා. මේ ගම්තුලානවල ගම් මායිම්වල තිබුණු කුඹුරු යායවල්වල නරි ‘හූ’ කියනකොට ඊට එහායින් මහ කැලේ හිටපු අලි නරි හූව ඇහෙන තරම් දුරට ගියා. මොකද නරියාගේ හූව අලියාගේ කනට පුදුමාකාර කරදරයක්. ඒ නිසා අලි ආවේ නෑ නරි ‘හූ’ කියන පැත්තට. ඒත් අන්තිමට නරි වඳවුණාම අලි ගමට ආවා. මොනරු වැඩිවුණා. ඒ නිසා මේ හැම එකටම වගකියන්න ඕනේ නරි කියන එක මම කියනවා.’ ඔන්න ඔය විදියටයි අපි මේ කයිවාරුව කෙළවර කරගත්තේ. ඒත් එක ප්‍රශ්නයක් තිබුණා තව අහන්න ඉතුරු වෙලා.

‘මොකද මේ නරින්ට වුණේ?’
උත්තරේ තමයි භයානක.
‘මහත්තයො නරි කක්කුට්ටෝ කෑවා’
‘කක්කුට්ටො කෑවම නරින්ට මොකද වෙන්නේ….?’
‘කක්කුට්ටො කාපු නරි මැරුණා…’
‘ඒ කියන්නේ…?’

‘කුඹුරුවලට වස විස දැම්මා. කෘමිනාශක අරවා මේවා පස්පංගුව වගේ කුඹුරුවලට ගැහුවා. කුඹුරුවල වක්කඩවල්වලට මේ ජරාව එකතු වුණා. කුඹුරක වක්කඩක වතුර බිව්වාම හරියට ග්‍රැමොක්සෝන් බිව්වා වගේ තමයි. ඒවා වහ. ඉස්සර මී බෙණවලට අත දාලා ඒවායේ තියෙන වී ටික මිනිස්සු එකතු කරගෙන ගිහිල්ලා මිනිස්සු කෑවා. මිනිස්සු මැරුණේ නෑ. හැබැයි අද මී උණ කිව්වට මීයාගෙන් වෙච්ච දෙයක් නෙවෙයි මේක. කුඹුරුවලට වස විස ගහලා කුඹුරුවල තියෙන මඩ තලිය වහ වෙලා තියෙන්නේ. කුඹුරුවල වක්කඩවලින් ගලාගෙන යන්නේ වහ. ඒවට එකතු වෙන්නේ වහ. තිත්ත පැටව් වඳවෙලා ගිහිල්ලා. තිත්තපැටව් මැරිලා, කනාමැදිරියො නෑ. කුඹුරුවල පොඩි පොඩි වතුර වළවල්වල එහෙට මෙහෙට දඟල දඟල හිටපු මාළු පැටව් දැන් නෑ. අන්තිම කක්කුට්ටො ටිකත් දැන් ඉවරවීගෙන යන්නේ. කක්කුට්ටො කාපු නරි මැරුණා. රංචු පිටින් මැරුණා. නරි වඳවෙන්න පටන් අරගත්තා. නරින්ගේ පැටව් නැතිවෙන්න පටන් ගත්තා. ඊළඟ පරම්පරාවට පැටව් බිහිකරන්න නරි නැති වුණාම නරි ටික වඳවෙලා ගියා. නරි වඳවුණාම මෙන්න මේ ප්‍රශ්නය වෙන්න පටන් ගත්තා….’
ඒ නිසා මතක තියාගන්න මේ කුඹුරු යායවල්වලට අපි වහ දාලා කරගත්තේ අපිටම පාඩුවක්. අපි හිතුවේ කුඹුරට එන පලිබෝධකයෝ ටික ඒ වෙලාවේ වඳකරගත්තම ඊළඟ කන්නේ සරු කරගන්න. පලිබෝධකයෝ වඳවුණා, ඒක ඇත්ත. හැබැයි ඊට පස්සේ වෙච්ච සංගදිය ගැන කවුරුවත් දන්නේ නෑ. ඔන්න ඕක තමයි වන්නි වනාන්තර ගම්මාන අස්සේ කරක්ගහලා තලප කකා කරපු කයිවාරුවෙන් ඔබට කියන්න තිබුණු කතාව. දැන් මේක කියවලා තේරුම් අරගන්න බලන්න කොහෙද, කොතැනද, කොහොමද අපට පැටලුණේ කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විපක්ෂයේ ඉද්දී දූෂිතයි කියලා පට්ට ගහපු චීන-ඉන්දීය සමාගම් එක්කම අනුර ජනාධිපතිතුමා ගිවිසුම් ගහලා! මොකද්ද මේ විදේශ ප්‍රතිපත්තිය? නාමල්ට ලොකු ප්‍රශ්නයක්! I Sri Lanka Latest News

Next Post

අපි දවල් කියපු කතාව නාමල් හවස තහවුරු කරයි! ලිඛිතව දන්වන්න! මහින්ද මහත්තයා ගෙදරින් එළියට බහින්න සූදානම්! ජනාධිපතිවරයාට මේක කාට හරි විකුණන්න ඕනේ නම් අපි යන්නම්! ඒක ප්‍රශ්නයක් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.