දේපළ මිලදී ගැනීමක් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ලබන සිකුරාදා රහස් පොලිසියට කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. (Sri Lanka Latest News)
මීට පෙර අවස්ථා දෙකකදී ඒ මහතා රහස් පොලිසියට කැඳවා තිබුණද විදේශගතව සිටින නිසා එහි පෙනී සිටීමට නොහැකි වීම නිසා මෙදින යළි කැඳවීමක් සිදුකර ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර මීට පෙර හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයකුව සිටි මේජර්වරයකුගෙන්ද සිද්ධීන් කිහිපයක් ගැන සහ මෙම සිද්ධිය ගැන රහස් පොලිසිය ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










