ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ තීරණය අද ප්‍රකාශයට පත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවැසීය.Sri Lanka Latest News
විභාගයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුව කළ නිර්දේශ තුනෙන් හොඳම විසඳුම ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ නියෝග කළ අතර ඒ අනුව අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු කීවේය.
දේශීය හා විදේශීය විශේෂඥයන් සත් දෙනකුගෙන් යුත් එම කමිටුව කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීම, එම ප්‍රශ්න තුන ඉවත් කිරීම හෝ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කොට ඒ සඳහා අලුතින් විභාගයක් පැවැත්වීම යන නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.










