මේ වනවිට යාල වනෝද්‍යානයේ අක්කර 12000ක් බැහැර කොට විනාශ කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බවට වාර්තා වන බවත් වහාම එම ක්‍රියාමාර්ගය නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතුව සමග විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (14) පැවැති හමුවකදී විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.
අධි සංවේදී පරිසර පද්ධතියක් වන යාල වනෝද්‍යානය සුරැකීම සියලුදෙනා සතු වගකීමක් බවද ආණ්ඩුව යාලට අත තබන ක්‍රියාමාර්ගයකට ගියහොත් සමගි ජනබලවේගය ඊට එරෙහිව පෙරට එන බවද විපක්ෂ නායකතුමා පැවසීය.










