අද අරලියගහ මන්දිරයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැති කර්මාන්ත අමාත්‍යංශයේ රැස්වීම අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් වර්ජනය කොට නොමැති බව වාර්තා වේ.
තමන්ට අද දින කලින් යොදාගත් විශේෂ නිල රාජකාරියක් හේතුවෙන් මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි බව වීරවංශ මහතා විසින් කල් තියා දැනුම් දීමක් කොට ඇති බවද වාර්තා වේ.
ඒ අනුව වීරවංශ මහතා ආරක්ෂක ලේකම්වරයාද සමගින් දීඝවාපී වෙහෙර ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහභාගි වී සිටි බව දැනගන්නට තිබේ.










