• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘උඹ අපි හොය හොය හිටිය එකා..! උඹ නේද ගෝල්ෆේස් එකේ වොයිස් කට් දිදී මේක අවුස්සන්නේ! අරගලයේ නියමුවකුට යක්කල පොලිසියෙන් පහර දීලා! පැය 24කට වැඩි කාලයක් පොලිසියේ තියාගෙන! පස්සේ ගංජා තබා ගත්තා කියා උසාවි දාලා!

May 3, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිසියට හදිසි ප්‍රහාරයක්!
Share on WhatsAppShare on Facebook

ගාලුමුවදොර අරගල භූමියේ ක්‍රීයාකාරී තරුණයකු යක්කල පොලිසිය මගින් වැරැදි ලෙස අත්අඩංගුවට ගෙන පැය 24කට වඩා කාලයක් තිස්සේ අයුතු ලෙස රඳවා තබා ගනිමින් පහර දී ඇතැයි නීතීඥවරු පවසති.

මෙම අසාධාරණයට ලක්ව ඇත්තේ පන්නල ප්‍රදේශයේ පදිංචි සමන් කුමාර රණතිලක නම් තරුණයෙකි.

මෙම තරුණයා ගෝඨාගෝ ගම අරගල භූමිය නිර්මාණය කිරීමට මූලික වූ තරුණයන් කිහිප දෙනාගෙන් අයකු බවද පැවසේ.

ගංජා පැළ 10ක් ළඟ තබා ගත් තැනැත්තකු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අව්‍යශ බව පවසා අදාළ තරුණයා යක්කල පොලිසිය විසින් ඊයේ(02) කැඳවනු ලැබ තිබේ.

එම කැඳවීමට අනුව අදාළ ප්‍රකාශය ලබා දීමේ අරමුණ ඇතිව සමන් කුමාර නීතීඥ රොෂාන් කහටපිටිය සමග යක්කල පොලිසියට ඊයේ පෙරවරු 11ට පමණ ඉදිරිපත් වී ඇත.

කෙසේ වෙතත් එලෙස ඉදිරිපත් වූ තරුණයා යක්කල පොලිසියේ අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ”උඹ අපි හොය හොය හිටිය එකා. උඹ නේද ගෝල්ෆේස් එකේ වොයිස් කට් දිදී මේක අවුස්සන්නේ” යනුවෙන් පවසමින් ඔහුට අමානුසික ලෙස පහර දී ඇති බව නීතීඥවරු පවසති.

මේ සම්බන්ධයෙන් අදාළ තරුණයා විසින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා වෙත ඊයේ දිනයේ දීම දැනුවත් කර ඇති අතර, නීතීඥවරයා කළ විමසීමක දී යක්කල පොලිසිය පවසා ඇත්තේ අදාළ තරුණයා කටඋත්තරයක් ලබා ගැනීමට ඇති අතර, ලොකු ගුටලුවක් නැති බවයි.

එහෙත් අද(03) දහවල් වනවිට නීතීඥවරුන් වෙත වාර්තා වී ඇත්තේ සමන් කුමාර තරුණයා සහ අනෙක් සැකකරු විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ 54 වගන්තිය ප්‍රකාරව ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එම පුවත සමාජමාධ්‍ය මගින් සමාජගත වූ අතර, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මැදිහත්වීමෙන් නීතීඥවරු බොහෝ පිරිසක් මෙන්ම සිවිල් ජනතාව ද ගම්පහ අධිකරණයට රැස්වන්නට පටන් ගෙන ඇත.

පසුව පොලිසිය මගින් අන්තරාදායක ඖෂධ පනතේ 78/5 වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් ග්‍රෑම් 210ක් බරැති ගංජා පැළ 10ක් සන්තකයේ තබා ගත් බවට සැකපිට ‘බී’ අංක 1021/22 යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඒ අනුව ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසන්න රණවක මහතා විසින් සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කරනු ලැබ තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසන්නේ අදාළ නොවන වරදකට පටලවමින් මෙම තරුණයා වැරැදි ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත්, පොලිසිය භාරයේ සිටි කාලය අතරතුර අමානුෂික ලෙස ඔහුට පහර දී ඇති බවත්, පැය 24කට වඩා කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකර අයුතු ලෙස රඳවා තබා ගෙන ඇති බවත් ය. එමනිසා සමන්කුමාර තරුණයාට සිදුව ඇති මූලික අයිතිවාසිකම් උල්ලංගනය වීම පිළිබඳ නඩු පවරන බව ද නීතීඥවරයා වැඩිදුරටත් පවසයි.

මේ අතර වැඩිදරටත් වාර්තා වන්නේ යක්කල පොලිසියේ අපරාධ විමර්ෂණ අංශ ස්ථානාධිපතිවරයා විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන 54 වගන්තිය යටතේ නඩු පවරා මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාරයේ තබා ගෝඨා ගෝ ගම අරගල භූමියේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට සැලසුම් සහතව මැදිහත්ව කටයුතු කරනු ලැබ ඇති බවයි.

SendShareShare
Previous Post

ජවිපෙට වැඩේ වැරදුණාවත්ද මන්දා! රනිල්ගේ බැඳුම්කර වංචාව අල්ලපු මෛත්‍රීවත් බැඳුම්කර ගනුදෙනුවට ගාවලා! ඔන්න නිවේදනය!

Next Post

ජනතාව පාවා දෙන්නේ කවුද? ඔන්න දැන් හොඳට මුලු රටටම බලාගන්න පුලුවන්! කතානායකගෙ නිවසෙන් එළියට ආපු සජිත් රටටම දැනුම් දෙයි! (VIDEO)

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.