• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෘකයන්ට පණ දුන්නා! මැමොත්ලාට පණ දෙන්න යනවා! ඩයිනෝසර්ලාත් ආපහු ඒවි! මිනිස්සු ආපහු නැති වෙයිද? Sri Lanka Latest News

April 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වෘකයන්ට පණ දුන්නා! මැමොත්ලාට පණ දෙන්න යනවා! ඩයිනෝසර්ලාත් ආපහු ඒවි! මිනිස්සු ආපහු නැති වෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි හැමෝම කාලෙන් කාලෙට කතාකරන මාතෘකාවක් තියෙනවා Dinosaur ආපහු ආවොත් මොකද වෙන්නේ? අද මම කියන්න යන්නේ පොඩි කුතුහලයක් පිළිබඳවයි. ‘මම’ කවුද කියලා හොයන්න යන්න එපා. කියවලා බලන්න. මම මේ කතාව කියන්න හිතුවෙ, මම සමහර දේවල් දිහා බලන විදිය වෙනස් නිසා. Sri Lanka Latest News

මම මේ කියන්න යන දේ සමහර අය දන්නවා ඇති. සමහර අය දන්නෙ නැතිවෙන්නත් පුළුවන්. සමහර අයට මේක පිස්සු කතාවක් කියලා හිතෙයි. නැත්නම් මෝඩ කතාවක් කියලා හිතෙයි. නමුත් මට හිතුනෙ මේක ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියලයි. ඒ නිසයි මම කියන්න හිතුවෙ.

අපි කතාව පටන් ගමු. අද ලෝකය ඉතාම වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. අපි බලපුිීජස-ත්‍ස’ චිත්‍රපටවල වුණු දේවල් ඇත්තටම වර්තමානයේ සිද්ධවෙමින් පවතිනවා. ඒ දේවල් සමහර අය දැකලා තියෙනවා. සමහර අය ඒ ගැන කතාකරන්නවත් කැමැති නෑ. මොකද මේ වෙන දේවල් විශ්වාස කරන්න බෑ කියලා හිතන නිසා. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හරි විශ්වාස කරන්න සිද්ධ වෙන තරමට ලෝකය වෙනස් වෙලා තියෙනව කියලා මට නම් හිතෙනවා.

මට මේ අදහස ආවේ, මීට දින කිහිපයට කලින් මට අහන්න දකින්න ලැබුණු, අවුරුදු දහස් ගානකට පෙර වඳවෙලා ගියපු Dire wolf කියන සත්වයාට නැවත ජීවය දීමක් ගැන කියැවෙන පුවතක් නිසයි. මේ පුවතට කලින්, පහුගිය අවුරුදු කිහිපයේම දකින්න අහන්න ලැබුණා එක් එක් රටවල විවිධ දේවල් ගැන සහ විවිධ නිර්මාණ ගැන පර්යේෂණ අත්හදා බලන බව.

මීට අවුරුදු 10කට විතර කලින් අපි මිථ්‍යාවන් ලෙස පිළිගත්ත, Sci-Fi චිත්‍රපටවල තිබුණු දේවල් යථාර්ථයක් වෙලා තියෙනවා. රොබෝ මිනිස්සු, රොබෝ සතුන්, අතිනවීන යුද යානා, අභ්‍යවකාශයේ ජනාවාස බිහිවෙනවා වගේ මිථ්‍යා දේවල්. නමුත් වර්තමානයේ ඒ දේවල් සිද්ධවෙලා සහ සිද්ධවෙමින් පවතිනවා. වර්තමානයේ රොබෝ සුනඛයන්, රොබෝ මිනිසුන්, විවිධ රොබෝ යන්ත්‍රවලින් මිනිසුන් එදිනෙදා කටයුතු පහසු කරගන්නා ආකාරය දකින්න අහන්න ලැබෙනවා. මේ වෙන දේවල් ගොඩක් අයට ප්‍රයෝජනවත්, සමහර අයට බියකරු දෙයක්.

ඒ ඇයි? මම මෙහෙම කියන්නම්. මේ වෙන අමුතු සොයාගැනීම් අපි දැක තිබුණේ Sci-Fi චිත්‍රපටවලයි. අපි ඒ දේවලට ආසා කළා. ඇත්තටම එහෙම දේවල් අපිටත් තිබ්බා නම් කියල හිතුණා. බලවත් ආයතන මේ සිතුවිල්ල, ආශාව සහ වුවමනාව දැන් ඇත්තක් කරමින් පවතිනවා. මේ සොයාගැනීම් ප්‍රයෝජනවත් වෙනවා වගේම, ස්වභාවිකත්වය මේ ලෝකෙන් ටිකෙන් ටික ඈතට යනවා වගේ දෙයක් මට දැනෙනවා. අලුතෙන් සොයාගැනීම් කරන්න ඕනේ. නමුත් අපේ ජීවිතය යකඩ ගොඩකට සීමා වෙයිද යන සිතුවිල්ල නිසයි ගොඩක් අයට මේ වෙන දේවල් බියකරු වෙන්නේ.

මම දැන් කියන්නම් මට මේ වෙන දේවල් එක්ක හිතුණු දේ ගැන. අවංකවම කිව්වොත් මාත් පොඩි කාලේ ආශාවෙන් හිටියේ රොබෝ අතක් දාගෙන සෙල්ලම් කරන්න. ඩිෂුම් ඩිෂුම් ගාලා වෙඩි තියන්න. නමුත් දැන් තේරෙනවා ඒ දේවල් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියල. මම එහෙම කියන්නේ ඇයි?

මං කලින් කිව්වා වගේ Dire wolf සත්වයාට ජීවය දුන්නා. ඉස්සරහට Mammoth කියන වඳවී ගිය සත්වයට ජීවය දීම පිළිබඳ විවිධ කටකතා අහන්න ලැබෙනවා. නිකමට හිතුවොත්, තව ටික කාලෙකින් අහන්න විතරක් නෙවෙයි දකින්නත් ලැබෙයි Mammoth සත්වයාට ජීවය දීම පිළිබඳ පුවතක්. මේ යන විදියට Dinosaur වගේ සත්වයන්ටත් ජීවය දුන්නොත් මොකක් වෙයිද?

කොහොම වුණත් මට හිතුණු විශේෂ අදහසක් තියෙනවා. මේක සරල අදහසක් නෙමෙයි. මේ ලෝකය කියන්නෙ එක විශේෂ චක්‍රයක් කියන අදහස. නමුත් සාමාන්‍ය චක්‍රයක් නෙවෙයි. මේක වෙනස්ම විදියක චක්‍රයක්.

ඇයි මම එහෙම කියන්නෙ?

නිකමට හිතන්න Dinosaur වගේ ජීවීන් ජීවත් වුණේ මීට අවුරුදු දහස් ගානකට කලින්. ඒ කාලේ මිනිස්සු ජීවත් වුණේ නෑ. ඒ කාලේ මේ ලෝකය වෙනස්ම විදියකට තියෙන්න ඇති. මං මිනිසාගේ ආරම්භය ගැන කියන්න යන්නෙ නෑ, ඒක හැමෝම දන්න දෙයක් නිසා. නමුත් මං මේ කියන්න යන චක්‍රය කවුරුත් අහලා දැකලා නැති දෙයක් කියලා මං හිතනවා.

මෙහෙම හිතන්නකෝ.Dire wolf කෙනෙක්ට ජීවය දුන්න වගේම Dinosaur වගේ භයානක සත්වයෙක්ටත් ජීවය දුන්නොත්, ඒක සුන්දර දෙයක් ලස්සන දෙයක් වෙයි. නමුත් ඒ දේ පාලනය කරන්න බැරි තත්ත්වයකට අවොත් එතන වෙන්නෙ විනාශයක්. Dinosaur වගේම තව වඳවෙලා ගියපු ජීවීන් හට නැවතත් ජීවය දුන්නොත් මේ ලෝකයෙන් මිනිස්සු කියන සත්ව කොට්ඨාසය වඳවෙලා යයි කියන සිතුවිල්ල මට තියෙනවා. එතකොට මේ ලෝකේ ජීවත් වෙන්නේ අපි විසින්ම නිර්මාණය කරපු සහ අපි විසින්ම නැවතත් ජීවය දුන්න, අවුරුදු දහස් ගණනකට කලින් වඳවෙලා ගියපු විවිධ සතුන්. ඔන්න දැන් මේක කියවන ඔබට මං කියන්න යන්නෙ මොකක්ද කියලා අදහසක් කුතුහලයක් ඇති.

ඔව්, මං කියන්න හදන්නේ අපි මෙච්චර කල් හිතන් හිටපු Dinosaur වගේ සත්තුන්ව නිර්මාණය කරන්න ඇත්තේ අපිමයි යන වග. මම එහෙම කියන්න මූලිකම හේතුව. සූර්යයා තව වසර දහස් ගණනකින් මියයනවා කියන සාධකය මුල් කරගෙනයි. සමහර විට මේක කියවන ඔබ දැන් අවුල් ජාලාවක පැටලිලා ඉන්නවා වෙන්න පුළුවන්. නැත්න්ම් සමහර අයට මේ මොන පිස්සුවක්ද කියල හිතෙන්න පුළුවන්.

අවුරුදු දහස් ගානකට පෙර මේ ලෝකේ ජීවත් වුණේ Dinosaur වගේ ජීවීන්. එම සතුන් විනාශ වෙලා යන්න ඇත්තේ හෝ වඳවෙන්න ඇත්තේ මම විශ්වාස කරන විදියට සූර්යයාගේ බලපෑමත් එක්කම සහ මිනිසා යන ජීවියාගේ බිහිවීමට මූලික සාධක බිහිවීමත් එක්කමයි. ඒ වගේම මිනිස්සුන්ගේ පරිණාමය සමග අපි දැන් ඉන්න වර්තමාන තාක්ෂණික ලෝකයක් අපිට දැක බලාගන්න පුළුවන්. ඉදිරියට අපි විසින්ම විවිධ දේවල් සොයාගනීවි. විවිධ සත්ව ජීවීන්ට ජීවය දේවි. මේ වගේ ලෝකය වෙනස්ම පැත්තකට යාවි. අපි විසින්ම නිර්මාණය කරපු, ජීවය දුන්නු දේවලින්ම මිනිසා යන ජීවියා වඳවී යයි. අපි හදපු මේ ලෝකය අපි විසින්ම ජීවය දුන්නු විවිධ දේවල් විසින් පාලනය කරයි. මිනිසා යන ජීවියා වඳ වුණොත්,Dinosaur වැනි ජීවීන් මේ ලෝකයේ ජීවත් වෙයි. මේ විදියට කාලයක් ගතවෙයි. සූර්යයාගේ මියයාම සිද්ධවෙයි. අපි විසින් නිර්මාණය කරපු මේ ලෝකය සහ අපි විසින්ම ජීවය දුන්නු Dinosaur වගේ විවිධ ජීවීන් විනාශ වී යාවි. නැවතත් ලෝකයක් බිහිවෙයි. ජීවයක් හටගනී. නැවත්තත් මිනිසුන් බිහිවෙයි. මිනිසුන් පරිණාමය වෙයි, තාක්ෂණය දියුණු වෙයි. නැවතත් Dinosaur වැනි ජීවීන්ට ඒ කාලයේ සිටින මිනිසුන් විසින් ජීවය දෙයි. නැවතත් ඒ ලෝකයේ මිනිසුන් වඳවී යයි. මෙන්න මේකයි මට හිතුණු චක්‍රය.

අපි විසින්ම නිර්මාණය කරපු, අපි විසින්ම ජීවය දුන්නු දේවලින් අපිවම නැතිවී යන සහ නැවත අපි විසින්ම ඒ දේවලට ජීවය දෙන චක්‍රය. මේ චක්‍රයට මොකක්ද කියන්නෙ කියලා මම දන්නෙ නෑ. නමුත් මට හිතුණු දේ මේකයි. ගොඩක් අය මට බණී. මේ මොකක්ද, මේක පිස්සුවක් කියලා. කමක් නෑ. මම මගේ අදහස ඉදිරිපත් කළේ. ඔබේ අදහස් විවිධාකාර වෙන්න පුළුවන්. මේ වෙන දේවල් එක්ක සහ මේ වෙනස් වෙන ලෝකයත් එක්ක මම දකින්නෙ මේ චක්‍රයයි.

ඊ.ඩී. චමත්

SendShareShare
Previous Post

පැලවත්තෙන් මාලිමාවට නියෝගයක්! I Sri Lanka Latest News

Next Post

මාලිමා ආණ්ඩුවට දැන් රටේ ජනතාව කියන අලුත් නම් ටික සජිත් අනුරාධපුරේදී දිගටම කියාගෙන යයි! බලාගෙන යද්දි ඒවා බොරුත් නෙමෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.