ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ඊයේ (12) පෙරවරු 10ට පැමිණෙන ලෙස දන්වා තිබුණත් ඒ මහතා පැමිණියේ නැතැයි පොලීසිය පවසයි.Sri Lanka Latest News
සීනිමෝදර මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් පුවක්දණ්ඩාවේ සනා නමැති සැකකරු පිළිබඳව විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් පිළිබඳව විමසීමට ඔහු මෙසේ කැඳවන ලද බව ද පොලීසිය කියයි.
මෙයට පෙර තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ඉකුත් 09 වැනිදා ඒ මහතා කැඳවා තිබූ අතර, එදින ඔහු නීතිඥවරයකු සමඟ එහි පැමිණ ප්‍රකාශයක් දී පිටව ගියේය.
එම ප්‍රකාශයෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත් නොමැති බැවින් වීරවංශ මහතාගෙන් ප්‍රශ්න කර වැඩිදුර ප්‍රකාශයක් ගැනීමට නැවත ඔහු තංගල්ල අපරාධ විමර්ශන ඒකකයට ඊයේ (12) කැඳවා තිබිණි. ඒ සම්බන්ධයෙන් පණිවුඩයක් වීරවංශ මහතා පදිංචි හෝකන්දර ප්‍රදේශයේ නිවෙසට යැවූ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.










