• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලබා ගත් උත්තරය ගැන ජනතාව වේදනාවෙන්! වැරැද්ද නිවැරදි කරන උත්තරයක් අපි හොයමින් ඉන්නවා! ඩොලර් මිටි එක්ක ගනුදෙනු කරන අයට මේවා තේරෙන්නේ නෑ! විමල් අලුත් ගමනකට ලෑස්ති වෙයි!

October 21, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
විමල් 9 වැනිදා තුම්මුල්ලෙන් එළියට
Share on WhatsAppShare on Facebook

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) ‘තෙවැනි මග’ නම් මාසික සඟරාවක් එළිදැක්වීම සිදුවිය.

ඒ සඳහා දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්වී සිටියහ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ ‘තෙවැනි මග’ තුළින් සමාජයේ මතුවෙමින් ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන සංවාද මණ්ඩපයක් ඇතිකරනු ඇති බවය.

සමාජය මේ අවස්ථාවේ සිටින්නේ සොයාගත් උත්තර පිළිබඳව වේදනාවකින් බවද අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී පැවසීය.

ඒ අනුව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හෘද සාක්ෂියත් සමග ගනුදෙනු නොකරන ඩොලර් මිටි සමග ගනුදෙනු කරන පිරිසට එය නොතේරෙන බවය.

“නුසුදුසු උත්තර හොයා ගත්තොත් ඉන්න තත්ත්වයෙනුත් පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ලෝකයේ රටවල්වලට එහෙම වෙලා තියෙනවා. අපේ සමාජය උත්තර හොයන වෙලාවක් මේක. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා සුදුසු උත්තර හොයා ගන්න. ලබාගත්තු උත්තරය ගැන වේදනාවට පත්වෙලා ඉන්න ජනතාවට ඒ උත්තරය ගැන කථිකාවක් ඇතිකිරීම තමයි අපේ අරමුණ. අද සමාජය අනපේක්ෂිත අර්බුදවලට මුහුණදීලා ඉන්නේ. වසංගතය අපිට පාලනය කරන්න බෑ. හැබැයි අපි අපේ අතින් නිර්මාණය කරගත්තු අභියෝගත් තියෙනවා. ඒවා නිර්මාණය නොකරගෙන හිටිය නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි අපිට කවර ආකාරයකින්වත් මගහරින්න බැරි අභියෝග තියෙනවා. ඒවාට විසඳුම් සෙවිය හැකි මගක් අපි විසින් වහා වහා නිර්මාණය කරගත යුතුව තිබෙනවා. ගුරුත්වාකර්ෂණ බලයට අඩුවෙන්ම ලක්වෙන රටක් ශ්‍රී ලංකාව. උපාය මාර්ගිකව වැදගත් පිහිටීමක තිබෙන රටක්. අද බැලුවාම අපේ රට තිබෙන්නේ තිබිය යුතු ස්ථානයේ නෙමෙයි. ඊට වඩා ගොඩක් පහළ ස්ථානයක. ඒ වැරැද්ද ඇතිවීමට බලපාපු හේතු ගොඩක් තියෙනවා. අපේ රටට ඒ සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්දෙන් අපේ රට එළියට ගන්න පොටයි අපි පාද ගතයුතුව තියෙන්නේ.  මං හිතනවා.., මේ ඉතිහාසය සෙමෙන් විලිරුදාවෙන් පෙළෙන්නේ එක්තරා ආකාරයක එවැනි දරු ප්‍රසූතියක් සඳහා කියලා. සාමාන්‍ය අවස්ථාවකදී අපි හොයාගන්නේ නැති උත්තර විශේෂ අවස්ථාවලදී හොයාගෙන යනවා. දැන් අපි ඉන්නේ සාමාන්‍ය උත්තරවලින් විසඳුම් නොලැබුණු විශේෂිත අවස්ථාවක. ඒ නිසා දැන් අපිට තෝරා ගන්න වෙන්නේ මේ විශේෂ තත්ත්වය දකින්න පුළුවන්, ඒක අබිබවන්න පුළුවන්, වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් උත්තර. ඒ උත්තර අපි විසින් සපයාගතයුතුව තිබෙනවා. අපි මෙතෙක් දේශපාලනයේ ඉටුකරන ලද කාර්යභාර්යයේ තීරණාත්මක පිළිතුරු සැපයීම කරා දැන් මුහුණ දෙමින් සිටිනවා. හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු නැති ඩොලර් මිටි එක්ක ගනුදෙනු තියෙන අයට මේවා තේරෙන්නේ නෑ. තෙවැනි මග සඟරාවක් පමණක් නෙමෙයි. මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිලෙන..කෝ අපේ මාවත කියලා නැගෙන ප්‍රශ්නයට උත්තර දෙන සංවාද මණ්ඩපයක් බවට පත්වේවි.”

SendShareShare
Previous Post

විමලරත්න හදපු ගජබා බළකොටුවට ගෝඨා හදිසියේම ඇතුල් වූයේ ඇයි?

Next Post

පෙට්‍රල් ඩීසල් අද රෑ සිට නග්ගයි!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.