• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොස්පේට් ගැලෙව්වාට විමල් ජනපතිට උත්තර දෙයි!

June 19, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
විමල්ට තවත් ෂොට් එකක්! පැල්පිටත් එක්ක පැටලුණු විමල්ගේ ‘පොස්පේට්’ කොටස ජනපති ගලවයි!! ගැසට් එක ඊයේ රෑම ගහයි!!!
Share on WhatsAppShare on Facebook

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මෙතෙක් තිබූ ලංකා පොස්පේට් සමාගම එම අමාත්‍යාංශයෙන් ඉවත් කර කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පත් කිරීමෙන් පසු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒ සම්බන්ධයෙන් සටහනක් තබා තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ තම පාලනය යටතේ එම ආයතනයේ ලාභ ලබන රාජ්‍ය සමාගමක් බවට පත් වූ බවත් ඉදිරියටත් එය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.

එම සම්පූර්ණ සටහන මෙසේය.

1974 දී ආරම්භ කල ලංකා පොස්පෙට් ආයතනය එකල පැවතියේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය යටතේයි. ජාතියට අගන දායාදයක් වූ එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව ලංකා පොස්පේට් සමාගම 1991 වසරේදී සමාගමක් බවට පත්කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කල හැකි පරිදි යොදාගැනීමට සැළසුම් කොට තිබූ වටිනා සම්පතක්. 2000 වසරේදී පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට යෝජිතව තිබු ලංකා පොස්පේට් සමාගම රජරට ජනතාවගේ සහ සමස්ථ ශ්‍රී ලාංකීය දේශමාමක ජනතාවයේ කැපවීමෙන් ඓතිහාසික නඩු තීන්දුවක් මගින් නැවත රාජ්‍ය ව්‍යවසායක් බවට පත්විය. එදා පටන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ලංකා පොස්පේට් සමාගම 2015 යහපාලන ආණ්ඩු සමයේ දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයට ගැසට් කොට තිබුණි. ඊට හේතු වුවේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ දිස්ත්‍රික්කයේ මෙන්ම ඔහු නියෝජනය කල ආසනයේම ලංකා පොස්පේට් සමගම පිහිටා තිබීමයි.

2015 සිට 2020 වසර දක්වා ක්‍රමයෙන් පාඩු ලබන තත්වයට පත්වෙමින් තිබූ ලංකා පොස්පෙට් සමාගම 2020 අවසන් කාර්තුවේ සිට කර්මාන්ත අමාත්‍යංශය යටතේ අමාත්‍යවරයා ලෙසත්, ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම නිසාත් නැවත ලාබ ලබන තත්වයට ගෙන ඒමට හැකියාව ලැබුනා. එප්පාවල පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්තුමන් ද සහභාගී කරවාගෙන සාකච්ඡා ගණනාවක් පවත්වා එප්පාවල පොස්පේට් නිධියෙන් රටටත්, ගොවි ජනතාවටත් උපරිම ඵලයක් ලබා දීම පිණිස කටයුතු කළා. ඒ අනුව එප්පාවල පොස්පේට් පොහොරවලට වටිනාකමක් එකතු කිරීමත්, කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකි ‘එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) ඇසුරුමක්’ හඳුන්වාදීමටත් තීරණ කළා. එප්පාවල රොක් පොස්පේට් වෙනත් පොහොර නිෂ්පාදකයන්ට තොග වශයෙන් ලබා දීම නතර කර ඊට අගයක් එකතු කර ‘සුපර් පොස්පේට්’ පොහොර නිෂ්පාදනය කර ලංකා පොස්පේට් සමාගම මගින්ම අලෙවි කිරීම ආරම්භ කිරීම ද එම කාලවකවානුව්දී සිදු උනා.

කොවිඩ් වසංගතයත් සමඟ සෞභාග්‍යයේ දැක්ම අනුව ගෙවතු වගා සංග්‍රාමයක් අරුඹූ මොහොතේ කාබනික පොහොර සඳහා ඉතා විශාල ඉල්ලුමක් ඇතිවූ අවස්ථාවේ අපට අපේ දෙවන තීරණය කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබුණා. ‘අපිට පොහොර අපිම හදමු’ තේමාව යටතේ කාබනික පොහොර කිලෝ 20කට එකතු කළ හැකි එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) කිලෝ 01 ක පැකට්ටුවක් ‘එප්පාවල පොහොර’ නමින් හඳුන්වා දීම සිදුකිරීමටත් අපට හැකියාව ලැබුනා. සාමාන්‍ය වෙළදපොළේ මිල රුපියල් 30ක්ව පැවති එම පොහොර අපි ලබාදුන්නේ රුපියල් 10 කට. ඒ අනුව අපට රසායනික පොහොර වෙනුවට ‘සවිබල ගැන්වූ කාබනික පොහොර’ ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ලබා දීමට හැකිව ලැබුනා. කාබනික පොහොරවල නයිට්‍රජන් හා පොටෑසියම් සංඝටක ප්‍රමාණවත් ලෙස තිබෙන නමුත් පොස්පරස් සංඝටකය අවම වීම අප හඳුන්වා දුන් එප්පාවල පොහොර මිශ්‍රණයෙන් මඟ හරවා ගැනීමේ හැකියාව ලැබුනා. එමගින් ආනයනික පොහොර සදහා වසරකට වැයවන රුපියල් බිලියන 33ක මුදල රට තුළම ඉතිරි කර ගැනීමේ ඉඩකඩ නිර්මාණය වීමට මෙම තීන්දුව මූලික පසුබිම සැකසුවා.

එතැනින් නොනැවතුණු ලංකා පොස්පේට් සමාගම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් එක් කරගනිමින් ”ජෛව හරිත පොස්පේට්” නිෂ්පාදනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඇරඹීමට තීරණය කොට ඒ වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු ඇතුළු නිෂ්පාදනයට අවශ්‍ය සියලු පසුබිම සකසා අවසන් කොට ජනගත කිරීමට සුදානමින් සිටියත් කොවිඩ් අර්බුධය සමග අවස්ථා කිහිපයකදී එය ප්‍රමාද උනා. නමුත් මේ මස 23 වනදා අමාත්‍යාංශයේදී ”ජෛව හරිත පොස්පේට්” පොහොර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම පිළිබදව එකගතා ගිවිසුම අත්සන් තැබීම සිදු කිරීමට නියමිතව තිබුනා.

කර්මාන්ත ඇමතිවරයා වශයෙන් වසර එකහාමරකට ආසන්න කාලයක් ලංකා පොස්පේට් සමාගමට ඔවුන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහයෝගය හැකි හැම ආකාරයෙන්ම ලබාදුන් අතර එම ආයතනයේ පරිපාලනයට හෝ ක්‍රියාවලියට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකර සාර්ථකව ආයතනය ගෙන යාමට සහයෝගය ලබා දුන්නා. අඩුම තරමේ එම කාලය තුළ කිසිදු නව සේවකයෙක් හෝ එම ආයතනයට පත් නොකළ අතර ආයතනය තුල පවතින ක්‍රියාදාමයට කිසිදු බලපෑමක් නොකිරීමට පියවර ගනු ලැබුවා. ඊට අමතරව ලංකා පොස්පේට් සමාගම සමග එක්ව ඉදිරි වසර කිහිපය තුළ නව ව්‍යාපෘති කිහිපයක්ම ඇරඹීමට සැළසුම් කරමින් තිබුනා.

කුමන අමාත්‍යාංශයක් යටතේ වුවද ජාතියට දායාදයක් වූ, අනාගතයට ආයෝජනයක් වූ එප්පාවල පොස්පේට් නිධිය සහ ලංකා පොස්පේට් සමාගම වඩා වඩාත් දියුණු වෙමින් සාර්ථකත්වයට පත්වෙනු දැකීම මාගේ අභිප්‍රායයි. අප විසින් 2020/2021 වසරේ ලාභ ලබන තත්වයට ගෙන ආ ලංකා පොස්පේට් සමාගම ඉදිරියටත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු..!

– විමල් වීරවංශ (කර්මාන්ත අමාත්‍ය)

SendShareShare
Previous Post

රන්ජන් එළියට ඇවිත්!

Next Post

කොරෝනා කමිටුව විනෝද සාගරයක්! ෆ්‍රෙඩී සිල්වලා විතරක් නෙමෙයි ඇනස්ලි බර්ටිලත් ඉන්නවා!! (VIDEO)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.